පාද යාත්‍රාවෙන් රජයට කිසිම අභියෝගයක් නැතත් එහි සැඟවුණු අරමුණ යළි පවුල් පාලනය ඇරඹීමටදැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ජාතික ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට වෙහෙසෙද්දී පිරිසක් මහජනයා නොමග යවමින් දේශපාලන වාසි තකා රජයට එරෙහිව පාරේ ඇවිදින්නට පටන්ගෙන ඇතැයි ඔහු පවසයි.
ජනපති හා අගමැති එක්ව රට ගොඩනගන්නට යද්දී බලය අහිමි වූ පවුලක් යළි බලයට ඒමට මෙවැනි වැඩ කරතියි ද විජයවර්ධන මහතා කීය. ඒ මහතා ගම්පහ පැවැති රැස්වීමක දී එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පවුල් පාලනයක් නැනේ. අනේද කියන්නේ!.(රේ)
පවුල් ගහක පාලනයද එක පවුලක පාලනයද වඩා හොඳ කියලා තෝරාගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් (බ)
මේ යහ පාලනේට වඩා ඒ පවුල් පාලනය රටට යහපත් දෙයක් කළා. ඒ නිසා අයෙමත් ඒ අය එනවනම් හොදයි.(හේ)
පවුල් පාලනේ හොදයි.ඒ සිංහලයෙක්.(අ)