මාතර කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් හයක් ධාවනය වීමෙන් පසු ධාවනය නතර කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයට සිදු විය.
පෞද්ගලික බස් වලට එම අවස්ථාව නොදී ලංගමයට පමණක් දුන්නැයි සීමාසහිත මාතර මගී ප්‍රවාහන සමාගම හා පෞද්ගලික බස් රථ හිමියෝ පිරිසක් විරෝධය දැක්වීම ඊට හේතුව විය.
තැපැල් නියෝජ්‍ය අමාත්‍යය සනත් ජයසුරිය මහතාගේ පෞද්ගලික ලේකම් චන්දන ජයසුරිය මහතා දැනුම් දුන්නේ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා තෙක් ලංගම බස් ධාවනය නොකරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් සේවය මුළුමනින්ම තහනම් කරන්න. කිසිම වන්දියක් නොගෙවා ඔවුන්ගේ බස් ටික රාජ සන්තක කර ඒවා ලංගමයට බාර දෙන්න.(නදී)
පුද්ගලික අංශය එපා , ලංගමය පමණක් ඇති, පුද්ද්ගලික බස් ක්‍රමය නිසා වෙලා ඇති විනාසය මදිද? මෙයට ඉඩ දෙන්න එපා ,(දිල්)
දර්ශන ඔයා හරි හැමතැනම ඉන්නේ ඇමතිවරුයි පව්ලේ අයහිනේ (අ)
ලලිත් දන්නා තරම තමයි ඇයි පුද්ගලික බස් වලට පර්මිට් දීලා තියෙන්නේ.(නදී)I .
ආණ්ඩුව පුද්ගලික බස් වලට පර්මිට් දෙන්න ලක්ෂ ගානක් අය කරනවා.(නදී)
පෞද්ගලික අංශයට දෙන්නම නරකයි (දිල්)
රටත් ඡනතාවත් සී.ටී.බී එකත් කනවා.(නදී)
මේකත් ප්‍රස්නයක් කරගන්න ඕනෙද?පුද්ගලික බස් අයිතිකාරයෝ කවුද ඉතින් ඇමතිවරු මිසක්.(නදී)
දැන් ඔය සාකච්ඡාව කරලා විසදා ගන්නකල් බස් වලට ගත්ත නය වලට පොලිය ගෙවන්නේ ජනතාවද? කෝටි ගණනක් නයට අරගෙන හදපු පාරේ නිසි ප්‍රයෝජන නොගැනීම නිසා වෙන අලාභය ගෙවන්නේ පුද්ගලික බස් මුදලාලිලද? (නදී)
පුද්ගලික ලේකමුත් ක්‍රිකට් ගහපු කෙනෙක් වගේ. ඉස්සර නම් ජනාධිපති කෙනෙකුගේ හිසට උඩින් මැස්සෙක් වත් පියෑඹුවේ නැහැ. දැන් උප ඇමැතිලාගේ ලේකම් ලත් උඩින් යනවා. (නදී)
හැම තැනම කාලකන්නි ටිකක් ඉන්නව.රට දියුණු වෙන්න දෙන්නෙම නැහැ (අ)
මාතර- මොණරාගල, මාතර - අම්පාර බස් වල යන අය හොඳින්ම දන්නවා පෞද්ගලික බස් යන්නේ මොනතරම් එපාකරපු විදියට ද මග දිගටම සෙනග පටව පටවා පැය ගණන් පරක්කු වෙවි ඒ මදිවට කණ පැළෙන්න කැසට් දාගෙන යන්නේ කියලා!. මතක් වෙනකොටත් අප්පිරියයි. අධිවේග මාර්ගයටත් මුන් ආවොත් දෙයියන්ගෙම පිහිටයි! (අ)
දුරදිග නොබලා, කල් යල් බලා තීන්දු තීරණ නොගැනීම නිසා සිදුවී ඇති තවත් අලි විජ්ජුම්බරයකි. සමහර නිලධරයින්ගේ මෙවැනි ක්‍රියා නිසා අසරණ වන මගීන් ගේ පිහිටට සිටින්නේ අතිගරු ජනාධිපති තුමා පමණෙකි. (දී)
නීතීයක් නැද්ද (දිල්)
මෙපමණ ලස්සන පිරිසිදු පිළිවෙළකට ධාවනය වන ලංගම බස් 50 ජනාධිපති තුමා අධිවේගී මාර්ගයේ ධාවනයට ලබාදී තිබෙද්දී , තව පුද්ගලික බස් කුමටද ?(දිල්)
අධිවේගී මාර්ගයක ධාවනයට සුදුසු බස්රථ පෞද්ගලික බස් රථ හිමියන්ටත් ඇත්නම් එම රථ පමණක් මාර්ගයට ඇතුළුවීමට අවසර දුන්නට වරදක් නැතත්, දැනට වැඩිපුරම ධාවනය වෙන සාමාන්‍ය පාරෙත් දුවන්නට සුදුසු නැති පුද්ගලික බස්රථ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට අවසර දුන්නොත්නම් මේ මාර්ග වල අනිත් වාහනවලට දෙවියන්ගේ පිහිට ලැබේව. (දී)
"මේ මාර්ගයත් පුද්ගලික බස් මාෆියාවට හසුවේදෝ අහෝ දුකකි" හරියට හරි මෙපාරෙත් මෙයාල රේස් යන්න ගියොත් දෙවියන්ගේම පිහිට තමයි. (දී)
හැමදේම මොනයම් හෝ පිලිවෙලක්තිබිය යුතුයි. හදිසිය තිබුනට වැඩක් නැහැ (දී)
ඔය පැත්තේ ලොකුම බස් කාරයට කියල ඕක විසදා ගන්න බැරිද?(දී)
මේ මාර්ගයත් පුද්ගලික බස් මාෆියාවට හසුවේදෝ අහෝ දුකකි (දී)
පළපුරුද්දක් නැති අය මේ වගේ තනතුරුවලට පත් කලාම ඔහොම තමයි (දී)
ලංකාව දියුණු වෙනවට අකමැති මිනිස්සු, කවුරු හරි නැහැ කියනවානම් මම ලැහැස්ති වාදෙකට එන්න (දී)
මේක අරුම පුදුම තීරනයක්නේ. පෞද්ගලික ලේකම් කෙනෙකුට රජයේ ක්‍රියාවලියක් හෝ තීරණයක් නතර කරන්ඩ පුලුවන්ද? (දී)