පාද යාත්රාකරුවෝ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී හූ කියන්නට වූහ.
ඔවුන් හූ කියද්දී ශ්‍රීලනිප අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් ගමන් කළේය.
‘සිරිසේනගේ ආප්ප කඩේ - ඩාලි පාරේ ආප්ප කඩේ‘ යනුවෙන් පෙළපාළිකරුවන් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් යද්දී අවලාද නැගූහ. මහින්ද රාජපක්ෂ මහතා නිහඬව ගමන් කරනු දක්නට ලැබිණි.
ජායාරූප - තරිඳු ජයවර්ධන









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නියම නායකයා ලෙස යුද්දේ දිනාගන්න අනදීලා අපේ හමුදා සහෝදර සහෝදරියන්ගේ ජීවිත ඇස් කන් ලේ පුජාකොට අපට අද ලබාදුන් මේ නිදහසේ ගෞරවය තබාගෙන පසෙකට වී හිටියා නම් දරපු තනතුරේ ගෞරවයත් පවුලේ ගෞරවයත් රැකගෙන හොඳ මානසික හා ශාරීරික සුවයෙන් බණක් දහමක් අහගෙන ඉන්න තිබුන අවස්ථාව නැතිකරගත්තා තණ්හාව ජායති ශෝකෝ දැන් ඉතින් වටේ ඉන්න අයගේ පිහිට පමණි පව් (අ)
මේක කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය වෙන්නේ? මේක යු එන් පි එකේ උප ශාකාවක් කියලයි අපි නම් හිතන්නේ (නි)
සමන්, මේ මිනිස්සු පක්ෂෙන් පැන්නුවහම තමන්ගේ යූඑන්පි එක අවුරුදු 17 රට කළා වගේ අායෙත් කළහැකිනේ. අනේ මගේ කට! (නි)
හූ කියලා නැවතුන එක ගැන අපි සතුටුවෙනවා (නි)
හු නොකියා ඉඳීද? ගම්වල මිනිස්සු යු න් පි, ශ්‍රී ලංකා කියලා බෙදිලා ඡන්ද කාලේදී, ගෙවල් ගිනි තියාගන්නවා. මෙතන හෑල්ලු වෙලා ඉන්නේ ශ්‍රීලංකා කාරයෝ මිසක් යුඑන්පි අය නෙමෙයි. (නි)
ඉන්න සෙනඟ දැකලා පොඩි අඩුවක් ලොකු කර පෙන්නුවාම හිතට සතුටු තමයි. එ්ත් අාප්ප කඩේට හූ නොකියන්නේ යුඑන්පී අය විතරයි. (නි)
කිරිබත්ගොඩින් තණකොළ කාලා ආ කට්ටිය ඩාර්ලි පාරට එනකොට හිවල්ලු වෙලා. අපට නම් පුදුමයක් නොවෙයි. මේ අන්තිම හූවයි (නි)
මේ වැඩේ නම් අප්‍රසන්නයි. මේ වගේ අය හින්දා තමා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. හිටපු රජතුමා ඔතන අද හිටියා නම් හූ කියපු නරි ටිකට මේ වෙනකොට මොනවා වෙයිද. මම ඔය ප්‍රධාන පක්ෂ දෙකටම අයිති නැහැ. එ්ත් මේවා දැක්කහම ලැජ්ජයි. (නි)
හොඳයි ඉතින් රටේ තියෙන්නේ යහපාලනයක් නිසා (නි)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි ඒකයි ඒ. (අ)
මේකට හූ කිව්වට කෑ ගහන අයට මම ආරාදනා කරනවා වික්ටර් අයිවන්ගේ "චෞර රැජින " පොත කියවන්න .ඩාර්ලි පාරට බෝම්බ ගහන්න ගිය යහ පාලන බවලතෙක් ගැනත් එකේ තියෙනවා . පස්සේ කාලේ ලොකුම තනතුරකටත් ආවා . ටිකිරි බණ්ඩා ඉපදුනේ 2009 වෙන්න ඕනේ ,මොකද උතුරෙන් දකුණට මිනි කදු එන එක නවත්වපු නිදහසේ හුස්ම ගන්න ඉඩ දීපු මනුස්සයාට , රට විනාශ කලා කියල කියන්න තරම් සැහැසි වෙන්න , ඒ කාලේ ජීවත් වූ මිනිහෙකුට බැරි නිසා .
කිරිබත්ගොඩ හරක් ටික තණකොළ කෑවට රටේ අනික් මිනිස්සු තණකොළ කන්නේ නැහැ උපුල් (නි)
ඒ අය හු කිව්වේ පක්ෂයටවත්, ගොඩනැගිල්ලටවත් නොවෙයි කියන එක හිතා ගන්න. ඔතෙනට රිංගල ඉන්න එවුන්ට ඇහෙන්ඩයි හු කිව්වේ , අපි ඉන්නවා කියල. තව ටිකදවසකින් ඔතන පිටකෝට්ටේ තියන එකේ උප කාර්යාලය පිහිටුවාවී. ඇත්තටම ඔය ගොඩනැගිල්ලේ ඉන්නවද එක පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්? උන්නාන්ම් ඒ ජනරැලියට එයා එකතුවෙනවා ඔතනින්. ඒ නැති නිසා ඇස් ඇර බලන්නයි හු කිව්වේ. (අ)
ඒ කාලේ අප්පා ආප්ප කඩ දැම්මේ ටෙම්පෙල් ට්‍රීස් එකේ බව මලයට අමතක වුණේ උන විකරෙන්ද (අ)
හූ කීම කෙසේවත් අනුමත නොකරමි. එ්ත් ඔය ස්ථානය දැන් සිරිකොතේ ශාඛාවක් වගේ වෙලානේ තියෙන්නේ (නි)
ඒ හූවට නියමෙට ගැළපෙන ඩාන්ස් එකක් යු ටියුබ් එකේ අපි දැක්කා. (නි)
දැන් පේනවනේ කට්ටියගේ හැදියාව. ඒ නිසා ඡන්දෙදි මිනිස්සු පිරිසිදු පක්ෂයකට ඡන්දය දෙයි (නි)
කමල් යු අන් පිය ට නේ හු කියල තියෙන්නේ .(රේ)
කමල්.ඔබගේ අදහස 100% සත්‍යයි.එත් මේ හු කියන්නේ හොරුන්ට විරුද්දව පරීක්ෂණ කරන්න එපා කියලනේ..(රේ)
සිරිකොතට ගල් ගහපු එකේ ඵල විපාක..(රේ)
ගිලන් රථයට හිරිහැර කරන්න තරම් නුගත් මිනිසුන් රැසක් . කාලය කා\nදමන පිරිසක්. හූ කීම කරන්නේ වනාරින් විපතක් සිදු උනහම..(රේ)
උඩ බලාගෙන කෙළ ගහනවා කියන්නේ ඕවට නේද ?.(රේ)
අලි කොටි ගිවිසුම කියල රූපවාහියේ පෙන්නලා ත්රස්තයන්ට සල්ලි දීපු කට්ටිය මේ. හොදම දේශප්‍රේමීයෝ කට්ටිය තමයි මේ. (බ)
ශ්‍රීලනිප ය කියන්නේ ඔය කියන කන්තෝරුව නෙමෙයි (නි)
ලංකාවේ දේශපාලනය බල්ලට ගිහිල්ල. මේවට සල්ලි වියදම් කරන්නේ බලයට ඇවිත් කරපු හොරකම් වල නඩු ටික වහල දාන්න හිතාගෙන වෙන්න ඇති. ජේවීපී එක ඉන්නකම් ඕවට ඉඩනැති බව විතරක් මතක තියා ගන්න. (බ)
දැන් මහින්ද දිවුරුම් දෙන්නේ කවද්ද දන්නේ නැහැ? (බ)
මොවුන්ගෙන් මෙයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. (බ)
හූව ඉතින් අපේ ජාතික ගීය නේ (බ)
දෙගොල්ලොම එකයි (බ)
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ (බ)
පව් මේ ගොල්ලෝ විමල් උදය ගම්මන්පිල වගේ අය නිසා තමන්ගේ මහගෙදරට හු කියනවා . දැන් මේ ගොල්ලෝ මෙහෙයවන්නේ ඔය දෙන්න තමයි. කොපමණ හු කිව්වත් ආණ්ඩු පෙරලන්න තියා හිතන්නවත් මේ අයට හිතන්නවත් බැහැ (ම)
මොඋන්ගේ එකම බලාපොරොත්තුව රට අස්ථාවර බව ලෝකයට පෙන්වා රටට ආයෝජකයෝ, ආධාර එනෙක නවත්වා රට බංකොලොත් කර බලය ලබා ගැනීම. ආණ්ඩුවක් ඡන්දයකින් පත්වෙලා වසරක් යාමට පෙර මෙවැනි දේවල් කරන මිනුසුන් පසුපස යන තමන්ගේ වල තමන්ම කපාගන්න මිනිසුන් ඉන්නවා (ම)
අම්මෝ කට්ටිය මෛත්‍රීට තියෙන ආදරේ. මුලින්ම ඔය ශ්‍රී ලංකා එකට කොඩිවින කළේ කවුද කියලා අමතක වෙලා (බ)
ඕව ට කලබල විය යුතු නැත. මහින්ද මහතා ට බලය නැතුව සිටිය නොහැකි බවයි ඕවයන් පෙනෙන්නේ..(රේ)
හූ කියලා නැවතුනා ඇති. (නි)
ශ්‍රී ලංකා අය හූ කිව්වට මොකද. යූඑන්පී අය මහගෙදර සිරිකොතට ගල් පවා ගැහුවේ (නි)
දැන් ඉතින් ශ්රීලනිපය පාලනය කරන්නේ කවුද කියලා අපි දන්නවනේ (නි)
ඇත්තටම ඔය අන්තිම හූව නොවෙයි. ඔය ආරම්භක හූවයි. පාද යාත්‍රාවේ ආ අය දන්නවා හූව අහන්න ඕනෑ අය ඔතන නැති බව. එ්ත් ඒ අයට දැනගන්නයි හූ කිව්වේ. කිරිබත්ගොඩින් කන්න ලැබුනේ කිරිබත්. තණකොළ තිබුනේ ඒවා එල්ලපු අයට, දැන් කන්න තියෙන්නේ මේවා තමා කියලා පෙන්නන්නයි. (නි)
සත්‍ය අදහස ගැන දිලිප් වික්‍රමරත්නට ස්තුතිවන්ත වෙමි. (නි)
පරණ පාලකයෝ හරිම ලැජ්ජයි (නි)
ඊර්ෂ්‍යාවේ හා කුහකකමේ පියා ලෙස හැඳින්විය හැක්කේ කවුද කියා දැන්නම් හොඳටම පැහැදිලියි (නි)
ලෙඩ්ඩු නැති ගිලන් රථ එව්වා. කඳු, ගංවතුර, අවි ගබඩා පිපුරුනා. පැත්ත පළාතෙවත් ගියේ නැහැ. නමුත් මේක කඩාකප්පල් කරන්න ගියා මාවනැල්ලේ. හු කියලා මදි රටට කරන මේ අපරාධයට. ඉන්දියාවට රට පාවාදෙනවා. රණවිරුවෝ හිරගෙදර. සිංහල රටේ සිංහලකම නැති කරනවා. තවත් මොනවද මේ හොල්මන් පාලනේ? (නි)
දැන් එතන ආප්ප කඩයක්ද? කලින් තිබුනේ සැලුන් එකක් වගේ මට මතක. වැඩි වෙනසක් නැහැ. තාමත් ඕනෑ කෙනෙකුට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. ඒ කාලේ කොණ්ඩේ කපාගෙන යනවා. දැන් ආප්ප කාලා යනවා. (නි)
ජයවේවා අපේ පාගමනට! (නි)
මේවා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා තීරණ ගන්නකෝ. බලය මුදල් කෑදරකම හිතට දැනිලා දිවි ගෙවනවා මහපාරේම පයින් අැවිදලා (නි)
මහින්ද හිතාගෙන ඉන්නේ මහින්දට මිනිස්සු හරි ආදරෙයි කියලා. පැරදිලා ගෙදර ගිය හැටි මතක නැතුව ඇති. රටේ හිටපු ජනපතිලු මුළු ලංකාවටම. ලැජ්ජයි හැසිරෙන විදිය. (නි)
මෙන්න නියම ශ්රීලනිපකාරයෝ!
හූ කියලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට නිසා මොවුන්ගේ මොළේ තරම මුළු රටම දැක්කනේ (නි)
ඉතින් නරි, හූ කියනවා හැර වෙන මොනවා කරන්නද? (නි)
තමන් කාපු පතේ පහරනවා කියන්නේ ඕකට තමයි. උඩ බලාගෙන කෙළගැහුවා වගේ තමයි. අන්තිම ලැජ්ජයි. (නි)
මේ කට්ටිය ඇවිදින්නේ බලය අරගෙන ජනතවට සේවය කරන්නද, නැත්නම් දැනට කෙරෙන වංචා දුෂණ නවත්වන්නද, නැත්නම් නැවත ඇවිත් කලින් වගේ දුෂණ, වංචා නවත්වපු තැනින් පටන් ගන්නද? (නි)
අපි හිතුවේ 2009 වෙනකන් තිබුන යුධ වියදම නිසා සංවර්ධනයට බාධාවුණා කියලා. නමුත් දැන් පෙනෙන විදියට ඉන්පසුව වැඩියම බාධාවෙලා තියෙන්නේ රටේ ජනතාවගේ මෝඩකම නිසා (නි)
ශාන්, කොහොමද ඒක දන්නේ? (නි)
හූ කිව්වට මහ ගෙදර බිම දමන්න බැහැනේ. (නි)
ජනාධිපතිතුමනි, දැන්වත් මේ මිනිසුන් පක්ෂයෙන් පන්නන්න. ඡන්දයකට ගියාම තමයි දැනගන්න වෙන්නේ (නි)
ඇයි ශාන් එහෙම කියන්නේ? මොකුත් කරන්න බලපොරොත්තුවක්වත් තියනවද? ඕක අන්තිම එක නොවෙයි, මතක තියාගන්න ඕක පළමුවන එක කියලා. (නි)
මහජනතාව ඔබතුමාට හූ කියලා එළවාගෙන දැන් අවුරුදු එකහමාරක් වෙනවා (නි)
මෙයාලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසළින් හෝ යන අවසාන අවස්ථාව. (නි)
අපිට සන්තෝෂේ බැහැ. හූ.... හුරේ! (නි)
අලුත් පක්ෂයක් හැදෙන බවයි එ්කෙන් පෙනෙන්නේ. (නි)
ශ්‍රිලනිප රැක ගැනීමට යන පද යාත්‍රාව මෙසේ ශ්‍රිලනිප පක්ෂ කාර්යාලයට හු කීම ගැන මම කුමක් කියන්නද ?(හේ)
කන්න දීපු ඇත හපා කන එක පුදුමයක් නෙමෙයිනේ.(හේ)
හු කියපල්ලා මේ කියන අන්තිම හූව (හේ)
අහවලා සිරිකොතට හූ කිවුවා. මහින්දත් එ්කම කළා. නායකයෙකුට වෙච්ච දෙයක්! (නි)
අද මේ විදියට හු කියමින්. නටන්න. දුන්නේ මෛත්‍රී ජනපතිගේ කරුණාව නිසා. අනිත් එක්කෙනා ඉන්නෙම පන්සලේ. කරන්නෙම නොහොබිනා. දේවල්. (බ)
අනුන්න්ගේ කුණු හොයන සිරිකොත ඉස්සරහා පෙට්‍රල් වක් කරගෙන පාක්ෂියයෙක් ගිනි තියාගෙන මැරෙන කොට කොහෙද හිටියේ ??/.(රේ)
හූ කියන්න ඕනේ රටම විනාශ කරපු අයට තවමත් නිදැල්ලේ ඉන්න ඉඩ තියපු එකටයි. නිතිය ක්‍රියාත්මක නොකරපු එක ගැනයි. (බ)
හුසේන් ගේ දෙවියන්ගෙන් අාපහු පොඩ්ඩක් අැහුවනම් හරි කවුද කන්න දීපු අත හපා කාල යු එන් පි රනිල්ට හේත්තු වුනේ? (බ)
ගම් වල ඉන්න බේබදු පුතාලත් කටගොන්නක් බීගෙන මහගෙදරට හූ කියනවා තමන්ට පංගුව හරියට දුන්නෙ නෑ කියලා. (බ)
අන්තීමට මේ අයට ඉතුරු වෙන්නේ දියපට්ටා විතරයි.(හේ)
මහගෙදර උන්ට පිටකෝට්ටේ උන් ලොකුවෙලා. හූ කියන්න නොවෙයි ගල් ගහන්නයි වටින්නේ. (බ)
ඕක පුදුමයක් නෙමෙයි මහින්ද මහත්තයා එක්ක ඉන්නේ පක්ෂේ හරය මොකද්ද කියලා දන්නා කට්ටියක් නෙමෙයි (හේ)
හු කියලා මදි දැන්.(හේ)
හිටපු ජනාධිපති ළඟ තියාගෙන කරපු වැඩේ අපිට අනුමත කරන්න කොහොමත් බැහැ .අම්මා තාත්තට කිව්වා වගේ නේද .(හේ)
ආප්ප කඩේකින් ජනාධිපති කෙනෙක් වී ආප්ප කඩේට දෙන ගෞරවය කොතරම් අගේද? ජනතාවගේ මුදල් වලට ලැබුනෙත් මෙම ගෞරවයමය.(හේ)
හූ කියලා මදි.... (නි)
අපේ සටනට සුබ පැතු සියල්ලටම ස්තුතියි (බ)
හුව තරයි ඉතුරු වුනේ අදින් පස්සේ එ්කත් ඉවරයි. කට්ටිය බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියා (බ)
එක්තරා සිව්පාවුන් වර්ගයකට රජකම ලැබුණත් ඔය භාෂාව වෙනස් වෙන්නෙ නැහැ කියලා කතාවක් තියෙනවා නේද ? ඒක යථාර්ථයක් වුනා එහෙනම්. (බ)
ඇයි මේ හූ කියන්නේ තමන්ගේ මහ ගෙදරට.(හේ)
මේ කරපු දේ නම් හරි නෑ නේද?(හේ)
උඹල හු කිවේ උම්බ්ලට දේසපාලනේ අයන්න කියල දීපු උඹලව අද ඉන්න ඉන්න තැනට ගෙනාපු බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට කියල මතක තියාගනිල්ලා බඩ ගෝස්තරවාදී අවස්ථාවාදී අසත්පුරුෂයිනේ .(රේ)
මට නම් හිතෙන්නේ සිංහයෝ කියලා හිතාගෙන නාද කරන්න ඇති. හැබැයි අපිට නම් ඇහුනේ නරි හූව...(රේ)
හුසේන්, කන්න දීපු අත හපා කැවෙ ආප්ප කාලා පාවල දුන්නු කෙනානෙ..(රේ)
මේ වගේ අය කොහොමද රටක් ජාතියක් ගැන කතාකරන්නේ? (නි)