IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


පැන්ඩෝරා චෝදනා ගැන රජයේ පියවර බයිබරි වාර්තා වෙන් පසු

(අජන්ත කුමාර අගලකඩ)

පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කර ඇති කරුණු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව ආණ්ඩුව පියවරක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ නියෝගය මත, අල්ලස් කොමිසම දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පැන්ඩෝරා පේපර්ස් මගින් චෝදනා එල්ල වී ඇති තිරු නඩේෂන් මහතා අල්ලස් කොමිසමට ඊයේ පැමිණ ප්‍රකාශයක් ද ලබා දුන්නේය.

පැන්ඩෝරා පේපර්ස් මගින්,හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියට සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතා ට චෝදනා එල්ල වී ඇති අතර,ඒ ගැන වහාම පරීක්ෂණයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයා අල්ලස් කොම්ෂන් සභාවට නියෝගයක් නිකුත් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් ගණනාවක් ප්‍රශ්න කර ඇති අතර,මේ පිළිබඳ රජයේ ස්ථාවරය වහා රටට ඉදිරිපත් කරන්නැයි ඇමතිවරුන් ගණනාවක් එහිදී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

 



අදහස් (20)

පැන්ඩෝරා චෝදනා ගැන රජයේ පියවර බයිබරි වාර්තා වෙන් පසු

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 09 October 2021 02:09 PM

තමන්ගේ නෑයින්ගේ නිදොස් බව සත්‍ය නම්, පැන්ඩෝරා පේපර්ස් ඉදිරිපත් කළ විදෙස් මාධ්‍යවේදීන් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය හැකියි. එසේ නොකොට මේ රටේ කෙරෙනා මේ විකාර මොනවාද? මෙදා පොටේ සත්‍ය වසන් කරනවා බොරු. තවත් හැට ගාණක් ඉදිරියේදී එළියට එනවා කියා රාවයක් පැතිර යමින් පවතියි. කමෝන් පැන්ඩෝරා...

:       1       59

69lakshayaSunday, 10 October 2021 01:37 AM

ඔය බොරු ජාත්‍යන්තර කුමන්ත්‍රණ අනේ. අපි මෙයාලටම තමයි ආයෙත් ඡන්දේ දෙන්නේ.

:       0       2

Royfedricks Saturday, 09 October 2021 02:55 PM

අනේ අපොයි. මොන පිස්සුද? ඔව්වා මේ සිරි ලංකාවේ සාමාන්‍ය දේවල්නේ. මිනිස්සුන්ට සුමාන 2යිනේ මතක තියෙන්නේ.. අර ප්‍රභාකරන් කිව්වා වගේ. ආයෙත් මේ හොර නඩය හෝ වෙනත් හොර නඩයක් බලයට පත්වේවි. ආයෙත් හොරකම් කරයි. එව්වා වහගන්න මිනීමරයි...

:       0       47

විපරමා Saturday, 09 October 2021 02:56 PM

දූෂිත පවුල් පාලනයක් පවතින රටක ආයේ අමුතුවෙන් කියලා මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       51

Bamunuarachchi Saturday, 09 October 2021 02:59 PM

පැන්ඩෝරා පේපර්ස් ලංකාවේ අයට කියන දේ බොරු...

:       32       11

පිටිගල මිලානෝ Saturday, 09 October 2021 06:12 PM

ජනාධිපති හොරු වැරදියි කිව්වත් බයියන් ඒකවත් පිළිගන්න කැමැති නැහැ. බයියන් නිකන් හිතාගෙන ඉන්නේ හොරකම් කරන සල්ලි වලින් කොටසක් ඒ අයටත් ලැබෙනවා වගේ... පව්...!!! 

:       3       27

පිටරැටියා Sunday, 10 October 2021 03:49 AM

ලංකාවේ ඉන්න සුද්දවන්ත දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන මුලු ලෝකෙම දන්නවා.

:       1       1

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Saturday, 09 October 2021 03:02 PM

මට වෙච්චි අසාධාරණයක් පිළිබඳව මා විසින් කරන ලද පැමිණිලි මත, මේ වන විට 25 වතාවකට වැඩි වාර ගණනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා විවිධ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. නමුත් අදටත් එකම පැමිණිල්ලකටවත් සාධාරණයක් ඉටු කර දී නැහැ. ඒ නිසා මම ඉතා දැඩි කලකිරීමකින් පසුවෙනවා. මම මේක සඳහන් කරන්නේ කාටත් දකින්නට තමයි. නීති විරෝධීව හෝ මට එරෙහිව විනය පරීක්ෂණයක් කළ ගරු ඒක පුද්ගල විනිශ්චය සභාව විසින් මා රජයේ මුදල් වංචාවක යෙදී නොමැති බවත්, ඉතා දීර්ඝ කාලයක් රජයේ ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බවත්, පෙර වැරදි කිසිවක් නොමැති බවත් සඳහන් කර මා සේවයෙන් නෙරපා නොහරින ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ට ලිඛිතවම උපදෙස් දී තිබියදී, හිටපු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා මා සේවයෙන් නෙරපා හැරියා. මේ සියල්ල මම අල්ලස් කොමිසමට දැනුම් දුන්නත් අදටත් කිසිම විසඳුමක් නැහැ. ඉතිං මෙවැනි ආයතන කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකිද?

:       1       51

කමල් Sunday, 10 October 2021 08:21 AM

ඔබතුමා මානවහිමිකම් කොමිසමට ගියාද? මම මානවහිමිකම් කොමිසම කාර්යක්ෂමතාව ගැන දන්නේ නෑ. හැබැයි ඒගොල්ලෝ කිව්වම මේගොල්ලොන්ට එතනට ගිහින් උත්තර බඳින්න වෙනවා. වැඩේ අදින කට්ටියව තව තැනකට ගෙන්න හරි යොමු කර ගන්න හරි කටයුතු කරන්න. එතකොට බොහෝ දුරට නිකම්ම වැඩේ වෙනවා. අනික ලියන හැම ලියුමක්ම විද්‍යුත් තැපෑලක්ම තැන් දෙක තුනකටවත් පිටපත් ලෙස සඳහන් කරල යවන්න. එතකොට අනික් තැන් වලින් තව දුරටත් විමසීමක් වෙනවා. ඒවට උත්තර බඳින්න වෙනවා.

:       0       2

මාම Saturday, 09 October 2021 03:47 PM

අවසන් වාර්තාව ලොක්කන්ට අවශ්‍ය විදියට, හිර ගෙදරට පිස්තෝලේ අරන් පැන්න මිනිහා ගැනත් කිසිම දෙයක් නැහැ. තමන්ගේ කෙනෙක් නම් නීතිය ඇස් වහගන්නවා.. ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ ළමයෝ...

:       0       33

ජගත් Saturday, 09 October 2021 04:24 PM

බයිබරි වාර්තාව? ඒ මොකක්ද?

:       1       21

සඳුන්Saturday, 09 October 2021 05:25 PM

ඔය හැම වාර්තාවකින්ම පස්සේ තමයි බයිබරි වාර්තාව එන්නේ.. පත්කළ අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ගෙන්... හරියට පාස්කු කොමිසමෙන් පස්සේ වගේ... නඩුවක් වැටිලා හිරේ ගියත් පවුලේ කෙනෙක් ඉන්නවනේ සමාව දෙන්න...

:       1       16

Janith Saturday, 09 October 2021 04:32 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා තියෙන්නේ නිකන්යැ...

:       0       32

Don Saturday, 09 October 2021 04:59 PM

මේ රටේ විවිධ දේ ගැන වාර්තා ජනාධිපතිලාට නම් කීයක් නම් ලැබුණාද? නමුත් එකකටවත් පියවර ගත්තාද? මේකත් එහෙම තමයි.

:       0       18

Ajit Saturday, 09 October 2021 05:18 PM

දන්නේ නැති හින්දයි අහන්නේ... අර බයිබරි වාර්තාව කියන්නේ බයියන් ගැන වාර්තාවක්ද..?

:       1       21

ගමේ එකාලාSaturday, 09 October 2021 07:09 PM

පවුලේ නෑයින් සම්බන්ධ නිසා බැරි බැරි ගාතේ හදන අලුත් තාලේ වාර්තාවක් වෙන්න ඇති...

:       1       18

ranjith Saturday, 09 October 2021 06:51 PM

රටේ සල්ලි කීප දෙනෙක් ඇද ගන්නවා. රට බංකොළොත් වෙනවා. අනේ මේ පුංචි රටට වුණු අවාසනාවන්ත කමක්..

:       0       20

Uvindu Sunday, 10 October 2021 10:27 AM

බයිබරි යන්න මොන පදනමක් මත භාවිතා කලාද යන්න නොතේරේ..

:       0       3

thuasahan Sunday, 10 October 2021 11:59 AM

ගරු ජනදිපතිතුමනි දිනෙන් දින ජනතා අප්‍රසදය වෑඩිවනවා මිසක් අඩුවිමක්නම් නෑත. වංචාව දුෂණය අවිනීතිය පෙර කවර්දාටත් වඩා වෑඩි වී ඇත. මෙ ආර්ථික ආගාධයෙන් ගොඩ එමට වහාම පැනඩෝරා ඩොලර් ලංකාවට ගෙන ආ යුතුයි - එය ඩොලර් හිගයට විසදුමක්.

:       0       2

සුදන්ත Monday, 11 October 2021 11:15 AM

වාර්ථාවේ සාරාංශය : පැන්ඩෝරා ලිපි දෝශ සහිත අතර එම චොදනා පදනම් විරහිතය. එම නිසා නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1446 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 283 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 535 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 768 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 552 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site