IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


’’පාතාලයට කිසිදු බුරුලක් දෙන්නෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අලුත් කඩේ අධිකරණයේ සිදුවූ වෙඩි තැබීම  ගැඹුරින් සලකා බලන බවත්  රජය පාතාලයට කිසිදු බුරුලක් නොදෙන බවත්  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අලුත් කඩේ අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

පාතාලය වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.

අපි මේ කාරණය ගැන  ගැඹුරින් කල්පනා කරනවා. පාතාලය සම්බන්ධයෙන් දැනටමත් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඉන්දියාවේ හා ඩුබායි හිටපු පාතාලකරුවන් කිහිපදෙනකු  මේ රටට ගෙන්වා ගැනීමට රජයේ  පසුගිය දිනවල කටයුතු කළා. පාතාල මර්දනය සම්බන්ධයෙන් ගත් සමහර ක්‍රියාමාර්ග මෙතන හෙළි කරන්න බැහැ.

පාතාලය කළු සල්ලි කුඩු ජාවාරම්   එකිනෙකට සම්බන්ධයි. මේවා මෙහෙයවන සමහර අය ලංකාවෙත් නොවෙයි  ඉන්නේ. සමහර තැන්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන්ද සම්බන්ධ වෙලා තියෙනවා. පාතාලය මර්දනයට විශේෂ කාර්ය බළකාය පොලිසිය බුද්ධි අංශ යොදවලා තියෙනවා.

සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා

නීතිඥවරයෙකු විදියට පැමිණි පුද්ගලයකු අලුත් කඩේ උසාවියේ වෙඩි දැමීමක් කරලා ගිහින් තියෙනවා. මේක විශාල අර්බුදයක්. ඊට කලින් මිද්දෙණිය වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේක විහිළු කතාවක් නොවෙයි. නීතිඥවරුන්ගේ ආරක්ෂාව ගැනත් ප්‍රශ්නයක් මතුවෙලා. මේ ටිකටම මරණ 78කට වැඩියි. මේ විදිහට ගියොත් මේක කොයින්ද නතර වෙන්නේ?. අලුත් කඩේ වෙඩිතැබීම  ඉතා දැඩිව සැලකිල්ලට ගත යුතුයි.



අදහස් (15)

’’පාතාලයට කිසිදු බුරුලක් දෙන්නෑ’’

Don perea Wednesday, 19 February 2025 02:09 PM

මේ ගොල්ලෝ දැන් බුරුල් කරගෙන ඉවරයි.

:       13       30

Kazi Shajahan Wednesday, 19 February 2025 02:18 PM

නලින්ද? මොහොතකට ඔබ දැන් ඉන්නේ විපක්ෂයේ යැයි සිතලා මේ සිද්ධිය ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ. කොහොමද කතාව? ඉන්න ආණ්ඩුවට බැණුම්නේ... අපි ඒවා අහලා... ඒ කාලේ චූන් වෙලා, ඔයාලාට ඡන්දෙ දුන්නා.

:       9       39

Nimal1 Wednesday, 19 February 2025 02:25 PM

දුන්නු බුරුල හොඳටම ඇති...

:       4       29

Gayan Wednesday, 19 February 2025 02:34 PM

හොඳටම තද කරලා නිසා, උසාවිය ඇතුළටම ඇවිත් තියලා යන්නේ...

:       4       29

චන්දිම Wednesday, 19 February 2025 02:43 PM

අප්පට සිරි... ඒ කියන්නේ ආන්ඩුවේ වැඩක්ද මේක? අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න හරි ලේසියිනේ. කොහොම ෙවුණත් මේ මුලු පාතාලයම විනාශ කළ යුතුයි.

:       3       15

GAMA VARESE Wednesday, 19 February 2025 02:44 PM

මෙයාලාට පෙන්නන්න ඕනෑ අතේ ඇඟිලි පහෙන් හතරක් නමලා මැද ඇඟිල්ල කෙලින් කරලා තමයි සහෝදරි සහෝදරවරුනි..!

:       2       16

යෝගා Wednesday, 19 February 2025 02:46 PM

මොවුන් කියන කිසි දෙයක් දැන් විශ්වාස කරන්න බෑ. පහුගිය මාස දෙක තුනේදී මාසෙට පාතාල මිනීමැරුම් විසි ගණන්. නවත්තන්න ගත්තු කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. මහජන ආරක්ෂක ලේකම්, CID ලොක්කා දේශපාලන පත්වීම්. ඔවුන්ට වැඩ බෑ. මෙහෙම ගියොත් සංචාරක ව්‍යාපාරයත් කම්මුතුයි.

:       2       22

sugath Wednesday, 19 February 2025 02:47 PM

මේ වෙඩි තැබූ සැකකරු එම ස්ථානයෙන් පලාගිය බව වාර්තා කර තිබුණා. මෙතරම් ආරක්ෂකයින් සිටින අධිකරණ භූමියක මෙලෙස කෙනෙකුට වෙඩි තබා පලාගියේ කෙසේද?

:       0       24

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 19 February 2025 02:53 PM

ඊනියා NPP කතා පැත්තකට දමා ආණ්ඩුවේ බලය අපගේ JVP සහෝදරයින් අතට ගත යුතුයි. මේ සියලු ප්‍රශ්නවලට ඇති විසඳුම එයයි...

:       15       5

sahan fernando Wednesday, 19 February 2025 03:10 PM

දැන්නම් බුරුලට යනවා වගේ... උද්දච්ච, පම්පෝරි කාරයින්ට.

:       1       19

රම්බොඩ Wednesday, 19 February 2025 05:27 PM

අපේ රටේ කාටවත් වැඩක් කරන්න බෑ. එක්කෝ මානවහිමිකම් කියාගෙන එනවා. නැත්නම් දේශපාලන පක්ෂ උඩ පනිනවා. හිටපු පොලිස්පතිතුමා පාතාලය මැඩගෙන එනකොට එයාට විරුද්ධව උසාවි ගිහින් ඒක නතර කරලා දැම්මා. මාලිමාව විපක්ෂයේ ඉන්නකම් පාර්ලිමේන්තු වේදි දැඟළුවා පාතාලය මඩින වැඩසටහන් වලට විරුද්ධව.

:       0       6

fairoos Wednesday, 19 February 2025 05:59 PM

ඉස්සරවගේ මැති ඇමැතිලගේ පාතාලය එක්ක සම්බන්ධතා නැති නිසා අලුත් ආණ්ඩුවට ලේසියෙන්ම මේක ඉවරයක් කරන්න.

:       5       2

Nandana Wednesday, 19 February 2025 06:01 PM

මේ තවත් හොරෙක්...!

:       2       5

Rifan Wednesday, 19 February 2025 06:34 PM

එක අතකින් මේ යන විදිය හොඳයි. මොකද මරාගන්නේ පාතාල පාතාලමයි. ක්ලීන් ශ්‍රී ලංකා..!

:       6       1

පැරකුම් Wednesday, 19 February 2025 11:06 PM

මොන දඩුවමක්ද අපේ බදු සල්ලි වලින් කාල බීල මැරෙන කල් සුරක්ෂිතව ඉන්න තියන එක මොන තරම් සැපක්ද? මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නැද්ද. අනවසර ගිනි අවි දැරීමටද මරණ දඩුවම පැනවීම සඳහා නීති සංශෝධනය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1998 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 378 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 668 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 998 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 176 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 635 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site