(*** සුජිත් හේවාජුලිගේ සහ *** ඉන්දිකා රාමනායක)
විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 26ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අපරාධකරුවන් සතු පර්චස් 900ක පමණ ඉඩම් ද බස්නාහිර පළාතෙන් සොයා ගෙන ඇතැයි ගුණසේකර මහතා කීවේය.
මේ අපරාධකරුවන්ට අයත් බැංකු ගිණුම් 102ක් ද සොයා ගත් බවත්, මේ ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 260කට වැඩි මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔහු පැවසීය.
මේ බැංකු ගිණුම්වල ඇති රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් තහනම් කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව ද රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මේ අතර අපරාධකරුවන් නීති විරෝධීව ඉපයූ දේපළ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී පොලිසියට පැමිණිලි 110ක් ලැබී තිබෙන අතර, ඒ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර එම දේපළ තහනම් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.
මේ අතර විදේශයන්ට පලාගොස් සිටින දරුණු ගණයේ අපරාධකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් (ඉන්ටර්පෝල්) රතු නිවේදන ලබාගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ දාහතර දෙනාම මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයන් බව කී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට දැනටමත් විමර්ශන අරඹා ඇති බව ද ප්‍රකාශ කළේය.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම්
Kamal Koyrala Wednesday, 02 September 2020 07:22 AM
සැප කාර් රජයට පවරාගෙන මන්ත්‍රීවරුන්ට හෝ රජයේ භාවිතයට ගෙන වියදම් අඩුකළ හැකි ඉඩම් ප්‍රසිද්ධ වෙන්දේසිය හෝ මුඩුක්කු නිවාස ඉවත්කර නිවාස සංකීර්ණ හෝ රජයේ ආයතන ගොඩනැගිලි සඳහා කුලී නොගෙවා සාදාගත හැකි කෝටි ගණනක අත් හිටවූ මුදල් ලංකාවේ ණයබර අඩුකරන්න ගන්න. තොතතුරු දැනගැනීමේ පනතින් අපි දැනගන්න කැමැතියි ඉඩකඩම්, වාහන ගිණුම් පිළිබඳ විස්තර කට්ටිය බෙදාගන්න ඉස්සර...