ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 2.50කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇත.
මේ අනුව රුපියල් 2100කට තිබූ පිටි මිටියක මිල රුපියල් 2225කි. පිටි මිල වැඩි වීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ කියති.
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 2.50කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇත.
මේ අනුව රුපියල් 2100කට තිබූ පිටි මිටියක මිල රුපියල් 2225කි. පිටි මිල වැඩි වීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! ඇයි 2.50 කින් වැඩි කළේ? අඩුම ගානේ රුපියල් 25 ක්වත් වැඩි කළා නම් හොඳයිනේ... (නි)
ඇමතිලා කියනවා පිටරටින් එන නිසා දේශීය දේ නංවන්න මිල වැඩි කරනවා කියලා. දේශීය දේ කිසිවක් නොකියාම වැඩි කරනවා. අන්තිමට කොහොම හරි හැමදේම වැඩිකරලා අපේ බඩටම ගහනවා (නි)
දැන් ඉතින් ඒකෙනුත් බඩේ පහර වැදෙන්නේ අපිටම නේද? (නි)
මෙවන් රටක ඉපදීම ගැනත් මා හට ඇත්තේ දුකකි (නි)
පාන් මිල කොතරම් වැඩි කළත් ප්‍රශ්නයක් නැහැ.මොකද දැන් අපේ මිනිසුන්ට සල්ලි වලින් අඩුවක් නැහැනේ (නි)
ඔය සන්බන්ද ඇමති කියාවි ගොවියෝ රැකගන්න පිටිමිල වැඩි නොකර බැ කියල..ඔය ඇමතිට පිටි අඩුවට දෙන්න බැරිනම් හාල් ඇමති කෙනෙක් පත් කරලා හරි බැරිද රටේ දුප්පතා කන එකම එක හාල් වර්ගයක හරි මිල අඩු කරලා දෙන්න ..(ස)
මෙය ඉතා සුළු වැඩිවීමකි. මෙයට වග කිව යුතේ ඔබමය (ස)
පාන් කෑම නතර කරමු. (ස)
මෙතන සහල් පිටි කන්න කියන අයගෙන් අහන්නේ, හාල්වල මිල අඩුවෙවිද පාන් මිල වැඩි කළ විට? (නි)
දැන් ඉතින් ඒවත් කාලා ඉවරයි වගේ.... (නි)
අපි නම් ඊළඟ වතාවෙත් ඡන්දය දෙනවා (නි)
අපිට උගත්, බුද්ධිමත් මැති ඇමති, උපදේශක, මෙකී නොකී කණ්ඩායමක් ඉන්නවා නඩත්තු කරන්න. ඉතින් පාන්පිටි වලට සහන දෙන්නද කියන්නේ? ලබන පාරත් අපේ මනාපය අපි දෙනවා. ජයවේවා!!! (නි)
නාලක, ඔයාට නම් මොකද, දේශීය තණකොළ තියනවනේ. (නි)
කවුරුත් හාල්,හාල්පිටි ගැන කිවුවාට ගොවියාට හාල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු නොකරන එකයි පුදුමය (නි)
මෙවැනි දේවල් අර කෑගහන අයට පෙනෙන්නේ නැද්ද? (නි)
තිලක් ඩුබායිගේ කතාව මසුරන්... (නි)
"පුන්නක්කු" මිලට නම් අත තියන්න එපා (නි)
දැන් මිල නැග්ගුවාට ළඟදීම නැවත පහත බහීවි... (නි)
කාන්ති, ඒ වැඩේ නම් කරන්න එපා.ඕක හැමෝම කරයි ඊටපස්සේ. (නි)
මෙහෙම ගියොත් පාන් ගෙඩිය හොරකම් කළ වරදට හිරගෙට යන අය අපේ රටෙත් බිහිවෙන්න වැඩි කාලයක් ගන්න එකක් නැහැ වගේ. (නි)
අයියෝ! දැන් මොකද කරන්නේ? (නි)
තරු හතේ හෝටල් වලට විතරක් පාන් පෙත්ත සීමා කරන්න වෙන්න ඇති මේ හදන්නේ (නි)
ජනතාව ඉහළින් තියන්න ඕනෑනේ. ඒකයි බලාපොරොත්තුව. ලොකු ගණන් දීලා බඩු ගන්නවා කියලා අපිට දැන් කියන්න පුළුවන්. එතකොට අපිත් සල්ලිකාරයෝ කියලා අනිත් අය හිතයි. (නි)
අනේ අපිට මේ මොකද වුණේ? (නි)
ජය වේවා! (නි)
ලාංකිකයන් ලෙස බත් වලට සහ සහල් පිටි නිෂ්පාදන වලට පුරුදු වුණොත් ශරීර සෞඛ්‍යයටත් සාක්කුවටත් දෙකටම ගුණයි නේද හිතවතුනි? (නි)
මහේෂ්, කවදාද වැඩිවුණ බඩු අඩුවෙලා තියෙන්නේ? (නි)
ක්‍රිකට් තරඟ තියන කාලේ එනකොට ඇඟ සීතල වෙනවා . මොනවයේ මිල වැඩි කරයිද කියල. (ස)
මේ රොකට් වේගයෙන් මිල සංවර්ධනය කරා ගොස් අර අභ්‍යාවකාශයේ පුර්ණ චන්ද්‍රයා සේ බැබලෙන්නේ අපගේ පාන් ගෙඩිය නොවේද ? (ස)
කොච්චර බඩට ගැහුවත් මැතිවරණෙ දවස්වල ටෙලිවිෂන් බැලුවහම හිතෙනවා මේගොල්ලෝ අනිත් අයට වඩා හොදයි කියල . අපිට ගහන්න ඕනේ හනසු වලින්. (ස)
මදැයි කළා! (නි)
දැන්මම අපේ මහත්තයාට කියන්න ඕන මීට පස්සේ පාන් කනකොට එක පෙත්තකට වඩා ඉල්ලන්න එපා කියලා. (අ)
අන්තිමේදී මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වේවි. (නි)
ලබන වර නම් ඡන්දය දෙනකොට දෙපාරක් හිතන්න වෙයි (නි)
වැඩි වුණ ගමන් වැඩිකරනවා වගේම අඩු වුණ ගමන් අඩු කරන්න බැරි ඇයි? (නි)
අපේ නෑදෑ සොහොයුරන් රට වෙනුවෙන් දිවි පිදුවේ දුප්පතාට හොඳ හෙට දවසක් දෙන්න නේද? (නි)
පාන් මිල වැඩිවෙලා කියන එක දුප්පත් මිනිසුන්ට හොඳින්ම දැනෙනවා. (නි)
එහෙමනම් ඉස්සරහට අපිට පාන් කියාගන්නවත් බැරිවෙයි (නි)
තව ලැම්බෝගිනි ටිකක් ගෙනල්ලා අපිට රේස් ටිකක් පෙන්නුවොත් හොඳයි කියලා හිතෙනවා (නි)
ආශ්චර්යය, ආශ්චර්යය...වෙන මොන නැතත්, කන්න බොන්න නැතත් කමක් නැහැ ආශ්චර්ය තිබෙනවා නම්. (නි)
අපි මොනවා කරන්නද? (නි)
අපි කන බොන දේවලින් 80% කම බදු (අ)
රටේ පාලනය තමන්ගේ පෞද්ගලික පැවැත්මට මුල්තැන දීලා වැඩකරනවා මිසක් රටේ ජනතාවගේ මුලික ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.අපේ ඡන්ද දායකයන්ට ඒක තේරෙන්නෙත් නැහැ. ඒ නිසා පාලකයෝ හිතන්නනේ රටේ ජනතාව සතුටින් කල් ගෙවනවා කියලා . ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්ද බලය දීලා තියෙන්නේ ඒකට මිසක් ඒක එක්කෙනාට කඩේ යන්න නෙමෙයි (අ)
දේශපාලකයෝ හිතන්නේ ඡන්ද දායකයන් කියන්නේ මැතිවරණ සමයේදී විතරක් කන බොන සත්ව කොට්ටාසයක් කියලා වෙන්න ඇති. (අ)
ගිහාන්, බය වෙන්න එපා පුන්නක්කු වල මිල තවම වැඩි කරලා නැහැ. (අ)
රටේ පිටි මිල මේ විදිහට ඉහල යන්නේ සමගම හිතුමතේට මිල ඉහල දමන නිසා නොවෙයි. රජය පිටි සඳහා වැඩිපුර බදු අයකරන නිසයි. ඇත්ත ඒකයි. (අ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් !(අ)
ජයවේවා! ආසියාවේ ඓශ්චර්ය! (අ)
ජය වේවා ! අපි අහවලාට!, ...අහවලා අපිට,! .......අහවලාට එන්න කියාපිය! ....මේවට උත්තර දෙන්න කියා පිය! .......ගිය පාරත් ,,,,,දුන්න බැටේ.........මේ පාරත් ......දෙනවා බැටේ!!..(අ)
වෙන මුකුත් නෙමේ යාලුවනේ ඔය ලංකාවේ ආශ්චර්යය වේගන එනවා (ස)
පාන් නේ මිල ඉහල යන්නේ. දැන් ඉතින් අපි කේක් කමු! (ස)
අපේ ආණ්ඩුවක් ආවොත් පාන් 3.50 දෙනවා.(අ)
පාලකයෝ කියයි "පාන් නැත්නම් බත් කාපල්ලා " කියලා, හාල් කිලෝ එක කියද කියලා පාලකයෝ හරියටම දන්නවද? (අ)
පිටි මිල මීට වැඩ ඉහල දැමිය යුතුයි. අපි බත් සහ හාල් පිටි කෑමට පුරුදු වෙමු. (අ)
අනේ බුද්ධික. එහෙම කළොත් වෙළෙන්දෝ පවු නේ. (අ)
මේවා කරන අයටනම් හොදක් වෙන්න එපා (අ)
අධිවේගී මාර්ග,ගුවන් තොටුපොළවල්,වරායවල් තියෙන්නේ තව මොනවද ඉල්ලන්නේ? (අ)
යුද්දේ ඉවර වේල දැන් ගොඩක් කල් ගිහින් නිසා අද බඩු මිල බහී හෙට බහී කිය කියා බල බලා ඉන්නවා මේගොල්ලෝ තවත් බෙල්ල හිර කරනවා. (අ)
කව්ද කියන්නේ රටේ දරුවන්ගෙන් 45% මන්දපෝෂණයෙන් පෙළෙනවා කියල.රටේ ගැබිණි මව් වරුන්ගෙන් 40% රක්ත හීනතාවයෙන් පෙළෙනවා කියල. (අ)
අපි මේ වේලක් කාල ඊලග වේල කන විදිහ ගැන හිතනවා. මීට වඩා හොඳ නැද්ද කෑම තහනම්ම කරලා දැම්මා නම්. (ස)
සමාගමට ඕන විදිහටද පිටිවල ගණන් උස්සන්නේ..? (ස)
පාලකයිනි අපි හැමෝටම එක පාර වහ දෙන්න . නොමරා මරන්න එපා (ස)
නිවුඩු හාලේ බතට කිරි හොද්ද හදල, පොල් කොළ මැල්ලුමයි කොස් කොළ බැදුමයි කොච්චර රහද? (අ)
සරා.කාල නැත්නම් කට පියාගන ඉන්න.ඒකෙ රහ දන්නේ කාපු අපි.කිබුල කිරිමැටි ගිලිනවා වගේ පාන් කන අයට නම් එහි අගයක් නැහැ. අද හැමෝම පහසුවට පාන් කනවා විතරක් නොවෙයි නගරේ ඉන්න තරුණ ගැහැණු එය පිසගන්න දන්නෙත් නැහැ.පාන් කාල ලෙඩ වුනත් නිවුඩු හාලේ බත,දිය බත කාල ලෙඩ වුන අය නම් අහල නැහැ. පාන් මිල ඉහල දැමීමට අපිත් විරුද්දයි .ඒ වගේම දෙසිය ආහාරයට නොසලකන එකටත් විරුද්දයි. (අ)
රංගන ගේ අදහස දැක්කම මට මතක් උනේ ප්‍රංස විප්ලවය වෙලාවේදී ජනතාව පාන් නැහැ කියලා උද්ඝෝෂණය කරන කොට 16 වෙනි ලුවී රජාගේ බිසව කිව්වලු පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. ඒ නම් එදා ලුවීගේ බිසව දන්නේ නැතිලු මිනිස්සු කැවද බඩගින්නේද කියලා. එත් අපේ රටේ පාලකයෝ හොඳින්ම දන්නවා පාන් පිටි මිලෙන් වදින්නේ දුප්පතාගේ බඩට බව. (අ)
ඔන්න මම නෝනාට දැන්මම කිව්වා, හෙට ඉඳලා පාසලේ විවේකයේදී කිඹුලා බනිසක් කන්න පුරුදු වුන පොඩි ළමයාට හෙට ඉඳලා කිඹුලා බනිස් භාගයක් දීලා පුරුදු කරගන්න කියලා. (ස)
මොනවා කරන්නද ? බේකරිය ළඟ උද්ඝෝෂණයක් වත් තියමු. දැන් හැමතැනම උද්ඝෝෂණ තියෙන එකේ එතන විතරක් නැතුව හොඳ නැහැනේ. (ස)
කෝ මේ පාන් සංවර්ධන ඇමතිතුමා ? (ස)
පාරිභෝගිකයන් ගැන හිතන රජයට ජයම වේවා. .....ඔහොම යන් ඔහොම යන්. (ස)
අනුශ්කට අම්ම පොඩිකාලේ ඕව හදල දෙන්න ඇති නේද? තාම රස කියන්නේ? (ස)
බය වෙන්න එපා. මැතිවරණයක් මග එනකොට පාන් මිල ගැන සැකයක් ඇති කරගන්න එපා. (ස)
අනේ හොඳයි . සංවර්ධනයේ වේගයට සාපේක්ෂව පාන් මිලත් සංවර්ධනය වෙනවා. පුරවැසියන්ට කෙතරම් සතුටක් ද ? (ස)
දවසේගනේ හැමදේම වැඩිවෙන එකේ මේක මොකක්ද, (අ)
තවත් සංසෝධනයක්, (අ)
එකෙකුට හොදය තවකෙකුට නරකය!!! කවදාවත් හැදෙන් නැ.(අ)
පිටි මිල කිලෝවකට රුපියල් 2.50 කින් වැඩි උනා නම් පන් කිලෝ භාගේ කියකින් වැඩිකොරන්න යනවද? (අ)
ඇත්තමයි මට දැනෙන සන්තෝෂයක තරම කියන්න වචන නැ. (අ)
ඊලග ඡන්දෙත් ජයග්‍රහාණය කරලා දුන්නා නම් කට්ටියට පාන් බනිස් වෙනුවට කේක් කන්ද පුළුවන්. (අ)
දෙන පානුත් 2.50 කින් මිල වැඩිවෙයි දැනට 2500 කින් මාසයක් ජීවත් වෙන මට තව 2.50 හොයා ගන්න එක එච්චර ප්‍රස්නයක් නෙවෙයි (අ)
පාන් පිටි මිල ඉහලටම ගිහින් පාන් පිටි නිෂ්පාදන අධි සුඛෝපභෝගී අහාර බවට පත් වී සාමාන්‍ය පොදු ජනතාවට කන්න තියා හිතන්නවත් බැරි තත්වයට පත්වේවා! එතකොට හාල් පිටි අල බතල එළවලු පලතුරු වගේ දේශීය ආහාර තුන්වේලටම කන ශ්‍රී ලාංකික ජාතියක් බිහිවේවා ! (අ)
පාන් පිටි වෙනුවට හාල් පිටි කමු. පාන් පිටි වැඩි කරන එක අපේ ගොවියාට හොඳයි. (අ)
සුබ අනාගතයක්. (අ)