IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික ගල්වලකට යන්න රක්ෂිතය හරහා පාරක් කපලා

(එස්.ජි. උභයපාල)

සංචරණ සීමා පනවා ඇති කාලයේ රාජ්‍ය නිළධාරීන් නොමඟ යවමින්  පුද්ගලික ගල් වලකට සදහා යාමට මැදවච්චිය වල්පොළ රජයේ රක්ෂිතය හරහා බැකෝ යන්ත්‍රයකින් පාරක් කපමින් සිටි එහි ක්‍රියාකරු හා බැකෝ යන්ත්‍රය අත් අඩංගුවට ගත් බව  මැදවච්චිය අඩවි වන නිළධාරී කාර්යාලය කියයි.

මැදවච්චිය ප්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයකු අයත් ගල්වළකට යෑම සඳහා මෙම පාර කපා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

ඒ සම්බන්ධයෙන් ගම්වාසීහු විරෝධතාවයක් ද සිදු කළහ.

සෙට්ටිකුලම පොළිස් විශේෂ කාර්යය බළකා වැටලීම් නිළධාරීන්, මැදවච්චිය අඩවි වන කාර්යාල නිලධාරීන් සහ මැදවච්චිය පොළිස් නිළධාරීන් එක්ව කළ මෙහෙයුමකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඒ වන විටද මෙම පුද්ගලයාගේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වසර 40 කට 50 කට ආසන්න දැවැන්ත රූස්ස ගස් සහිත රජයේ රක්ෂිත කපා, අඩි 18 කට ආසන්න ප්‍රමාණයක් මාර්ගයක් සකස් කරමින් සිට ඇත.

අත් අඩංගුවට ගෙන ඇති බැකෝ යන්ත්‍රය සහ පුද්ගලයින් ඉදිරියේදී මැදවච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදවච්චිය අඩවි වන නිළධාරී කාර්යාලය පවසයි.

 



අදහස් (3)

පෞද්ගලික ගල්වලකට යන්න රක්ෂිතය හරහා පාරක් කපලා

Kule Sunday, 30 May 2021 11:58 AM

රුපියල් 25000- 50000 දඩගහලා හරියන්නේ නෑ. ඕවා නවත්වන්න බැහැ. බැකෝ යන්ත්‍රයක් රාජසන්තක කරන්න ඕනෑ... විනාශය යන්ත්‍රයට වඩා වැඩියි.

:       0       2

fairoos Sunday, 30 May 2021 02:47 PM

නිදොස්කර නිදහස් කරයිද දන්නැ.වෙන මොනවා කරන්නද

:       0       1

Rata Perata Sunday, 30 May 2021 06:24 PM

අපේ රක්ෂිත මැදින් පාරවල් කැපීමේ විශේඥයින්ගෙන් උපදෙස් ගත්තා නම් හරිනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 509 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 805 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1932 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2697 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 580 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 467 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site