(විනීතා එම් ගමගේ)
මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බැවින් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවැති ජාතික කම්කරු උපදේශක සභාවේ දී යෝජනා කර ඇත.
එම යෝජනාවට වෘත්තිය සමිති සහ හාම්පුතුන්ගේ සම්මේලනය එකඟතා දැක්වු බව කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් අනාගතයේ ශ්‍රම බලකායේ විශාල රික්තයක් ඇති විය හැකි බැවින් මෙම යෝජනාව කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
සියලු පාර්ශව වල එකඟතා පළ වූ බැවින් ඊළඟ ජාතික කම්කරු උපදේශක සභාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා කීවේ යැයි ද ඉන් පසු අදාල නෛතික ප්‍රතිපාදන සකස්කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස 60 ක් කරන්න යයි
Anura Thursday, 15 October 2020 11:58 AM
මේවා නිකන් දේශපාලුවන්ට ඕනෑ ආකාරයෙන් වෙනස් කරන්න බැහැ.. ඕනෑම කෙනෙකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු අවශ්‍ය නම් ස්වකීය කැමැත්තෙන් ගැනීමට හැකිවිය යුතුයි. උවමනා අයට පමණක් ඕනෑනම් අවුරුදු 60 දක්වා වැඩ කිරීමට හැකියි. අවුරුදු 55 සම්පූර්ණ වූ පසු EPF ETF මුදල් ලබාගැනීමට පුලුවන් විය යුතුයි. EPF සල්ලි පිල්ලි ගහන ගැටයක් මේක. මොකද දැනටත් පුද්ගලික සේවකයන් 55න් පසු සේවා දිගු ලබාගන්නවා. ආණ්ඩුව හොඳට යන හැම දෙයක්ම අවුල් කරන්න නෙමෙයි ඉන්නේ... ඒක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නිසා ඕනෑම සේවකයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැකියි...
පුද්ගලික අංශයේ සේවකයා Thursday, 15 October 2020 12:36 PM
පුද්ගලික අංශයේ ආයතනවල 55න් පස්සේ සේවා දිගු ලබාදීම සිදුකරන්නේ ඉතාම සුළු ආයතන කිහිපයක් පමණයි. ගොඩක් ආයතන 55 සම්පූර්ණ වෙනකොටම බලෙන් පැන්ෂන් යවනවා. කොච්චර සේවය කිරීමේ හැකියාවක් තිබුණත්, එහෙම ගියාම ඒ අයට කරන්න වෙන රැකියාවකුත් නෑ. EPF ETF ලැබුනම අවුරුදු දෙක තුනක් යනකොට ඒක ඉවරයි. 55 වෙනකොට ගොඩක් අයගේ ළමයි ඉගෙනගන්න කාලේ ඉන්නේ. ගොඩක්ම වුවමනා කාලයේදී පැන්ෂන් ගියාම ඒ මනුස්සය අසරණ වෙනවා. 60 වෙනකම් තියෙනවා කියන්නේ ළමයි ලොකුමහත්වෙලා හම්බකරන වයසට ඇවිල්ලා. ඒ කාලේදී පැන්ෂන් ගියහම ජීවන බර අඩු නිසා සැනසිල්ලේ ඉන්න පුළුවන්. ඕනෑ නම් යන්න අවශ්‍ය අයට අවසර දුන්නාට කමක් නෑ...
mms Thursday, 15 October 2020 12:20 PM
ඉතා හොඳ කාලෝචිත තීරණයක්...
AnuraThursday, 15 October 2020 12:46 PM
වයස්ගත පුද්ගලයන් අවුරුදු 55ක් පසුවූ පසුත් දිගටම තනතුරුවල රැඳීමෙන් තරුණ පිරිසට විශාල අසාධාරණයක් වෙනවා. හරි නම් දේශපාලකයිනුත් විශ්‍රාම යන වයසක් තිබිය යුතුයි. මග යන්න බැරිව ලොම්හැලෙන තුරු තනතුරු බදාගෙන ඉන්නේ නැතිව.. ඕනෑම පුද්ගලයෙකුට අවුරුදු 55 සම්පූර්ණ වූ පසුව ස්වකීය කැමැත්තෙන් විශ්‍රාම ගැනීමටත්, EPF, ETF මුදල් ලබාගැනීමටත් හැකිවිය යුතුයි. ඕනෑ නම් පමණක් සහ ආයතනය අවශ්‍ය නම් පමණක් 60 දක්වා වැඩ කළ හැකියි. බොහෝ පුද්ගලික ආයතනවලට තරුණ සේවකයන් ගන්න ඉඩ ප්රස්ථා තිබිය යුතුයි. නැතිනම් කාර්යක්ෂමතාව ඉතාම අඩු මට්ටමකට වැටෙනවා සේම නව තාක්ෂණය ස්ථාපිත කිරීමත් විශාල ගැටලුවක්.. ආණ්ඩුව EPF මුදල් පරිහරණයට සූදානම් වෙන බවක් තමා මේකේ යටි අරමුණ...
MaxThursday, 15 October 2020 03:08 PM
අනුර මහත්තයා පුද්ගලික අංශයත් එක්ක තරහයි වගේ. ඔයා ජවිපෙ ද?
සෙනෙවිරත්න Thursday, 15 October 2020 01:54 PM
අනේ මේක ආදරෙන් කරපු එකක් නෙවෙයි. EPF නිදහස් කිරීම වසර 5ක් කල්ගන්න කරපු ගැටයක්...
Hafeel Thursday, 15 October 2020 03:25 PM
එතකොට මේ ඇමැති හිතන් ඉන්නවා ඇති ඔහු තාම තරුණයි කියලා.. ගිය තැන නිදි..
Nimal Thursday, 15 October 2020 03:28 PM
බොහෝමයක් යුරෝපා රටවල විශ්‍රාම යන වයස 70න් උඩ තියෙන්නේ. එංගලන්තයේ 68යි.
Sena Thursday, 15 October 2020 07:14 PM
EPF එක පරක්කු කරන්න, වැඩි කාලයක් තියාගෙන ඉන්න ගහපු ගැටයක්. එහෙම නැතිනම් ඇයි රජයේ සේවකයින් ගැන නොසිතන්නේ..?
එරා Thursday, 15 October 2020 09:31 PM
හොඳ යෝජනාවක්... පුළුවන් නම් වෙන රටවල වගේ වයස 64 දක්වා වැඩි කරන්න. දැන් 55ත් හොඳ මැදි වයසක්. 50 න් පසු EPF ගත හැකියි. එය එලෙසම තබන්න. පුළුවන් නම් දායක විශ්‍රාම වැටුපක් පෞද්ගලික අංශයට හඳුන්වන්න.
දිමුත් Friday, 16 October 2020 04:21 AM
එතකොට තරුණ පරපුරට රැකියා කොයින්ද? ඔවුන්ගේ අසහනය වැඩිවීමයි මෙයින් වෙන්නේ...
de silva Friday, 16 October 2020 07:05 AM
දැන් ලංකාවේ සහ ලෝකයේ මිනිස්සු 80 -90 වෙනකම් ජීවත් වෙනවා. එමනිසා කැමැති කෙනෙක් 60 වෙනකම් වැඩකරලා විශ්‍රාම ගියාට කමක් නැහැ.. නමුත් epf/etf 55න් ගෙවන්න. ඉන්පසු ඉතුරු ටික 60න් ගෙවන්න.
Rata Perata Friday, 16 October 2020 07:47 AM
මොනවද මේ බූරු යෝජනා? ඇයි පුද්ගලික අංශය විතරක්. මේ කොටස් දෙක වයසට යන්නේ ක්‍රම දෙකකටද? ලාංකික ජනතාවට එක විශ්‍රාම වයසක් තියෙන්න ඕනෑ. කාන්තාවට අවුරුදු කීපයක් අඩුවිය යුතුයි.
වීරවිජේ Friday, 16 October 2020 11:26 AM
පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හැතිකරේ ඉස්සෙල්ලම පෙන්ෂන් යවමු...
තීලක් ද සිල්වා Thursday, 14 October 2021 10:43 AM
යෝජනාව හොදයි නමුත් වයස 52,53? 54,54,55 අයට ඊ පි එෆ් දෙන්න (55 දී) ඔවුන් ඉදිරී ජීවිතය සැලසුම් කර අවසානයි.