ඉතාලියේ බ්‍රේෂියා චැලෙන් ජර්ස් නගරයේ පාපන්දු ක්‍රීඩා සමාජය දෙවැනිවරටත් සංවිධානය කළ වැලෙන්ජර්ස් පාපන්දු තරගාවලියේ ශූරතාවය වෙරෝනා නගරයේ ජෝලි බොයිස් ඒ කණ්ඩායම දිනා ගත්තේය. ස්ට්‍රීට් බෝයිස් කණ්ඩායමට අනු ශූරතාවය හිමි විය. මෙම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ මතකයෙන් ඈත්වී ඇති ඉතාලියේ සිටින දක්ෂ ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයන් සොයා ඔවුන්ගෙන් සිදු වූ සේවයට උපහාර පිදීමයි. ඒ අනුව මෙවර තෝරා ගන්න ලද්දේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් අමිල සේවයක් කළ මිලානෝ එස්.එම්. කපිල ජානක මහතාට උපහාර පිදිමයි. හලාවත ආනන්ද මහා විදුහලෙන් හා වෙන්නප්පුව ජෝශප් වාස් මහා විදුහලෙන් අධ්‍යාපනය ලබා හලාවත චිලාව් බෝයිස්, වෙන්නප්පුව නිව් යන්ග්ස්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම, කොළඹ යෝක් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කනිෂ්ට කණ්ඩායම ද නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා හා ජයග්‍රහණ ලබා ඇත. 1995 ඉතාලියට පැමිණි මොහු ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායම් දෙකක් වන මිලානෝ නගරයේ සෙලනියන්ස් හා බ්රේෂියා නගරයේ බ්රේෂියා පාපන්දු කණ්ඩායම්වලට ජයග්‍රහණ අත්පත් කැර දුන්නේය. පාපන්දු ක්‍රීඩාවට මඟ පෙන්වූ වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ කලමනාකරු වන රෝහිත ප්‍රනාන්දු මහතා ඔහු සිහිපත් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණුපස සිටින්නේ ???(ස)
වෙන්නප්පුවට බණින අයට මේක හොද උත්තරයක්. (නි)
වෙන්නප්පුවට අපහාස කරන නන්දන පනාගොඩ මහතාට අපගේ ආරාධනය මෙයටද හැකි අපහාසයක් කරන ලෙසටයි. ස්තුතියි! (නි)
ජෝශප් වාස් කොල්ලෙක් නම් ආයෙ අහන්න දෙයක් නැහැ. සුභ පැතුම්! (නි)
ඉතාලියේ ක්‍රීඩා සමාජයකට බැදෙන්න බැරිද? (නි)
ජයවේවා
ආඩම්බරයි ඔබලා ගැන , සුබ පැතුම් (ස)
වැඩි ගාණකට ක්ලබ්වලින් ඉල්ලාවි (ස)
දකුණුපස සිටින්නේ රෝහිත ද????? (ස)
ඉතාලියේ පාපන්දු හා ලංකාවේ පාපන්දු . අනේ මන්දා (ස)
සුනන්ද මුදල් මත්පැන් දේවත්වයෙන් සලකන අයට අධ්‍යාත්මික වටිනාකමක් කියාදීම අපහසුදෙයක්ද?(නු)
ලංකාවේ මෙන්ම ඉතාලියේ ලාංකිකයන්ද හැම මුල්ලකම පාපන්දු කණ්ඩායම් හදාගෙන ඉන්නවා.. ඒවාට ඕනෑම කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවං... හරි දක්ෂයෙක්නම් ඉතාලි ක්‍රීඩා සමාජයක කණ්ඩායමකට ඇතුල් විය යුතුයි..!(නු)
ඉතාලි ක්‍රීඩා සමාජවල වල සෙල්ලම් කරන්න තිබුණා, ඉතාලියට වීසා ඇතුව ඒ දවස්වල ආවා නම්. මොනවා වුණත් ඔබ දක්ෂයෙක් ජානක,මේ වැනි දෙකින් පිදුම් ලබන්න ලැබීම. (නි)