ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රව අද පස්වරු 5.25ට ගලිගමුවට ළඟා විය.
පාගමන ගලිගමුව නගරයට ළගා වෙද්දී ස්වාමීන් වහන්සේ 15 නමක් පමණ පිරිත් සජ්ජායනා කළහ.
නගර මධ්‍යයේ දහසක් පමණ එක්රොක් වීම නිසා මාර්ගය අවහිර වී වාහන තදබදයක් ඇති වුව ද පොලිසිය මැදිහත් වී පිරිස පාරෙන් දෙපසට කිරීමෙන් පසු එක් මංතීරූවක් වාහන සදහා විවෘත විය.
පාගමනේ එන පිරිස සදහා ගලිගමුවේදී මඤ්ඤොක්කා සංසලක් සහ බීම දන්සලක් ද තිබිණි.
ඒකාබද්ධ විපක්ෂයට කෑගල්ලෙන් පැණිකොමඩු සංග්‍රහයක්
(වීඩියෝ දසුන් සහිතයි)
2016 ජූලි මස 29 15:23:09 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද
අදහස්(17)
බැලූවෝ (4670)
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව දැක බලා ගැනීමට කෑගල්ල නගරයට විශාල පිරිසක් එක්ව සිටිති.
පාගමනේ එන පිරිසට සංග්‍රහ කිරීම සදහා පැණි කොමඩු, බීම සහ කඩල දන්සල් සංවිධානය කර තිබිණි.
පිළිගැනීමේ උත්සව කිහිපයක් ද සංවිධානය කර තිබේ.
පාද යාත්‍රාව කෑගල්ලේ : වාහන තදබදයකුත් ඇතිවෙයි
(වීඩියෝ දසුන් සහිතයි)
2016 ජූලි මස 29 13:22:09 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද
අදහස්(1)
බැලූවෝ (1659)
ඒකාබද්ධ විපක්ෂයේ පාගම අද දහවල් 1.25ට පමණ කෑගල්ලට ළගා විය.
කෑගල්ල නගරයේ සහ අලුත් පාරේ එක් මංතීරුවක දැඩි වාහන තදබදයක් ඇති විය.
වාහන තදබදය පාලනය කිරීමට පොලිසියේ 20ක් පමණ යොදවනු ලැබ සිටිති.
(වීඩියෝ කෞෂල්‍ය සමින්ද)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිම්මි, ඔබේ ප්‍රකාශය අනුව ඔබ දේවාල වඳින පුඳන කෙනෙක් බව සිතන්නට පුළුවන. එය ඔබේ අයිතියක් නිසා හොඳින් වන්දනාවේ යෙදෙන්න. (ර)
මොහාන් හරි.මටත් කනගාටු මහින්දගේ ශ්‍රාවක පිරිස ගැනයි.මේගොල්ලන්ගේ යටි අරමුණ තේරුම්ගන්න බැරි මැටිමෝල්ලු.(අ)
මේ පැත්තට ඇද ඇද ඉදීමෙන් වෙන්නේ රට එකතැනක නැවතී සිටීමක් ,දැනට වඩා හොඳ වඩා පිළිවෙලක් 2010-2015 කලේ තිබුන නැති හින්දයි ජනතාව තීරණය කලේ, ඔවුන් ව ගෙදරයවන්න , දැන් ඉතින් මේවසර 5 මෛත්‍රීට කරන්න කියල 2020 දී මාරු කරනවද නැද්ද කියල සොයා බලමු, මෙවෙලාවේ තියෙන්නේ ආණ්ඩු මාරුකරන වෙලාවක් නොවෙයි, රට ගොඩ නගන්න හොඳ යෝජනා ඉදිරි පත් කරන වෙලාවක් (අ)
මිනිසුනේ බලාපල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාගයකට මෙච්චර සෙනග. මිනිසුන්ට මෙයාල එපාවෙලා.ආවේ බෝදිසත්වයෝ වගේ. දැන් මාරයෝ.අපිට හුළං. අපේ බඩ තද කර ගනිල්ලා කියලා මෙයාල අපේ සල්ලි වලින් ප්‍රාඩෝ.උසාවි ගියේ නැත්නම් අදත් අපිට වැට්.(අ)
මේ පාද යාත්‍රාවට දායක වෙන මිනිසුන්ට අනුකම්පා කරන උදවිය ඇයි රටට වෙන්න යන විපත ගෙන හිතන්නේ නැත්තේ මේ සියලු මිනිස්සු රටට ජාතියට ආදරේ කරන මිනිසුන් මොහුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. සුබ පතමි..(අ)
වින්සන්ට් ඔයාට යහ පාලනේ හොදයි වගේ අපිටත් මහින්ද මහත්තය මොනවා කරත් හොදයි. ඒ එතුමා මේ රට වගේම අපේ ජීවිතත් බේරා ගත්ත නිසා. ඔයාට මේ යහපාලනේ හොද මෙයාල මේ රටට මොනවා කරාටද? ඔයටද පිස්සු අපිටද පිස්සු? අනේ මන්ද.(අ)
මෙහෙමවත් හඩක් නගන්න කොන්ද පන තියන නායකයෙක් ඉන්න ඕන ,,පේනවනේ ජේ .වී .පි එක මේ රජයට කඩේ යන හැටි ,,,මෙහෙමවත් නොවුනොත් මේ රට තව මස 6 යන්න කලින් අච්චාරුවක් කරයි .(අ).
එදා කොන්ද කෙලින් තිබුණ නායකයෙක් හිටිය නිසා, අද මරණ බයෙන් තොරව නිදහසේ ඕනේ තෙනක යන්න පුළුවන්, එදා අද කට්ටිය හිටියනම් ඇමෙරිකාවට හා බටහිරට ඕනේ විදිහට යුද්දේ අපුරුවට පවා දෙනවා නියතයි, ඇත්ත හරිම තිත්තයි..(අ)
එක නිදසුනක් තමයි, ජෙනරාල් කොබ්බැකඩුව ඝාතනය. (අ)
දානපතියන්ට පිංසිදුවේවා. වැඩිවැඩියෙන් ලැබේවා! (අ)
මඟදිගට කඩචෝරු කන්නේ බලාගෙන. ජාපාල දාල තිබුණොත් කොළඹ ගිහින් හමාරයි.(අ)
උපාලි කියල තියන විදිහට කෙලෙහි ගුණ සලකන්න කියලා හිතලා,හෙට ඉඳලා අව්වේ පාරේ ටිකක් ඇවිදින්න පටන්ගන්න ඕනා. මයියොක්ක නම් ගෙදරින්ම හදාගෙන අරගෙන යනවා. බීම ටිකක් නම් සාප්පුවකින් මගදී ගන්න බැරිය?(අ)
මහාදේව මහත්තයත් පුදුම විදිහේ මර බියෙන් සිටින කෙනෙක් බව තමයි අපට නම් වැටහෙන්නේ. බලාගෙන මහත්තයෝ බන වතුර වීදුරුවෙත් කිඹුල්ලු ඉන්න පුළුවන්නේ, ඒ හින්දා කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි. කොන්ද කෙලින් තියාගෙන යුද්ධ කරපු නායකයෝ යුද්දේ නිම වෙලා වසර ගණනක් පසු උනත් අබාධිත රණ විරුවන්ට සලකලා තියන විදිහ රුපවාහිනී හා පුවත්පත් බැලුවානම්, දකින්න ඇතිනේ. (බ)
මගේ ඔලුවට ආවේ මඤ්ඤොක්කා සමග බීම කියන කොට ගහේ බඩු. (අ)
මඤ්ඤෙක්ක එක්ක ගල් හරි කසිප්පු හරි බිව්වම වදිනවා කරටිය කැඩෙන්න. ඒ පිටට වැස්සේ තෙමෙන කොට ආතල් එක නියමයි. හැමදාම පාද යාත්‍රා තියෙනවා නම් කෙතරම් අපූරුද? (අ)
බුරුවො මොනවා කීවත් තවලම එදිරියට යනවා (අ)
හොඳට බලන්න දෙපස බලන්න ඉන්න කට්ටිය නිසයි පෙළපාලිය පළලට පේන්නේ ගමනේ යන කට්ටිය හුඟක් අඩුයි. (අ)
නිම්මිගේ කුස්සියේ කතා අහලම එපාවෙලා. රට බෙර දුන්නේ දුප්පත් අම්මලාගේ එඩිතර රණවිරු පුත්තු. විලන්ගුවෙන් මිදෙන්න. මේ ගොල්ලෝ සේරටම බරපතල අපරාධ නඩු කෝටියක් තියෙනව (අ)
පා ගමන අතිශය සාර්ථක බව ඇස පෙනෙන ඕනේ කෙනෙක් පිළිගන්නවා. ආණ්ඩුව දැන්වත් හිතුවක්කාර කම අතහැර තමන් ජනතාවට දීපු පොරොන්දු ඉටු කළ යුතුයි. ජීවත්වීම හිටියට වඩා ගොඩක් අමාරු බව ආණ්ඩුවේ ලොක්කන්ට පෙනෙන්නේ නැද්ද? (බ)
දැන් මේ ඔක්කොම පෙළපාලි කරුවෝ අසනීප නිවාඩු දාලද පෙළපාලියට ඇවිත් ඉන්නේ (බ)
අනේ පද්මිණි ඔය ගිහින් ඉතින් නඩු අහන්නකො. ඒ දවස් වලනම් කිව්වේ රණවිරු පුත්තු කිලිනිච්චියේ කියල මැදවච්චියේ යනවා කියල. නඩු නම් ඔය ඕනේ තරම් යහපාලානේ අයටත් තියෙන්නේ. එක්කෙනෙක් ඉන්නව නඩු 17 තියන. ඔය පොඩ්ඩක් හොයල බලන්න එයාව උසාවි ගෙන්න . අනේ නොදන්නා දේවල් කතා නොකර ඉන්න අනේ රටට වැඩක් කරපු මිනිස්සුන්ට අපහස නොකර. දැන් ඔය රටම මහා පාරේ ඉන්නේ. (අ)
දෙපැත්ත බෙදිලා මේ කරන විකාර වල ප්‍රතිපලය රට විනාශ වීමයි. (ර)
මේක තවත් බොළඳ වෑයමක්. (ර)
මට ඇතිවන්නේ මොහාන් ගැන අනුකම්පාවක්... (ර)
දන්සල් දෙන්න ඕනි නැති බැරි උදවියට. (ර)
අපි ඔබ සමග... (ර)
ඒකාබද්ද විපක්ෂය ඇත්තෙන්ම සිතා බැලුවොත් හොදයි කියල හිතෙනවා සත්‍ය ජනතා මතය ගැන. (ර)
ප්‍රියාන්, මොහාන් ගැන අනුකම්පාවක් ඇතිවීම එක අතකට සාධාරණයි. අර පෙළපාලියේ පැණි කොමඩු රස බලමින් යන අයත් තමන්ගේ මොලේ හැටියටනේ ඉතින් වැඩ පෙන්වන්නේ? එහෙම බැලුවාම එකේ වරදකුත් නැහැ. අඩු දුරක් පයින් ගොස් වැඩි දුරක් ප්‍රාඩෝ එකෙන් යන මහත්තුරුන්ට ජය වේවා! (ර)
ජය වේවා.! (ර)
නායකයෝ රෑ ගත කරන්නේ හෝටල්වලලු. මේ පස්සෙන් එන මිනිස්සු ඉටිරෙදි එලාගෙන තැන් තැන්වල නිදි. කාගෙද මේ බලවේගේ.... (ර)
මොනවා කලත් රට්බෙරගත්ත නායකයට ජයවේවා.! (ර)
මෝඩ වැඩක්. (ර)
කුමන පක්ෂයකට අයත් වුණත් මට මේ මිනිසුන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි.ලොකු ලොක්කන් අඩි දහයක් පා ගමනින් ගොස් ප්‍රාඩෝ වල සීතල සුලන් මැද අත් වනමින් යනවිට මේ අහිංසකයන් එදා වේල පාඩු කරගෙන, සරමක් ෂොපින් බැග් එකක කිහිල්ලේ ගසාගෙන ජයවේවා කියමින් කට්ට අව් කූටකේ පා ගමන් යනවා (ම)
රට බේරාගත් වීර නායකයාණෙනි මේසියලු දෙනා සියලු දෙවල් කරන්නේ ඔබතුමා රටබෙරාදුන් නිසයි .අදසියලුදෙනාට එය අමතකවී ඇත. අපි ඔබ සමගයි ජාතියේ විරයාණෙනි ඔබට ජයෙන් ජය අත්වේවා තෙරුවන්සරණයි. (ර)
ඇත්ත දකින මොහාන් ගැන අනුකම්පා කරන "ප්‍රියාන්" මහතාගේ ප්‍රකාශය ගැන සතුටු විය නොහැකිය. (ර)
ජය වේවා අපි ඔබ සමගයි. (ර)
කාලෝචිත වැඩක් සුබ පතමි.! (ර)
තවමත් කෙලෙහි ගුණ දත් එඩිතර මිනිසුන් සිටීම ජාතියේ වාසනාවක්, දුක සැප අව්ව වැස්ස රෙදි කැබලි ඒවා ඉන් ඇති වැඩක් නැත, මෙවන් මිනිසුන්ගේ අගය කියා නිම කල නොහැක. (ර)
මහින්ද මහතා තමයි අපේ රට බේරගන්ඩ ඉන්න එකම මිනිසා. ඔහුව ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමයි. (ර)
අර මඤ්ඤොක්කා සමග දුන් බීම වර්ගය මොකක්ද කියල දන්නා කෙනෙක් කියනවද? ලෝකල් එකද? හොඳ එකද? රට එකද? තනතුරු තානාන්තර නොබාලා කවුරුත් එකම බීම වර්ගය පානය කරන රටක් තමයි අපිත් මේ බලාපොරොත්තු වෙන්නේ? (අ)
අරළු කුඩු සමග හොඳ තේ පන් සංග්‍රහයක් දෙන්න කට්ටියට ඇගෙ පතේ වේදනාවට ,ලොක්කෝ පැජරෝ වල ගමන් , සි ටි බි බස් ටිකක් ඉල්ලලා බැලුවේ නැතිද ජනතාව වෙනුවෙන් පුදුම ආදරයක් දැන්නම් තියෙන්නේ ඉස්සර රජ්ජුරුවෝ පස්සෙන් ජනතාව දැන් එකේ අනිත් පැත්ත (අ)
පට්ට හොරුන්ව පිළිගන්නේ මෙහෙම ද (අ)