පෙරහර සූදානම් වන අවස්ථාවේ වැසි ඇදහැළුණත් එය ගමන් ආරම්භ කරන විට හා ආදාහන පූජෝත්වය ආරම්භ වන විට වැසි නැවතී පැහැදිලි කාලගුණයක් දක්නට ලැබිණි.
මාහිමියන්ගේ දේහය රැගත් ආ පෙරහරේ රැගෙන ආ මල් වඩම් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ ඉදිකර තිබූ චිතකය වටා තැන්පත් කැරිණි. පාදුක්කේ මාදුළුවාවේ ඉපදි කෝට්ටේ ශ්‍රී නාග විහාරය කේන්ද්‍රය කර ගනිමින් රටම අවදි කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය, ඓතිහාසික දියවන්නා ඔයේ බටහිර දෙසින් මළ හිරු බැස යද්දී සිය මෙහෙවරෙහි සදාතනික මතකය ලක්බිමේ රඳවමින් ස්වර්ණවර්ණ චිතකයේ ගිනි දැල් වලින් වෙළී ගියේය.චිතකයට ගිනි දැල්විමට මද වේලාවකට පෙර හමුදා උත්තමාචාර වෙඩි මුර පැවැත්වුහ.
එම චිතකය අලංකාර හැඩයකින් යුතුව කහ සහ තැඹිලි පැහැති සිවුරු රෙදිවලින් නිමවා තිබූ අතර ඒ වටා සුදු මල් වැල් යොදා අලංකෘත කර තිබිණි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන්ට ජනාධිපති අගමැති හිටපු ජනාධිපතිනි ඇතුළුව ආදාහන පූජෝත්සවයට පැමිණි ආරාධිතයින්ට අසුන් ගැනීම සඳහා වෙනම විශාල මණ්ඩප කිහිපයක් ද ඉදිකර තිබිණි.
ක‍්‍රීඩාංගණය කහ පැහැ ධජයන්ගෙන් සරසා තිබුණු අතර ජාතික කොඩිය අඩකුඹු කර තිබිණි.
දේහය රැගත් පෙරහර සඳහා දස දහස් සංඛ්‍යාත ජනකායක් එක්ව සිටි අතර පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය තුළ හා ඒ අවට මාර්ගයන්හි ද විශාල ජනකායක් රැදී සිටියහ.
රිය පෙරහැරින් වැඩම කළ හිමියන්ගේ දේහය පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ ඉදිකර තිබූ විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් පසු ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් ආරම්භ කෙරිණි.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නා හිමියෝ රැස්ව සිටි පිරිස පිළිගැනීමේ කතාව පැවැත්වූහ.
පිරිස පංචශීලයේ පිහිටුවීම සහ මතක වස්ත‍්‍ර පූජාව ඇතුළු මූලික ආගමික වතාවත් ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන් විසින් සිදු කෙරිණි.
රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් නාපාන පෙමසිරි එහි මහ නා හිමි” කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව වෙනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි” මල්වතු හා අස්ගිරි පාර්ශවයන් වෙනුවෙන් නියංගොඩ විජිතසිරි අනු නා හිමි” අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් බ‍්‍රාහ්මණවත්තේ සීවලී නා හිමි” මෙහිදී පැවිදි අනුශාසනා පැවැත්වූහ.
අන්‍ය ආගම් නියෝජනය කරමින් ද මෙහිදී අනුශාසනා පැවැත්වුණු අතර කතෝලික ජනයා වෙනුවෙන් ඔසවර්ල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමන්” හින්දු ජනයා වෙනුවෙන් රාමක‍්‍රිෂ්ණ මීසමේ ස්වාමී සර්ව රූපානන්ද කුරුක්කල්තුමා” ඉස්ලාම් ජනයා වෙනුවෙන් අල්ෂෙයිඩ් මුර්ෂීක් මුලාෆර් මවුලවිතුමා, ක‍්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් ඩිලෝරාජ් කනකසබේ ලංකා දියෝකීසියේ කොළඹ රද ගුරුතුමා ද මෙහිදී සිය සංවේගය පළ කළහ.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාදුක්කෙන් ඇරැඹි ගමන දියවන්නාවෙන් නිම වේ
හැරල්ඩ් Thursday, 12 November 2015 08:08 PM
හිමියනි, වඩිනු නැවතත් මේ ලක් පොළවට! (නි)