නාරාහේන්පිට අභයාරාමයේ දී ලක්ෂ වාරයක් ජප කැරෙන රතන සූත්‍ර දේශනයේ පනස්දහස් වාරය නිමවීම නිමිත්තෙන් අද (3) සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.
‘ආණ්ඩුව කවදත් කරන්නේ විරුද්ධ පක්ෂය කරන දේවල් විවේචනය කරන එකයි. නමුත් දැනගන්න ඕනෑ පාද යාත්‍රවට සෙනඟ ඇවිල්ලා මොකක්ද මේ කියු පණිවිඩය කියලා. එය විවේචනය කර වෛරයකින් බලා මේක සංවිධානය කරපු අයට හිරිහැර කරලා නෙමෙයි ප්රශ්නය විසඳාගන්න ඕනෑ‘ යැයි හිටපු ජනපති එහිදී මාධ්‍ය හමුවේ පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පවු! ඊටවඩා පස්සෙන් යන අයත් පවු! (නි)
චතුරිට දැන් මොකක්ද මේ මනුස්සය එක්ක තියන වෛරය කියල තමයි අපිට ප්‍රශ්නේ මේ රටේවත් නැතුව . වැඩක් නොකර වෛර කර කර ඉන්නේ කව්ද කියල බලන්න ඕනේ නම් අහවල ඉස්කෝල වලටත් ගිහින් කරන කතා අහන්න නිකම් කඩේ නොයා. (බ)
වෛරයක් හිතේ කොනකවත් නැතුව බලන් උන්නට දුකින් බලන් ඉන්න එකනම් නවත්තන්න බැහැ. රජා වාහන වල නැගල යද්දී රාජකීය තාන්න මාන්න ගත්තු අයගේ කීම අහපු ගැත්තෝ පයින් යනවා දැකලයි දුක හිතුනේ. අඩුගානේ රජා කාල බිමට දාන රාජකීය කැකිරි ඇටයක්වත් රසවින්දලනම් දුකක් නැහැ. බලන්ඩ බණ අහද්දී වුණත් රජා උඩ ගැත්තෝ බිම. (අ)
පන්සලේදී වාඩිවෙන්න පුටුවක් ඕනෑද? (නි)
නිම්මි, මට අදහස් ලියන්න ඔයාගෙන් අවසර ගන්න ඕනෑද? ඔයා රට වෙනුවෙන් මොනවද කළේ? මට කඩේ යන්න වෙලාව මදි ඔයාට. (නි)
මහින්ද මහත්මයා පාද යාත්‍රා යන්නේ රට වෙනුවෙන්ද, නැත්නම් පවුලේ අයට තියන නීති ප්‍රශ්න වලින් ගැළවෙන්නද? යුද්ධය දිනාදුන්නට අපි අදටත් ගරුකරනවා. නමුත් රට ණය ගොඩක පටළලා, ඔයතරම් හොරකම් කරනවට රටේ මිනිස්සු විරුද්ධ වුණා. ඔය බංකොලොත් දේශපාලඥයෝ වටකරගෙන යන්නේ කොහෙද කියලා රටේ මිනිසුන්ට පේනවා (නි)
සියල්ලටම කලින් සාමකාමී පරිසරයක් ඇති කරලයි පින්කම පටන්ගන්න ඕනෑ (නි)
ලංකාවේ ජාතික බලවේග නායකයා මහින්ද තමයි. ඉන්දියාවට සහ බටහිර රාජ්‍ය වලට ඕනෑ මොහුව දුර්වල කරන්න තමයි. එතකොට වැඩේ ලෙහෙසියි (නි)
දැන්වත් බොරු වැඩ නොකර ඉන්න මහත්තයෝ (නි)
සමන්, නිකන් බොරු වපුරන්න එපා (නි)
පසුගිය ජනාධිපතිවරණයේදී සෙනග ඇවිත් දීපු පණිවුඩය ගොඩක් අය තේරුම් ගත්ත. ඒවගේම සමීක්ෂණ වාර්තා ගැනත් තවම මතකයි. මිලියනයක් සෙනග රැස්කරන්න කුඩා පිට්ටනියක්ම ඉල්ලලා නහින්න හැදුවේ ඇයි? කන්දක් විලිලා මීපැටවෙක් වැදුව වගේ වැඩක් නේද වුනේ ? (බ)
පාද යාත්‍රාවේ පණිවිඩය, ධනයට බලයට ඇති කෑදරකමයි (නි)
බලය තිබෙනකොට මොළය නැත. (නි)
නාමල්ලා දුන් ආදර්ශය නියමයි. පන්සල් ගානේ ගිහින් දේශපාලන කතා කියන එකත් නියමයි. මේවට ආවඩන පරපුරත් නියමයි (නි)
ඉන්නෙ නම් පන්සලේමයි. එ් ලෝභ, ද්වේශ, මෝහ කියන කිසිවක් අත් අැරිල නැහැ.අඩුම පන්සිල් පද පහ වත් රැක්කා නම්. (ම)
අභයාරාමය කියන්නේ මේ පිරිසගේ අභයභුමිය. තමුන්ගේ බලය වෙනුවෙන් මෙහෙමත් දගලන පැරදුනු ජනපති කෙනෙකු අපි දැක නැහැ. (බ)
මෙවන් අය පක්ෂයෙන් නෙරපන්න ඕනෑ (නි)
දැන් අලුත්ම මාතෘකාව පාද යාත්‍රා... (නි)
හොඳයි. ඔහොම යමුකෝ! (නි)
කාටද දැන් හිරිහැර කලේ .... (ම)
මේක පණිවිඩය හිටපු සහ ඉන්න ආණ්ඩු දෙකටම වැදගත් .? කෙනෙක් කාටද කිව්වාලු කෙළින් යන්න කියලා .එයා කෙළින් යන්නේ කියලා (බ)
දහදාහක් කියන්නේ ඡන්දයක් දිනන්න හැකිවන තරමේ මහ ලොකු සෙනඟක් නෙවේනේ.....(බ)
එ්ක තේරුම් ගන්න ආණ්ඩුවේ අයට බැහැ..ඒක අසාර්ථකයි කිය කියා එ්කට බනින ඒක තමා කරන්නේ..අසාර්ථක නම් බනින්න දෙයක් නැනේ..(බ)
රතන සුත්‍ර දේශනාව ඉතාමත් අගය කල යුතු දේශනාවක්!! මේ රටේ දැන් තියෙන බිය දුරු කිරීමට එමගින් හැකිවේවා!!!!!!තෙරුවන් සරණයි!!!!! (ම)
දුන්න පණිවිඩය තමය හොරු අල්ලන්න එපා කියල. ජනතාව කීවේ එකයි (ම)
ලක්ෂ වාරයක් ජප කරාම අගමැති වෙනවද අපේ හාමුදුරුවනේ .... (ම)
සැබෑ උගත් බහුතර ඡන්දදායකයින් සිටින්නේ නිවෙස් තුලය. ඔවුන් පෙළපාලි වලට නොයත්. පෙළපාලියක සිටින්නේ ලක්ෂයක් විය හැක. එහෙත් නිවෙස් තුල තීරණාත්මක කෝටියක් දෙනා බලා සිටිති. සැබෑ දේශපාලන මතය හා ඕනෑ එපාකම් මුදලට බත් පාර්සලයට යටවීම ශෝකහනකය. ඒ තරමටම පාලකයින්ද දනුම්හිනයන් ලෙස කටයුතු කිරීම ලාංකික දේශපාලනයේ අනාගත බිදවැටීමේ පෙරමන් සලකුණුය. මේ බව කලින්ම දැනගත් බොහෝ උගතුන් රට හැර ගොස් හමාරය. දිනපතා එය සිදුවනු බව නොරහසකි. ඉදින් රටක අනාගතය කුමන දිශාවකටද? (ර)
අනේ නැහැ කිසිම වයිරයක් නැහැ. හරිම සතුටින් හිනාවෙවී බලාගෙන ඉන්නේ. හඳ කඩාවැටෙනකල් බුරන හැටි. (ර)
මෙතුමාගේ රජය නම් විරුද්ධ පක්ෂය විවේචනය කර කර හිටියේ නැහැ. (ර)
මෙච්චර හොද වැඩක් කරලත් එතනත් දේශපාලනේ කතා කරලා කිරි මුට්ටියට ගොම දාගත්තනේ. අනේ අපේ හාමුදුරුවන්ටත් දේශපාලනෙන් තොර දෙයක් නැහැනේ (බ)
දිලිප්, ලංකාවේ උගත් ඡන්ද දායකයින් සිටින්නේ ටිකයි. (ර)
යහපාලනයට ඉතුරු කාලයත් දීලා බලමු. (ර)
ඔක්කොම දහ ජරා වැඩකලත් පිරිත්ත් නුල නම් වරදින්නේ නෑ දේශපාලකයන් අතේ (ම)
ලක්ෂ වාරයක් නෙමේ කොටි වාරයක් ජප කරත් වැඩක් නැහැ වෛයිරය හිතේ තියාගෙන. (ර)
ඔබ තුමාට වැඩි බහුතරයක් ඉන්න බව අපි දැක්කා ඔබ තුමාට ජය වේවා (අ)
ඔහොම කළේ නැතිනම් අපේ මිනිස්සු හිතනවා ඔබතුමා දේශපාලනයේ නැහැ කියල. (බ)
හාමුදුරුවනේ කඩේ යන්නේ නැතුව ඔබවහන්සේ පොළේද යන්නේ (බ)
රුපියල් මිලියන 85 ක් වියදම් කරලා 20,000 කොළඹට ගෙනාවට අගමැති වෙන්න බැහැ මහත්තයෝ (බ)