(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය කළ මඟී දුම්රියක් මගීන් අපහසුතාවට පත්වන ලෙස පානදුර දුම්රිය ස්ථානයේ පැය භාගයකට ආසන්න කාලයක් නවතා ගෙන සිටීම නිසා මගීන් සහ දුම්රිය කාර්‍ය මණ්ඩලය අතර උණුසුම් තත්වයක් ඇති විය.
මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුමරිය පාණදුර දුම්රිය ස්ථානයට ළඟා වුවද "තව ස්වලප වේලාවකින් ධාවනය වන" බවට නිවේදන නිකුත් කරමින් පැය භාගයකට ආසන්න කාලයක් දුම්රිය නවතා ගෙන සිටීම නිසා මගීහූ කෑ කෝ ගසමින් සිය විරෝධය පලකලහ.
එම දැඩි විරෝධය මධ්‍යයේ එම දුම්රිය කාර්මික දෝෂයකට ලක් ව ඇති බව නිවේදනය කිරීමත් සමඟ මගීහූ හූ කියමින් සිය අප්‍රසාදය පල කලහ.
මෑතක සිට බොහෝ දිනවල මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වන මෙම මන්දගාමී දුම්රිය නිකරුනේ පානදුර දුම්රිය ස්ථානයේ නවතා ගෙන සිටීම නිසා නිවෙස් බලා යන විශාල මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත් වන බවත් බලධාරීන් මේ කෙරෙහි අවධානය යොමු කල යුතුව ඇති බවත් මගීහූ චෝදනා කලහ.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පානදුර දුම්රිය ස්ථානයේ කලබලයක්
SL Wednesday, 26 October 2022 08:52 PM
මම හැම සදුදාකම නුවර ඉඳල කොළඹට එන්නේ 4.30am දුම්රියේ. ඒ දුම්රියේ මකුළු දැල් පිරිලා. මකුලුවොත් පිරිලා 2 class ,3-class compartment වල . මේවා සුද්ද කරන්න මිනිස්සු නැතිද? දුම්රිය දෙපාර්තමේන්තුවේ එක සිල්පරයක් උස්සන්න දහදෙනෙක් විතර ඉන්න අවස්ථා දැකල තියෙනවා. වල් ගලවන්න 4-5 දෙනා ඉන්නවා, හැමෝම වැඩ කරන්නේ නැහැ දෙන්නෙක් වැඩ කරනවා අනිත් අය බුලත් කොටනවා, තේ හදනවා. මේ වගේ කාලකන්නි ඉන්න , හොර OT ගන්න, ආයතන වල බර අපිට මයි, CGR එකේ ට්‍රේනින්ග් ගියපු සිසුන් දන්නවා මුන්ගේ යාඩ් වල කරන හොරකම්, කරන කාලය කන වැඩ, මේ බල්ලන් නිසා තමා රට මේ වගේ ව්‍යසනයකට පත්වෙලා තියෙන්නේ
pakeer Thursday, 27 October 2022 10:19 AM
ඔය කියන කොච්චිය හැමදාම,රත්මලාන ,මොරටුව හරි පානදුර හරි සෑහෙන වෙලා නවත්තන් ඉන්නවා .හරිම අදක්ෂයි .දුම්රිය සේවකයෝ .මිනිසුන්ගේ වෙලාව ,මිනිසුන්ගේ දුක මුකුත් තේරෙන්නේ නැති.නියම කාලකන්නි