IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘පොදු දේ කොල්ල කන්නෝ බලු කපුටන් ලෙස උපදින්නෝ‘

‘ජනතාවගේ දේපළ කොල්ල කන්නන් ඊළඟ ආත්මයේ දී බල්ලන්, කපුටන් ලෙස උපදින බව නිශ්ශංකමල්ල සෙල් ලිපියේ සඳහන් වෙනවා. ඒ සෙල් ලිපිය අදටත් ගැළපෙන බව මට හිතෙනවා. මේ නිසා නිශ්ශංකමල්ල සෙල්ලිපිය රජයේ ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත්පත් කර ගන්න පුළුවන් වෙයි.‘යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මේ බව පැවැසුවේ කොළඹ දී පැවැති පුරාවිද්‍යාල දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි.



අදහස් (0)

‘පොදු දේ කොල්ල කන්නෝ බලු කපුටන් ලෙස උපදින්නෝ‘

කුරුවිට Thursday, 09 July 2015 12:22 AM

ඔබතුමා ආදර්ශවත් චරිතයක්! (නි)

:       0       0

කිශෝර් Thursday, 09 July 2015 12:28 AM

මේ කතාව අහලා වැරදි කරන එවන් අයට ලැජ්ජා හිතෙන්න ඇති (නි)

:       0       0

සුරනිමල Thursday, 09 July 2015 12:31 AM

දැන දැනම මහජන දේපල කොල්ලකන දේශපාලඥයන්ට මනාපය දෙන අයත් එම බලු කපුටන්ගේ සහෝදර සහෝදරියෝ වේවා! (නි)

:       0       0

අර්ජුන රණවන Thursday, 09 July 2015 01:13 AM

ජනතාවගේ දේපළ කොල්ල කන්නන් ඊළඟ ආත්මයේ දී බල්ලන්, කපුටන් ලෙස උපදී. එයට උදව් වු ඔබතුමාට ද වන්නේ ඒ ඉරණමම බව මතක තබා ගන්න. (නදී)

:       0       0

විකුම් Thursday, 09 July 2015 01:24 AM

වැටුපට සරිලන සේවයක් නොකරන අය වැටෙන්නෙත් මේ ගොඩටම තමයි (නි)

:       0       0

අනුර Thursday, 09 July 2015 01:32 AM

නමුත් සමහරු නම් ඉතින් කළේම පොදු දේපළ පරිහරණයනේ. (නි)

:       0       0

නෙළුම් Thursday, 09 July 2015 01:33 AM

හරිම ෂෝක් කතාවක්! මෙහෙම දැනෙන්න තමයි අපේ අයට කතාකරන්න ඕනෑ (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 July 2015 01:34 AM

අහසේ ,පොළොවේ , දියේ කොහේ හිටියත් කළකම් පළදෙනවාමයි (නි)

:       0       0

අමරසේන Thursday, 09 July 2015 01:47 AM

කර්මඵල ආනිසංස සැමටම පොදුය (නි)

:       0       0

තනුර Thursday, 09 July 2015 01:50 AM

ඒක වෙන්න ඇති දැන් මේ සත්තු වැඩි. මේ පව කළ අය කොච්චර ඉන්න ඇද්ද? (නි)

:       0       0

පුලාරා Thursday, 09 July 2015 08:40 AM

ඒකනම් ඇත්ත. සමහරු මේ ආත්මේ ඉපදිලා ඉන්නවා. එත් කොදු නාරටිය නෑ. (ර)

:       0       0

කුමාර Thursday, 09 July 2015 02:25 AM

එහෙනම් පරීක්ෂණ අනවශයිද? දෙයියන්ට හොරු ටික භාර දීල අපි අලුතින් ඡන්දෙ කරමුද නේද ? අනේ හොඳයි.(නදී)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Thursday, 09 July 2015 02:27 AM

අර්ජුන රණවන මහත්මානෙනි, මටත් දුකයි මේ බව ගැඹුරින් දැනගෙන, ඒ සන්සිද්දියට එතුමාත් සහයෝගය දීම ගැන. (නදී)

:       0       0

රකිත් Thursday, 09 July 2015 02:33 AM

සෙල්ලිපිය ප්‍රදර්ශනය කිරීමෙන් හොඳ ප්‍රතිපල අත් කර ගත නොහැක. පොදු දේවල් කොල්ල කාපු අයට නිශ්ශංකමල්ල රජකාලේ දඬුවම් දුන්නානම් සමහරවිට හොඳ ප්‍රතිපල අත්වෙයි. (නදී)

:       0       0

ඉෂාණි Thursday, 09 July 2015 02:36 AM

කි දෙනෙකුට මෙහෙම වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

බුද්ධික Thursday, 09 July 2015 02:36 AM

ඔබතුමාගේ කතාවට මගේ ආචාරය! (නි)

:       0       0

රමණි Thursday, 09 July 2015 02:40 AM

සත්‍ය කතාකරන ඔබට ජය ජනපතිඳුනි! (නි)

:       0       0

සම්පත් Thursday, 09 July 2015 03:01 AM

බල්ලට වඩා කපුටා වෙලා උපදින්න ඕනෑ, මොකද කපුටාට බොක්කක් නැති නිසා එතකොට තමයි හොඳටම තේරෙන්නේ හොරාකාපු කම්බා හොරුන්ට. (නි)

:       0       0

පීරිස් Thursday, 09 July 2015 03:18 AM

පොදු දේපල කොල්ලකන අයට රජකාලේ දුන්නා වගේ හොඳ දඬුවම් නොදී බොරුවට අල්ලලා අතහැර පුවරු ප්‍රදර්ශනය කිරීමෙන් ඕව විසදන්නට බෑ. මෙයාගේ සේරම කතාවෙන් විතරයි. (ස)

:       0       0

උපාලි බෝයගම Wednesday, 08 July 2015 03:58 PM

මේ හොරු ටික ඉන්න තිබුනේ නිශ්ශංකමල්ල මල්ල රජ කාලේ (නදී)

:       0       0

නිෂාද් Thursday, 09 July 2015 03:43 AM

බොහොම නිහතමානී අවංක සහ පැහැදිලි මනසක් ඇතිව කතාකරන මේ යුගයේ රටට අවශ්‍යම කරන, රට යහමගට ගෙනයා හැකි ආදර්ශමත් නායකයෙක්. (ම)

:       0       0

ශාමන්ත වෙල්ගම Thursday, 09 July 2015 03:53 AM

ඉතාම හොඳ අගනා කතාවක්.ක්‍රියාවෙනුත් තව ටිකක් පෙන්නනවානම් වඩාත් හොඳා.ඔබේ ක්‍රියා කලාපය ඉතා හොඳ මාර්ගයක තියෙනවා.එය කිසිස්සේත් පාවාදෙන්න එපා, අර අලි බබාට සහ හොරු 40 ට නාමයෝජනා දීලා. (ස)

:       0       0

ගිම්හාන Thursday, 09 July 2015 04:18 AM

මේ වගේ සෙල් ලිපියක් තියෙනවා ඉබ්බාගමුව බතලගොඩ වැව ළඟ. ඒ ලිපියෙන් කියල තියෙනවා වැවට හානියක් කරන අය බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙන බව. එකත් නිශ්ශංකමල්ල සෙල් ලිපියක්.(ම)

:       0       0

පියතිලක Thursday, 09 July 2015 04:19 AM

ජනවරම පාවදෙන්නෝ ................ ....................? (ස)

:       0       0

මනී Wednesday, 08 July 2015 05:17 PM

බලු පුත්තු කව්ද ? (නදී)

:       0       0

සේන Thursday, 09 July 2015 04:45 AM

එතකොට පොදුදෙපල හොරා කන්නන්ට සයෝග දෙන්නෝ ගැන සර් මොකද කියන්නේ? ඔබතුමා නිස්සංක මල්ල රජ්ජුරුවන්ටත් වැඩියේ කතානේ කියන්නේ (ස)

:       0       0

අංගොඩ ලාල් Thursday, 09 July 2015 05:02 AM

ඔබතුමා කන්නාඩියක් ඉස්සරහට මේක කිව්වනම් හොඳයි , මොකද මෙවැනි කොල්ලකාරයන්ට උදව් කරන අයත් ඒ බලු කපුටු ගොඩටම වැටෙනවා. (ස)

:       0       0

නිහාල් Wednesday, 08 July 2015 07:13 PM

ඔබතුමා කෙළින් කතාකිරීම ගැන සතුටුයි (නි)

:       0       0

සුනිමල් Thursday, 09 July 2015 05:04 AM

ලෝකෙන්ම පලවෙනි තැනට ආපු 2009 - 2015, අද වෙනකොට මේ වගේ තැනකට දාපු ඔබතුමා , කොයි වගේ උපදීද ? , වචන විතරක් මදි , වැඩ කරලා පෙන්නන්නකො , මොකද ඔබතුමා අවරුදු 30ක් විතර කැබිනට් ඇමති කෙනෙක් විදිහට කරපු වැඩ තොගය ඔබ තුමාම දන්නවා ඇතිනේ ? (ස)

:       0       0

චන්න බුවනක Wednesday, 08 July 2015 07:24 PM

එහෙම බැලුවොත් අවුරුදු හයෙන් හයට එලෙස උපදින්න සුදුසුකම් ලබන අය බොහෝ දෙනෙක් බිහිවෙනවා ලංකාවේ. (නි)

:       0       0

තිලක් Wednesday, 08 July 2015 07:49 PM

‎හාමු බල්ලන් නොවන පාරේ බල්ලන් වේවා! (නදී)

:       0       0

දුමින්ද Thursday, 09 July 2015 05:22 AM

එතකොට දියවන්නාවේ කවුරුත් මිනිස් අත්මයක් නොලැබේවි (අ)

:       0       0

බංඩාර Wednesday, 08 July 2015 08:22 PM

හොරට වැලි ගොඩදාන හොරට ගල් කඩන අයට රට ලියල දෙන විධායක බලය අයුතු ලෙස පාවිච්චිකර ජන බලයක් නැති අයට අගමැතිකම් දෙන අයට සහගහනවා නේද? (නදී)

:       0       0

අචිනි Thursday, 09 July 2015 05:25 AM

ඔබතුමාගේ කතාවේ තේරුම ඔබටත් ළඟදීම වැටහේවි ... පාවාදෙන්නෝ වැනසෙන්නෝ (අ)

:       0       0

ලාල් Wednesday, 08 July 2015 09:06 PM

එතකොට පොදු දේ කොල්ල කාපු අයට නැවත බලයට එන්න ජනතාවගේ වරමට පිටුපාල උදව් කරන අය මොක්කු වෙලා උපදියිද කියල ඒ සෙල් ලිපියේ තිබුනේ නැද්ද ? (නදී)

:       0       0

දිසා Wednesday, 08 July 2015 09:13 PM

ඒකත් හොරකන් කරයිද මන්දා (නදී)

:       0       0

ලාල් Wednesday, 08 July 2015 09:14 PM

මේ සෙල් ලිපිය ජනාධිපති මන්දිරයේ හෝ කාර්යාලයේ ගැහුවට වැඩක් නැහැ , මොකද ඒ වගේ පොදු දේපළ කොල්ලකාපු හොරු නඩයකටම ආයිත් කොල්ල කන්න පොට පැදෙන විදියට සියලු කටයුතු දැන් පිළියෙළ කරලා ඉවරවෙලා අවශ්‍ය විදියට ලොකු තැනගේ අනුමැතියත් දීල ඉවර බවනේ ඇත්ත කතාව. (නදී)

:       0       0

විලී Wednesday, 08 July 2015 09:24 PM

ඇත්ත ඊටත් අන්තයි (නදී)

:       0       0

සත්‍යයා Thursday, 09 July 2015 05:34 AM

මම අද කිව්වා කියල හිතාගන්න. ජනතාවගේ දේවල් හොරකම් කරන අය අමුතුවෙන් බල්ලෝ කපුටෝ වෙලා උපදින්න ඕනේ නැහැ. මොකද ඔවුන් බල්ලන් කපුටන් ලෙස ඉපදුන නිසා තමයි ඔය වගේ ජරාව කන්න පෙළඹුනේ.(ම)

:       0       0

කරුණාරත්න Wednesday, 08 July 2015 09:49 PM

නියමයි මැතිඳුනි. ජයවේවා! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 08 July 2015 09:48 PM

එහෙම අයට නාමයෝජනා දෙන්නත් එපා (නි)

:       0       0

පැහැසර Wednesday, 08 July 2015 10:01 PM

අතීතයේ දේවල් වලින් අපිට අදටත් ආදර්ශ ගන්න පුලුවන් (නි)

:       0       0

තිළිණ Wednesday, 08 July 2015 10:11 PM

ඔබතුමාගේ කතාව විශිෂ්ටයි (නි)

:       0       0

වින්සන්ට් Thursday, 09 July 2015 05:57 AM

නමුත් ජනතාව වන අපිට නම් අවශ්‍ය වන්නේ ජනතා දේපළ කොල්ලකන්නන් හට කසපහර දී හිරයට දැමීමය. (නි)

:       0       0

තිවංක Thursday, 09 July 2015 12:11 AM

ඔබතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 278 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 74 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1325 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9070 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4363 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 350 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29487 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23635 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site