IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පනාවැන්න අවුරුදු පාපැදි සවාරියේ ශූරයන්ට ලක්ෂ පහක තෑගී මල්ලක්

රුපියල් ලක්ෂ පහක තෑගි මල්ලක් පිරිනැමෙන කිලෝමීටර් 164ක් දුරැති කහවත්ත පනාවැන්න විවෘත පාපැදි ධාවන තරගයට ක‍්‍රීඩකයන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවයි. කහවත්ත පනාවැන්න අවුරුදු උත්සවය නිමිත්තෙන් මෙම 23 වැනිදා මෙම පාපැදි (ස්ටෑන්ඩඞ්) සවාරිය පැවැත්වේ. රත්නපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ අධීක්ෂණය හා මෙහෙයවීමෙන් මෙම තරගය පැවැත්වේ. ජයග‍්‍රාහකයාට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 75,000ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 50,000ක්ද, හතරවැනි ස්ථානයට රුපියල් 35,000ක්ද, පස්වැනි ස්ථානයට රුපියල් 25,000ක්ද ලෙස මුදල් තෑගි පිරිනැමේ. තරගයේ 20 වැනි ස්ථානය තෙක් මුදල් තෑගි ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. පැල්මඩුල්ල ආනන්ද මැණික් ආයතනය මෙම පාපැදි ධාවන තරගයට අනුග‍්‍රහය දක්වයි. තරග අයැදුම්පත් ලේකම්, හල්පාවල සණස සමිතිය, පනාවැන්න, කහවත්ත යන ලිපිනයට හෝ 0452226588 යන ෆැක්ස් අංකයට යොමුකළ යුතුය. රත්නපුර දිස්ත‍්‍රික්කයේ පදිංචි තරගකරුවන්ට විශේෂ ත්‍යාග පිරිනැමීමටද අනුග‍්‍රාහකයන් කටයුතු යොදා තිබේ. පනාවැන්න නගරයෙන් ඇරඹෙන තරගය රත්නපුර හරහා ඇහැලියගොඩ දක්වා ගොස් ආපසු රත්නපුරයට පැමිණ උඩවලවට ගමන් කරයි. උඩවලවෙන් ආපසු නැවත කහවත්ත පනාවැන්නෙන් තරගය නිමාවට පත්වේ. රාජ්‍ය පරිපාලන ඇමති ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත පනාවැන්න අවුරුදු උත්සවයට සමගාමීව මෙම පාපැදි තරගය පැවැත්වේ.



අදහස් (0)

පනාවැන්න අවුරුදු පාපැදි සවාරියේ ශූරයන්ට ලක්ෂ පහක තෑගී මල්ලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2106 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2204 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2759 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1893 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6536 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18457 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site