පැය තිහකට අධික කාලයක් දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට මාර ගසකට නැඟ සිටි පෙදරේරු ඉන්දික කුමාර ගස උඩදීම ක්ලාන්ත වී ගසේ තෙබලයේ වැටී සිටීයදී නගර සභා සේවකයින් ලවා ඔහු බිමට ගෙන ඇත.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් හා දඹුලු පුරපති ජාලිය ඕපාත යන මහත්වරු ඔහු බැලීමට ගොස් සිටියහ.
අද (13) උදේ ඔහුගේ බිරිය එහි ගොස් ගසෙන් බසින්නැයි කීවද ඔහු එය පිළිගත්තේ නැත.
ගසින් බිමට ගත් ඔහු දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රට හිනස්සන වැඩ (නි)
අහිංසක මිනිසුන්ට වැඩ දෙන්න එපා. ශාප වෙනවා. හිටගෙන පන යනවා. (අ)
ලංකාවේ එල්ලුම්ගග ක්‍රියාත්මක උනානම් මේ අයට ලේසියෙන්ම ඉල්ලීම් ජයගන්න පුළුවන් (අ)
අනේ මෙහෙමත් ලන්කාවක්, මොකද මේ දුප්පතා පොලොවේ උසාවි ගිහින් වැඩක් නැහැ රටේ නීතිය හරියට වෙන්නේ නැහැ ඒ නිසා මේ විදිහටවත් මුදල් ගන්න බලන්නේ, පව් කාරයෝ ලබන ආත්මේ බර අදින බුරුවො වෙලා ඕවා ගෙවාවී අනේ මෙගේ රටට ගිය කලක්, තව ජන්දේ දීල පත්කර ගන්න, (දී)
මෙය ලංකාවේ ස්වරූපයක් නොවේ. දුප්පතාට නොගෙවන නරක ගති පුරුදු කළේ සුද්දෝ. සුද්දන් ලංකාවට එන්න පෙර මෙම නරක ගති තිබුනේ නැති බව කරුණාවෙන් සළකන්න (නි)
ගස් බැදීම ,ගස් නැගීම... මේවා තමා ලංකාවේ වැඩ. (නි)
ගස් නැගීම ලංකාවේ අංක එක වෙලා ලජ්ජෑව බෑ (අ)
සුබ අනාගතයක්. (නි)
මාර ගහෙන් එල්ලුම් ගහට යවයිද දන්නෙ නැහැ (නි)
ණය ඉල්ලා ගස් නැග්ගොත් රටේම මිනිස්සුන්ට ගස් නගින්න වෙයි. එදාට කවුද බිමට බස්සන්න එන්නේ? (නි)
හොදයි කළ වැඩේ නම් (නි)
මෙන්න ලංකාවේ සැබෑ ස්වරූපය... දුප්පතා වැඩ කළාට එයාලට සල්ලි ලැබෙන්නේ නැහැ. අන්න ඒකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ (නි)
නග්ගපු අයම බස්සලා වගේ. (ස)
මෙවැනි අයටද මධ්‍යම පළාතේ ඡන්දෙ දෙන්නේ? තව දෙන්න, වැඩි වැඩියෙන් (නි)
හරිනෙ දැන් ඉතින් ලොකු ලොකු අය ආව නිසා මෙයාට 25ට 50 ක්ම ලැබෙයි.හැබැයි මහත්වරුනෙ බලන්ඩ ගිහ මැණික ඡන්ද ගුන්ඩුවක් කරන් ගිලින්න නම් එපා. (ස)
උද්ඝෝෂණයකින් හෝ ගහකට නැගීමෙන් තොරව සාධාරණ ඉල්ලීමක් දිනාගත නොහැකි බවට මහ ජනතාව තේරුම් ගැනීමේ ප්‍රතිළුල තමයි මේ. නිවැරදි පිළියම් යෙදිය හැකි නායකයින් සිටීම නම් ඉදිරිපත් විය යුතුයි. සාධාරණය අගයන නායකයින් ලංකාවේ නැති නම් මේ විදියටම රට ගෙනියමු. (ස)
ගස් නැග උපවාස කිරීම අනුමත කළ නොහැක. (නි)
මොනවා උනත් හිත ශක්තිමත් මනුස්සයෙක්. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ. නැත්නම් ඉතින් වැඩ ගත්තා නම් පඩි ගෙවන්න එපැයි. මේ මනුස්සයා තමන්ගේ දරු පවුල රැක ගන්න මොන තරම් දහදිය හෙලන්න ඇද්ද ? අපේ රටේ සමහර ආයතනත් ගන්නෙම ප්‍රබලයගේම පැත්තනේ. හුඟක් වෙලාවට දුබලයෝ නිහඬ වෙනවා. කළුගල් වල ඔලුව ගහගන්න බැහැ කියලා. ඒ අතින් මේ මනුස්සයා ඉස්තරම්. මහතුනේ දැන්වත් මේ මනුස්සයට සාදාරණයක් කරන්න නැත්නම් අපේ රටට තව අපරාධ කාරයෙක්, දාමරිකයෙක් බිහිවෙයි. (ස)
ගොනා ඇනපු මිනිහා ගහෙනුත් වැටුණා වගෙයි (නි)