(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිසියට වෙඩි තැබීමට උත්සාහ දැරීමේදී පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලායාමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පෝනාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ නිවසක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි
එම නිවසේ හිමිකාරිය වන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන "කළුබෝවිල සුදු නෝනා" නැමැත්තිය හා ගරාජ් හිමියකුද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි
එම නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 16 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 42 ක් රුපියල් 5000/= ක මිලකට අලෙවි කරන අයිස් මත්ද්‍රව්‍ය පැකට් 53 ක් කේරල ගංජා කිලෝ 2 කට ආසන්න ප්‍රමාණයක් ,මත්පෙති තොගයක් , විද්‍යුත් තරාදියක් හා ඇසුරුම් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත
අතුරුගිරිය බෝපේ බක්මී ගහපාර පදිංචි හෙට්ටිආරච්චිගේ සහන් ධනංජය හෙට්ටිආරච්චි නොහොත් පෝනා නැමැත්තා මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඉකුත් 4 වෙනිදින අතුරුගිරිය පොලිසියට ලද තොරතුරකට අනුව පිළියන්දල පොලිස් වසමේ සිකුරාදා පොළ හන්දියේදී රැකවල්ලා සිට මෝටර් රථය නැවතීමත් සමගම පොලිස් නිලධාරීන්ට ගිනි අවියක් එල්ල කර ඇති අතර පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී කිරීමේ පලා ගියේය.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෝනා සමග කුඩු බෙදූ නෝනා
MD Monday, 08 July 2024 09:01 AM
රැකවල්ලා සිටි (මොන වගේ ආරක්ෂක අවි ආයුධ සමගද ?).කෙලවල්ලෙක් අල්ලන්න මාලු දැලක් තියාගෙන හිටියාද?ලැජ්ජයි රාලහාමි.