ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද (28) පෙරවරු 10.30ට පේරාදෙණියෙන් ආරම්භ කැරිණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගැටඹේ පන්සලේ ආගමික වතාවත් වලින් පසුව පෙළපාළියට සහභාගී විම සඳහා ගියේය. මේ අතර පෙළපාළිකරුවන් පිරිසක් පාරේ ගිය ගිලන් රියකට පහර දෙන්නට ගත් උත්සහයක් ද වාර්තා විය. උද්ඝෝෂකයන් කියා සිටියේ එම ගිලන් රියේ රෝගියකු නොසිටි බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ පන්සලේ වතාවත් කිරිමෙන් පසු පාද යාත්‍රාවට සහභාගී විමට පිටත්ව ගියේය.
අද පෙරවරු 11 පමණ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව කිරිබත්කුඹුරට පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් පයින් ගමන් කළහ. පාරේ දැඩි වාහන තදබදයක් පවති.
(ඡායාරූපය චමිල් රූපසිංහ)
ජායාරූප - ශිරාේමි මොරගොඩ
විඩියෝ - සෙනරත් බණ්ඩාර
(ඡායාරූප චමිල් රූපසිංහ)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අපිත් මේ බලාගෙනයි ඉන්නේ (නි)
පෙරටම යාමට ශක්තිය ලැබේවා.! (ර)
ජයවේවා. මෙය සාර්ථක වේවා.! (ර)
අනේ හේවා සරත්, අං කියන ඒවා තියෙන්නේ ඔලුවේ. අතගාලා බලන්න (නි)
අශාන්, අපේ රටේ මිනිසුන්ට කළගුණත් අමතකවෙන එකේ ඕවා එතරම් දේවල් නොවේ (නි)
පාද යාත්‍රා කට්ටිය ලෙඩෙක් නැහැ කියලා ගිලන් රථයකට පහර දීලා නේද. හදිසි ලෙඩෙක් ගන්න යනකොට ගිලන් රථය යන්නේ හිස්ව කියා තේරුම්ගන්න බැරි කට්ටිය පාද යාත්‍රාව යන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරිද? (නි)
මැතිඳුනි, ඉදිරියටම යන්න. ඔබට ජය සිකුරුයි. පාද යාත්‍රාවට සහභාගිවෙන හැම දෙනාටම තෙරුවන් සරණයි! (නි)
පාරවල් අවහිර කරලා මොනවද මේ කරන වැඩ? (නි)
ජය ශ්‍රී! (ර)
අපේ රටේ මිනිස්සුන්ට දූෂිතයන් තේරුම් ගන්න බැරි හැටි. (අ)
මැතිදුනි, ඔබට දළදා සමිදු පිහිටයි....! (ර)
ජය වේවා! (නි)
ජයෙන් ජයම වේවා! (නි)
මේ සද්ක්‍රියාවට ඔබතුමාට අනේකවිධ බාධා පැමිණීම අනිවාර්යයි. දැනටමත් ප්‍රධාන නගර දෙකකටම ඇතුළුවීම වාරණය කර තිබෙනවා. නීතිය ඇත්තවුන් ජනතා හඬ පෙළා දැමීමට උත්සහ කළත්, තිස් වසරක ශාපලත් යුද්ධය නිමකිරීමට ශක්තිය තිබු ඔබතුමාට මෙම අභියෝගයද ජය ගැනීමට ශක්තිය ලැබේවා!!!! (නි)
දුෂිත, රට අරාජික කළ පාලකයන් පළවා හැරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)
පාද යාත්‍රාව විශාල කලබගෑනියක් විදියටයි පෙනෙන්නේ. (නි)
ආණ්ඩු පක්ෂයේ දැඩි මර්දනකාරී රාමුව තුළ රටට අහිතකර තීන්දු තීරණ ගණනාවක් ගන්න හදන කාලෙක රටේ විපක්‍ෂය මෙහෙම දෙයක් කරන එක හොඳයි. (නි)
ජයවේවා ඔබ සැමට! (නි)
රෝගියකු නොසිටීම ගිලන් රථයකට පහරදීමට හේතුවක්ද? (නි)
මේ නව ගමනක අැරඹුමයි. ජය වේවා! (නි)
මෙයාලට තියෙන්නේ චණ්ඩි උණ. ඒ නිසා වෙන්න ඕනෑ ගිලන් රථයටත් පහර දෙන්න ගියේ. හොඳ හෝටලයකින් කාපු දවසට ඔය උණ නිකන්ම බහීවි (නි)
සුබ ගමන්! අවසානය දක්වා නොනවත්වා යන්න මොන බාධක ආවත්. ඉදිරියේ බාධක තියෙන්න ඉඩ තිබෙනවා (නි)
රට කන සටන! (නි)
ජයවේවා! (නි)