(සුමිත් පොතුපිටිය බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශගතව සැඟව සිටින බව කියන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන "පානදුර සලිදු" නමැත්තාගේ ජාවාරමට අයත් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , ජාවාරම් මුදල් එක්ලක්ෂ පනස් හයදහසක් ,ඇසුරුම් කඩදාසි සහ විද්‍යුත් තරාදි ඇතුළු උපකරණ සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත්බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිව සිටින 36 සහ 28 වියැති අඹුසැමි යුවලක් බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම කර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 320 ක්, ජාවාරම් මුදල් රුපියල් එක්ලක්ෂ පනස් හයදාස් තුන්සීයක්, ඇසුරුම් කඩදාසි පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් , කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදි 2 ක් ජාවාරම සඳහා යොදාගත් බව කියන ජංගම දුරකථන 5 ක්, යතුරුපැදි 2 ක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුනා මහතා සමගින් කොස්තාපල්වරුන් වන තාරක (23013) ,රංග (29383), ලක්මාල් (93356), හසිත (94543),හේරත් (28810), ගිහාන් (97854) , කාන්තා ශසිකලා (13172) සහ පොකොරි අනුෂ්ක (97318) වැටලීමට වූහ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් අත්අඩංගුවට
SL Tuesday, 20 September 2022 01:39 PM
රටේ තරුණ පරපුරයි, පාසල් දරුවනුයි බේරගන්න වුවමනාවක්, ආසාවක් තියෙනවා නම් මේ අයට වෙඩි තියලා දාන්න. නැතිනම් එල්ලන්න.