පාද යාත්‍රා පෙළපාළිකරුවෝ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන් කරද්දී කොඩි පහත් කර සටන් පාඨ කීම නතර කළහ.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය කුමක් කළත් ඔවුන්ගේ මව්පියන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක හා සිරිමා බණ්ඩාරනායක රටට කළ මෙහෙවර වෙනුවෙන් ගෞරව කරන බවයි.
සමාධිය අසලින් ගමන් කරද්දී මහින්ද රාජපක්ෂ මහතා පෙළපාළියේ නොසිටියේය.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ප්‍රතිපත්ති එක්ක හදපු පක්ෂය කඩාගෙන ගිහින් ඒ මදිවාට දැන් බටහිරගැති ධනවාදී දේශපාලනයට බලෙන්ම ගැටගහපු අය දැන් එනවා පක්ෂය ගැන කතකරන්න..! (නි)
මහින්ද, ඔබ නියම රජෙක් (නි)
කොළඹට ආවහම කොහොමටත් සෙනඟ ඉන්නවනේ, පෙළපාලිය නාවත් (නි)
මහජනයා පාද යාත්‍රා යනවා. නායකයෝ යාත්‍රා වල පාද වලින් යනවා (නි)
ඩිව් මහත්තයා ආවේ නැති නිසා තමයි සෙනඟ මෙච්චර අඩුවුණේ (නි)
ඔය ගරුකිරීම කලිනුත් තිබුණා නම් මෙච්චර ලොකු අමාරුවක අද වැටෙන්නෙ නැහැ (නි)
කට්ටියට දැන් එකපාරටම බණ්ඩාරනායක නමත් මතක්වෙලා තියෙන්නේ? බලාගෙන ගියාම එකත් පුදුමයි නේද? (නි)
නිම්මි, ඔයා වගේ කට්ටිය තව ඉන්නවා. අර ලක්ෂ 58, දැන් ඒ කට්ටිය හරි ස්මාර්ට්. ඒ කාලේ කරපු මෝඩ වැඩ දැන් කරන්නේ නැතිලු. (නි)
බුදුන් වදාළේ පාද යාත්‍රා යන්න නොවෙයි. සත්වයාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන්න කියායි. සඟුන්ටත් මේවා කියලා දෙන්නත් වුණානේ ගිහියන්ට? (නි)
හුසේන්, කව්රු කව්රුත් කැමතියි හැමදේටම ඉස්සර තමන්ගේ පවුල රැකගන්න. එ්ක එදා අද කියලා වෙනසක් නැති බව හැමෝම දන්නවා. හිටපු පවුලට බැනපු හැමෝම දැන් මොකද කරන්නේ? එක බෝක්කුවක්වත් හදලා තියනවද? මොකද කට්ටිය මෙච්චර බයවෙලා මේ වගේ දේවල් වලට? (නි)
ඇත්තම කියනවා නම් පටන්ගත් දවසේ සිටි සෙනඟ දෙවන දවසේ නැහැ. දෙවන දවසේ තරම් තුන්වෙනි දිනයේත් නැහැ. මේක අලුත් දෙයක් නොවෙයි. කවුරු පාද යාත්‍රා ගියත් සහභාගිවෙන සෙනඟ එන්න එන්නම අඩුවෙනවා. ඕක තමයි ස්වභාවය. (නි)
කොළ අලි, නිල් අලි සහ රතු අලි ඔක්කොම කලබලවෙලා හිස් ගෙඩි ගණන් කරන්න පටන් අරගෙන වගේ. ලැජ්ජයි හොඳේ! ගොඩක්ම කලබලවෙලා ඉන්නේ රතු අලි පැටවු (නි)
කුමාර්ටත් බොහොම අමාරුයි වගේ සෙනඟ දැකලා. (නි)
හුසේන් මොහමඩ්ට වැරදිලා වගෙයි (නි)
නිම්මිට කියන්න තියෙන්නේ, ඔයා අර වශී බෝලෙට වශීවෙලා වගෙයි කියලයි (නි)
දැන් එතකොට හෙට අපේ රටේ ආණ්ඩුව මාරුවෙනවද? (නි)
මම දවස් තුනම පා ගමන ළඟමයි හිටියේ. උපරිම 2000- 3000 තරම් ඉන්න ඇති. හරිම පවු! (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවාදුන්න අය වගේ මෝඩයි කියලා හිතන්න ඇති මහින්දත්. ලංකාවට කරපු විනාශයට ඔය පක්ෂය පාවාදුන්න අය වගකියන්න ඕනෑ. (නි)
ගිය පාරත් සෙනඟ පෙන්නලා තමයි පවුල් පිටින්ම අකුළගෙන ගියේ. (නි)
මේ කළ දේ කවුරුත් අගය කළ යුතුයි.(හේ)
කපන්න බැරි අත ඉඹිනවා කියාලා කතාවකුත් තියනව නේ නේද? (ර)
මම නම් හිතාගෙන හිටියේ නැහැ එතනින් යනකොට, මෙහෙම යයි කියලා (නි)
යහපත් කටයුත්තක් කරලා තියෙන්නේ. අගය කරමු. (නි)
අනේ ඇයි දන්නේ නැහැ නේද අනේ! (නි)
ඔවු ඉතින්, එතුමිය කාටවත් කැබ් සේවා දාන්න රජයේ වාහන දුන්නේ නැහැනේ (නි)
හොරගොල්ලෝ ඇතුලේ ඉන්න ඇති:(අ)
නියම මහත්මා දේශපාලනය. (ර)
සු ගාලා 2,000 ක් විතර සෙනග ඉන්නේ, කෝ මේ ලක්ෂ ගණන් එනවා කියාපු කාන්ඩේ? (ර)
චුට්ටක් ඉන්නකෝ හදිස්සිද? වෙලාවට පෙන්නන්නම් සෙනග. (ර)
සෙනග ගණන නෙමේ මෙතන වැදගත්, එකම පක්ෂයට එම පක්ෂයේම අය කරන අබියෝගය. මේක හරි එඩිතර තේමාවක්. කොහොමත් මහින්දට ලක්ෂ 50 මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා. (ර)
මේ කටයුත්ත අපි අගය කරනවා (නි)
ජයසිරි ... ලක්ෂ 50 කෝ ගිය පාර ඡන්දෙදී ? (අ)
තමන්ගේ පවුල රැකගන්නයි, කළ දුෂණ වැරැදිවලින් මිදෙන්නයි ඔය උදවිය දගලන්නේ. ඔය සෙට් එක ඔය ගමන යන්නේ සද්භාවයෙන් නොවන වග නම්, ඒකාන්තයි. ඒ නිසානේ ඩිව් මහත්තය අයින්වුනේ. ඔය මොන නාඩගම් නැටුවත්, කිසි වෙනසක් වෙන්නේ නැහැ. සෙට් එකම මහ උළු ගෙදර යන එක කාටවත් වලක්වන්න බැහැ. කකුළුවා නටන්නේ ........ වගේ තමයි. (අ)
ජයසිරි හරි. තනි මහින්දට ලක්ස 58 ඉන්නවා. අනිත් ඔක්කොම එන්නේ හව්ලේ ඉල්ලන්න. පන තියනකම් අපි මහින්දට. දෙකට තුනට නැමෙන ජාතියක් නෙමෙයි අපේ ජාතිය. අද ඒ ජාතිය නිවටයන් කරලා.(අ)
කට්ටියට සු ගාන්න හම්බ වේවි පොඩ්ඩක් ඉන්න ජය වේවා සටනට (අ)
අපේ උණුසුම් සුබ පැතුම් ජය වේවා (අ)
හුසේන් මොහමඩ්, ඔබ 100% නිවැරදියි. (නි)
මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකෑම ගැන දැන් කෙරීගෙන යන පරීක්ෂණ ඉවරවුණ ගමන් කට්ටිය පාද යාත්‍රා යන්නේ හිරේ ඇතුළේ. (නි)
පසුගිය අවුරුදු 10 දී මහින්ද ඇතුළු පිරිස යහමින් මහජන මුදල් මංකොල්ල කෑවා. දැන් ඒ මුදල් යහමින් වියදම් කරනවා. එත් මේ කපේදී රාජපක්ෂලාට ලංකාවේ දේශපාලනය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ බුද්ධිමත් ජනතාවක් තවමත් රටේ පාලනය තීන්දු කරන නිසා. (නි)
යහපාලනයට කතාකරන්නේ රෙදි ඇඳගෙනද? ඔලුවක් තිබෙන නිසා කල්පනා කරන්න මේ රටට වැඩිම සේවය වුණේ කාගෙන්ද කියලා. ජය වේවා! (නි)