ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර පාගමනේ පස් දින සමාප්තිය සනිටුහන් කරමින් කොළඹ ලිප්ටන් වටරවුමේ දී ඔවුන්ගේ රැස්වීම පැවැත්වීමට යයි.
අවසන් මොහොතේ රජය කැම්බල් පිටිය ඒ සඳහා ලබාදුන්න ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පවසා ඇත්තේ දැන් අපි සියල්ල තීරණය කර අවසන් බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ තාවකාලික ජංගම වේදිකාව ලිප්ටන් වටරවුම අසල තබා ඇත.
ලිප්ටන් වටරවුමේ ඔරලෝසු කණුව අසල ජංගම වේදිකාවට නැගුණු මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මුලින්ම රැස්වීම අමතන්නට විය.
ඇස්වාට්ටුව පෙදෙසින් කිසිදු පැත්තකට වාහන යා නොහැකි තරමට සියලු මාර්ග අවහිර වී ඇත.
ජායාරූප - ළහිරු හර්ෂණ
ජායාරූප - තරිදු ජයවර්ධන
ඡායාරූප - ඉෂාන් සංජීව
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ලොකු පිට්ටනි ගන්නේ නැහැ. මොකද හයිඩ් පාක් එකේ පන්දාහක් දැම්මම පිරිලා ඉතිරෙනවා, ඒ වගේම තමා ලිප්ටන් වට රව්මේ දෙදාහක් අාවාම පාරවල් ඔක්කොම හිර වෙලා. ඒ නිසා මේක තමා සුදුසුම තැන. (හේ)
ගාලු මුවදොර ගියත් කැම්බල් පාර්ක් ගියත් ඉන්න මිනිස්සු ගණන කයිවාරු ගහපු ප්‍රමාණයට වඩා අඩු නිසා ලැජ්ජාව වහගන්න ලිප්ටෝන් වටරවුමේ පිහිට පතන්න වෙලා.(හේ)
හිටපු උප සභාපති කෙනෙක් ඊයේ කියලා තිබුණේ 1,500 ක්වත් නැති පා ගමනක් කියලා. මේක දැකලා දැන් එයාට උණ ගැනිලා ඇති (නි)
හරි දැන් පාද යාත්‍රා ගියා කියමුකෝ. එදා යද්දී එ්කට හේතුවක් තිබුනා. අපි සහයෝගය දුන්නේ අපිට වුණ අසාධාරනය නිසා. අද මොකටද යන්නේ? දැන් ගිහින් මොනවද ලැබුනේ? මම හොඳට දන්නවා මේ ඉන්න අයගේ කැරැට්ටුව ගැන. එ්කයි මේ අහන්නේ! (නි)
පාද යාත්‍රාවේ රැස්වීමට සෙනඟ ලක්ෂ 10 ක් එනවලු. එක්කෙනෙකුට හිටගෙන ඉන්න සාමාන්‍යයෙන් වර්ග අඩි 4ක් විතර ඕනෑ. ඒ කියන්නෙ වර්ග අඞි ලක්ෂ 40ක් ඕනෑ. අක්කරයකට වර්ග අඩි 43,600. ලක්ෂ 10ක සෙනඟ හිටවලා තියන්න විතරක් අක්කර 92ක ඉඞමක් ඕනෑ කරනවා. කොළඹ කොහේවත් එච්චර ලොකු හිස් ඉඩම් නැහැ. වැඞිම වුණොත් අක්කර 5ක ඉඞමක් තියෙයි. ඒ කියන්නෙ වැඩිම වුණොත් 50,000ක් දාන්න පුඵවන්. ඒත් යන්තම් හිටගෙන ඉන්න විතරයි. (නි)
ජය වේවා! (නි)
ජයවේවා...!! (නි)
සෙනඟ පෙන්නන්න හොඳම තැන. පව් අසරණ වැඩකරන ජනතාව! අද කීයට ගෙදර යන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ (නි)
ගෝල්ෆේස් තිබුණා නම් හරියටම පැමිණි ගණන කියන්න තිබුණා (නි)
අඩු සෙනඟකට වැඩි අගයක්... එතනත් බොරුව (නි)
අන්තිමේ ඉතින් ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ වගේ එකක් තමයි. අර නරි හූව නම් කියලා වැඩක් නැහැ. මල් හතයි!!! (නි)
ස්වාභාවිකව නැතිවී යන මේගොල්ලෝ අන්තිම උත්සාහ කරන්නේ නීතියෙන් බේරෙන්න, ජනතාවගේ කරපිටින් හෝ ගිහිල්ලා. සමහර ආණ්ඩුවේ අනුවණ අය මේකට අනවශ්‍ය විදිහට මැදිහත් වෙලා, ප්‍රසිද්ධියක් අරන් දුන්නා. (නි)
පින්තූරයකට වැටෙන්නේ යම්කිසි ප්‍රමාණයක් පමණයි. එ්ක තේරුම් ගන්න සේරටම කලින්. (නි)
සරත්ගේ ඇස් පෙනීම දුර්වලයි වගේ. (නි)
දැන් අර 10000 ක් ආවොත් වෙඩි තියාගන්නවා කියපු කෙනා මොනවා කියයිද? විහිළුවක්වත් තේරෙන්නෙ නැද්ද අහයි. (නි)
සරත්, ඔයාගේ ඇස් පෙනෙන්නේ නැත්නම් කණ්ණාඩි දෙකක් දාගන්න (නි)
සරත් පවු! කොච්චර හිටියත් මිනිස්සුනේ ඉන්නේ. ඇයි ඉතින් අමාරුද? (නි)
පුදුම සෙනඟක්නේ ඉන්නේ. එක අතකට පුදුම වෙන්නත් බැහැනේ මහින්ද මහත්තයගේ ඡන්දෙ කාලේ හිටිය සෙනඟේ හැටියට ඔය සෙනඟ මොකක්ද?? (නි)
ඔව් ඔක්කොම එකසිය පනහක් විතර ඉන්නවා. මගේ ඇස පේන්නෙත් අඩුවෙන් නම් තමයි. (නි)
සහභාගිවී සිටින අතිවිශාල ජනකායේ සැබෑ ඡායාරූප ලබාදුන් ලංකාදීපයට තුති! (නි)
සරත්ට ඇස් පෙනෙන්නේ නැහැ වගේ (නි)
සරත්, ඔබේ ඇස් පෙනීම මදි වගෙයි (නි)
ලක්ෂ 12 කට වැඩිය ඉන්නවා වගේ (නි)
බොරු වළවල් හාර හාරා ඉන්නේ නැතුව සල්ලි ගෙවලා වෙන් කරපු පිටිය කලින්ම දුන්නා නම් ඉවරනේ. අන්තිම විනාඩි 5 දීලා රැස්වීමකට පිට්ටනියක් ලෑස්ති කරන්න බැරි බව ඔයාට නොතේරුනාට මොළය තියන අයට තේරෙනවා. (නි)
මට නම් දකිනකොටත් සතුටුයි (නි)
දුරකථනයෙන් පිට්ටනි ගැන කතාකරන්න පුලුවන්නම්, ජනතා ප්‍රශ්න ගැනත් දුරකථනයෙන්ම කතාකළා නම් මෙච්චර වද විඳින්න වෙන්නේ නැහැනේ (නි)
හිතේ අමාරුවට සමහරු එක එක දේවල් කියනවා (නි)
යහපාලනය සෙනඟ එකතු කළා නම් පොඩි මිදුලකටත් නැහැ (නි)
තවම මහින්දට මිනිස්සු ඉන්නවා (නි)
හරි හරි සරත්, ඔයා එහෙනම් ඇවිල්ලා ඉන්න මිනිස්සු ගාන ආයෙත් සැරයක් ලියන්නකෝ බලන්න (නි)
මේ වගේ අය තමයි මෙතන ඉන්නේ. උගත්, බුද්ධිමත් කට්ටිය ගෙදර. මහින්දලට ඕනෑ පිස්සන් කොටුව කඩලා හරි මිනිස්සු ගොඩක්නේ. (නි)
සරත්, ඉක්මනින් තමුන්ගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න (නි)
සරත්, ඔයා මොකටද ආණ්ඩුවට කඩේ යන්නේ? පාඩුවේ බලගෙන ඉන්න ජනතාව මොනවද කරන්නේ කියලා. වැඩි සෙනඟක් නැහැ මෙතන (නි)
සරත් උබට වෙන වැඩක් නැත්නම් මේ ෆොටෝ වල ඉන්න ඔලු ගෙඩි ගාන ගණන් කොරපන් .. එතකොට තේරෙයි කොච්චර ඉන්නවාද කියලා .(රේ)
පටන් ග්න්නකොට දස ලක්ෂයක් ගේනවා කිව්වට 15000 වත් නැහැ..(රේ)
සරත්ගේ ඇස් නොපෙනුනාට අපි මොනවා කරන්නද ?.(රේ)
සරත් කියල වැඩක් නැහැ ජන ගගක් ගේනවා කියල කයිවාරු ගැහුවේ බලනකොට දිය පාරක්වත් නැහැනේ..(රේ)
බලමු මොකද? වෙන්නේ කියලා හෙට ඉදලා.(රේ)
මෙහෙම පාරවල් අවහිර කරගෙන ඔය මහත්තය ආණ්ඩුව කරපු කාලේ කලානම් වෙඩි තමා කන්න වෙන්නේ. මිනිස්සුන්ට අමතක නෑ..(රේ)
පාරවල් වහගෙන මිනිස්සුන්ට කරදර කරමින් මේ කරන විගඩම් දැක්කම මට හිතාගන්න පුළුවන් මෙයාල බලයේ ඉන්නකොටයි (බලයට නැවත අවොත්) මිනිස්සු ගැන කිසිම තැකීමක් නැතිබව .(රේ)
ඹවා දුකට කියන කථා.(රේ)
සරත් හරි,අගමැති තුමාත් පසුගියදවස්වල ලිප්ටන් වටරවුමම තෝරගත්තේ එක වෙන්න ඇති..(රේ)
නියමයි.(රේ)
අනේ මන්ද ,මැතිවරණයක් නැතිවත් රැලි පවත්වන එකම රට ලංකාව වෙන්න ඇති .(රේ)
ප්‍රායෝගිකව කොළඹට ලක්‍ෂ 10ක් ගේන්න බැරි බව බව අපි කව්රුත් දන්නවා. ඒත් මෙතන ලක්‍ෂ 2කට වඩා ජනතාවක් ඉන්නවා. දෙලක්ෂයක ජනතාවක් රැස් වෙන්නේ නිකන් ඉන්න බැරුවට නෙවේ. ඒ නිසා වත්මන් ආණ්ඩුව ජනතා මතය වටහා ගත යුතුයි. (බ)
ආණ්ඩුව කිව්වත් වගේ 100ක් වත් එන්නෑ නේද සෙනග? හොඳ වෙලාවට දැන් රන්ජන්ට වෙඩි තියා ගන්න ඕනේ නෑ (බ)
වැඩේ හොදට කෙරුණා වගේ.(හේ)
ලොකු සෙනඟක් ඉන්නවා.(හේ)
ජය වේවා ඔබ සැමට රජයට මරු පහරක් (බ)
ජය වේවා අපේ සටන ඉදිරියට නොනවත්වා ගෙනියනවා (බ)
දැන් අද ඉදන් කට්ටයගේ කකුල් මසාජ් කරන්න වෙනම අයට වැඩ තියෙයි.(හේ)
දැන් ඉතින් හෙට ඉදල වැට් එක නතර කරයි. ව්‍යවස්ථාව හකුලා ගනිවී. පුංචි ඡන්දෙ හෙට ඒවි. මහින්ද රාජපක්ස අගමැති වේවි. පාගමනින් ආව කට්ටියට සතුටු ඇති. පයින් ආව කට්ටිය කකුල්වල තෙල් බෙහෙත් ගාල හෙට වෙනකම් බලන් ඉන්න ඔයාලට සතුටක් ලැබේවි. අපරාදේ ඔය මිනිස්සුන්ගේ වටිනා කාලය. (බ)
අදට මාස කිහිපයකට පෙර යූඑන්පී එක මෙතන පුරවපු සෙනග මතක ඇතිනේ. අනේද කියන්නේ. (බ)
මහින්ද වැඩක් පටන් ගත්තොත් එය අවසන් කරනවා මොන බාධක ආවත්. (බ)
එය විශාල බලපෑමක් විය ... ජනාධිපති මිනිස්සු කියන දේ සලකා බැලිය යුතුය ..(හේ)
නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.(හේ)
මොහාන් මමත් මෙතනින් ගියා,මෙතන අති විශාල ජනතාවක් හිටිය බව එතන හිටිය ඕනෑම කෙනෙක් දන්නවා,(හේ)
මේ සෙනග ටික තමා හැමතනකටම ගෙනියන්නේත් සහ යන්නෙත්.(බ)
උඩ කොමෙන්ට් දැක්කම හිතෙනවා රැලිය අති සාර්ථකයි කියලා. මොහාන්ලගේ, සරත්ලගේ ඡන්දෙට කලින්ම දගලන්නේ ඒකයි (බ)
ජාතියේ පියාණෙනි, අපි ඔබට සදා කෘතවේදී වන්නෙමු. ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා. අපි පාරම්පරික ශ්‍රී ලංකා වුනත් අපිට පක්ෂයට වඩා ප්‍රතිපත්ති වටිනා යුගයක් මෙය...(බ)
මිනිස්සු දැක්කම යහපාලන ආණ්ඩුව වගේම එ්කට කඩේ යන අයටත්එ අමාරුයි ඒක නිසා මරු කියවනවා. (බ)
මොහාන්ට මගේ හිතේ මනස අවුල්වෙලා වගේ. ඒ පින්තුර ටික බලල කතා කළොත් හොඳයි නේද? ඇයි කැම්බල්පිටිය දුන්නේ මුලදී නොදී ඉඳල. හරි හෝ වැරදි හෝ කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන. මේවා දැකල සමහරු රටින් බැහැර යනවා. දැන් තියෙන හොඳම දේ නම් මේ අයත් එක්ක එකතුවෙලා යහ මග යන එකයි. (බ)
කෝ ඩලස්ගේ ලක්ෂ 10 (බ)
මොහාන්, සරත්, ඇස් ඇරල බලන්න, පාට කණ්නාඩි ගලවන්න, ඔළුවෙන් හිතන්න. (බ)
මොහාන් ඔබ හරි. එ්ත් මට පුදුමේ මේ තරම් දේවල්කරපු කට්ටියගේ රැස්වීම් වලට යන්නෙ ඇයි (බ)
මේ වැඩ වලට සහභාගී වෙන්න මේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද?(හේ)
මොහාන් , සරත් වගේ අයට ඔය ලිප්ටන් වටරවුමට එහායින් තියෙන ඇස් ඉස්පිරිතාලේ බෙහෙත් තියෙනවා එකත් මදිනම් එතනින්න්ම නගින්න 134 බස් එකට.......(රේ)
පාරවල් ඇහුරුනාම යන්ද බැරිඋනාම ඒ නතරවෙච්ච අයත් ඔය ගොඩට වැටෙනවා, ඒ අය හුරේ දමන්නේ, පාරවල් බ්ලොක් කරපු අයගේ මව්වරුන් සිහිකරමින්..(රේ)
දඟලන්නෙ, ආපහු බලය අල්ලන්න නේද?.(රේ)
නිරපරාදේ අපි මේ ගෙවන වැට් සහ මේ වැඩි කරපු හැම ගාස්තුවක්ම යහපාලන කැක්කුම තියන අයට ගෙවන්න පුළුවන් නම් අපිටත් කට වහන් ඉන්න පුළුවන්..(රේ)
ඉඩෝරය අවසන් වැස්ස නැවතත් එනවා නියතයි .(රේ)
අපේ ගම් වල වැව් හිඳිලා. දැන් ගඩොල් කපන කාලය . මේ ගොල්ලන්ට තිබුනනේ ගඩොල් කපල රට සංවර්දනයට උදව් කරන්න..(රේ)
ජය ජය රට පාවාදෙන, බටහිර ගැති රුකඩ වැඩබැරි ආණ්ඩුව පන්නමු..රට පාවාදී සංවර්ධනය නතර කල , බෙදුම්වාදයට දොළ පිදේනි දෙන කුමන්ත්‍රණය පරදවමු ...හමුදාව සුදානම් අප ඔබ සමගයි නියෝගය පමණක් දෙන්න...!.(රේ)
ජාතියේ පියාණනි..ලංකා යුධ හමුදාව ඔබ සමගයි ..ඔබේ අණ ලැබෙනතුරු බලාසිටිමු..අප ඔබව සහ මේ මව්බිම රකිමු..! පාදඩ පාවාදෙන්නන් අවසන් කරනෙමු..(රේ)
මොන දේ වැඩි වුනත් කමක් නැහැ කරුණා කරලා රටේ පුන්නකු මිලටනම් අත තියන්න එපා..(රේ)
තමන්ගේම රටේ මිනිසුන්ට කුළු ගෙඩි වලින් පහර දුන්නු,රටේ සකල මනාවම හුරගෙන කාල හත්මුතු පරම්පරාවම සුපිරි ජිවිතයක් ගත කරපු ගඩාෆිටත් 10% ජනවරමක් තිබුන..(රේ)
මිනිස් බෝම්බ නිසා පාරට බැසීමටවත් නොහැකි වූ යුගය අවසන් කල අභීිත ජන නායකයා ඔබයි. කලගුණ දන්නා සැවොම ඔබ සමගයි.(රේ)
ටිකිරි බන්ඩෝ වෙන වැඩ තියා කිසිම දෙයක් හිතන්නවත් වෙලාවක් නෑ මොකද මහින්ද භීෂණය නිසා කස්ටිය ඔල්මොරෝන්දම්වෙලා ඉන්නේ....අනික මිනිස්ස්සුන්ට වැඩ නෑ දැන් මුට්ට කරගහන්නෙත් අල්ලපු රටෙන් ඇවිත්....(රේ)
ඔලු ගෙඩි වලින් පිරිලා!!.ඒ ඔළුගෙඩි වල ඇතුලත් මොළ වලින් පිරිලා තිබුන නම්, එක රටකට මොන තරම් සම්පතක්ද?.(රේ)
"කවුරු කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි" කරන්න පුළුවන් තරම් කෙනෙහිලිකම් කරද්දීත්, අති සාර්ථක පාගමනක්! අපේ රටේ තවමත් කෙළෙහිගුණ දන්නා මිනිසුන් ඉන්න බවට සාක්කියක් (නි)
මේ වගේ සෙනඟක් එන්නෙ නිකමට නොවෙයි කියලා ආණ්ඩුව වුණත් තේරුම් ගත්තොත් හොඳයි. අපි අහලා තියනවා අවදානමට පෙර සූදානම කියලා. මේවා කියන්නේ නිකම්ම නොවෙයි නේද ඉතිහාසය? ආණ්ඩුවේ වැරදි දැන් නිවැරදි කර ගන්න කාලය හරි (නි)
තවමත් රජෙක් වගේ ඉන්න පුඵවන්කම තිබියදි රජකම හැරගිය ඔහු වටේට ඉන්න හොරු, රජු මාවත දිගේ අැවිද්දවනවා. සංසාරේ භවේ දුකා... (නි)
ශ්‍රී ලංකාවට ආදරය කරන ජනතාවට ජය වේවා . (අ)
සර්...අපි සර්ව බලාගන්නවා. මොනවා නමුත් ලොකූ දයක් වෙනවා ඉස්සරහට (අ)
සෙනගට, ඔලු ගෙඩි බලල, කැමැත්ත බලනවා නම්, මහින්ද නැවත ජනපති වෙන්න තිබුනා, මේ ඉන්න 50% මුදලට , අරක්කු බෝතෙලේට , ගමේ මන්ත්‍රීගේ කීමට එන අය, ලංකාවේ මිනිස්සුන්ට මොලේ තියෙනවා නම් අායි රාජපක්ෂලා බලයට ගන්නේ නෑ, රටින් පිට ඉන්න අපි දන්නවා මෙයාලගේ කෙරුවාව (අ)
මම ඔලු ගෙටි ටික ගණන් කරා හරියටම ඉන්නේ 4374. බොරුනම් ගණන් කරලා බලපල්ලා. හපොයි 5000ක් වත් නැනේ. මාර සවුතුව (අ)
ඇත්තටම රටට ආදරේනම් ඔය රොත්ත පිටින්ම එකතුකරගෙන ගිහින් එක දවසක් පුරන් වුනු කුඹුරු කෙටුවනම්. (අ)
කොහොම වුණත් යහපාලනය ඇත්ත දන්නවා. ඒ ලේසියෙන් ගොඩඑන්න බැහැ කියලා.කොටස් වෙළඳ පොළ 10% කින් කඩාවැටිලා. රට තවත් ආර්ථික අගාධයට යනවා.මේ සියල්ලට හේතුව 10000 කින් පඩි වැඩිකිරීම බව කවුරුත් දන්නවා. ආර්ථික ප්‍රතිපත්ති දන්නා අය ආණ්ඩුව කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඔක්කොම විනාශයි. මහින්දටම ඕක අාපහු බාරදීලා ගෙදර යන්න (නි)
අපේ අදහස් අනුව නම් ඔක්කොම 1750 ක් වගෙයි සම්බන්ධවෙලා තියෙන්නේ. බොරුවට මිනිස්සු කියන දේවල් වලට කව්රුත් රැවටෙන්න එපා. (නි)
මහින්ද හා හොරු ජනතාව මුලාකරන්න හදනවා (නි)
මේ පින්තූර දිහා බලලා සෙනග ගණන් කළොත් ඔයාල අමාරුවේ. හොඳට පසුබිම බලන්න. බලාපොරොත්තු වුණ තරමට නැතත් රැස්වීමකට ප්‍රමාණවත් ජනතාව හිටියා. කණගාටුව නම් ලිප්ටන් වටරවුමේ රැස්වීම් තියලා පැය තුනක් පාරවල් වහන්න සළස්වපු එකයි. (නි)
ලිප්ටන් වටරවුමේ සංගීතයක් තිබුණා නම් බලාගන්න තිබුනා සෙනඟ එන තරම මීට ගොඩක් වැඩි බව. (නි)
අපේ රටේ දේශපාලකයෝ මිනිස්සු රවටනවා ඉවරයකුත් නැහැ. මිනිස්සු රැවටෙන එක ඉවරයකුත් නැහැ. මේ නිසා පාරවල් වහලා මාර්ග තදබදය වැඩිවෙලා ජාතික ධනය විනාශ වෙනවා කියන එක කී දෙනාද තේරුම් ගන්නේ? (නි)
පවු කළා නම් ඒවා පළදෙනවා. මහින්ද රාජපක්ෂට වෙලා තියෙන්නේ එ්කයි. (නි)
දැන් බයවෙන්න දෙයක් නැහැ. පක්ෂ දෙකම එකමුතුයි (නි)
මොහමඩ්, සල්ලි දීලා වෙන්කරපු පිට්ටනිය දුන්නා නම් මේ ප්‍රශ්න නැහැනේ. එ්ක ගැනත් කතා කරන්නකෝ (නි)
කවුරු මොනවා කිව්වත් මේ ෆොටෝ වලින් නම් මේක අතිසාර්ථක පාගමනක්. මොකද අපමණ බාධක තර්ජන මර්දන තුළින් මෙතරම් ගමනක් අා එක ගැන මහින්ද මහත්තයාගේ බලය කොපමණද කියලා හිතාගන්න හොඳ අවස්ථාවක්. මේ ආණ්ඩුවත් මහින්ද කරපු වැඩ සහ පටන්ගෙන අවසන් කරන්න තිබෙන වැඩ හැරෙන්න කරන්න යන වෙන වැඩක් නම් තවම අද එළිදක්වා නැහැ. එ්කෙන්ම තේරෙනවා මහින්දගේ දර්ශනයෙන් පිට දෙයක් නැහැ සහ එ්ක කරගන්න දැනුමකුත් දර්ශනයකුත් මේ යහපාලනයට නැති බව (නි)
යහපාලනයට ඡන්දය දුන් ගොඩක් දෙනෙක් ඉන්නේ බොහොම කළකීරීමෙන්. ඒ බව වත්මන් ආණ්ඩුව දන්නවා. ඒත් පෙන්වන්නේ වෙන දෙයක්. නමුත් ජනතා මතය හා පීඩනය ලොව කිසිදු ආණ්ඩුවක් යටපත් කරගෙන වැඩිකල් ගියේ නැහැ. යහපාලන ආණ්ඩුවට වැඩි කල් යන්න බැහැ වගේ. (නි)
දාලා තියන කොමෙන්ට් වලින් සහ කොමෙන්ට් ප්‍රමාණයෙන් තේරෙනවා කට්ටියකට හොඳටම රිදිලා සහ තව කට්ටියකට සෑහෙන්න සතුටුයි කියල. (බ)
තුෂාර- ඩුබායි ඔයාල දන්නවාද අපේ රටේ ජනතාව විඳවන තරමත්. ඔක්කොම දන්න මහ ලොක්කොනෙ ඔයාල ඒකත් හොයල බලන්න දොඩවන්නේ නැතිව. මේ ආණ්ඩුව ආපු දා ඉදන් මිනිස්සු පිට බර දා ගෙන උන් සැප විදිනවා (බ)
මේතන සෙනග නැ කියලා කමේන්ට්ස් දාන අයගේ මානසිකත්වය හිතා ගන්න පුඵවන්. යහපාලනයට ජන්දය දුන් අපිටත් පේනවා මෙතන ඉන්න සෙනග. අපිටත් දැන් ඇති වෙලා තියෙන්නේ. අපිටත් ළගදිම බහින්න වේයි. (බ)
මෙහෙම සෙනගක් මම මීට කලින් දැකල නෑ... කොළ පාට ඇහින් දැක්කත් නිල් පාට ඇහින් දැක්කත් ඇත්ත ඇත්ත විදිහටම දකින්න ඕනනේ නේද? (බ)
කවුරු මොනවා කිව්වත් හැම පැත්තෙන්ම තැලෙන්නේ මහජනතාවම තමයි. අලි හරි පුටු හරි අත් හරි සීනු හරි අන්තරෙන් හරි වෙන ඕනෙම සංවිධානයක් හරි මහපාරට බහිනවා කියන්නේ වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සුන්ට ඉතින් සොරිම තමයි. (හේ)
මොවුන්ගේ එකම බලාපොරොත්තුව රට අස්ථාවර බව ලෝකයට පෙන්වා රටට අයෝජෝක්යෝ, ආධාර එන එක නවත්වා රට බන්කොලොත් කර බලය ලබා ගැනීම.(ම)
කවුරු කීවත් එක දෙයක් ඇත්ත. රටේ හරකුන්ගෙන් අඩුවක් නැහැ . ඉතින් රටක් දියුණු වෙයිද? (ම)
මේකෙන් කට්ටිය බලාගන්න පුළුවන් (බ)
පොඩි ළමයෙක් ඉස්සරහට දාල පුරසාරම් කියවන්න මොකක්ද මේ කරන නින්දා සහගත ලජ්ජා නැති වැඩේ මහින්ද මහත්තයෝ. (බ)
ඉස්සර අම්ම තාත්ත පුතාල මහරගමට ගියෙත් හෙලිකොප්ටර්වල. බිමින් යන්නම බැරිවුණා. රටේ සල්ලි කාපු හැටි අපි දැක්කා.. අද දෙවියෝ සාප කරලා පයින් ඇවිද්දවනවා. (බ)
ඔන්න අද මහින්ද දිවුරුම් දෙනවලු. (බ)
මහින්ද මැතිතුමාට දිර්ඝායුෂ ලැබේවා (ම)
ලංකාවේ සිංහලයන් දේශපාලනය දන්නේ නැහැ .දැන් ලංකාව ,ඇමරිකන් උගුලේ හිරවී හමාර යි .ණය දෙන්නේ සංහිඳියාව ඇති කරන පොරොන්දුව උඩ. ව්‍යවස්ථාව වෙනස් කොට උ/නැ ට ස්වයං පාලනය දෙනු ඇත .ඉන්පසු සිංහලයාට යන එන මං නැතිවන අන්දම 2020 දී බලාපොරොත්තු වන්න (බ)
මේ පාලනය නරක නම් නැවත බලයට එන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ මිස රට කාපු තක්කඩි. හොරු රැල නෙවෙයි. හීනෙන් හිර ගෙවල් පෙන හින්ද දගලනවා.(හේ)
පාරවල් බ්ලොක් වෙනවා කියල, පොලිසිය ප්‍රහාර එල්ල කරන්නේ නැද්ද. ඒවා පොඩි එවුන්ට විතරද (බ)
තිලක් ඩුබායි කියන එක ඇත්ත..පුන්නක්කු මිල වැඩි කරන්න එපා..ගොඩක්ඉන්නවා කන්න දෙන්න..(බ)
නානායක්කාර ගණන් හදල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වීදුරුවක්? (බ)
ජය වේවා පාද යාත්‍රාවට .. කට්ටිය හොදටම බය වෙලා වගේ. (ම)
දැන් එතකොට ආණ්ඩුව පෙරලුවද ?(හේ)
පුදුම සෙනගක් නේද?(හේ)
මේ බොරු වැඩ නවත්වල රට දියුණු කරන්න ඕනි , මේ අය රටට නොවේ බඩට ආදරේටයි පා ගමන් ගියේ (බ)
මේ ආපු අධික සෙනගින් ආණ්ඩුව දැනගත යුතුයි මිනිස්සු මේ ආණ්ඩුවේ කෙරුවාව ගැන කලකිරිලා බව. මේ ආණ්ඩුවට එ්කටත් මොළයක් තියනවද දන්නෑ (බ)
බලය තිබුණු කාලේ නිවැරදිව හරියට රට පාලනය කළා නම්, අද ඔහොම පාරවල් වල රස්තියාදු වෙමින් ආණ්ඩු පෙරලන්න දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද පදනම හා ජනප්‍රිය තාවය විනාශ කළෙත්, ඔය පා ගමනට එක්වෙලා සිටින එක්තරා පිරිසක් තමයි. (බ)
රට බේරා දුන් මහරජාණෙනි !ඔබට ජය වේවා. දි(හේ)
ඔබට සතුටුද දැන් (ම)
මහරජ, ඔබට සතුටුයිද දැන් (බ)
දිලුම් මම හැම මාස පහකට වරක් ලංකාවට එනවා මගේ දරුවෝ,නෝනා දෙමාපියෝ ඉන්නේ ලංකාවේ, ප්‍රශ්න තියන බව දන්නවා නමුත් ඒකට විසදුම මෙතන ඉන්න දූෂකයෝ හොර පස්ස්පෝර්ට් කාරයෝ ,ගේන එක නෙමෙයි, මේගොල්ලෝ කළේ එදා ඉදන් දුප්පත් මිනිස්සුන්ව රවට්ටපු එක (බ)
රජයට කඩේ යන නිසා ඇස් අන්ධ වෙලා. සත්‍ය නොදකින මිත්‍යාව රජවෙලා! (නි)
අපේ අප්පච්ච්ට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මහින්ද මැතිතුමාට දිර්ඝායුෂ ලැබේවා! (නි)
ඉදිරියේදී ස්වේච්ඡා දේශපාලන පෙරමුණක් ශ්‍රී ලංකාව ඉල්ලා සිටිනු ඇත (නි)