රත්නපුර කහංගම කරපිංච මාර්ගයේ කෝවිල හා කිරිමඩුව අතර කිලෝමීටරයක් මැණික් ගැරීම සඳහා තුන්මාසයකට වෙන්දේසි කිරීමට යයි.
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මේ තීරණයට එළඹියේය.
පාර කාපට් කරගෙන එද්දී අනවසරයෙන් පාර මැද පතල් කපා රත්නපුර පානදුර සහ රත්නපුර කොළඹ මාර්ග යා කෙරෙන එම මාර්ගය අනවසර පතල් කැපීම පසුගිය මාර්තු මාසයේ සිට සිදු විය.
වාහන ගමණාගමනය ද නතර විය.
රාත්‍රීකාලයට මහ පිරිස් මැණික් ගරතියි ගැමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි වෙලේ හරි මගීන් සමග බස් රථයක් පතලකට ගිලා බසී කියල මේ පත්තරේම දාන එක වැඩි ඈතක නෙමේ. මේවා දේශපාලනඥයන්ගේ හා හෙංචයියන්ගේ වැඩ. (ත)
බත්තරමුල්ල පැත්තේ තියන වතුරෙන් වටවෙලා තියන බංගලාවෙ යටත් මැණික් තියනවලු (ත)
පාරේ පතල් හැරීමෙන් පසු නැවත කාපට් දැමීම සඳහා මාර්ගයේ අත්තිවාරම සකස් කිරීම සඳහා වෙන්දේසියෙන් ලබාගත් මුදලට වඩා වියදම් වේවිද. කමක් නැහැ අපිවත් අනාගත පරම්පරාවත් උගසට තියල ගන්න සල්ලි එහෙමත් නැතිනුම් මහජන සේවය සඳ හා වියදම් කරන සල්ලිනෙ. ඒ සඳහා වියදම කරන්නේ. මේ වෙලාවට මතක් වෙන්නේ අපිට ඉගැන්වූ ගුරු දෙවිවරුන් සහ අපේ ප්‍රදානීන් වූ එදා සිටි පරිපාලන දෙවිවරුන්.(නදී)
ඔහොම ගිහිල්ලා අපේ පුරාන විහාරස්තථාන ටිකත් වෙන්දේසි කරයි. කාට කියන්නද මේවා දෙයියනේ... (නි)