කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් අද පෙරවරු 10.30ට පමණ ඇරැඹි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වනට පෑලියගොඩ ගුවන් පාලම පසුකරමින් සිටියි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිරිබත්ගොඩ සිට කිලෝමීටරයක් පමණ දුරක් පාගමනින් පැමිණි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණවීර, ලොහාන් රත්වත්තේ, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටිති.
පාද යාත්‍රාව කොළඹට පැමිණ බොරැල්ල කැම්බල් පිටියට හෝ ගාලුමුවදොර පිටියට යෑමට නියමිතව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි කියයි.
පාද යාත්‍රාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා ඇත.
ඡායාරූප - තරිඳු ජයවර්ධන
ඡායාරූප - ලහිරු හර්ෂණ











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සැමදා මහින්ද සමගයි (හේ)
හොරු වෙනුවෙන් හොරු ! (හේ)
ජය වේවා..(හේ)
කොටි මරබිය නැතිකළ ඔබ සමඟයි මැතිඳුනි අප සැමදා! (නි)
ඉදිරියටම එන්න.(හේ)
අනේ පව් කකුල්වල් දියපට්ටා විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. (ර)
ඔබ සැමට ජය වේවා අපි සැමදා අපේ ජනපති මහින්ද මැතිදුන් සමගයි. (ර)
කියන ව්දියටම ලක්ෂ 10 කට වඩා ඉන්න බව පේනවා ( හැබැයි ගෙවල්වල ) (ර)
රටට සේවය කරන කිසිම ඇමති කෙනෙක් නැහැ,අද ඉන්නේ තමන්ගේ බඩ පුරවගන්න රාජකීය ඇමති මණ්ඩලයක්.(හේ)
ජයෙන් ජයම වේවා!!!! (හේ)
මට නම් හිනා යන්නේ මේ ජයවේවා කියන කට්ටියට තමයි.(හේ)
ජය වේවා.(රේ)
හොරු හැමදාම ඔබ සමගයි.(හේ)
බැලු බැල්මටනම් නිකම්ම නිකම් සෙල්ෆි යාත්‍රාවක් වගෙයි. (ර)
ජය වේවා...අපි හැමදාම ඔබලා සමගයි(රේ)
හිනා.. හිනා.. හිනා.. වෙන්න හිනා... කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා(රේ)
හොරුන්ටත්... හොරකම් අහිමි වූ අයටත්....නැවත හොරකම් කරන්නට බලය ඉල්ලන සැමටත්.... ජය වේවා! (හේ)
පක්ෂයේ ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත්කරලා වැඩකරන ජනතාව නිකන් පාරේ රස්තියාදු කරන්න එපා (රේ)
ජය වේවා..(රේ)
නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු රැසක් රජයේ ඇමැතිවරු විදියට මහජන සේවය කරනවා. තවත් පිරිසක් පාර දිගට මිනිස්සු හිනස්සනවා (බ)
පාද යාත්‍රා වාහනෙන්,,,,,.(රේ)
ජය වේවා...අපි හැමදාම ඔබලා සමගයි. (බ)