ඌව හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ද අද (31) නිට්ටඹුවේදී ජන සටන පාද යාත්‍රාවට එක්විය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අද පාද යාත්‍රාවට පැමිණි බවක් දක්නට නොලැබිණි. සෙනසුරාදා ද ඔහු සහභාගි වූයේ නැත.
අද නිට්ටඹුවෙන් පෙරවරු 10.10ට පමණ පාද යාත්‍රාව අරඹමින් මහින්ද පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූයේ පාද යාත්‍රාව නතර කිරීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බවත් පොලිස්පති කෙලින් වැඩ කරන බව කියනවානම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ලෙසයි.
‘රජය අපට කොතරම් බිය වෙලාද කියනවානම් කොළඹ යුනියන් පෙදෙසේ පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) රජයේ වියදමින් වළවල් හාරනවා‘ යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාද යාත්‍රාව අවසානයේ පවත්වන රැලිය සඳහා මෙම පිටිය වෙන් කර ගත් බවද ඔහු කීවේය. මේ වන විට පාද යාත්‍රාව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ආසන්නය ළඟා වෙමින් පවතී.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාද යාත්‍රාව සිව්වැනි දිනටත් ඇරැඹෙයි : හොරගොල්ලටත් ළංවෙයි
ජනක Sunday, 31 July 2016 05:28 AM
බයවෙන්න දෙයක් නැහැ. එයාලටම තේරෙන්න අරින එක හොඳයි (නි)
රජිත් මංජුල Sunday, 31 July 2016 05:35 AM
බය කව්ද කියලා අපිට තේරෙනවා (නි)
රොහාන් Sunday, 31 July 2016 05:47 AM
ආණ්ඩුව ඔයාලා වගේ හොරුන්ට බය නැහැ. සටන්පාඨ කියමින් යන ඔයාලට පුලුවන්ද ආණ්ඩුවක් පෙරළන්න? (නි)
නිරේෂ් Sunday, 31 July 2016 06:16 AM
අැයි මේ අපේ අප්පච්චි නැත්තේ? මේ ටිකේම ඇවිදලා දියපට්ට ඇවිල්ලද? අනේ පව්! (නි)
අප්පුහාමි Sunday, 31 July 2016 06:40 AM
ජයවේවා අපි හෙට කොළඹදී ඔබ සමගයි
චන්ද්‍රා Sunday, 31 July 2016 07:20 AM
යහපත් පුරවැසියන්ට පින් සිතුවිලි තියෙන්ඩ ඕන. යම් කෙනෙක් පව් කළොත් ඒ පව් ඔහු පිටුපස ලුහු බදින්නේ ගොනා බැදී කරත්තේ වගේ. සල්ලි දීල බේරෙන්ඩ ලැබෙන්නේ නැහැ. (බ)
රුවන් Sunday, 31 July 2016 07:16 AM
ඒකනේ නාමල් ඉන්න සෙනග කන්දරාව දෑක්කම බය වෙනවා නේන්නම් (බ)
ශාන් සෞදි Sunday, 31 July 2016 07:51 AM
මොකට බය වෙන්නද ජනතාව එලවපු නායකයෝ තවත් රැලක් එක්ක පාරේ ගීයාට බයවෙලා ඉන්නේ ආණ්ඩුව නොවේ (බ)
අසාද් Sunday, 31 July 2016 08:12 AM
රජය බය වෙලාද නාමල් බේබි බය වෙලාද කියල තමයි තේරෙන් නැත්තේ. ආණ්ඩුවට විරුද්ධ යන මෙවැනි පාදයාත්‍රා වලට කදුළු ගෑස් වෙඩි උණ්ඩ නැත්තේ මේ ආණ්ඩුවෙන් විතරයි.මෙව්වා දැකල හරි ජනතා මතයට රජය කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක ඔය පාලකයන්ට තේරුනොත් ඇති.(බ)
බණ්ඩා Sunday, 31 July 2016 08:40 AM
නාමල් බේබි හොදටම බයවෙලා වගේ (බ)
සුමිත්‍රා බස්නායක Sunday, 31 July 2016 08:58 AM
කදුළු ගෑස් ගහන්නේ කොහොමද .....යහපාලනයට ජන්දය දීපු අයත් මෙතන ඉන්නවනේ. (බ)
මුණසිංහ Sunday, 31 July 2016 09:17 AM
ආණ්ඩුව කරන වැඩ වලින් පෙන්නේ ආණ්ඩුව බයවෙලා කියන එක තමා. රූපවහිනිඑ අයිටීඑන් එකේ 90% කම පාද යාත්‍රාවට බනිනවා.සිරස සුපුරුදු පරිදි මඩ ගහනවා.මේ හැම එකකින්ම වෙන්නේ පොදු විපක්ෂේ වටා එකතුවෙන පිරිස වැඩි වෙන එක බව ආණ්ඩුවට නොතේරෙනවා වෙන්න බැහැ. ඊළඟ ඡන්දෙ එනකම් ආණ්ඩුව දොඩවා ඉදීවි. (බ)
අංගොඩ ලාල් Sunday, 31 July 2016 09:48 AM
පාද යාත්‍රාවක් කියා ගත්ත මේ විරෝධතා ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙන බව තමයි පෙන්න තියෙන්නේ . ලක්ෂ ගණනින් ජනතාව එනවා කිව්වට 1000 ක් 2000 ක් අතර ප්‍රමාණයක් තමයි ඉන්නේ . කෝ මේ ඒකාබද්ධ විපක්ෂයේ කියන කණ්ඩායමේ ලොක්කෝ මේකේ යනවා පේන්නත් නැහැ . එයාල පාද යාත්‍රාවට පිටිපස්සෙන් රථ යාත්‍රාවක එනවද ? එහෙම නැතිනම් ලෙඩ නිවාඩු දාලද ? (අ)
බාලසූරිය Sunday, 31 July 2016 11:35 AM
කලින් මේ කට්ටිය හරියට ආණ්ඩුව කළානම් හොර බොරු වංචා නැතුව මෙචර දුක්විදින්න ඕනේ නැනේ . දැන් ඒවාට පවු ගෙවන්න වෙලා තියෙන්නේ (බ)
බාලසූරිය Sunday, 31 July 2016 11:35 AM
කලින් මේ කට්ටිය හරියට ආණ්ඩුව කළානම් හොර බොරු වංචා නැතුව මෙච්චර දුක්විදින්න ඕනේ නැනේ . දැන් ඒවාට පවු ගෙවන්න වෙලා තියෙන්නේ (බ)
රුවන් Sunday, 31 July 2016 01:52 PM
ඒකනම් ඇත්ත බාලසුරිය. (ර)