IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


පොදු ස්ථාන-සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ නොපළදින්නන්ට වැඩ වරදී

(ඉන්දිකා  රාමනාක)

පොදු ස්ථාන, සහ සාප්පු සංකීර්ණ , වෙළෙඳ සැල් තුළදී  මුඛ ආවරණ නො පැලඳ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා  විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

මේ  සඳහා නිල ඇදුමෙන් සිවිල් ඇඳුමෙන් පොලිස් නිලධාරීන් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

පොලිස් නිලධාරීන් ඊයේ දින තුළ සිදුකළ විශේෂ නිරීක්ෂණයක දී .බස්නාහිර පළාතේ සහ   කොළඹ නගරයේ  පොදු ස්ථානවල , වෙළෙද සැල් සහ සාප්පු සංකීර්ණ වල , ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල ඇතැම් පිරිස් වූ මුඛ ආවරණ  නොපැලඳ සිටින බවට නිරීක්ෂණය වූ බව හෙතෙම කීය.

රට යම්තාක් දුරට විවෘත කර තැබෙන අවස්ථාවේ ජනතාව මේ අයුරින් හැසිරීම අවාසනාවන්ත සිද්ධියක් බවත්, මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර ඇති  බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (3)

පොදු ස්ථාන-සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ නොපළදින්නන්ට වැඩ වරදී

anura Monday, 12 July 2021 10:09 AM

කරුණාකර මෙම දැන්වීම නිවැරදි කරන්න. මුඛ ආවරණ නොව මුව ආවරණ විය යුතුය. සමහර පුද්ගලයන් නාහේට පහළින් කට පමණක් ආවරණය වන පරිදි මෙය භාවිතා කරන්නේ මෙවැනි වැටහීමක් නිසා විය හැක.

:       0       0

හංසිකා කුමාරි ජයවර්ධන Monday, 12 July 2021 10:21 AM

මෙයාගෙ කතාව හැම තිස්සෙම අත් අඩංගුවට ගැනීම් ගැන විතරමයි. ඒ කියන්නෙ මර්දනය. මෙයාට දෙන්න ඕන නිල නාමය " අත් අඩංගුවට ගැනීමේ නියෝජ්‍ය පොලිස්පති " කියන එකයි.

:       0       0

දිමුත් Monday, 12 July 2021 04:13 PM

අනිවාර්යයෙන් කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 865 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 417 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 310 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1321 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1677 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1734 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site