IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පෙම් දිනයේ දහම් ගඟ ගලයි

පෙම්වතුන්ගේ දිනය වෙනුවට දහම් මග යන තරුණ තරුණියන් පිරිසක් බිහි කිරීමේ අරමුණ ඇතිව මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ ‘යොවුන් දහම් සක්මන‘ ආගමික වැඩසටහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැති වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.

10422488_13155993552016215324682_n 12687854_1198920162157505626031_n 12687896_20162150800965_n 12687953_1315598985133220162153787_n 12705567_13155980620162156929_n 12715543_119897225672016215n 12717197_1198968246720162158551671_n 12742723_1198971366797620162152108744_n 12743650_1198969766201621501_n 12744136_1198971320162155126501720318_n 12744727_11989620162156908_n

943921_1198973460130749_8277486732827274200_n

ඡායාරූප - මහාමේඝ මාධ්‍ය ජාලය අනුග්‍රහයෙනි



අදහස් (0)

පෙම් දිනයේ දහම් ගඟ ගලයි

නිමන්ත Wednesday, 17 February 2016 03:35 PM

නිල්මිණි වගේ ලාමක අදහස් ඉදිරිපත් කරන අයට කියන්නේ අනාගතේ දවසක ළමයි හදලා එයාලා නොමග ගියාම සමාජයට වැරදි කියන්නේ නැතිව ඔයාලටම දොස් කියා ගන්න. පින් සිද්ධ වෙයි. මෙතන මෝඩ අදහස් දාන්නේ නැතිව වෙන වැඩක් කරගන්න (බ)

:       0       0

සෝරත හිමි Tuesday, 16 February 2016 12:22 PM

ගොඩක් හොඳ වැඩක් (බ)

:       0       0

සුරංග Monday, 15 February 2016 09:03 AM

මම පිටරටක වැඩකරන කෙනෙක්. මව්වරුන්ගේ දිනයේ දී මගෙන් මෙහෙ ඉන්න යාලුවෝ ඇහුව ඇයි මම අම්මට තෑග්ගක් යවන්නේ නැත්තේ කියල අවරුද්දකට සැරයක් එන මෙහෙම දවසක. මම කිව්වා ඔයගොල්ලන්ට අවුරුද්දට මව්වරුන්ගේ දිනය තියෙන්නේ එකයි උනාට අපිට හැමදාම මව්වරුන්ගේ දිනයේ කියල. අපිට අම්මට තාත්තට සලකන්න වෙනම දවස් ඕන නෑ කියල. (කෞ)

:       0       0

දිසානායක Monday, 15 February 2016 11:36 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

සුරංග Tuesday, 16 February 2016 12:27 PM

සරු දේ සරු වශයෙනුත් නිසරු දේ නිසරු වශයෙනුත් දකින්න.වැලන්ටයින් එක ප්‍රෙමා්ට් කරාට අපිට කමක් නෑ, හැබැයි එය අපේ රටේ හොඳකටනම් හිට්ටේ නෑ. වාර්තා කියවල බලන්න (කෞ)

:       0       0

නිල්මිණි Monday, 15 February 2016 09:10 AM

වැලන්ටයින් දවසට සිල් ගන්න වෙසක් දවසට ජෝඩු දාල තොරණ සහ භූත ගුහාව බලන්න යන හැමදේම පටලවා ගත් මිනිස්සු ඉන්නේ. වැලන්ටයින් දිනය තිබෙන්නේ ආදරය කරන්න. සුළු මුදලකට මලක් මිලදීගෙන බිරිඳට හෝ පෙම්වතියට තිළිණ කළාට, තමන් වෙහෙස වී කාඩ්පතක් සකසා සැමියාට හෝ පෙම්වතාට තිළිණ කළාට, හාද්දක් දුන්නාට අපායේ යයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. එදාට තරුණයන්ට එළිමහනේ උයන් වල ආදරේ කරන්න ඉඩ නොදී ඒ අයව අඳුරු කාමර වලට ගාල්කරන්නේ දුරදිග නොහිතන වැඩිහිටියෝම තමයි. තරුණ වයසේ ආදරේ වින්ඳේ නැතිවුණාම තමයි පසුව වැඩිහිටි වයසේදී ගැහැණු ළමයෙකුට බස් එකේවත් පාඩුවේ යන්න ඉඩ නොදෙන වැඩිහිටියෝ බවට පත්වෙන්නේ. (ර)

:       0       0

සුරංග Monday, 15 February 2016 09:12 AM

සුමනපාල, මෙයින් අදහස් කරන්නේ ආදරය වැරදයි කියන එක නෙමෙයි, ආදරයේදීත් හැසිරිය යුතු ගුණධර්ම හා සාරධර්ම ගැනයි. ෆේස් බුක්, වයිබර් වගේ සිල්ලර ආදරය රජ කරන කාලෙක. තමන්ගේ ආත්මගෞරවය රැකගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන ආකාරයයි. පුවත් පත් වල ඇති මංගල යෝජනා තීරය සහ ගෙදරට නාකි වෙන තරුණ කන්න්තාවන් දෙස බලනවානම් එක වැලන්ටයින් එක නොසමරිම හේතුවක් නොවෙයි. සමහරවිටවැලන්ටයින් එක සමරපු එකේ ප්‍රතිපලයක් වියහැකියි. (ර)

:       0       0

චමිලා උපමාලී Tuesday, 16 February 2016 06:29 AM

හුඟක් වටිනවා. සංසාර ගමනේ දුක අවබෝධ කරගෙන, ඒ දුකෙන් අත්මිදෙන මඟ හොයාගෙන යන ඔයාලා හැමෝටම ඒ ගමන සාර්ථකව නිමා කරගන්න ලැබේවා! (නි)

:       0       0

දුමින්ද Monday, 15 February 2016 01:23 PM

අපි හැමදේම පටලව ගෙනද (අ)

:       0       0

චන්දික Monday, 15 February 2016 09:27 AM

ඉතාම හොද වැඩක්. (ර)

:       0       0

නිශාදි චින්ත ධර්රත්න Monday, 15 February 2016 01:29 PM

මේ වැඩසටහනේ විඩියෝ එකක් පෝස්ට් කරන්න පිං (අ)

:       0       0

අබේරත්න Tuesday, 16 February 2016 11:40 PM

උතුම් වැඩක් (නි)

:       0       0

උමයංගනී Tuesday, 16 February 2016 11:48 PM

සිල් ගන්න පෝය දවසක්ම තෝරාගන්න පුරුදුවෙලා ඉන්න එක තමයි මෙතන මෙච්චර කතා ගොඩක් කියන්න හේතුවෙලා තියෙන්නේ. නිදහසක් නැති ජීවිතයේ අඩුම තරමේ පෝය දවසේවත් සිල් ගන්න පුරුදුවෙන්න ඕනෑ නිසයි පෝය දවසේ සිල් රකින්න ශීල වැඩසටහන් පන්සල් වලින් තියන්නේ. ගිහි ජීවිතයක් ගතකළත් හරියට ධර්මය අවබෝධ කරගත් කෙනා හැමදාම සිල්රකින්න උත්සාහ කරනවා සහ සිල්රකින එකට දවසක් වෙන්කරගෙන ඉන්නේ නැහැ. ඒ වගේම වැලන්ටයින් දවස කියා නම් කර තිබෙන දවසේ, තම තමන් කැමති පරිදි තමන්ගේ දවස ගතකළ හැකි අතර කරන සහ කරන්න යෙදුනු අර්ථවත් ක්‍රියාවලට ගැරහීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 16 February 2016 01:49 AM

ආදරය කරන්න එක දවසක් මොකටද කියන අයගෙන් අහන්නේ. එහෙනම් මොකටද සිල් ගන්නත් පෝය දවසක්? ඕනෑ දවසක පුළුවන්නේ. ඇයි අලුත් අවුරුදු දවසක්? මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇති පදනම් නොදන්නා අය ගැන අනුකම්පා කරනවා මිස මොනවා කරන්නද? (නි)

:       0       0

නිල්මිණි Tuesday, 16 February 2016 01:49 AM

සිල් ගන්න ඕනෑ වෙසක් දවසට ජෝඩු දාලා තොරණ සහ භූත ගුහාව බලන්න යන හැමදේම පටලවාගත් මිනිස්සු අපේ රටේ ඉන්නේ. ඔන්න ඒ අයගේ අවබෝධය. (නි)

:       0       0

උමයංගනී Tuesday, 16 February 2016 11:58 PM

මේ කරන්න යෙදුනා වූ උතුම් කටයුත්ත අගයන්නෙමි. (නි)

:       0       0

රන්දිම Wednesday, 17 February 2016 04:58 AM

නිති සිල් රකින්නට..... විදසුන් වඩන්නට පෙලඹුවේ අප සැවොම... ඔබයි සමිඳානණේ ..... පොළොවෙ ගල් කැට අතර.... දිලිසෙන මැණික් සේ මිසදිටු ලොවක් තුල... අපට සක්විතිය ඔබ.....(බ)

:       0       0

ප්‍රියංගි Tuesday, 16 February 2016 10:40 AM

අපේ තරුණ තරුණියන්ව ධර්ම මාර්ගයේ ගමන් කරවන්න ගත් මේ උත්සහයට ඔබවහන්සේට පින් සිදුවේවා! (නි)

:       0       0

චානක Monday, 15 February 2016 05:55 AM

හොඳ වැඩක් (බ)

:       0       0

දිලීප් Monday, 15 February 2016 09:53 AM

එක හරි වලන්ටින් දවස තියෙන්නේ සිල් ගන්නද ආදරේ කරන්න දවසක් නෑ එතකොට. (ර)

:       0       0

වසන්ත රත්නායක Monday, 15 February 2016 05:49 AM

අපේ ගමේ පන්සලේ දායක සබාවේ ඉන්නේ අවු . 75 ට වැඩි උපාසක මහතුන්. ඔව්න් තරුණයන්ට පන්සලේ කිසිම වගකීමක් භාර දෙන්නෙත් නැහැ. ඔවුන් වැඩක් කරන්නෙත් නැහැ. (බ)

:       0       0

නිල්මිණි Tuesday, 16 February 2016 07:41 AM

සුරංග, පිටරටින් ආවේ මනස්ගාත විකාර කියලා කියන්න එපා. බුද්ධාගම ආවෙත් පිටරටින්. ඒ කිව්වේ ඉන්දියාවෙන්. ඒ වුණාට බුද්ධාගමේ වටිනාකම අඩුවෙන්නේ නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශන කරලා තිබෙන්නේ වැරදියට දහම අල්ලගත්තොත් සර්පයෙක් බඳෙන් අල්ලගත්තා වගේ කියලා. වැලන්ටයින් දිනයත් එහෙමයි. ඒක හරියට අල්ලාගන්නේ නැතුව නිෂ්ඵල දේ කළාට කිව්වට වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

නාලක Thursday, 25 February 2016 06:07 PM

සාධු සාධු සාධු!!! නමෝ බුද්ධාය ..! මහමෙව්නාවෙන් කෙරෙන සේවය මිලකළ නොහැකියි. මේ වැනි දහම් වැඩසටහන් තව තවත් පැවැත්වීමට අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා! මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

එරන්දි Tuesday, 16 February 2016 11:06 AM

නිල්මිණි, ඇත්තටම ඔය නොදන්නවා වුණාට ශීලය කියන දේ වසරේ එක දවසක් නෙමෙයි, මාසේ එක දවසකවත් නොවේ, තථාගතයන් වහන්සේ දේශනා කළ ආකාරයට සැම තත්පරයකම සිල් ආරක්ෂාවීම කළයුතු වේ (නි)

:       0       0

සජීව Monday, 15 February 2016 10:00 AM

අංජනමක් බැලුවනම් හොයාගන්න තිබුණා ලබන අවුරුද්දේ ආදරවන්තයන් කි දෙනෙක් මේ වැඩේට එවි ද කියලා. (ර)

:       0       0

සත්‍යා Monday, 15 February 2016 06:03 AM

තෙරුවන් සරණයි දු දරුවණේ පැමිණි නුබ සියල්ලන්ටත් නුබලගේ දෙමවූපියන්ටත්. (ර)

:       0       0

ලක්විදු Tuesday, 16 February 2016 01:32 PM

පෙබරවාරි 14 බෞද්ධයන්ට විශේෂ දවසක් නොවේ, එයට නැති ආගමික වටිනාකමක් දිය යුතුද නැත. සාමාන්‍ය දිනයක් මෙන් ගත කරන්න. (ම)

:       0       0

ජීවන් Monday, 15 February 2016 10:14 AM

වැලන්ටයින් දවසට සිල් ගන්නවා. පෝයට ආදරය කරනවා. ඔක්කොම පටලවනවා. (ර)

:       0       0

එරන්දි Tuesday, 16 February 2016 11:06 AM

හරියට හරි නිල්මිණි, අන්න ඒ නිසා තමයි මොකද්ද සබැ ආදරය මොකද්ද සබැ ප්‍රේමය කියන්නේ කියල මේ කල්යන මිත්‍රයන් වහන්සේලා කියල දෙන්නේ, එ්කට වඩාත්ම තාරුණ්‍යයට වදින දවසක් තියෙනවනම් එක්කෝ වැලන්ටයින් දවස, නැත්නම් පෙම්වතා හෝ පෙම්වති අත හැර ගිය අවස්ථාවක, නැතිවුන අවස්ථාවක, ආදරය වෙනුවෙන් විශේෂයෙන්ම දවසක් යොදාගත්තා නිසා තමයි අද තාරුණ්‍යය ආදරය ප්‍රේමය කියන්නේ මොකද්ද කියල දන්නේ නැත්තේ, බුද්ධි මතුන්ට මෙය බොහොම පහසුවෙන් තේරුම් ගැනීමට හැකි උනාට තම තමන්ගේ දෘෂ්ටි තුලින් බලන්නවුන්ට මෙය හාස්‍යයට, තරහවට තුඩු දෙන්නක් විය හැක, තාරුණ්‍යයට සබැ අරුත කියා දෙන ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා...(බ)

:       0       0

රජිත Tuesday, 16 February 2016 08:06 AM

ලෝකයට ආදරය අත්‍යවශ්‍ය නම්, ආදරය නිසාවෙන්ම ලෝසත සුඛිත මුදිත වන්නේ නම්, වසරේ එකම එක දිනයක් පමණක් ඒ වෙනුවෙන් වෙන්කිරීම ප්‍රමාණවත්ද? නැත සබඳ... සැම ඇසිල්ලක් පාසාම ලෝකයට ආදරය ගලා ආ යුතුය. එහෙත් ඒ අධික මුදලකට රතු රෝස මල් රැගෙන නම් නොවේ...! (නි)

:       0       0

නෙහාරා Monday, 15 February 2016 06:30 AM

ඉතාමත් හොඳ වැඩක්. (ර)

:       0       0

මහේෂ් Monday, 15 February 2016 06:23 AM

මේ වගේ හොඳ දේවල් වලට අය් මිනුස්සු කොමෙන්ට් දාන්නේ නැත්තේ, මේක කොච්චර හොඳ වැඩක්ද, මේ ස්වාමින් වහන්සේගේ වටිනා උපදෙස් ,භන මගේ ජීවිතෙත් සැහෙන වෙනස් කරා. ඔබ වහන්සේ නිවන් දකිත්වා.! (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 15 February 2016 06:24 AM

ලංකාව පුරා මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවානම් මොන තරම් ලස්සනද. (ර)

:       0       0

සම්පත් Monday, 15 February 2016 10:33 AM

සම හරක් දාපු ප්‍රතිචා කියෙව් වාම ඇත්තටම දැනෙන්නේ පුඳුම අනුකම්පාවක්... මෙතන වැඩසටහනේ අරමුණ වුණේ ආදරය කරන්න එපා කියන එක නෙමෙයි. ආදරයේ නාමයෙන් වල වැදී සිටින තරුණ පරපුරට අර්ථවත් දෙයක් ලබා දෙන්න. වැඩසටහන මොකක්ද කියල බලන්නේ නැතුව බොරුවට ප්‍රතාචාර දාල පව් පුරවා ගන්න එපා කියල අනුකම්පාවෙන් මතක් කර දෙමි.. බුදු දහම පිරිහෙමින් පවතින යුගයක මෙවැනි වැඩසටහන් මගින් තරුණ පිරිස ඒ කරා නැඹුරු කරා ගැනීමට ලොකු ස්වාමින් වහන්සේගේ ගත් උත්සාහයට උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදයට හේතු වේවා..!!! දීඝායු වේවා..!!! තව තවක් මෙවැනි දේ සමාජයට ලබා දීමට ශක්තිය ලැබේව... සාදු.. සාදු... සාදු...(අ)

:       0       0

ධර්මන් Thursday, 18 February 2016 12:47 PM

නමෝ බුද්ධාය ..!සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවදසත පැතිරීයේවා..!ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් මෝහාන්දකාරය පහවීයේවා..! සියලුම ජන හදවත් තුල රැව්පිළිරැව්දේවා..! සියලුම දෙනා ලොව සුවපත්වේවා..!රටක ජාතියක ජීවනාළිය බඳු තරුණ කැළ මේ ආකාරයෙන් ධර්ම මාර්ගයට යොමුකරවීම මොනතරම් ජාතික,ආගමිකවශයෙන් අනූපමේය සේවයක්ද...! අවබෝධයෙන් තුණුරුවන් සරණ ගොස් ධර්ම මාර්ගයට පිළිපන් කෙනෙක් රුපියල් කෝටියක් දුන්නත් මිත්‍යාදෘෂ්ඨියට යොමුකළ ( වෙනත් ආගම්වලට හැරවීමාදි) නොහැකිවේ,නොමගට යොමුකරවීම නොකළ හැකිවේ,කවුරු මොනවා කීවත් ඔහු ධර්මයට අනුව සෑම දෙයක්ම හොද නරක තේරුම් ගනී,තමන් ගමන් කරන ධර්ම මාර්ගයට අහිතකර දෙයක් නොකිරිමට නිරතුරුවම උත්සුකවේ.තමන්ටත් සමාජයටත් අයහපතක් වන සෑමදෙයින්ම වලකී.නිරතුරුවම ඔහුගෙන් සිදුවන්නේ තමාට,රටට,ජාතියට,ආගමට යහපතක්මයි.ඔහුට පාට,පක්ෂ ආදි බොහෝ දේ මුල් කරගෙන ජන්ද,ද්වේෂ,භය,මෝහ කියන සතර අගතියෙන් මිදී වාසය කරයි.පවතින රජයට,පාලකයන්ට හෝ පැවති රජයට,පාලකයන්ට හෝ පවතින සමාජ ආර්ථික දේශපාන රටාවන්ට අභියෝග කරනවා වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් සෑම දෙයක්ම යථාපරිදී දැකීමට උත්සාහ ගනී.නිරතුරුවම ඔහු සියලුදෙනාගේ යහපතම දකී.ගැටිය යුතුතැන නොගැටී සිටීමට ඔහු දක්ෂවේ.මොහු ක්‍රමක් ක්‍රමයෙන් යමෙකුට නොසෙල්විය හැකි ආකාරයෙන් ශක්තිමත්වේ.ඔහු තම ප්‍රානය ගියත් තමන්ට හෝ අයහපතක් වන දෙයක් සිතින් කයින් ,වචනයෙන් සිදුනොකරයි ශීල ,සමාධි ,ප්‍රඳා වඩවා ගනී.අප්‍රමාදීව වාසය කරන,ක්‍රියා කරන ඔහු අන් අයද ඒ සඳහා යොමු කරවයි.මේ සදහා ලාංකීය ජන සමාජය පෙලගැස්වීමෙහිලා ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ ඉතාමත් අනූපමේය සේවයන් සිදුකරන කළ්‍යාණ මිත්‍ර උතුමන්වහන්සේලා අතර වු සම්බුදු සසුනඹරට බබලවන දීප්තිමත් තාරකාවක් වන් අතිපූජණීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ගෞරව ප්‍රනාමය වේවා ..! (බ)

:       0       0

නිලන්ත Monday, 15 February 2016 06:38 AM

වැලන්ටයින් දවස තියෙන්නේ භාවනා කරන්නත් නොවෙයි . (ර)

:       0       0

සෑම් Tuesday, 16 February 2016 08:26 AM

නිල්මිණි , වැඩක් නැත්නම් තම මානසිකත්වය ප්‍රදර්ශනය නොකර කට පියාගෙන හිටියා නම් නේද හොඳ? ඒ සමඟම වැලන්ටයින් දවසට හෝටල් කාමර කීයක් පිරුනාද? මත්පැන් සහ මත්ද්‍රව්‍ය කොපමණ අළෙවි වුණාද? නිකරුනේ කොපමණ මුදලක් තරුණ දුපුතුන් වියදම් කළාද? ගැහැණු ළමයින් කී දෙනෙක් පාරට වැටුනද කියලාත් හොයලා බැලුවා නම් නේද හොඳ? (නි)

:       0       0

ලක්විදු Monday, 15 February 2016 10:45 AM

වැලන්ටයින් දවස කියන්නේ ක්‍රිස්තියානි සංකල්පයක්. එදාට බොදුනුවන් විශේෂ කිසිවක් කලයුතු නැහැ. මෙහෙම ගියොත් අනාගතේ නිවුස් වල තියේවි ..."බෞද්ඩයෝ ආගමික වතාවත් වල යෙදෙමින් වැලන්ටයින් දිනය සැමරුහ....." කියල (අ)

:       0       0

රජිත විජේරත්න Tuesday, 16 February 2016 08:29 AM

මුලාවී වල්මත් ව දුවමින් සිටියෙමු..... ගෙවමින් නිකරුණේ ඒ සොඳුරු තාරුණ්‍යය..... වැටහුණ දා ලොවේ අනියත බව....... ඇසුණ දා ඒ සම්බුදු බණ පද...... ලැබුණ දා ඒ කළණ මිතුරු ඇසුර....... පෙනුන දා මැවී මැවී චිත්ත රූපයක්..... දෙතිස් මහා පුරුෂ ලකුණින්...... ශෝභමාන වු ඒ සම්බුදු හිමි රුව...... කුමට නම් පමා වන්න ද..... කුමට නම් රැවටියන්ට ද...... මිරිඟුවක්ම ය, මායාවක් ම ය නිසැකව ම මේ දිවිය... ආදරය වෙනුවෙන් දියහැකි උතුම් ම දෙයනම් තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකීරිම යි...! (බ)

:       0       0

ලංකා තිලක ~ඩුබායි Monday, 15 February 2016 03:31 PM

මෙවෙනි දහම් වැඩසටහන් තව තවත් පවත් වීමට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ...මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ....තෙරුවන් සරණයි ..... (කෞ)

:       0       0

චන්ද්‍රිකා Monday, 15 February 2016 10:54 AM

සියලු දෙනා බිම වාඩි වෙලා ධර්මය ශ්‍රවනය කළා නම් තමයි හොඳ කියලා මම හිතන්නේ. (බ)

:       0       0

වසන්ති Monday, 15 February 2016 11:10 AM

මහමෙව්නාවෙන් කෙරෙන සේවය මිලකල නොහැකියි. මේ වැඩ සටහන දැක බලාගන අදහස් දැක්වුවානම් වටිනවා. තෙරුවන් සරණයි!(අ)

:       0       0

අසෝකා Monday, 15 February 2016 11:04 AM

නිල්මිණි ඔයාට සමාජය ගැන ඉගන ගන්න තව බොහොදේ තියෙනවා. ආදරය කරන අයට එක දවසක් තිබුනම ඇතිද ආදරය කරන්න. පිටරටින් ආව පලියට හැම දේම බදාගන්න එපා. මේවා බිස්නස් කාරයන්ගේ ප්‍රචාර. දිලිප් නම් ආදරය කරන්නේ එදාට විතරයි වගේ. ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒක අපි හැමෝටම පොදුයි. මේ වගේ දේවල් හින්ද තමයි පිටරටවල් වල වැඩිහිටි නිවාස හතු වගේ පිපෙන්නේ. ඇයි අම්මට සලකන්න ඕනේ එකදවසයි. තාත්තට එකදවසයි. ඉතුරුටික වයසක නිවසේ! දැන්වත් ඇස ඇරලා සමාජය දිහා බලන්න. (අ)

:       0       0

අසෝකා Monday, 15 February 2016 11:08 AM

මේකේ අදහස් දැක්කම සමහරක් අයගෙන් අහන්න හිතෙනවා ඇත්තටම දැනගෙනද මේ දවස සමරන්නේ කියල. හරි නම් එදාට මෙහෙම පින්කමක් තමයි කරන්න ඕනේ. වැලන්ටයින් පියතුමා වෙනුවෙන් . ඔයාලගේ අම්ම තාත්ත මැරුණු දිනයටත් ඔයගොල්ලෝ මෙහෙම සතුටු වෙනවද? අවංක පෙම්වතුන් නම් ඔහුට මෙහෙම පින්කමක් කරලා පින් දිය යුතුයි කියන එකයි මගේ හැගීම. (බ)

:       0       0

රජිත විජේරත්න Monday, 15 February 2016 04:13 PM

තාරුණ්‍යය...තරුණ ජීවිත හැබෑවටම තරුණ විය යුතුය. ජීවිතය දෙස යථාවබෝධයෙන් බලා තරුණකමින් ප්‍රයෝජන ගත යුතුය. ලෞකික ජීවිතයේ ප්‍රීතිවන්ත බව පිණිස නුවණින් විමසා කටයුතු කරමින් නිසි අධ්‍යාපනයක් ලැබීමත් ධාර්මිකව ධනයක් සොයා ගැනීමටත් උත්සුක වීමත් යහපත්ය. මනා චිත්ත සංයමයකින් කටයුතු කිරීමෙන් චරිතය නොමගට ඇදීයාමෙන් වළක්වා ගත හැකිය. කළ්‍යාණමිත්‍ර සේවනය ඉතා වැදගත් කරුණකි. බොහෝ දෙනාගේ චරිත සංවර්ධනයට හිත මිතුරු ආශ්‍රය බෙහෙවින් බලපායි. බුදු දහමින් උගන්වන අවවාදය “අත්ත දීපා විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා” තමා තමාට පිහිටක් කරගන්න. තමාට මෙන්ම අන්‍යයන්ටත් පිහිටක් වෙන්න. දහමට ළංවුනොත් තාරුණ්‍ය හරිම අගෙයි. (බ)

:       0       0

රාජිත විජේරත්න Tuesday, 16 February 2016 03:01 PM

අඳුරු දිවියට සොඳුරු පණිවිඩයක්....ආදරය හා මෛත්‍රිය එකිනෙක පටළවා නොගත යුතුය. ආදරය නිතරම යමක් නැවත බලාපොරොත්තු වෙයි. ජීවිතයට වඩා ආදරය කරනවා යැයි පවසන අය, තමන් බලාපොරොත්තු වන ආදරය හෝ යමක් නොලැබෙන විට වෛරයක් හෝ තරහවක් බවට පත්කර ගන්නේ මේ නිසාය. මෛත්‍රිය, ආදරය මෙන් කිසිවක් නැවත බලාපොරොත්තු නොවෙයි. තමන්ට අහිතවත් අයට පවා මෛත්‍රිය කළ හැකි වන්නේ එබැවිනි. මෛත්‍රිය පිටුපස රාගය, ආශාව,තරහව, වෛරය, අමනාපය, ගමන් කරන්නේ නැත. මෛත්‍රිය ඒ තරමටම පාරිශුද්ධයි. උතුම්ය. හිතේ දුකට නොහඬා ක්‍රම ක්‍රමයෙන් මෛත්‍රිය පුරුදු කරන්න. සිත දුක් බරින් නිදහස් වේවි. ඒ සිත සුවපත්ය. සන්සුන්ය. (බ)

:       0       0

එරන්දි Monday, 15 February 2016 11:38 AM

සත්‍ය වශයෙන්ම යමෙක් තවෙකුට ආදරේ කරයි නම් ඒ ආදරය සැමරීම උදෙසා දිනයක් වෙන්කිරීම බුද්ධිමතුන්ටනම් විහිළුවකි, මන්ද සත්‍ය වශයෙන්ම ආදරය කරන්නෙකු තමාගේ අවසන් මොහොත දක්වා නිරන්තරයෙන්ම තම ආදරවන්තයින් වෙනුවෙන් වෙහෙසෙන බැවිනි, මගේ දැනුමට අනුව නම් මෙම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවකි, මන්ද යත් ආදරය, කැපකිරීම් යනු කුමක්ද වත් නොදන්නා වත්මන් පරපුරට (බාල, මහලු සැමට ) සත්‍යවශයෙන්ම ඒ දේවල් වල අර්ථය පෙන්වා දෙන ඒ දේවල්වල වටිනාකම පෙන්වාදෙන , ඒ දේවල් තුලින් අපගේ ජීවිතය සාර්ථකව ගතකරන ආකාරය පෙන්වා දෙන මහත් වූ සත්පුරුෂ වූ කල්‍යාණ වූ මිතුරන් පමණක් කියා දෙන්න වූ දෙයකි, සමහරුන් පවසන විදියට "සුළු මුදලකට මලක් මිලදීගෙන බිරිඳට හෝ පෙම්වතියට තිළිණ කරන , තමන් වෙහෙස වී කාඩ්පතක් සකසා සැමියාට හෝ පෙම්වතාට තිළිණ කරන, හාද්දක් තිළිණ කරන" ආදරයට වඩා වචනයකින් හෝ බිරිඳට හෝ පෙම්වතිය සුමගට නිවැරදි මගට යොමුකරන, තම ජීවිතය බිරිඳට හෝ පෙම්වතියට , ස්වාමියට, පෙම්වතාට යහපත පිණිසම යොමුකරන ආකාරය කියා දීම අගනේ නේද? ඇත්තටම මටනම් හරිම පුදුමයි මේ මිනිස්සුන් හිතන ආකාරය ? කවද නම් ගොඩ එන්නද? (බ)

:       0       0

කපිල - ඩුබායි Monday, 15 February 2016 07:45 AM

ලන්කාවෙ ඉන්න සමහර මිනිස්සු කිසිම දේක හොදක් දකින්නෙ නෑ.. (ම)

:       0       0

රාජිත Tuesday, 16 February 2016 04:37 AM

ගිනිගත් සිත් සතන් නිවා සනසා පින් සිතින් බවුන් වඩනට තාරුණ්‍යයට තහනම්ද?.... සුන්දර දිවියක් ධර්මානුකූලව ගොඩ නැගුමට තාරුණ්‍යයට තහනම්ද?.... හද රැඳුන ස්නේහයට මිතුරනේ මම නුඹට කියන්නෙම් දහම් පද දරාගත යුතු බවට කළණ මිතුරන් ඇසුර නිරතුරුව ලබාගෙන ඇල්ම දුරු කළ යුතුයි සසර දුක සදාලන... (නි)

:       0       0

සුරංග Tuesday, 16 February 2016 04:43 AM

නිල්මිණි, වෙසක් දවසටත් පින් අතේ වැඩ නොකොට ජෝඩු දාලා තෝරන් බලන්න යන යුගයක් උදාවුණේ, ඒ වගේම ඔයා වගේ හිතන පරම්පරාවක් බිහිවුණේ ඔය වගේ පිටරටින් ආ මනස්ගාත විකාර අපේ සමාජයට බෝකරගත් හින්දා. (නි)

:       0       0

දයානි Monday, 15 February 2016 08:18 AM

සාදු සාදු සාදු!!! අපේ පින්වත් ලොකුසුවමින්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා (ම)

:       0       0

නිල්මිණි Tuesday, 16 February 2016 09:11 AM

රජිත, ලෝකයට දහම අත්‍යවශ්‍ය නම්, දහම නිසාවෙන්ම ලෝසත සුඛිත මුදිත වන්නේ නම්, වසරේ එකම එක දිනයක් පමණක් සිල් ගැනීම ප්‍රමාණවත් ද? (ර)

:       0       0

නිල්මිණි Tuesday, 16 February 2016 09:19 AM

සෑම්, පෙම් කිරීමෙන් කවුරුවත් පාරට වැටෙන්නේ නැහැ. ප්‍රේමය කුමක්දැයි නොදැනීම නිසයි ඔවුන් පාරට වැටෙන්නේ. (ර)

:       0       0

මදුසංක Tuesday, 16 February 2016 05:27 AM

බුදුරජානන් වහන්සේගේ දේශනාවල මම අහලා තියනවා මනුශ්ය ජීවිතයක් ලබලා උපදින අපි මිය ගියාම නිය පිටට ගත් පස් ප්‍රමනයක පිරිසක් සුගති ගාමී වන බවයි. ඉතිරි පස ලෝකයේ කෙතරම් වේද ඒ සා ප්‍රමානයක් දුගති ගාමී වේ. (ර)

:       0       0

මධුෂාණි Wednesday, 17 February 2016 10:49 AM

සියළු දෙනාටම බුදු සරණයි. (නි)

:       0       0

රන්දිම Tuesday, 16 February 2016 04:03 PM

දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදාකර දිය හැක්කේ පරම දුර්ලභ වූ බුදුසසුනට පමණි. (නි)

:       0       0

රොහාන් Monday, 15 February 2016 08:37 AM

කාලය ගැලපෙන හොද දෙයක්. (ර)

:       0       0

සුමනපාල Monday, 15 February 2016 08:46 AM

මෙම ක්‍රියාවට මගේ අකමැත්තක් නැති උනත් මෙහි අදහස ආදරය වැනි දේවල් නොහොබිනා දේවල් ලෙස දැකීමද කියා පැනයක් නැගී. පුවත් පත් වල ඇති මංගල යෝජනා තීරය සහ ගෙදරට නාකි වෙන තරුණ කන්න්තාවන් දෙස බලූ විට කොහේ හෝ ලොකු ප්‍රශ්නයක් ඇති බව හැඟේ. (ර)

:       0       0

රන්දික Monday, 15 February 2016 07:39 PM

සමහර අදහස් දැක්කහම සමහරු හිතන්නේ කොහෙන්ද කියලා හිතෙනවා. එදාටවත් අයාලේ යන්න තිබුන ජීවිත ටිකක්හරි බේරාගත්තට සංවිධානය කළ හැමෝටම ගොඩාක් පිං.. (නි)

:       0       0

රන්දිම Tuesday, 16 February 2016 04:21 PM

මිසදිටු බවින් පිරි.... කම් සැපයටම ලොල්.... පුහුදුන් ලෝකයේ.... පහළවිය ඔබ අපේ පිනටම.... දහම නොව අදහමත්... විනය නොව අවිනයත්... පවතින මෙලොව තුල....... පහළ විය ඔබ අපේ පිනටම... (නි)

:       0       0

පුර්ණ Monday, 15 February 2016 08:49 AM

සාදු සාදු සතුටි සිතින් අනුෙමා්දන් වෙමි. (ර)

:       0       0

සුජීව Sunday, 21 February 2016 03:40 AM

අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ පිංකම මම මහා ඉහළින් අගය කරමි. මේ පින් අනුමෝදන් වෙමි. මේ පිංකම ගැන සමහර අය හුඟක් වැරදි විදියට හිතන්නේ. මම ජීවත් වෙන්නේ ජපානයේ. මෙහෙත් දැනට අවුරුදු පහළොවක විතර ඉඳලා මේ දිනය සමරනවා. සම්පුර්ණයෙන්ම වෙළෙන්ඳන්ගේ ආදායම් මාර්ගයක් කරගෙන. ඒ මදිවට තවත් දිනයක් හදාගෙන තිබෙනවා වයිට් දිනය කියලා. මුලින් දවසේ කාන්තාව පිරිමියාට චොකලට් දෙනවා. දෙවන දවසේ පිරිමියා කාන්තාවට තෑගි දෙනවා. අනික තමයි මෙහෙ සම්ප්‍රදාය සියලුම ජෝඩු ලව් හොටෙල් බුක් කරලා එහෙ ටික වෙලාවක් ගතකරන එක. ඉතින් මේවා සම්පුර්ණයෙන්ම බිස්නස්. අන්න ඒ වගේ වෙනවා ලංකාවත් ළඟදීම. ඒ වගේ පුහු වැඩ නැතුව මෙවන් අර්ථවත් කටයුත්තක යෙදීම මොනතරම් වටිනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 109 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 140 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 235 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 828 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 555 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 374 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site