IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පාප්තුමාගේ ලංකා ගමන ස්ථිරයි

ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ලංකා ගමන ස්ථිර බවත්, දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ දියෝකිසයේ බෙනඩික් ජෝසප් පියතුමා කියයි.

ශ්‍රී ලංකාවට එන ලෙස පසුගිය අගෝස්තු මාසයේදී මහින්ද රාජපක්ෂ ජනපති පාප් වහන්සේට ඇරියුම් කළේය.

මීට කළින් 1970 දී හා 1995දී පාප්වහන්සේලා ශ්‍රී ලංකාවට පැහිණියහ.



අදහස් (0)

පාප්තුමාගේ ලංකා ගමන ස්ථිරයි

අනුර-නාවලපිටිය Sunday, 08 September 2013 08:24 PM

සතුටට කරුණක්.(නදී)

:       0       0

චන්දි Sunday, 08 September 2013 08:27 PM

මම මුළු හදවතින්ම සුබ පතනවා. මා දැන් ඉන්න රටට පාප් වහන්සේ මේ වසර මුල් කාලේ ආවා. අම්මෝ හිටිය සෙනගක්, අපි පෝලිමේ ගිහින් චෙක් පොයින්ට් වලින් චෙක් කරලා තමයි එතුමා යන පාරට ගියේ හොදට දැක ගත්තා. ඇත්තටම වාසනාවක්. ලංකාවේ අයත් ගිහින් බලන්න බුද්ධාගමේ උනත් කමක් නැහැ හැමෝම යන්න.(නදී)

:       0       0

ස්ටැන්ලි Monday, 09 September 2013 12:20 PM

ඔබ තුමාගේ පැමිණීම අපිට මහත් අත්වසිල්ලක් (දී)

:       0       0

සීල Sunday, 08 September 2013 09:28 PM

දැවෙන ප්‍රශ්න වලට එක ප්‍රතිකාරකයක්. ජැක්සන් ගේ මල්ලි ආව,ඊ ලගට චාල්ස් කුමාරයා, ඊලගට පොදුරාජ්‍ය , ඊටත් ලගට තව කව්රු හරි එයි. ප්‍රශ්න ඔක්කොම ඇද යට.(නදී)

:       0       0

සංජීව Sunday, 08 September 2013 09:35 PM

මම බෞද්ධයෙක්. ඒත් පාප් වහන්සේ ලංකාවට එන ගැන මට සතුටුයි. ඒක අපේ කිතුනුවන්ට ලොකු ගෞරවයක්. (නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 08 September 2013 09:42 PM

ප්‍රැන්සිස් පාප් වහන්සේව පිළිගන්න අපි සුදානමෙන් සිටින්නෙමු, ලොව ආගම් සමගිය තව තවත් ව්‍යාප්ත වේවායි පතමි.(නදී)

:       0       0

උශාම් දාන් Sunday, 08 September 2013 09:54 PM

ප්‍රැන්සිස් පාප් වහන්සේ සම්ප්‍රදායෙන් පිට දේවල් කරනවා.(නදී)

:       0       0

නෙතූ-නපෝලි Sunday, 08 September 2013 10:16 PM

සම්ප්‍රදායෙන් පිට උනත් කතෝලික අපිට හදවතින්ම සතුටු වෙන්න පුළුවන් දේවල් විතරයි පාප් තුමා මෙතෙක් කරලා තියෙන්නේ. පාප් තුමාගේ ලංකා ගමන රටටම ගෞරවයක්.(නදී)

:       0       0

වීර Monday, 09 September 2013 12:05 AM

ෂෙරිෆ්, නුඹලා නියම ආගමික සමගියක් ලොව පුරාම ඇති කරලා තියෙන්නේ. හතුරන් කියමින් තමන්ගේ වර්ගයේ අයවම මරා කනවා. ඉතින් අනෙක් ජාතින්ව කොහොම මරන් කයිද. ඒ අතින් ආගමික සමගිය උදෙසා කිතුනුවන් ලොවට ආදර්ශයක්.(නදී)

:       0       0

සෙන්තිල් Monday, 09 September 2013 12:41 AM

මේකේ අදහස් දා තියෙන බහුතරයක් කියලා තියෙන්නේ,මම බෞද්ධයෙක් ,නමුත් පාප් වහන්සේව පිළිගන්නවා කියලා. පුදුමය කියන්නේ අර වීරත් මොකක්දෝ ලියලනේ. (නි)

:       0       0

එදිරිසිංහ Monday, 09 September 2013 01:35 AM

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ආසියා සංචාරයට අපේ රටත් තෝරාගැනීම මුළු ආසියාවේම ලංකාව ගෞරවයට පත්වනවා සේම එම ලැබෙන ගෞරවය නොකෙළසිම අප ජනතාවගේ වගකීමකි (නි)

:       0       0

මෙරිල් Monday, 09 September 2013 02:08 PM

ඔබ වහන්සේ ,,සාදරයෙන් පිළිගනිමි..සාදර හිමියනි .......... (ස)

:       0       0

පියල් Monday, 09 September 2013 06:43 AM

පාප්තුමනි,අප ඔබතුමන් සාදරයෙන් පිළිගන්නෙමු. අපගේ සුන්දර දිවයින බලා අපගේ නිහතමානි ආගන්තුක සත්කාර ලබන්න. වසර 2500 කට වඩා ඉපැරණි ධර්මද්වීපයේ අපගේ සංස්කෘතිය අත්විදින්න. අපි ඔබතුමන් සාදරයෙන් , ගෞරවයෙන් , ආදරයෙන් පිළිගන්නෙමු (නි)

:       0       0

මංජුල අබු ධාබි සිට Monday, 09 September 2013 02:20 PM

ශුද්ධෝත්තම ජුවාම් පාවුළු පාප් වහන්සේ සැපත් වුන අවස්ථාවේ ප්‍රධාන දේව මෙහෙය පවත්වපු ගාලු මුවදොර පිටියේ ඉඳිකරන ලද වේදිකාව ශ්‍රී ලංකේය කලාවන් පිළිබිඹු කරමින් අලංකාරව නිර්මාණය කලේ අපවත්වී වදාල පුජ්‍ය මාපලගම විපුලසාර හිමියන් විසිනි. එය ශ්‍රි ලංකාවේ පමණක් නොව ලොව පුරා කිතුනුවන්ගේ කතාබහට ලක් වුනා. බෞද්ධයන් හැටියට අපටත් ඒ ආඩම්බරය බුක්ති විඳින්න ලැබුණා. ඒ පමණක් නොවෙයි උන්වහන්සේට වතිකානු රාජ්‍යයට වැඩම කොට පාප් වහන්සේ බැහැ දැකීමට පවා හැකියාව ලැබුණා. මතකද දන්නේ නැහැ බොහෝ දෙනෙක්ට. (ස)

:       0       0

අචිනි Sunday, 08 September 2013 05:17 PM

ඉතාම සුබ ආරංචියක්. එසේම සිදුවේවා.(නදී)

:       0       0

ධම්ම Sunday, 08 September 2013 05:19 PM

ප්‍රැන්සිස් පාප් වහන්සේ සම්ප්‍රදායෙන් පිට දේවල් කරන අයෙක් බව මා අසා තිබෙනවා. (නදී)

:       0       0

ඉසුරු Monday, 09 September 2013 07:59 AM

දැන් කවදා විතරද මේ පැත්තට එන්නේ (දී)

:       0       0

සේරම් Monday, 09 September 2013 02:47 PM

මා බෞද්ධ කෙනෙකු වුවත් මෙතුමාට ලොකු ගරු කිරීමක් මගේ හදවතේ ඇත . ඒ ඔහුගේ නිහතමානීකාමි කම නිසාය . ඔබගේ පැමිණීම අපට ලොකු ගෞවරවයක්. . ඔබව අපි සාදරයෙන් පිළිගනිමු.(නදී)

:       0       0

ලක්මාල් Sunday, 08 September 2013 05:57 PM

අපේ ප්‍රණාමය!(නදී)

:       0       0

මොහොමඩ් Monday, 09 September 2013 08:34 AM

අමිල, ඔබ ඇත්තම බෞද්ධයෙක්ද (පන්සල් යන / නොයන වශයෙන්) (නි)

:       0       0

රන්ජනී Sunday, 08 September 2013 06:16 PM

ධම්ම පොඩ්ඩක් කට පරිස්සම් කර ගන්න ජාතිවාදියෙක් වෙන්නනේ නැතුව හොඳේ ?(නදී)

:       0       0

දසුනි Sunday, 08 September 2013 06:19 PM

ලක්වාසී කිතුනුවන්ට ඉතාමත් සතුටුදායක පුවතක්. එතුමා සම්ප්‍රදායෙන් පිට යමක් කරනවානම් කරන්නේ, යහපත්,ආදර්ශමත් දේවල් පමණයි.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 08 September 2013 06:43 PM

පාප් තුමා සම්ප්‍රධායෙන් පිට මෙතෙක් කළ සියළු දේට මමත් එකගයි.(නදී)

:       0       0

ප්‍රියා Monday, 09 September 2013 09:46 AM

හරිම සතුටුයි. අපිට බලන්න වෙන්නේ නැහැ. ඒත් කමක් නැහැ. එදිරිසිංහ කියපු එක හරි. දැන් මුළු ලෝකෙම අවධානය අපේ ලංකාව දෙසට යොමු වේවි. මේ ඇත්තම වීරද ? මං හිතාගෙන හිටියේ. (නදී)

:       0       0

වීර Sunday, 08 September 2013 07:05 PM

එතුමා ඉතාම හොඳ නිහතමානි පාප්තුමෙක්.(නදී)

:       0       0

අරුසිය Monday, 09 September 2013 10:22 AM

විරේට අමු කැවිලද කොහෙද යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (දී)

:       0       0

ලුම්බිණි Sunday, 08 September 2013 07:19 PM

මේ වගේම පුළුවන් නේ දලයි ලාමා තුමාටත් ඇවිත් යන්න කියලා ආරාධනාවක් කරන්න. (නදී)

:       0       0

අරුණ Monday, 09 September 2013 10:50 AM

සර්ව ආගමික නායකින්ම තම තමන් තුලින් දකින්න . එයයි අවශ්‍ය . (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 09 September 2013 10:45 AM

චන්දි, අපි පෝලිමේ ගිහින් චෙක් පොයින්ට් වලින් චෙක් කරලා තමයි එතුමා යන පාරට ගියේ....චන්දි පනින රිලවුන්ට ඉනිමන් බඳින්න යන්න එපා.දැන් එතින් අපේ දේශප්‍රේමියෝ ටික පින් පෙට්ටි තියන් බලන් ඇති අරකත් ඩැගැ ගන්න.හරියට ධාතු ප්‍රදර්ශනය කරලා අපේ සැදැහැවත් අම්මලා තාත්තලා පින් පෙට්ටියට දාපු සල්ලි ටික ඩැගැ ගත්තා වගේ.කිසිම පන්සලකට ඒ ආධාර ලැබුනේ නැහැ.මම කියන්නේ ඇත්ත . (ස)

:       0       0

කමල් Sunday, 08 September 2013 07:28 PM

කිතුනුවුන්ට පමණක් නොවේ බොද්ධ අයටත් සතුටුදායක පුවතක් මගේ දැනීමේ හැටියට. අප සැවොම පිදිය යුත්තාට පිදීමට දන්නා ජාතියක්. යටි අරමුණු නැති සාර්ථක සංචාරයකට පිං ලැබේවා!(නදී)

:       0       0

රනේෂ් Sunday, 08 September 2013 07:33 PM

ලුම්බිණි, දලයි ලාමා මෙහෙට ඇවිත් යන්න පුළුවන්. එහෙම උනොත් චීනය අපේ රටට කරන දේ බලාගන්න පුළුවන්.(නදී)

:       0       0

මංජුල අබුධාබි සිට Sunday, 08 September 2013 07:33 PM

මම බෞද්ධයෙක් වෙලත් ජුවාම් පාවුළු පාප්වහන්සේ සැපත් උන වෙලාවේ බොහොම කිට්ටුවෙන්ම ඉඳල දැක ගන්න වාසනාව ලැබුණා. නමුත් මේපාර ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොනවා උනත් සියලු ශ්‍රී ලංකික කතෝලික බැතිමතුන්ට මම හදවතින්ම සුබපතනවා උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය දැක ගන්න ලැබෙන එක ගැන.(නදී)

:       0       0

දමින්ද Monday, 09 September 2013 11:36 AM

ආගමික සහජීවනය නංවන්න පුළුවන් තැනක් වෙයි (දී)

:       0       0

මිනිපෙ Sunday, 08 September 2013 08:05 PM

ඔබ වහන්සේව සාදරයෙන් පිළිගන්න අපි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නෙමු. (නි)

:       0       0

අමිළ Sunday, 08 September 2013 08:07 PM

මම බෞද්ධයෙක්. ඒ උනත් උන් වහන්සේ ලංකාවට එන එක ගැන මට හරි ආඩම්බරයි. මොකද ලංකාවේ පිනට උන් වහන්සේ එන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 721 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1007 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 200 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4823 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1561 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31048 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23740 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 429 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site