IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පිනට දුන් ගවයා ලිපේ

මසට මැරීම සඳහා රැගෙන යද්දී පලා ගිය බව කියන ගවයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කටුගස්තොට කළුවානේදී  පුද්ගලයෙකුට  හදා ගැනීම සඳහා පිනට දී තිබියදී වසරකට පමණ පසුව ඔහු නැවත එම ගවයා මසට විකිණීමේ සිද්ධියක් පිළිබඳව කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි පොලිසිය පවසන්නේ මේ වන විට එම ගවයා මස් කරන්නට ඇති බවට සාක්කි ඇති බවයි.



අදහස් (0)

පිනට දුන් ගවයා ලිපේ

ලලිත් Sunday, 21 July 2013 04:31 PM

ඒ පුද්ගලයා කරපු වැඩේත් ඒ තිරිසනාගේ තිරිසන් ආත්මයත් අතර වෙනසක් මට නොපෙනේ (දී)

:       0       0

සහුල් Sunday, 21 July 2013 04:48 PM

ලංකාවේ ඉන්න හරක්ගේ වුනත් යම් පාලනයක් ඇති කළ යුතුයි. නැත්නම් මිනිස්සුන්ට ජීවත් වීමේදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නේද? (දී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 21 July 2013 05:29 PM

අනුර, ඒක තමයි. අපේ අය කවදාවත් ඒක තේරුම් ගන්නේ නැහැ නේ (දී)

:       0       0

ම්ර්ෆ් Monday, 22 July 2013 02:47 AM

ඇයි මිනිසුනේ හරක් මරණවට කෑ ගහනවා මිනිස්සු මරා ගන්නවට කිසිම සද්දයක් නැහැ.(නදී)

:       0       0

එදිරිසිංහ Monday, 22 July 2013 02:57 AM

පිටබැද්දර, බැරිද හරකෙක්ව අරගෙන පිනට හදාගන්න.(නදී)

:       0       0

සිද්ධීක් Monday, 22 July 2013 03:06 AM

ඇයි ගවයෙක් මැරුවා කියලා මෙච්චර දගලන්නේ? ගවයව වික්කේ කව්ද? (නදී)

:       0       0

පෙරේරා Sunday, 21 July 2013 05:43 PM

නිල රනා, අර ගව පට්ටිය කිවුවේ කොහාටද? (දී)

:       0       0

ක්‍රීකි Monday, 22 July 2013 03:13 AM

අනේ මන් දැන් නැහැ , මේ ගවයෝ මැරිල්ල නවත්තන්න කලින් මිනි මැරීම නැවත්තුවොත් හොද නැද්ද මන් අහන්නේ ? තේරෙන් නැති නිසයි අහන්නේ.?(නදී)

:       0       0

සමන් Sunday, 21 July 2013 05:44 PM

එළදෙනෙක් දුන්නත් කමක් නැහැ හරකාව තියාගෙන මොනවා කරන්නද? අනේ අපේ මෝඩ අයට මේවා තේරෙන්නේ නැහැ නේද? (අ)

:       0       0

ශාන්ත ලාල් Sunday, 21 July 2013 11:51 AM

කාරණය පරීක්ෂා කිරීමට අර කට්ටියට දෙන්න.(නදී)

:       0       0

ගාමා Sunday, 21 July 2013 11:57 AM

ඔක කරපු කෙනාව අල්ලලා උයන්ඩ තියෙන්නේ.(නදී)

:       0       0

අපොන්සු Sunday, 21 July 2013 12:13 PM

මසට ගවයෙක් විකිණීම තහනම්ද? අපරාද දණ්ඩ නීතියේ මොන වගන්තියද මේකෙන් කඩ වෙන්නේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (දී)

:       0       0

රධික Sunday, 21 July 2013 12:17 PM

මේ මනුස්සයා කළ මේ දේට පාඩමක් උගන්වන්න හයිය තිබුණ මිනිහෙක් හිටියේ නැද්ද ඔය පැත්තේ? (දී)

:       0       0

ගයාන් Sunday, 21 July 2013 12:18 PM

සත්ව ඝාතනය නවත්වන එක මේ පළාත් සබා ඡන්දෙ තේමාවක් කර ගනිමු. (දී)

:       0       0

රංජිත් සිල්වා Sunday, 21 July 2013 12:21 PM

සාන්ත ලාල් ඔය 150 බස් එකේ අන්තිම හෝල්ට් එකෙන් බහින්න. ඔයාගේ අමාරුව හරි යාවි.(නදී)

:       0       0

සුමතිපාල Sunday, 21 July 2013 12:22 PM

හරක් මස් රසට මිනිසුන් ගිජුයි (දී)

:       0       0

අහමඩ් Sunday, 21 July 2013 12:22 PM

හරකත් එක්ක පමණක් මෙච්චර මිනිස්සු තරහ ඇයි මන්දා? ඒත් බලන්න. ලංකාවේ දවසකට කුකුල්ලු, ඌරන්,එළුවන් මාළු කොපමණ මරනවද? මේවත් අපරාධ නේද? (දී)

:       0       0

ටිකි Monday, 22 July 2013 02:32 PM

පද්මිණි, ගෙදර ප්‍රයෝජනය ගන්නවා නම් මරන්න හොඳ නැහැ. එතකොට ගෙදර ප්‍රයෝජනයට ගන්නේ නැත්නම් මරන්න හොඳයිද? එහෙමද ? මාර තර්කයක් නේ... (නි)

:       0       0

අසංග Sunday, 21 July 2013 12:36 PM

ශාන්ත ලාල් ,අපි දන්නවා ඔයා මොකටද එන්නේ කියලා. ඒ කට්ටිය නිසා තමයි වැඩක් වෙන්නේ. ඒක මතක තියාගන්න. (දී)

:       0       0

මාර්ක් Sunday, 21 July 2013 12:41 PM

අනේ! ඒ මනුස්සයට මොන ප්‍රශ්නයක් ආවද කියලා අපි දන්නෙය නැහැනේ (දී)

:       0       0

මෝරලා Sunday, 21 July 2013 12:42 PM

අද ලංකාවේ මිනීමැරුම් කීයක් වෙනවද? අවශ්‍ය දේ ගැන බලන්නේ නැහැ අපේ මිනිස්සු (දී)

:       0       0

පද්මිණි Sunday, 21 July 2013 07:17 PM

අහමඩ්, හුසේන්,ගවයා යනු අපේ ගෙවල් වල ප්‍රයෝජනයට ගන්නා සතෙක්. මෙතන ආගමික ප්‍රශ්නයක් නෙමෙයි නේද තියෙන්නේ? (නි)

:       0       0

දිනේෂ් Sunday, 21 July 2013 01:23 PM

ඕක කරපු කෙනාව නම් තියන්න වටින්නෙ නැහැ (දී)

:       0       0

පෙරේරා Sunday, 21 July 2013 01:33 PM

ඔහුට දඬුවම් ඉබේම ලැබේවි. (දී)

:       0       0

නුවන් Sunday, 21 July 2013 01:54 PM

මේ වැඩේ කරපු කෙනාට නම් ලගදීම ප්‍රතිපල අනිවාර්යෙන්ම ලැබෙනවා (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 21 July 2013 01:53 PM

සොබා දහමෙන් උපරිම දඬුවම් ලැබේවි මෙයාට (දී)

:       0       0

නීල් රණා Sunday, 21 July 2013 01:55 PM

මෙතැනදී ගවයා ආපසු බාරදෙන බවට පොරොන්දු පත්‍රයක් නැත්නම් ඔහු නිදහස්. සමහරක් හිතන්නේ හරකෙකුට කන්නදී නඩත්තු කරන එක පහසු කටයුත්තක් කියලයි. මහරගම, නාවින්න වැනි දිවයිනේ බොහෝ ප්‍රදේශවල මහා මාර්ග දිගේ අයාලේ යවමින් හරක් පට්ටි පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතියෙන් කටයුතු කළයුතු අතර එවැනි අයාලේ යන හරක් දුටු තැන ඉවත්කර රජයේ ගව පට්ටියකට යොමු කල යුතුයි. (දී)

:       0       0

නිහාල් Sunday, 21 July 2013 02:05 PM

අහමඩ්, අපි ඉස්සෙල්ලාම ගව ගාතනය සහ ගව මස් කෑම නවතමු. ඊළඟට ඌරා,එළුවා, කුකුලා ලෙසින් කරමු. (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 21 July 2013 02:21 PM

එහෙනම් නිල්- රනා, ඔයාටත් ටිකක් කල්පනාවෙන් පාරේ යන්න වෙයි (දී)

:       0       0

අමර Sunday, 21 July 2013 02:26 PM

කැලේ නීතිය ක්‍රියාත්මක කරන්න හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි (දී)

:       0       0

රූපවතී Sunday, 21 July 2013 02:28 PM

අනේ! මට නම් මේකට මොකුත් ලියන්න බැහැ. හිතට ගොඩාක් දුකයි (දී)

:       0       0

අනුර Sunday, 21 July 2013 02:35 PM

ගව ගාතනය නැති කරන එක හොද වැඩක්.නමුත් ලංකාවේ සිදුවෙන මිනිස් ඝාතන පිළිබදවද මීට වැඩිය සැලකිලිමත් වියයුතුයි.රටේ නිතිය වල් වැදී ඇති නිසයි මෙතරම් විනාශයන් වෙන්නේ (දී)

:       0       0

ඉස්මෛල් හුසේන් Sunday, 21 July 2013 02:38 PM

බෞද්ධ ආගමේ විදියට නම් හැම සතෙක්ම මරනවට විරුද්ධ විය යුතුයි. එහෙම නේද ? නිකන් මේ එක ආගමකට පමණක් ගහන්න එපා හැම තිස්සෙම. අපේ අයත් මස් කෑම අඩු කරන්න බලනවා නම් හොඳයි. හැබැයි කනමදයෝ වගේ බොන අය අපේ අය අතරේ නැහැ. ඒක නිසා අපිට ටිකක් ආඩම්බර වෙන්න පුළුවන්. (දී)

:       0       0

ගයන් Sunday, 21 July 2013 03:07 PM

ඉස්මෙල්, මොහොමඩ් - එහෙම හිතුවට කුඩු ගහන කෙනාගේ සිට කසිප්පු ගහන අයත් ඔයාලා අතර ඕනෑ තරම් ඉන්නවා. අනික හරක් මරණ එක විතරක් නෙමේ අනික් ඒවත් පව් තමා. ඒත් කෙරෙන ක්‍රමය තමා මේක. ඒකයි මුලින් ගව ඝාතනය නවත්තන්න හදන්නේ.(නදී)

:       0       0

විමල් Sunday, 21 July 2013 03:14 PM

මෙන්න මම දන්නා සත්‍යක් කියන්නම් මගේ මිතුරියකුගෙන් ඇසුවා ඔයා හරක් මස් කනවද කියලා, අනේ මට ලැබුන පිළිතුර " චිකේ හරක් මස් කන්න පව් නොවැ නමුත් පීකුදු නම් ඉදලා හිටලා කනවා " කියලා.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 21 July 2013 09:21 PM

තමන් සතුව හිටපු ගවයා මසට විකිණීම පාපයක් තමයි. ඒත් ඒක නීති විරෝධීද? පොලිසිය මේකට මැදිහත් වුනේ මොකටද? (අ)

:       0       0

සෑම් Sunday, 21 July 2013 10:26 PM

තහනම් කරන තරමට හරක් මස් මිල අඩු වෙනවා. (අ)

:       0       0

අජිත් Sunday, 21 July 2013 04:04 PM

මනුස්ස ජිවිතයට වඩා ගව ජිවිතයට සලකන අපේ සදාචාරය ගැන කවර කතාද ?(නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 21 July 2013 04:06 PM

අයියෝ මොන දේටත් ආගම ගාවගෙන මරා ගන්නවා.මෙතන බලන්න ඕන, පිනට හදා ගන්න දීපු හරකා ව මස් කරපු මිනිහගේ තිරිසන් කම,නීතිය කොයි හැටි වුනත් (දී)

:       0       0

හුමන් Sunday, 21 July 2013 04:15 PM

මේ අයට හරකෙක් මෙරුවොත් තමයි ඔචචර අඩන්නේ,බලපල්ලා අද මිනිස්සුන් මරා ගන්න හැටි, උරන්ට පන නැද්ද මන් අහන්නේ? මේ මාළුන්ට ඇහෙම? අනේ මොකද මෙච්චර මෝඩ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1802 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1145 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2062 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 515 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2950 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site