පාපන්දු ලීග නිලවරණ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුමැතියෙන් පමණක් පැවැත්වීමට අවසර දෙන බව එම සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.
පාපන්දු ලීග ලෙස ක‍්‍රියාත්මක වන දිස්ත‍්‍රික් හා අනුබද්ධ සංගම් 44 ක් දැනට ක‍්‍රියාත්මක වන අතර නිලවරණ පැවැත්වීමේදී ආරවුල් ඇතිවීම වැළැක්වීම සඳහා පාපන්දු සම්මේලනයේ අවසරය ඇතිව පමණක් නිලවරණ පැවැත්වීමට දෙන බවත් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.
මින් ඉදිරියට පාපන්දු ලීග නිලවරණ පාපන්දු සම්මේලන නියෝජිතයන්ගේ අධීක්‍ෂණයෙන් පැවැත්වේ.
මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය පැවැත්වීමේදී අර්බුදයක් ඇතිවූයේ යැයි ප‍්‍රකාශ වුවද එම නිලවරණය පාපන්දු සම්මේලනයේ නියෝජිත පිරිසකගේ අධීක්ෂණය ඇතිව, ඉතා සාර්ථකව පවත්වා අවසන් කළ බවද රුද්‍රිගු මහතා ලංකාදීපයට පැවසීය.
මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණයේදී දෙපාර්ශවයක් නාම යෝජනා බාරදී තිබුණු අතර එහි හිටපු සභාපති ඇන්ටන් පිනරාඩෝ මහතා නිලවරණය අවස්ථාවේදී නාමයෝජනා ඉවත්කර ගැනීමෙන් සභාපති තනතුර සඳහා හිටපු ලේකම් ඇනින් කනගේෂවරන් මහතා නිතරගයෙන් පත්විය.
පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා ඇතුළු එහි ඉහළ පෙලේ නිලධාරීහු පිරිසක් නිලවරණය අධීක්ෂණය කිරීමේ කටයුතු සඳහා සහභාගි වූහ.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාපන්දු ලීග් නිලවරණ සම්මේලනයේ අනුමැතියෙන් පමණයි