(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන ආයතනවල ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට (කෝප්) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
මේ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් ලබන 3වැනිදාද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානීන් ලබන 4 වැනිදාද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධානීන් ලබන 6 වැනිදාද කෝප් කමිටුව හමුවට කැදවෙනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැස්වීම් 13ක් ලබන මස පළමු සතියේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය .
එමෙන්ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවද රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවේ ලබන මස 03 වැනිදා විමර්ශනයට ලක් කිරීමට නියමිතය .
අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 3වැනිදාද සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එදිනමද රැස්විමට නියමිතය.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 4 වැනිදා පැවැත්වේ.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 5 වැනිදාද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය .
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්රධාන
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන හතරක් ලබන සතියේ කෝප් කමිටුව හමුවට
sam Thursday, 29 July 2021 11:13 AM
කිසිම වැඩක් වෙන්නේ නැහැ .හොරුන්වම ආයිත් පත් කර ගෙන .දැක්කනේ ක්‍රිකට් වලින් හොරා කාපු එවුන්ව කෝප් එකෙන් අල්ලලා දීලත් ඉස්සර , හොරා එළියේ නිදැල්ලේ .දැන් කට්ටියට චෝදනා තියෙද්දිත් අදෘශ්‍යමාන බලවේගයකින් විරුද්ධව චන්දෙ ඉල්ලලා ඒ ගොල්ලෝ ඉල්ලා අස්වෙලා හොර නඩේම ආයිත් පත් වෙනවා .ඉතින් හොරුන් එක්ක එකට හිට ගන්නේ කවුද ? උත්තරේ ඔබට භාරයි .අහෝ ලංකාවට ගිය කලක් .නඩුයි බඩුයි දෙකම හමුදුරුවන්ගෙනේ .දේවාලේ කපුවා ඇදේට යනකොට කොහෙද ඕයි ගෝලයෝ කෙලින් යන්නේ .
දිසා.....ගම්පහ. Thursday, 29 July 2021 12:18 PM
කෝප් කමිටුව වෙත කැඳවා අතීත කරුණු විමසීමෙන් පමණක් වන ඵලය කුමක්ද ? අතීතයේ වැරදි සිදු කළ වුන්ට දඩුවම් ලබාදීම / පාඩු පියවා ගැනීම් වැනි තත්ත්වයක් ජනතාවගේ අපේක්ෂාවය. නොමැතිව කෝප් කමිටුව පවත්වාගෙන යාම සදහා ජනතා මුදල් වැය කිරීමත් නාස්තිකාර ක්‍රියාවක් ලෙස දකිමි.