IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාන් බනිස් ඉහළට?

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 2.50කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇත.

මේ අනුව රුපියල් 2100කට තිබූ පිටි මිටියක මිල රුපියල් 2225කි. පිටි මිල වැඩි වීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ කියති.



අදහස් (0)

පාන් බනිස් ඉහළට?

ආක්ෂා Sunday, 01 June 2014 06:07 AM

ආශ්චර්යය, ආශ්චර්යය...වෙන මොන නැතත්, කන්න බොන්න නැතත් කමක් නැහැ ආශ්චර්ය තිබෙනවා නම්. (නි)

:       0       0

රේණුක Sunday, 01 June 2014 06:25 AM

තව ලැම්බෝගිනි ටිකක් ගෙනල්ලා අපිට‍ රේස් ටිකක් පෙන්නුවොත් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

ඇන්ස්ලි Saturday, 31 May 2014 02:59 PM

එකෙකුට හොදය තවකෙකුට නරකය!!! කවදාවත් හැදෙන් නැ.(අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 31 May 2014 03:08 PM

තවත් සංසෝධනයක්, (අ)

:       0       0

අනුෂ්කා Saturday, 31 May 2014 03:10 PM

නිවුඩු හාලේ බතට කිරි හොද්ද හදල, පොල් කොළ මැල්ලුමයි කොස් කොළ බැදුමයි කොච්චර රහද? (අ)

:       0       0

ගයානි Saturday, 31 May 2014 03:27 PM

අනේ හොඳයි . සංවර්ධනයේ වේගයට සාපේක්ෂව පාන් මිලත් සංවර්ධනය වෙනවා. පුරවැසියන්ට කෙතරම් සතුටක් ද ? (ස)

:       0       0

හර්ෂ Saturday, 31 May 2014 03:30 PM

බය වෙන්න එපා. මැතිවරණයක් මග එනකොට පාන් මිල ගැන සැකයක් ඇති කරගන්න එපා. (ස)

:       0       0

සරා Saturday, 31 May 2014 03:33 PM

අනුශ්කට අම්ම පොඩිකාලේ ඕව හදල දෙන්න ඇති නේද? තාම රස කියන්නේ? (ස)

:       0       0

මංජුල බණ්ඩාර Saturday, 31 May 2014 03:33 PM

පාරිභෝගිකයන් ගැන හිතන රජයට ජයම වේවා. .....ඔහොම යන් ඔහොම යන්. (ස)

:       0       0

බිමාලි Saturday, 31 May 2014 03:36 PM

කෝ මේ පාන් සංවර්ධන ඇමතිතුමා ? (ස)

:       0       0

ජයනි Saturday, 31 May 2014 03:40 PM

මොනවා කරන්නද ? බේකරිය ළඟ උද්ඝෝෂණයක් වත් තියමු. දැන් හැමතැනම උද්ඝෝෂණ තියෙන එකේ එතන විතරක් නැතුව හොඳ නැහැනේ. (ස)

:       0       0

මොහමඩ් Sunday, 01 June 2014 08:21 AM

එහෙමනම් ඉස්සරහට අපිට පාන් කියාගන්නවත් බැරිවෙයි (නි)

:       0       0

පද්මසිරි Sunday, 01 June 2014 08:27 AM

පාන් මිල වැඩිවෙලා කියන එක දුප්පත් මිනිසුන්ට හොඳින්ම දැනෙනවා. (නි)

:       0       0

කෙවින් Saturday, 31 May 2014 03:58 PM

ඔන්න මම නෝනාට දැන්මම කිව්වා, හෙට ඉඳලා පාසලේ විවේකයේදී කිඹුලා බනිසක් කන්න පුරුදු වුන පොඩි ළමයාට හෙට ඉඳලා කිඹුලා බනිස් භාගයක් දීලා පුරුදු කරගන්න කියලා. (ස)

:       0       0

රතුවිතාන Sunday, 01 June 2014 08:44 AM

අපේ නෑදෑ සොහොයුරන් රට වෙනුවෙන් දිවි පිදුවේ දුප්පතාට හොඳ හෙට දවසක් දෙන්න නේද? (නි)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 04:17 PM

රංගන ගේ අදහස දැක්කම මට මතක් උනේ ප්‍රංස විප්ලවය වෙලාවේදී ජනතාව පාන් නැහැ කියලා උද්ඝෝෂණය කරන කොට 16 වෙනි ලුවී රජාගේ බිසව කිව්වලු පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. ඒ නම් එදා ලුවීගේ බිසව දන්නේ නැතිලු මිනිස්සු කැවද බඩගින්නේද කියලා. එත් අපේ රටේ පාලකයෝ හොඳින්ම දන්නවා පාන් පිටි මිලෙන් වදින්නේ දුප්පතාගේ බඩට බව. (අ)

:       0       0

ටෙනිසන් Saturday, 31 May 2014 04:22 PM

සරා.කාල නැත්නම් කට පියාගන ඉන්න.ඒකෙ රහ දන්නේ කාපු අපි.කිබුල කිරිමැටි ගිලිනවා වගේ පාන් කන අයට නම් එහි අගයක් නැහැ. අද හැමෝම පහසුවට පාන් කනවා විතරක් නොවෙයි නගරේ ඉන්න තරුණ ගැහැණු එය පිසගන්න දන්නෙත් නැහැ.පාන් කාල ලෙඩ වුනත් නිවුඩු හාලේ බත,දිය බත කාල ලෙඩ වුන අය නම් අහල නැහැ. පාන් මිල ඉහල දැමීමට අපිත් විරුද්දයි .ඒ වගේම දෙසිය ආහාරයට නොසලකන එකටත් විරුද්දයි. (අ)

:       0       0

තාන්ති Saturday, 31 May 2014 04:26 PM

දැන්මම අපේ මහත්තයාට කියන්න ඕන මීට පස්සේ පාන් කනකොට එක පෙත්තකට වඩා ඉල්ලන්න එපා කියලා. (අ)

:       0       0

දිල්හාර Saturday, 31 May 2014 04:30 PM

අයියෝ! දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

මහේෂ් Sunday, 01 June 2014 09:18 AM

වැඩි වුණ ගමන් වැඩිකරනවා වගේම අඩු වුණ ගමන් අඩු කරන්න බැරි ඇයි? (නි)

:       0       0

චාන්දනී Saturday, 31 May 2014 04:34 PM

මෙහෙම ගියොත් පාන් ගෙඩිය හොරකම් කළ වරදට හිරගෙට යන අය අපේ රටෙත් බිහිවෙන්න වැඩි කාලයක් ගන්න එකක් නැහැ වගේ. (නි)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 04:35 PM

කාන්ති, ඒ වැඩේ නම් කරන්න එපා.ඕක හැමෝම කරයි ඊටපස්සේ. (නි)

:       0       0

අන්සාර් Sunday, 01 June 2014 09:33 AM

ලබන වර නම් ඡන්දය දෙනකොට දෙපාරක් හිතන්න වෙයි (නි)

:       0       0

චම්පික Sunday, 01 June 2014 09:43 AM

අන්තිමේදී මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වේවි. (නි)

:       0       0

කසුන් Sunday, 01 June 2014 09:46 AM

තරු හතේ හෝටල් වලට විතරක් පාන් පෙත්ත සීමා කරන්න වෙන්න ඇති මේ හදන්නේ (නි)

:       0       0

ප්‍රනීත් Sunday, 01 June 2014 10:03 AM

මදැයි කළා! (නි)

:       0       0

දනුක Sunday, 01 June 2014 10:12 AM

කොච්චර බඩට ගැහුවත් මැතිවරණෙ දවස්වල ටෙලිවිෂන් බැලුවහම හිතෙනවා මේගොල්ලෝ අනිත් අයට වඩා හොදයි කියල . අපිට ගහන්න ඕනේ හනසු වලින්. (ස)

:       0       0

දිලිනි Saturday, 31 May 2014 04:59 PM

දැන් මිල නැග්ගුවාට ළඟදීම නැවත පහත බහීවි... (නි)

:       0       0

සමන්ත Sunday, 01 June 2014 10:38 AM

මේ රොකට් වේගයෙන් මිල සංවර්ධනය කරා ගොස් අර අභ්‍යාවකාශයේ පුර්ණ චන්ද්‍රයා සේ බැබලෙන්නේ අපගේ පාන් ගෙඩිය නොවේද ? (ස)

:       0       0

මදුෂි Sunday, 01 June 2014 10:43 AM

ක්‍රිකට් තරඟ තියන කාලේ එනකොට ඇඟ සීතල වෙනවා . මොනවයේ මිල වැඩි කරයිද කියල. (ස)

:       0       0

රියාල් Sunday, 01 June 2014 01:17 PM

මහේෂ්, කවදාද වැඩිවුණ බඩු අඩුවෙලා තියෙන්නේ? (නි)

:       0       0

සෙනරත් Sunday, 01 June 2014 02:25 PM

ලාංකිකයන් ලෙස බත් වලට සහ සහල් පිටි නිෂ්පාදන වලට පුරුදු වුණොත් ශරීර සෞඛ්‍යයටත් සාක්කුවටත් දෙකටම ගුණයි නේද හිතවතුනි? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 31 May 2014 06:47 PM

"පුන්නක්කු" මිලට නම් අත තියන්න එපා (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Saturday, 31 May 2014 06:53 PM

තිලක් ඩුබායිගේ කතාව මසුරන්... (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Saturday, 31 May 2014 06:55 PM

මෙවැනි දේවල් අර කෑගහන අයට පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සමන්ති Saturday, 31 May 2014 07:32 PM

කවුරුත් හාල්,හාල්පිටි ගැන කිවුවාට ගොවියාට හාල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු නොකරන එකයි පුදුමය (නි)

:       0       0

රසීම් Sunday, 01 June 2014 03:41 PM

ජය වේවා! (නි)

:       0       0

දිල්රුක් Saturday, 31 May 2014 07:46 PM

නාලක, ඔයාට නම් මොකද, දේශීය තණකොළ තියනවනේ. (නි)

:       0       0

කසුන් Sunday, 01 June 2014 03:47 PM

අනේ අපිට මේ මොකද වුණේ? (නි)

:       0       0

කුමාර Saturday, 31 May 2014 12:31 PM

දවසේගනේ හැමදේම වැඩිවෙන එකේ මේක මොකක්ද, (අ)

:       0       0

සමීර Saturday, 31 May 2014 12:35 PM

පාලකයිනි අපි හැමෝටම එක පාර වහ දෙන්න . නොමරා මරන්න එපා (ස)

:       0       0

ගිහාන් Saturday, 31 May 2014 12:37 PM

සමාගමට ඕන විදිහටද පිටිවල ගණන් උස්සන්නේ..? (ස)

:       0       0

බුද්ධික Saturday, 31 May 2014 12:38 PM

අපි මේ වේලක් කාල ඊලග වේල කන විදිහ ගැන හිතනවා. මීට වඩා හොඳ නැද්ද කෑම තහනම්ම කරලා දැම්මා නම්. (ස)

:       0       0

දිල්ශාන් Saturday, 31 May 2014 08:51 PM

අයියෝ! ඇයි 2.50 කින් වැඩි කළේ? අඩුම ගානේ රුපියල් 25 ක්වත් වැඩි කළා නම් හොඳයිනේ... (නි)

:       0       0

කසුන් Saturday, 31 May 2014 08:53 PM

අපි නම් ඊළඟ වතාවෙත් ඡන්දය දෙනවා (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 12:41 PM

කව්ද කියන්නේ රටේ දරුවන්ගෙන් 45% මන්දපෝෂණයෙන් පෙළෙනවා කියල.රටේ ගැබිණි මව් වරුන්ගෙන් 40% රක්ත හීනතාවයෙන් පෙළෙනවා කියල. (අ)

:       0       0

පියල් Saturday, 31 May 2014 08:58 PM

දැන් ඉතින් ඒවත් කාලා ඉවරයි වගේ.... (නි)

:       0       0

රේණුකා Saturday, 31 May 2014 12:41 PM

යුද්දේ ඉවර වේල දැන් ගොඩක් කල් ගිහින් නිසා අද බඩු මිල බහී හෙට බහී කිය කියා බල බලා ඉන්නවා මේගොල්ලෝ තවත් බෙල්ල හිර කරනවා. (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 12:42 PM

අධිවේගී මාර්ග,ගුවන් තොටුපොළවල්,වරායවල් තියෙන්නේ තව මොනවද ඉල්ලන්නේ? (අ)

:       0       0

සුමල් Saturday, 31 May 2014 12:42 PM

මේවා කරන අයටනම් හොදක් වෙන්න එපා (අ)

:       0       0

අරුණ Saturday, 31 May 2014 09:12 PM

මෙතන සහල් පිටි කන්න කියන අයගෙන් අහන්නේ, හාල්වල මිල අඩුවෙවිද පාන් මිල වැඩි කළ විට? (නි)

:       0       0

ගිහාන් Saturday, 31 May 2014 12:45 PM

අනේ බුද්ධික. එහෙම කළොත් වෙළෙන්දෝ පවු නේ. (අ)

:       0       0

වසන්ති Saturday, 31 May 2014 12:46 PM

පිටි මිල මීට වැඩ ඉහල දැමිය යුතුයි. අපි බත් සහ හාල් පිටි කෑමට පුරුදු වෙමු. (අ)

:       0       0

ජයත් සේකර Saturday, 31 May 2014 12:47 PM

අපි කන බොන දේවලින් 80% කම බදු (අ)

:       0       0

ප්‍රදීප් Saturday, 31 May 2014 12:52 PM

අපේ ආණ්ඩුවක් ආවොත් පාන් 3.50 දෙනවා.(අ)

:       0       0

නොවුෆ් හරීම් Saturday, 31 May 2014 10:43 PM

පාන් කෑම නතර කරමු. (ස)

:       0       0

වසන්ත Saturday, 31 May 2014 01:02 PM

පාන් නේ මිල ඉහල යන්නේ. දැන් ඉතින් අපි කේක් කමු! (ස)

:       0       0

තරංග Saturday, 31 May 2014 01:02 PM

වෙන මුකුත් නෙමේ යාලුවනේ ඔය ලංකාවේ ආශ්චර්යය වේගන එනවා (ස)

:       0       0

විමුක්ති Saturday, 31 May 2014 11:36 PM

මෙය ඉතා සුළු වැඩිවීමකි. මෙයට වග කිව යුතේ ඔබමය (ස)

:       0       0

අන්දරමාන Saturday, 31 May 2014 11:39 PM

ඔය සන්බන්ද ඇමති කියාවි ගොවියෝ රැකගන්න පිටිමිල වැඩි නොකර බැ කියල..ඔය ඇමතිට පිටි අඩුවට දෙන්න බැරිනම් හාල් ඇමති කෙනෙක් පත් කරලා හරි බැරිද රටේ දුප්පතා කන එකම එක හාල් වර්ගයක හරි මිල අඩු කරලා දෙන්න ..(ස)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 01:08 PM

ජය වේවා ! අපි අහවලාට!, ...අහවලා අපිට,! .......අහවලාට එන්න කියාපිය! ....මේවට උත්තර දෙන්න කියා පිය! .......ගිය පාරත් ,,,,,දුන්න බැටේ.........මේ පාරත් ......දෙනවා බැටේ!!..(අ)

:       0       0

නුවන් Saturday, 31 May 2014 01:11 PM

ජයවේවා! ආසියාවේ ඓශ්චර්ය! (අ)

:       0       0

ප්‍රියාන් Sunday, 01 June 2014 12:05 AM

පාන් මිල කොතරම් වැඩි කළත් ප්‍රශ්නයක් නැහැ.මොකද දැන් අපේ මිනිසුන්ට සල්ලි වලින් අඩුවක් නැහැනේ (නි)

:       0       0

ගයානි Saturday, 31 May 2014 01:15 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් !(අ)

:       0       0

කුසුම් Saturday, 31 May 2014 01:15 PM

රටේ පිටි මිල මේ විදිහට ඉහල යන්නේ සමගම හිතුමතේට මිල ඉහල දමන නිසා නොවෙයි. රජය පිටි සඳහා වැඩිපුර බදු අයකරන නිසයි. ඇත්ත ඒකයි. (අ)

:       0       0

සුසිර Saturday, 31 May 2014 01:16 PM

ගිහාන්, බය වෙන්න එපා පුන්නක්කු වල මිල තවම වැඩි කරලා නැහැ. (අ)

:       0       0

බිමල් Sunday, 01 June 2014 12:30 AM

මෙවන් රටක ඉපදීම ගැනත් මා හට ඇත්තේ දුකකි (නි)

:       0       0

බිමල් Saturday, 31 May 2014 01:25 PM

දේශපාලකයෝ හිතන්නේ ඡන්ද දායකයන් කියන්නේ මැතිවරණ සමයේදී විතරක් කන බොන සත්ව කොට්ටාසයක් කියලා වෙන්න ඇති. (අ)

:       0       0

අනගාරික Saturday, 31 May 2014 01:44 PM

රටේ පාලනය තමන්ගේ පෞද්ගලික පැවැත්මට මුල්තැන දීලා වැඩකරනවා මිසක් රටේ ජනතාවගේ මුලික ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.අපේ ඡන්ද දායකයන්ට ඒක තේරෙන්නෙත් නැහැ. ඒ නිසා පාලකයෝ හිතන්නනේ රටේ ජනතාව සතුටින් කල් ගෙවනවා කියලා . ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්ද බලය දීලා තියෙන්නේ ඒකට මිසක් ඒක එක්කෙනාට කඩේ යන්න නෙමෙයි (අ)

:       0       0

නදීක Sunday, 01 June 2014 02:04 AM

දැන් ඉතින් ඒකෙනුත් බඩේ පහර වැදෙන්නේ අපිටම නේද? (නි)

:       0       0

රංගන විරාජ් පාලිත Saturday, 31 May 2014 01:44 PM

පාලකයෝ කියයි "පාන් නැත්නම් බත් කාපල්ලා " කියලා, හාල් කිලෝ එක කියද කියලා පාලකයෝ හරියටම දන්නවද? (අ)

:       0       0

රසික Saturday, 31 May 2014 01:48 PM

සුබ අනාගතයක්. (අ)

:       0       0

බුද්ධික Sunday, 01 June 2014 03:11 AM

ඇමතිලා කියනවා පිටරටින් එන නිසා දේශීය දේ නංවන්න මිල වැඩි කරනවා කියලා. දේශීය දේ කිසිවක් නොකියාම වැඩි කරනවා. අන්තිමට කොහොම හරි හැමදේම වැඩිකරලා අපේ බඩටම ගහනවා (නි)

:       0       0

සඳුන් Sunday, 01 June 2014 03:13 AM

අපිට උගත්, බුද්ධිමත් මැති ඇමති, උපදේශක, මෙකී නොකී කණ්ඩායමක් ඉන්නවා නඩත්තු කරන්න. ඉතින් පාන්පිටි වලට සහන දෙන්නද කියන්නේ? ලබන පාරත් අපේ මනාපය අපි දෙනවා. ජයවේවා!!! (නි)

:       0       0

වසන්ති Saturday, 31 May 2014 01:57 PM

පාන් පිටි වෙනුවට හාල් පිටි කමු. පාන් පිටි වැඩි කරන එක අපේ ගොවියාට හොඳයි. (අ)

:       0       0

ගිහාන් Sunday, 01 June 2014 05:36 PM

ජනතාව ඉහළින් තියන්න ඕනෑනේ. ඒකයි බලාපොරොත්තුව. ලොකු ගණන් දීලා බඩු ගන්නවා කියලා අපිට දැන් කියන්න පුළුවන්. එතකොට අපිත් සල්ලිකාරයෝ කියලා අනිත් අය හිතයි. (නි)

:       0       0

රන්ජනී Sunday, 01 June 2014 03:31 AM

අපි මොනවා කරන්නද? (නි)

:       0       0

නාලක Saturday, 31 May 2014 02:09 PM

පාන් පිටි මිල ඉහලටම ගිහින් පාන් පිටි නිෂ්පාදන අධි සුඛෝපභෝගී අහාර බවට පත් වී සාමාන්‍ය පොදු ජනතාවට කන්න තියා හිතන්නවත් බැරි තත්වයට පත්වේවා! එතකොට හාල් පිටි අල බතල එළවලු පලතුරු වගේ දේශීය ආහාර තුන්වේලටම කන ශ්‍රී ලාංකික ජාතියක් බිහිවේවා ! (අ)

:       0       0

සේන Saturday, 31 May 2014 02:09 PM

දෙන පානුත් 2.50 කින් මිල වැඩිවෙයි දැනට 2500 කින් මාසයක් ජීවත් වෙන මට තව 2.50 හොයා ගන්න එක එච්චර ප්‍රස්නයක් නෙවෙයි (අ)

:       0       0

අශේන් Saturday, 31 May 2014 02:12 PM

ඊලග ඡන්දෙත් ජයග්‍රහාණය කරලා දුන්නා නම් කට්ටියට පාන් බනිස් වෙනුවට කේක් කන්ද පුළුවන්. (අ)

:       0       0

මනෝජ්-සාජා Saturday, 31 May 2014 02:20 PM

ඇත්තමයි මට දැනෙන සන්තෝෂයක තරම කියන්න වචන නැ. (අ)

:       0       0

බමුණු Saturday, 31 May 2014 02:22 PM

පිටි මිල කිලෝවකට රුපියල් 2.50 කින් වැඩි උනා නම් පන් කිලෝ භාගේ කියකින් වැඩිකොරන්න යනවද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 729 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1664 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1615 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 401 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 661 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 484 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site