IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාද යාත්‍රාව අද ගනේතැන්නේ

පේරාදේණියෙන් අද (28) උදේ ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පස්වරු 4 වන විට මාවනැල්ල නගර සිමාවේ ගනේතැන්න නගරයට ළඟා වෙමින් තිබිණි.

මාවනැල්ල නගර දොරටුව අසල පොලිසිය උසාවිය නියෝගයක් අතැතිව සිටියි. මෙම පෙළපාළියට  මාවනැල්ල නගරයට ඇතුළු විය නොහැකි බව එම නියෝගයේ දැක්වේ.

බොහෝ දුරට පළමු දින පාද යාත්‍රාව ගනේතැන්නෙන් අවසන් වන ලකුණු දක්නට ලැබිණි. 

'රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි  මුළු විපක්ෂයම හිරේ දැම්මත් මේ ජන සටන නවත්වන්නට බැ ' යැයි විමල් වීරවංශ මහතා පාද යාත්‍රාව අවසන් කරමින් කීවේය.

ජිප් රියකින් ගනේතැන්නට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා එහි රැස්ව සිටි පිරිසට අතවනා ආචාර කළේය.

0-02-01-3d7f94c41bc41b653f57c4edefad1a9dadaa4db83c8aa443820c113c987bfa34_full 0-02-01-b046cd1d81ccf94d258aa84e13b8eee621efc0e9993b7c6b34057e452b456613_full

0-02-01-f2c5363831862e9e75b0c07ea8b85b55db464d012ceb5baac2c2432fde2655d5_full

ඡායාරූප හා වීඩියෝ - අකිල බද්දේවිතාන



අදහස් (0)

පාද යාත්‍රාව අද ගනේතැන්නේ

බණ්ඩාර Thursday, 28 July 2016 01:42 PM

පාද යාත්‍රා වලට වාහනත් එකතුවෙනවද? (නි)

:       0       0

කින් බෙනට් Thursday, 28 July 2016 02:32 PM

පවු කියලා හිතෙනවා පවතින රජය! (නි)

:       0       0

නිම්මි Thursday, 28 July 2016 02:46 PM

මහින්ද රාජපක්ෂට මේ රටේ බාගයක් ආදරේ නිසා එතුමා කියන ඕනෑදෙයක් කරන්න මිනිස්සු ඉන්නවා. මාත් එතුමාට මුළු හදින්ම ගරුකරනවා. නමුත් මේවා නම් එතරම් වැදගත් දේවල් කියා මා නොසිතමි. (නි)

:       0       0

කුසුම් Thursday, 28 July 2016 03:03 PM

පිටබැද්දර ජයේ කොහොමද මෙහෙදෙවල් දන්නේ.ලිදේ ගෙම්බෝ වගේනේ. (අ)

:       0       0

උපාලි Thursday, 28 July 2016 03:36 PM

මේ ඇවිදින්නේ මේ රටට ආදරේ මිනිස්සු. කෙලෙහිගුණ දන්නා මිනිස්සු පිරිවර ගෙන මහින්ද මහත්තය යන්නේ අ මිනිසුන්ගේ බල පොරොත්තු ඉටුකරන්න .මේ රටේ මොන ජනනායකයාට ද මේවගේ ජනබලයක් තියෙන්නේ ඇස ඇරලා බලපල්ලා මිනිසුනේ.ඇත්ත ඒකයි (අ)

:       0       0

භද්‍රානි Thursday, 28 July 2016 03:33 PM

මිනිස්සුන්ට කරදර කරමින් පලක් නැතිව මහපාර දිගේ අවිදිනවට වඩා, මිනිසුන් විසින්ම අපවිත්‍ර කර ඇති පරිසරය මේ පිරිස යොදාගෙන පිරිසිදු කිරීමට පටන් ගත්තා නම්, එය අප රටට මොන තරම් නම් සේවයක්ද? අන්න එවැනි සමාජ හිතකාමී කටයුතු වලින් සමහර විට ආණ්ඩු පෙරලන්නත් යම් හේතුවක් විය හැකිවේවි. එත් ඉතින් අපේ රටේ එහෙම වැඩකට පලකට කමක් ඇති මිනිස්සු ඉන්නවා නම් මොනවද අපිට කරන්න බැරි නේද? වටිනා කාලය නිකරුනේ කා දමන්න නම් හරිම හපන්නු. (අ)

:       0       0

විද්‍යා Thursday, 28 July 2016 03:57 PM

පද යාත්‍රාවේ නායකයා බස් එකක්නේ යන්නේ (අ)

:       0       0

අශිකා Thursday, 28 July 2016 05:17 PM

මහින්ද මහත්තයාට ජය වේවා! (නි)

:       0       0

කරුණාපාල Thursday, 28 July 2016 07:58 PM

විද්‍යා, අඥාන මිනිස්සු බස් තියාගෙන පයින් ගියාට, සටකපට නායකයෝ පයින් නොගිහින් හැමදාම යන්නේ බස් එකේම තමයි. මිනිසුන්ට ඕක වැටහෙන්න අඩුම තරමේ තව අවුරුදු හතරක් පහක්වත් ගතවෙයි. (නි)

:       0       0

නාමල් Thursday, 28 July 2016 08:19 PM

පයින් යන්නත් බැරි මහලොකු නායකයා. අනේ ජන බලය! බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

තුෂාන් Thursday, 28 July 2016 10:43 PM

උපාලි අද උදේ නැගිට්ටේ ඇඳේ වැරදි පැත්තෙන්ද? (නි)

:       0       0

අමිත් Thursday, 28 July 2016 11:27 PM

මහින්ද වෙනුවෙන් මම මගේ ජීවිතය වුණත් දෙනවා (නි)

:       0       0

රෝහණ Friday, 29 July 2016 12:47 AM

උපාලි හරියට ඉස්සර මහින්ද මන්ත්‍රීතුමාට කඩේ ගිය බන්දුල පෙරේරා වගේ කෙනෙක් වගෙයි. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 29 July 2016 12:59 AM

ඔය යාත්‍රාවේ ඉදිරියෙන්ම එන්නේ මොනවගේ කට්ටියද කියලා අපි දන්නවා (නි)

:       0       0

අනුරාධ Friday, 29 July 2016 01:21 AM

උපාලි, ඇහැරුනොත් හොඳයි. තාම නින්දෙන් වගේ ඔයා ඉන්නේ (නි)

:       0       0

නිමල් ලලිත Friday, 29 July 2016 01:33 AM

ප්‍රෞඪ ඉතිහාසයක් හිමි අසිරිමත් ජාතියක් බලපෙරේත දේශපාලනය උදෙසා වැනසීමට යද්දී එම බලපෙරේත දේශපාලනයට ගැතිවී වචනයකින් හෝ එකිනෙකා දොස් පවරාගන්නා හැටි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 29 July 2016 12:32 PM

දැනට කෙරීගෙන යන පරීක්ෂණ ටික ඉක්මනටම කරලා වැරදි කරුවන් ඉක්මනින්ම ඇතුලට දාන්න.(අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 July 2016 11:31 AM

අපි බලමු ඉඹුල්ගොඩ හන්දිය , රතුපස්වල හරිය පහු කරන්නේ කොහොමද කියලා. (ර)

:       0       0

ඩීමන් Friday, 29 July 2016 03:16 AM

රට බේරාගැනීමේ මහා සටන මෙයයි (නි)

:       0       0

ශානක Friday, 29 July 2016 03:36 AM

දැන් ඕක කොළඹට ගියාම ආණ්ඩුව පෙරළෙනවද? හොරු බයවෙලා කරන දේවල් තමා ඕවා (නි)

:       0       0

විජේ Thursday, 28 July 2016 11:53 AM

දැන් කලේ බොහෝ දෙනෙක් ඇවිදින්නේ නෑ, එක තමයි ලෙඩ රෝග වැඩි, ඒ නිසා අඩුම වසයෙන් මාසයකට සැරයක්වත් පාද යාත්‍රාවක් කරලා මිනිස්සු ඇවිද්දනවානම් හොඳයි, රටේ ආර්ථිකයටත් හොඳයි හැබැයි මිනිස්සුන්ගේ එදිනෙදා කටයුතු වලට කරදරයක් නොවන ආකාරයට මේවා කරන්න, මේ ඇවිදිල්ල දෙශපාලකයන්ටනම් හොඳටම හොඳයි. (ර)

:       0       0

ඒකනායක මිලානෝ- Thursday, 28 July 2016 11:58 AM

ජය වේවා.! (ර)

:       0       0

ප්‍රියාන් Thursday, 28 July 2016 11:59 AM

ඇවිදින එක හොදයි කියලා කව්රුත් නොකීවට මුළු ලෝකයම එක දන්නවා.. එත් මේ ඇවිදින්නේ ශරීර හදාගන්න නෙවෙයි.. (ර)

:       0       0

ශාන්ත Thursday, 28 July 2016 12:04 PM

මේක අර කිව්වා වගේ අන්ධ භක්තිකයන්ගේ පා ගමනක්. (ර)

:       0       0

ප්‍රියන්ජය Thursday, 28 July 2016 12:19 PM

පිටබැද්දර ජයා... ඇයි ඉඹුල්ගොඩ රතුපස්වල කාටවත් ලියල දීලද? ඇරත් රතුපස්වල තියෙන්නේ වැලිවේරිය පාරේ... අනේ ඔයා දන්න නුවර පාර... (ර)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Thursday, 28 July 2016 12:20 PM

ප්‍රියාන් මේ ඇවිදින්නේ ශරීර හදා ගන්න නෙවේ .... බලය ගන්න මිසක් ජනතාවට ආදරේට නොවෙයි.... (ර)

:       0       0

සමන් Thursday, 28 July 2016 12:34 PM

මේ තාම පලවෙනි දවස. කොලොඹට එන දවසට කොහොමට තියෙයිද? (ර)

:       0       0

ජයරත්න Thursday, 28 July 2016 12:40 PM

රට ජාතිය බල්ලට ගියත් කමක් නැහැ තමන්ට පෞද්ගලික වාසියක් වෙනව නම් කියා සිතන අයට පාලකයන්ගේ වැරදි ක්‍රියාවන්ට එරෙහිව හඩ නැගීම අන්ධ භක්තියක් විදිහට පෙනෙන්න පුලුවන්. (ර)

:       0       0

රාවණ Thursday, 28 July 2016 12:40 PM

පාද යාත්‍රාව යන්නේ ජීප් එකෙන්ද? (ර)

:       0       0

අජිත් Thursday, 28 July 2016 12:38 PM

ලලිත් ප්‍රේමලාල්ගෙන් මට අහන්න තියෙන්නේ "ඔබට සතුටුයිද දැන්" කියලයි. (ර)

:       0       0

ප්‍රියාන් Thursday, 28 July 2016 12:50 PM

ලලිත්, දැන් බලයට ඇවිල්ලා ඉන්න අය ජනතාවට ආදරේද? (නි)

:       0       0

හේවා Thursday, 28 July 2016 12:51 PM

මේ සමහරු ලෝකය නොපෙනෙන අන්ධයො වගෙයි අදහස් ලියලා තියෙන්නේ (නි)

:       0       0

පියුමාල් Thursday, 28 July 2016 12:53 PM

අපේ රටේ දේශපාලනය ගැන ලැජ්ජයි (නි)

:       0       0

චාමර Thursday, 28 July 2016 12:59 PM

ජය වේවා ඔබතුමාට! ගම්පහ පහුකරන්න කිසි අපහසුවක් වෙන්නෙ නැහැ. ගම්පහ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු (නි)

:       0       0

හේවා සරත් Thursday, 28 July 2016 12:56 PM

ජයවේවා! (නි)

:       0       0

කමල් Thursday, 28 July 2016 01:03 PM

පිටබැද්දර ජයා තවම කඩේ යනවද? රටට වෙලා තියෙන විපත දකින්න ඇස් නැද්ද? (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 28 July 2016 12:58 PM

අනාථ සන්ධානයට ජයවේවා......!!! (නි)

:       0       0

සමන් Thursday, 28 July 2016 12:58 PM

ඔබ සැමට සුබ පතමි! (නි)

:       0       0

දසුන් Thursday, 28 July 2016 12:59 PM

රජය බයවෙලා. මෙහෙමත් රටක්? (නි)

:       0       0

නිශාන්ත Thursday, 28 July 2016 01:06 PM

මේ කාර්යයට ජයවේවා! (නි)

:       0       0

සාමා Friday, 29 July 2016 05:36 AM

කොපමණ පාද යාත්‍රා ගියත් වැඩක් නැහැනේ. ඡන්දයක් එන්නේ අවුරුදු 5කින්. (ර)

:       0       0

මාලනී Thursday, 28 July 2016 01:11 PM

වහලුනි, අවදිවවු! රට රැකුමට එක්වවු! (නි)

:       0       0

ආසිරි Thursday, 28 July 2016 01:07 PM

ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 451 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1026 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 385 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 558 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site