පාතාල නායකයකු බව කියන මාමා අස්මි එස්.ටී.එෆ් රියදුරකුගේ ගෙල සිරකිරීමට යද්දි රියේ සිටි වෙනත් සෙබළකු ඔහුට වෙඩි තබා ඇති බව පෙනේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිරිවර්ධන මහතා කියයි. සැකපිට අත්අඩංගුවට ගත් මාමා අස්මි සන්තකයේ තිබූ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තවත් ගිනි අවි සෙවීමට ඔහු සමග ජීප් රථයකින් යමින් සිටියදී සැකකරු ජීප්රිය පැදවූ පොලිස් රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සාහගෙන ඇති බවත් එම අවස්ථාවේ රථයේ සිටි වෙනත් අයකු සැකකරුට වෙඩි තබා ඇතැයි ද සිරිවර්ධන මහතා පවසයි. ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවී තිබේ. තුවාල ලැබූ රියදුරු රෝහල්ගත කැර ඇත. මහේස්ත්‍රාත්වරයා පැමිණ මූළික පරික්ෂණයක් පවත්වා සිරුර රෝහලට ගෙනයන ලෙස නියෝග කළේය.
සිද්ධිය වූ ස්ථානය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලේ සුද්ද කරයි කියපු නියෝජ්‍ය පොලිස්පතිත් අද මිනී මැරුම් වලට හිරේ. නෝනා ළමයි ආයුද අරගෙන ෆොටෝ වලට ඉන්නවා අපි දැක්කා. ඒ ගොල්ලන්ගේ සෝදිසි කරන්න මුකුත් නැතුව ඇතිනේ. නීතියෙන් පිට කරන දේවල්වලට හුරේ දාන්න එපා. කවදා හරි මෙතන කාගේ කවුරු හරි මරලා කුඩු, පාතාලේ කියලා ප්‍රවෘත්ති වල කිව්වොත් ඒකටත් මෙතැනම "නියමයි , දිගටම සුද්ද කරමු "යි කියලා හුරේ දාවි.(නදී)
අපේ රණවිරුවන්ට අපි ගරු කරනවා (දී)
කරපු දේ නම් නියමයි !!!!!!!!!!! ජයවේවා (දී)
මෙය බරපතල මානව හිමිකම් කඩ කිරීමක්,අපි මෙය තරයේ හෙලා දකිනවා .(නදී)
පාතාලය සුද්ද කිරීම, අපරාධකරුවන් මරාදැමිම මේවා හොද වැඩ. මොන ආගමේ වුනත් අපට ප්‍රශ්ණයක් නැහැ. අපරාධ කරුවෙක් නම් ඔහු සුදුසු දඩුවම් ලැබිය යුතුය. හැබැයි දේශපාලන රැකවරණ ලබා ගෙන ඉන්න පාතාලයේ මහ මොල කරුවන්ට මේ වගේ නොසලකා හැරීම තමා පිලිගත නොහැකි කරුණක් වෙලා තියෙන්නේ.(නදී)
පාතාලයේ අයට ඔහොම වෙඩි තියලා මරනවාට වඩා සමාජයේ ඉදිරියේ දඬුවම් දෙන එක තමා නිවැරදි. පාතාලයේ අය තමා අද රට පාලනය කරන්නෙත්.(නදී)
අපගේ ප්‍රණාමය !(නදී)
පාතාලය ඉවර කරන්න ක්‍රම දෙකක් තියෙනවා, 01. ඒ අයට මේ වගේ විසදුම් දීම. 02. ඒ ප්‍රදේශ වල උදවියට හොද අධ්‍යාපන, සෞඛ්‍ය හා අනෙකුත් මූලික පහසුකම් ලබා දීම. (මා දන්නා පරිදි අලුත්කඩේ, දෙමටගොඩ, මාලිගාවත්ත යන ප්‍රදේශ වල හොද පාසල් එකක් වත් නෑ) අමතරව ඔවුන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කල යුතුය. හැබයි මේක කලොත් අපේ දේශපාලුවන්ට වැලේ වැල් නැති වෙනෙවා. (නදී)
පාතලෙත් ඉන්නවා ආණ්ඩුවට පක්ෂ සහ විපක්ෂ උදවිය, මේ විදියට මැරෙන්නේ විපක්ෂ අය විතරයි පක්ෂ අයත් මැරෙනවනම් මෙලහකටත් පාතාලයක් නැහැ. නමුත් එයාල මරල කොහොමද ඊළඟ ඡන්දෙ දිනන්නේ, මේක තමයි පාතාලේ විනාශ කරන්න බැරි හේතුව.(නදී)
අනේ මොහොමෙඩ්, ගොඩක් රිදිලා වගේ නේ. මැරුනේ නෑදෑයෙක්ද? (නි)
අතට යට ගනුදෙනුවක් ආකාරෙන් මෙවැන්නන්ට මරණ අත්කර නොදී ඉතා විනිවිද ක්‍රමේකට මෙම මරණය පවුලේ අයට දන්වා ප්‍රසිද්ද මාධ්‍යයේ ප්‍රකාශ කර ඕනා නම් අගතියටපත් පාර්ශවයට සජීවීව දැකගැනීමට සලස්වා මේක විදුලි පුටුවක්, විෂ එන්නතක්, එල්ලුම් ගහක් මගින් වෙනත් රටවල වගේ අහන අයට දෙයියෝ බුදුන් සිහිවෙන්න කරන්න.(නදී)
මරු නාට්‍යය තමා. මොන උනත් පාතාලය ඉවර කල යුතුයි. ඒත් ගහක මුල උදුරන්නේ නැතිව කොච්චර අතු කැපුවත් වැඩක් නැ. එක නිසා අපි දන්නවා මේ පාතාලයත් /කුඩු/ගංජා සහ වෙන ජාවාරම් නවත්වන්න බැරි බව. (නදී)
මේ වැඩේ වැරදිද කියල කෙනෙක් අහල තිබුනා. නැහැ මහත්තයෝ මේ වැඩේ කොහෙත්ම වැරදි නැහැ. කරන විදිහයි වැරදි. වෙන්න ඕනේ ලෝකේ අනික් හැම රටක්ම කරන පිළිගත් ක්‍රමේකට කරන එක. එතකොට එක විනිවිදැයි. විදුලි පුටුවක්, එල්ලුම් ගහක් වගේ දෙයක්. පවුලේ අයත් දැනුවත් කරලා පත්තරෙත් දාල දින වකවානු සකස් කරලා හැමෝටම උන ගැනෙන්න මේ දේ කරන්න ඕනා.(නදී)
නියම ශ්‍රී ලාකික මුස්ලිම් වරයකු වශයෙන් සතුටු වෙමි.(නදී)
.එස්.ටී.එප් එකට අපේ උත්තමාචරය.(නදී)
කරපු වැඩේ නියමයි... (ස)
රූපා, පිළිගත් ක්‍රමය සාර්ථක නැහැ. මේක තමා සාර්ථක.(ස)
අනේ ඕවා දාන්න එපා. නදුන් අයියා හොදටම බය වෙනවා. ගොඩාක් චන්ඩි මැරෙන්න බයයිලු. අනෙක මරණ දඩුවම ලැබූ චන්ඩින්ට බඩ එලිය යනවලු. එල්ලුම් ගහ ක්‍රීයාත්මක කරනව කීවහම.(නදී)
මේ ධම්මික කියන්නේ ධම්මික අමරසිංහද ..මම දන්නා විදියටනම් එයා උසාවියෙදිම වෙඩි කාලා මලා. මේ අසමි කියන කෙනා ගැන දන්නා කෙනෙක්නම් ඔහොම කියන්නේ නැහැ.(නදී)
තවත් පාතාලයෙක් මලා. ඉතිරි අයටත් ඕකම වෙයි.(නදී)
මේ අය මොන තර්ක ගෙනාවත් ලංකාවට ගැලපෙන දෙය වර්තමාන පාලනය විසින් සිදු කරති. අහිංසකයෙක් ඔය විදිහට පොලිසියක් මගින් මැරෙන්නේ නැහැ කියලා ඕනා මෝඩයෙකුටත් තේරෙනවා. ඔය තර්ක කරන්නේ පාතාලේ අය හරි ආණ්ඩුවට විරුද්දව කඩේ යන නඩය හරි නේද?(නදී)
සර්පයෝ දස්ඨ කරන්නෙත් බයට කියනවනේ (අ)
ආස්මි මාමට 'ගල් කොපි' එකකුයි 'ආස්මි' එකකුයි කවල වෙඩි තියන්න තිබ්බේ.(නදී)
අනේ අසමි මාමේ ඔයා ඇයි අතේ තිබුන ආයුදේ දීල හිස් අතින් සටන් කලේ. (ස)
ධම්මික, ඔබත් මමත් පාතාලයෙන් කියලා අරන් ගිහින් මරලා දාන්නත් පුළුවනි. රටක නීතියක් තියෙන්නේ බම්බු ගහන්නද?(නදී)
අපරාධකාරයන්ට වෙඩි තියන එක යුරෝපේ හැම රටකම වෙනවා, පන්න පන්න පොලිසිය ය එහෙ වෙඩි තියනවා අපරාධ කලාම, නොදන්නා මගුල් කතා නොකර ඉන්න.(නදී)
පොලිසියට අපේ ප්‍රණාමය! (ස)
මොන විදියකින් හරි කමක් නැහැ අපරාද කාරයින්ව නැති කරලා දානවනම්.(නදී)
කෝ ඒ අයට දඩුවම්? (නි)
ජයවේවා! නියමයි! සියළු පාතාලයන් නැති කරමු (නි)
මේ වැඩේ හරියට වැස්සිගෙන් කිරි අරන් ඇති වෙද්දී මරා දානවා වගේ වැඩක් . මුළු ලෝකෙම අනිත් රටවල හැසිරීම දිහා බලන් ඉන්නවා. මේවා විහිළු නෙමේ.(නදී)
මේක නාට්‍යයක්. (ස)
අපේ රටේ මරණ දඩුවම හැකි ඉක්මනින්ම ක්‍රියාත්මක කලේ නැතිනම් මෙවන් දේවල් හැමදාම අහන්න වේවි. ඉක්මනින් එල්ලුම් ගස සක්‍රීය කරලා නීතියනුකුලව මේ වගේ අය එල්ලලා මරන්න ඕනේ අනිත් අපරාදකාරයන්ටත් මරණ බිය දැනෙන්න.(නදී)
අති විශිෂ්ටයිනේ (නි)
රටින් කොටි ඉවර කරාට, තවම පාතාලේ ඉවරකරන්න බැරි වුනානේ.(නදී)
නියමයි. දිගටම සුද්ද කරමු.(නදී)
නියමයි!(නදී)
රෝග මුලයට බෙහෙත් නොදී රෝග ලක්ෂනවලට බෙහෙත් කරලා හරියන්නේ නැහැ. අනික තමා. මේ විදියේ වැඩවලින් ලෝකයාට පෙන්වන්නේ අපේ නීතියේ තියන දුර්වල කම. හෙට මේ මිනිහගේ පවුලේ අය ජිනිවා ගියොත් මොකෝ වෙන්නේ. මොනවා හරි කරලා පාතාලයන් මරා දාන්නේ නැතිව පිළිගත් ක්‍රමයක් හරහා මරා දාන්න.(නදී)
මේක ඇහුවම කොස්ගොඩ නදුන්ගේ පපුව ඩිග් ඩිග් ගානවා ඇති. මේ ක්‍රමය වැරදියි මොනා උනත්. මැති ඇමති වරුන්ගේ දහසක් වැරදි මෙයාලා ලව්වා ඔප්පු කරන්න පුළුවන් කම තියෙද්දී නීතිය අතට අරන් මරල දානවා.(නදී)
මේවගේ වැඩ කරනවනම් කොච්චර හොඳද .හිරේට දැම්මොත් බේරිලා ඇවිත් තව අපරාද කොච්චර කරාවිද .එස්.ටී.එප් එකට අපේ උත්තමාචරය.(නදී)
පාතාලේ සංගමේ සභාපති කියල තියෙන්නේ "කොතනකිදීවත් පොලීසියෙ මහත්වරුන්ට කරදරයක් කරන්න එපා. හංගපු අවි හොයන්න එක්කන් ගියොත් විතරක් ආත්මරක්ශාවට මොනවා හරි කරන්න". හැබැයි ඉතින් ඔක්කොම චන්ඩි ආයුධ හන්ගලම ආවනම් තමා රටට හොඳ නේද?(නදී)
බොහොම දෙනෙක් කැමති වගෙයි මේ වගේ අය මෙහෙම නැතිවෙලා යන එක ගැන. එත් අපරාධකරුවන්යයි සැකකරන පුද්ගලයන් උසාවි වලට නොදමා ඝාතනය කිරීම 1988 කලත් අද කලත් නීති විරෝධියි.(නදී)
මර නාට්‍යයක් මේක. ඇයි ඉතින් හැමදාම මේ පාතාලයෝ ගිනි අවි පෙන්නන්න යද්දීම පොලිසියට බලහත්කාර කම් කරන්නේ. අනිත් එක අපරාධකාරයන්ගේ අත් කකුල් බැදලා ආයුධ හොයන්න අරන් යන්න තවමත් පොලිසියට මොලේ පෑදුනේ නැද්ද? අපරාධ කාරයොත් දැන් දන්නවලු ආයුද සෙවීම = මරණ දඩුවමට කියලා. කෙසේ වෙතත් මෙය තීරණය කල යුත්තේ අධිකරණයයි.(නදී)
පාතාලෙට අපි කවුරුත් කැමති නැහැ .පාතාල මැරයෝ මැරිලා වැටෙද්දී අපි සන්තෝෂ වෙනවා. නමුත් මේ පාතාලේ 70 ගණන්වල ඉදල මේ විදිහට මැරී මැරී අදටත් අඩු නැතිව වජබෙනවා. ඒ ඇයි? අනික තමා වෙන වෙන ක්‍රම වලින් මර්දනය කිරීමෙන් වෙන්නේ අපේ නිතිය දුරුවලයි කියා ලොවට හඩගා කීම.(නදී)
නියමයි!(නදී)
අයියෝ හැමදාම මේ ටෙලි නාට්‍ය ඉවර වෙන්නේ මේ විදිහටමනේ. නරකද අපේ මෙගා ටෙලි නාට්‍ය ලියන කෙනෙක්ගෙන් වෙන විදිහේ කතාවක් ගත්තානම්.(නදී)
නියමයි. දිගටම සුද්ද කරමු. (ස)
කාලකට පස්සේ ආයෙත් අපේ ආරක්ෂක සේනාවට මොළ පෑදීලා. නියපොත්තන් කඩන්න පුළුවන් දේවල් නියපොත්තන්ම කඩන්න ඕනේ. (ස)
1988 ඉදලා අද වෙන තුරු මෙයට සමාන කතා සිය ගණනක් මාද්‍ය තුලින් අහන්න ලැබුනා. මේවා ප්‍රබන්ද කතා. 1988 ඉදල මේ ප්‍රවුර්ති ටික ඔක්කොම එකට ටෙලිකාස්ට් කරන්න. පැය 10ක් 15ක් යාවි නමුත් සත්‍ය වැටහේවි. මේ රටට බුදු සරණයි!(නදී)
තවත් එකෙක් අඩුවුනා. ඔහොම යන්. බොහොම ස්තුතියි එස්.ටි.එෆ්. (නි)
නියමයි! ආපහු වැඩේ පටන් අරන් වගේ, ඕකම තමයි වෙන්ඩ ඕනේ.(නදී)
දේසපාලඥයන් ගේ රැකවරණය මද්‍යයේ ඉන්න පාතාලයත් මෙහෙම්මම සුද්දකරානම් හරි ?ඉන්කවුන්ටර්.(නදී)
පුරුදු කතාන්දරය ආයෙත් කියනවා.(නදී)
කරුණා කරලා එල්ලුම් ගහ ගෙනත්. නඩු කල් මරණ ක්‍රමේ වෙනුවට ඊට පිටින් ගිය කාරියක්ෂම ක්‍රමයකට හෝ මේ නඩු ඉතා ඉක්මනින් අසා එල්ලා මරා දමන්න. මෙවැනි වැඩ වලින් සමාජෙට යන පණිවිඩය නම් මේ අපරාද කාරයාට දඩුවමක් නොව තවත් එක මරණයක් අත් වුනා කියන එක. එයින් සමාජේ පාඩම් ඉගන නොගනී.(නදී)
සමාජය මේ පාතාල වැඩ වලට බියකරන්න ඕනනම් කරන්න ඕනේ නිතියානුකුල දඩුවම් දීම මිස නිල නොවන මරණ අත් කරදීම නොවේ. එහෙම උනහම වෙන්නේ සමාජේ අනික් අය නීතියට බිය වෙනවා වෙනුවට තව තව අපරාද කිරීම. මොකෝ දැන් හැමෝගෙම හිතේ පැලපදියම් වෙන්නේ දඩුවමක් ලැබුනා නොව ඝාතනය උනා කියන දේ.(නදී)
කරලා තියෙන වැඩේ බොහොම හොදයි. ඔය විරුද්ද වෙන මල්ලිලා, නංගිලා කියන්නේ මේ වැඩ වැරදියි කියලද?(නදී)
මෙයා මාලිගාවත්තේ දාපු සෙල්ලම්, මෙයාගේ අම්ම ඒවට උල්පන්දම් දීපු හැටි අපිට මතකයි. මොන ක්‍රමයෙන් හරි මුන් දුරු වෙන එක රටට යහපතක්. මුන්ව හිරේ යවලා ආණ්ඩුවේ සල්ලිවලින් කන්න බොන්න දිදී ඒකේ ඇතුලේ ඉදනුත් අපරාද කරන්න ඉඩ දෙනවට වඩා හොදම ක්‍රමේ මේ ක්‍රමයයි. මුන්ගේ මානව හිමිකම් වලට කෑ ගහන එව්වෝ මුන් අතින් පීඩනයට ලක්වෙන එව්වෝ ගැන කවදාවත් කටක් ඇරලා තියෙනවද.?(නදී)
නියමයි!(නදී)
මාලිගාවත්ත සුද්ද කළා කියන්නේ ලංකාවේ පාතාලය ගොඩාක් ඉවරයි කියන එක, දිගටම කරගෙන යමු මෙහෙම හොද වැඩ, මුන්ව හිරේ දැම්මත් මේවා මෙහෙම්මම කරගෙන යනවා ජේලර්ල මුන්ට සලකන්නේ දෙවියන්ට වගේනේ.(නදී)
මාටින් ,කතාවාක් තියෙනවා නිකන් හම්බවුන අස්වයාගේ දත් බලන්න යන්න එපා කියලා.අවශ්‍ය කරන දෙය කෙරිලා තියෙන්නේ.අපිට වැඩක් නැහැ කොහොම කලාද කියලා. (නි)
කොහොමද එහෙම වෙන්නේ (දී)
මාර මිනිහෙක්නේ (දී)
බොහෝ නරුමයින් විවිධාකාර ක්‍රමවලින් මියගියා.හැබැයි අදත් පාතාලේ තියනවා. සමාජ විද්‍යාත්මකව නම් නිත්‍යානුකුලව දඩුවම් නොදී මේ වැඩේ නවත්වන්න බැහැ (නි)
පෙරේරා සහ මොහාන්, කණගාටුයි ඔබ වගේ අය ගැන.එකෙක් නෙමේ ඔක්කොම සුද්ද කරලා දාන්න ඕනෑ. ඔවුන් මේ ලෝකෙට පිළිලයක්. (නි)
මේක හරියට මදුරුවෝ මරනවා වගේ වැඩක්. මේ වෙද්දී ලංකාව හැම රටකම මදුරුවන් තලා මරා දමනවා.කි දාහක් ලංකාවේ මදුරුවෝ මිනිසුන් විසින් මරා දමනවා ඇද්ද. ඒත් ඩෙංගු හැම තැනම. ඩෙංගු බෝවන හේතු කාරක විනාශ නොකර ඩෙංගු මර්දනේ කරන්න බැහැ මහත්තයෝ. නිකන් ජිනිවා වලින් මඩ ගහගන්න වැඩ මේවා. (නි)
පාතාලය නැති කිරීම හොදම හොද දෙයක්. ඊළගට කොස්ගොඩ නදුන් තමයි මේ වගේ පොලිසියේ කට්ටියගේ බෙල්ල මිරිකන්න ගිහිල්ල මැරුම්කන්නේ. ඕන් මම කිව්වා කලින්ම.(නදී)
මරේ මරු, ඔයවිදියට මරන්න කාටද බලයක් තියෙන්නේ බොල, මු පාතාල එකෙක් වෙන්න පුළුවන් නමුත් මේ මිනිහට වුන දේ හෙට අපිට වෙන්න පුළුවන්, රටේ නීතියක් තියෙන්නේ මොන බම්බුවටද? සුද්දෝ කියන්නේ සහතික ඇත්ත බලන් යනකොට. අනිත් එක එස්.ටී.එප් එකේ ඉන්නේ බයගුල්ලොද ආයුද නැති මිනිහෙක්ව වෙඩි තියලා මරන්න.(නදී)