කන්ද උඩරටින් ක‍්‍රිකට් පිටියට ආ හැඩකාරයා කියලා කිව්වෙ ඔහුටයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි, චාමර කපුගෙදරයි. නමුත් කපුගෙදර
පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දැකගන්න ලැබුණේ නැහැ. එය ක‍්‍රීඩා ලෝලීන්ගේ දැක්මෙන් කණගාටුවට කරුණක් වුණත් ඔහුගේ හැඩකාර බිරිඳ ටමාරාට නම් එය ලොකු සතුටට කරුණක් වුණා. මොකද ඒ ලැබුණු විරාමයේදී කපුට ගෙදරට වෙලා වැඩි කාලයක් ගතකිරීමට ලැබුණ නිසයි. ඒ විතරක්මත් නෙවෙයි, කපුට දැන් ගෙදරින් එළියට යන්න නොහිතෙන තරම්ලූ. එච්චරම සතුටකින් මෙයා ඉන්නෙ. ඇයි දන්නවද, පුංචි පුතාලා දෙන්නා නිසයි.
|
|
|
|
ඒ හැඩකාර ආඩම්බරකාර තාත්තා මේ අයගෙන් මොහොතකට වෙන්ව බංග්ලාදේශ විස්සයි විස්සේ තරගාවලිය සඳහා යාමට සූදානම් වන මොහොතක අපි එක්ක කතාබහ කළ දේවල් සටහන් වන්නෙ මේ විදියටයි.
”මේක ඇත්තටම හොඳ අත්දැකීමක්. හරිම සන්තෝෂයි. පුතාලා දෙන්නා එක්ක ඉන්නකොට කාලය ගතවෙනවා දැනෙන්නෙ නැති තරම්. ඒත් සුපුරුදු පරිදි පුහුණුවීම් දිගටම සිදුවෙනවා. හැකි ඉක්මණට ජාතික කණ්ඩායමට එක්වීම තමයි බලාපොරොත්තුව. ක‍්‍රිකට් ක‍්‍රීඩා තරග නොතිබුණත්, දිගටම, නිරන්තරයෙන්ම පුහුණුවීම් නිසා කාර්යබහුලයි.”
කපු අද දවසේ කටයුතු ගැන විස්තර කරමින් කතා බහට එක්වුණේ ඒ විදියටයි. කපු අප එක්ක කතා කරන අතරවාරයේදී එයාගේ ලොකු දඟකාරයා ඇවිත් ඇෙඟ් දැවටෙන්න පටන් ගත්තා. මේ ලොක්කගෙ නම ආක්ෂාන්. එයාට තාත්තාගෙන් තොර ලෝකයක් නැති තරම්. එයාගෙ වයස අවුරුද්දයි මාස 8 යි. එයා එක්ක කපු සෙල්ලම් කරමින් සිටින අතරේ ඔහුගේ සුන්දර බිරිඳ පුංචි පුතා වඩාගෙන එතැනට ආවා. පුංචි දඟකාරයාගෙ නම ඒනික්.
කපු මුලින් ක‍්‍රීඩා කළේ සීසීසී ක‍්‍රිකට් කණ්ඩායමටයි. පසුව එන්සීසී එකට ක‍්‍රීඩා කළ ඔහු එළැඹෙන තරග වාරයේදී එස්එස්සී කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට ගිවිස සිටිනවා. මේ තාක් ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුවේ සේවය කළ අතර දැන් කොමර්ෂල් ක්‍රෙඩිට් සමග එක්ව සිටිනවලූ. බිරිඳ ටමාරා ඉස්සර රැකියාවක් කළත් දැන් ඉන් ඉවත්ව ගෙදරමයි ඉන්නෙ.
මේ සියල්ල අතරවාරයේදී දැන්වීම් සහ රඟපෑමේ අවස්ථා සඳහාත් කපුට ආරාධනා ගොඩාක් ලැබුණා. ඒත් ඒවාට නොගියේ ක‍්‍රිකට් තම ජීවිතය වගේ වෙච්ච නිසයි. ”ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන අතරේ මම වෙන දේවල් පටලවාගන්න කැමති නැහැ.” ඔහු කියන්නෙ එහෙමයි. ගෙදරට ඒකට හේතුව බිරිඳ ඒවාට යන්න නොදෙන නිසාද? අපි එහෙම ඇහුව ටමාරාගෙන්.
”අපෝ එහෙම අකමැත්තක් නම් නැහැ. එයාට පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙන එකට මමයි වැඩිපුර සතුටු වන්නෙ.
අද කපු ගැන ඔබට කොහොමද හිතන්නෙ? කියලා ටමාරාගෙන් ඇහුවාම කීවේ, එයා ගොඩාක් හොඳ සැමියෙක් කියලයි. දරු දෙදෙනා පුංචි නිසා ඒ අමාරුම කාලයේදී ඒ දෙන්නා බලාගන්න කපු උදව් වීම නිසා ගොඩාක් සහනයක් වූ බව ඇය පවසනවා. මෙතරම් ඉක්මණට පුංචි පැටව් දෙන්නෙක් එක්වීම ඇය සළකන්නෙ සුන්දර අවස්ථාවක් ලෙසයි. කණ්ඩායමෙන් ඉවත්වෙලා සිටි කාලයේදී ඔබ කපු ධෛර්යවත් කළේ මොන විදියටද කියලා ටමාරාගෙන් ඇහුවාම ඇය ඒ ගැන කිව්වෙ මේ විදියටයි.
”අනිවාර්යයෙන්ම චාමරට නැවත කණ්ඩායමට එන්න පුළුවනි. එයා පසුගිය දිනවල ගොඩාක් මහන්සිවෙලා ක‍්‍රීඩා කළා. එහි ප‍්‍රතිඵල තිබුණා. හැබැයි ඉතිං ගෙදරදි නම් අපි ක‍්‍රිකට් ගැන කතා කරන්නෙම නැහැ. පිටියෙ දේවල් එයා ගෙදරට ගේන්නෙ නැහැ. කාර්යබහුල වුනත් අපිට මේ මොහොතේ ඒ කාර්යබහුල බව නොදැනෙන්නෙ පුංචි දෙන්නගෙ වැඩ නිසයි.”
කපු ජය පරාජය සමව පිළිගන්නා කෙනෙක්. ජීවිතය ගැන එහෙම හිතන කපු වගේම බිරිඳ ටමාරා අද ගොඩාක් ලස්සන වෙලා කියලා ගොඩාක් අය කියන දෙයක්. මොකක්ද එහි රහස? ”කිසිම රහසක් නැහැ, ඔක්කෝමලා සතුටින් සිටින නිසා වෙන්න ඇති.” කපු එහෙම කිව්වාම ඔබට අද බිරිඳ ගැන හිතෙන්නෙ කොහොමද? කියලා අපි ඇහුවා.
”ඇත්තටම මට ඕනෑ වුණේ දුකේදීත් සතුටේදීත් ඒ සියල්ලට මුහුණදිය හැකි නිහතමානී බිරිඳක්. ඒ අතින් අද මම ඇය ගැන ගොඩාක් සතුටු වෙනවා. ටමාරා හොඳ බිරිඳක්. එයා මට ආදරේ කරන්නෙ ක‍්‍රිකටර් කෙනෙක් නිසා නෙවෙයි. දරුවන්ටත් ආදරෙයි. උදෙන්ම නැගිටලා මට වැඩ කරන්න ඉඩ තියන්නෙ නැහැ. එයා හැමදේම කම්මැලි නැතිව කරනවා. මම හිතන්නෙ ටමාරා හොඳ බිරිඳක්, හොඳ මවක්.”
විදෙස් සංචාර සඳහා යන විට ඔක්කෝමලා එක්ක යාමට බැරි වුණත්, පුළුවන් විදියට පවුලේ අය එක්ක කාලය ගත කිරීම කපුගේ සිරිතයි. ඉතින් මේ විදියට සතුට දරාගෙන කැදැල්ලේ ගත කරන කපූට මේ හමුවේ අවසන මොනවද තවත් කියන්න තියෙන්නෙ? නැවතත් ඉක්මනටම ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සූදානමින් ක‍්‍රීඩා කරන බව ආදරණීය ක‍්‍රීඩාලෝලීන්ට කියන්න.” එහෙම නම් ඒ බලාපොරොත්තු සාර්ථක වන්න කියලා අපි සුබ පතා කපුගේ සුන්දර නිවසින් නික්ම ආවෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච්ච දැත් හිරිකිත වුනාට නෝනා නම් රූප රාජිනියක්.,(අ)
තම තමන් කරන්නේ තමාට හොදයි,ගැළපෙනවයි කියන දේවල්. චාමරගේ පච්ච ගැන මොකද මෙච්චර කතා වෙන්නේ? (නි)
මොකද වුනේ ඔබගෙ දක්ෂතා වලට... ඉදිරියේදි අපි බලාපොරොත්තු වෙනවා ඔබව ක්‍රීඩා පිටියේදී දකින්න. (ස)
ඔබට සුබ අනාගතයක්, අපිට අරවින්ද වගේ කෙනෙක් ගේ අඩුව දැනෙනවා. (ස)
ලෝකයේ ඔය කියන නම් දරාපු විශ්ව විද්‍යාලය මොකක්ද පිටිගල මහත්තයෝ!! විහිළුවකට එහෙම නෙමෙයි . සාමාන්‍ය දැනීම දියුණු කරගන්න කාටත් හොඳයිනේ. සෝර්බෝන් ද හාර්වඩ් නැත්නම් ඔක්ස්ෆෝර්ඩ් ද.නවසීලන්ත වීරයා (ස)
කුමාරිහාමි, රැකියා නොකරන ගැහැණු කැමතියි ක්‍රිකට් ක්‍රීඩකයන්ට. අනිත් අතට සිය සැමියා නිසා මැච් පරදිනකොට මොන කාන්තාවද කැමති වැඩ කරන තැනට ගිහිල්ලා ඇනුම් පද අහගන්න. (නි)
චාමර මල්ලි, පච්ච තිබුණත් නැතත් මට නම් වැඩක් නැහැ වැඩ හොද නැත්නම්. ඔබට හොඳ දක්ෂතාවයක් තිබුනු බව මට බොහෝ කල් සිට දැන සිටියා. නමුත්, ඔබ ජාත්‍යන්තර තරඟ වලදී එයින් උපරිම ප්‍රයෝජනය නොගත් බව මගේ වැටහීමයි. (නි)
සමහරුන්ගේ හිතේ ඩේවිඩ් බෙකම් කියලා. (නි)
නියම වැඩේ (නි)
පච්ච වලට ආස කෙල්ලොත් ලංකාවේ ඉන්නවා එහෙනම්. (නි)
පච්ච කපුගෙදර.(අ)
අනුන්ගේ පච්ච ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩ ගැන හෙව්වොත් හොඳ නැද්ද? (නි)
කුමාරිහාමි මොනවටරැකිය කරනවද ඔය කන්න සල්ලි තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට (අ) ,
දන්නා කෙනෙක් කියනවද, ඇයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ රැකියා නොකරන ගැහැනුන්ටම කැමති කියලා? මම දන්නා තරමින් දිගටම රැකියාවක් කළේ රෝයි ඩයස්ගේ බිරිඳ පමණයි. (නි)
කපුගෙදර, ඔයා සොසේජස් කන්නේ නැද්ද? ඉස්සර ක්‍රීඩකයෝ ශක්තිය ලැබුවේ සොසේජස්වලින්. ඔයත් සොසේජස් කෑවොත් ටීම් එකට ඇතුල්වෙන්න හැකි වෙයි. (ස)
ලේක්කෝ ගලබඩ, ඇස්වල දෝෂයක් තියෙනවද? (නි)
අපොයි දෙවියනේ. ඇග හැම තැනම පච්චා කොටාගෙන නේ.(නදී)
මගේ පුතා ගැන මම මහා ගොඩක් ආඩම්බර වන්නේ ඔහු ලෝකයේ නම් දරපු විශ්ව විද්‍යාලයකට යන නිසා නොවෙයි, ඔහුගේ යාළුවො ගොඩක් පච්ච කෙටුව නමුත් ඔහු මේ සියල්ල දිහා බලා කල කතාව නිසයි. " අප්පච්චි ලස්සන හිනාවක් සමග කොටන මුහුණක පච්චය වයසට ගොස් හම වහැරෙනකොට ක්‍රම ක්‍රමයෙන් එය අඬන මුහුණක් වෙනවා. මෙම ලෝක සත්‍ය 'පච්චයක්' ලෙස මම හිතේ කොටාගෙන ඉන්නවා." (අ)
වැඩක් නැහැ අපිට නම් එයාගෙන් (නි)
පච්ච හොද නැද්ද? මම දන්නේ නැහැ. හැබැයි බැරක් ඔබාමා කිව්වා දරුවෝ පච්ච කෙටුවොත් ඒ දෙන්නත් පච්ච කොටාගන්නවා කියලා (නි)
දන්නේ නැති අය ඉන්නව නම් අහගන්න. මේක මම පෞද්ගලිකව දන්නා නිසයි කියන්නේ. මොහු ක්‍රීඩා කරන කාලේ මොහු හොද ක්‍රීඩකයෙක්. මොහු ලකුණු අතර හිටියා වගේම කණ්ඩායමට අත්‍යවශ්‍ය කෙනෙක්. හිටපු කාලේ මෙයා පුහුනු වීම් වලට එහෙම ආවේ ආවට ගියාට. ආවත බැට් කරලා යනවා යන්න, කපු එතකොට හිතාගෙන හිටියේ මිනිහව කොහොමත් කැපෙන එකක් නැහැ කියලා. නමුත් අලුත් තේරීම් මණ්ඩලයේ දැඩි අවදානය ඔහුගේ නපුරට හිටියා. ඉක්මනට ශ්‍රී ලංකා කණ්ඩායමට ඒමට අවස්ථාව ලැබේවා.(නදී
මම හැමදාම හිතුවේ කණ්ඩායමේ ඉන්නම ඕනෑ කෙනෙක් කියලා. මොකද වුණේ කියලා මටම හිතා ගන්න බැහැ (නි)
පච්චයක් ඇගේ තිබ්බහම තියෙන වැරැද්ද මොකක්ද? මිනිහෙක් පිට පොත්තෙන් මනින්න හොඳ නැහැ (නි)
පිටිගල මිලාන් වලද නැත්නම් ........? (නි)
සියල්ල හොදයි. හැබැයි පච්ච ටික දැක්කහම නම් මොකක්ද මොකක්ද වගේ (නි)
නියමයි!(නදී)
පච්ච ටික දැක්කම හිරිකිත නැද්ද මන්දා.(නදී)
කුමාරට රිදිලා වගේ (නි)
ඔබගේ දස්කම් නැවත සුපුරුදු වේග හරඹ ළගදීම බංගලාදේශයේදී දැක ගන්නට බලාසිටිමු. සුබ ගමන් !!! (නි)
ක්රිකට් අය හිතන්නේ තමුන් ගැන, කොච්චර සල්ලි තිබුනත් එහෙමත් කෙනෙක් තමා දුප්පත් කෙනෙකුට සළකන්නේ. ඒ නිසා ක්‍රිකට්කාරයන් ගැන දුක් වෙන්න ඕනෑ නැහැ. (නි).
දරුවන්ටත් බිරිඳටත් ආදරෙන් ඉඳින් මලේ , නුඹට සුබ අනාගතයක්. ඉතාලියේ සිට.(නදී)
"වැස්ස වහිනවා වතුර ගලා බහිනවා " මනුස්සයා ගැන බටහිර ජාතීන් හිතන්නෙත් මේ ආකාරෙන්. අනුන්ට කරදරක් නොවන සේ තමුන්ගේ අයිතිවාසිකම් බුක්ති විදීම. ඒ උනත් අපි හිතන්නේ වෙනස් අන්දමින්. මනුස්සයා පරිහරනය වන විදියට වෙනස්වෙනවා . ඒ හින්දා අපි හැමෝම මේ විදිය හරි කියනවා.(නදී)