සිහි නැති වී රෝහල් ගත කළ මවට විනාඩි 45ක් ගතවන තුරු ප්‍රතිකාර නොලැබුණු බව පවසමින් කරාපිටිය රෝහලේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ල විභාග කිරීමට ගාල්ල ලංකාදීප මාධ්‍යවේදී වේරගොඩගේ සජීව විජේවීර පොලීසියට කැඳවා තිබුණ ද වෛද්‍යවරුන් පොලිසියට පැමිණ නොසිටි බැවින් පැමිණිල්ල විභාග කළ නොහැකි විය.
පොලිසිය මාධ්‍යවේදියාට පවසා තිබුණේ ඔහුට එරෙහිව රෝහල් අධ්‍යක්ෂ ද පොලිසියට පැමිණිලි කැර ඇති බවයි. විජේවීර රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් එම පැමිණිල්ල කැර තිබූ බව ද රෝහල් අධ්‍යක්ෂගේ පැමිණිල්ල සහ විජේවීරගේ පැමිණිල්ල යන දෙකම එක විට විභාග කරන බව ද පොලිසිය මාධ්‍යවේදියාට දැනුම් දී තිබිණි.
පොලිසිය දැන්වූ වේලාවට නීතීඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා ද සමග මාධ්‍යවේදියා ගාල්ල පොලිසියට ගිය ද පැය එකහමාරක පමණ කාලයක් ගතවනතුරු රෝහල් අධ්‍යක්ෂ හෝ කිසිදු වෛද්‍යවරයකු නොපැමිණි බැවින් පැමිණිල්ල විභාග කැරුණේ නැත.
නොපැමිණීම ගැන හේතුවක් දැක්වූ බවක් ද පොලිසිය පැවසුවේ නැත.
පැමිණිල්ල විභාග කිරීම සඳහා වෙනත් දිනයක් යොදාගෙන ඒ පිළිබඳ පසුව දැනුම් දෙන බව පොලිසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හරි සේනාධීර ..පොලිසියේ පුද්ගලික බෙහෙත් ශාලාවක් තියෙනවා කිව්වනම් දොස්තරලා එන්න තිබුනා.(නදී)
දොස්තර මහත්තුරු, වෛද්‍ය ශිෂ්‍යයෝ ඔක්කොම බලාගත්තොත් හොඳයි මේකේ උඩින් තමුන්ට වැටිලා තියෙන අදහස් ටික. ඉතින් මිනිස්සු ඒවිද පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද වෙන්න. මට නම් ලංකාවේ ඉන්න පිළිකුල් සහගතම කොට්ටාශය තමි සියළුම සෞඛ්‍ය සේවකයෝ. (ස)
කරාපිටිය රෝහලේ ඩොක්ටර්ස් ල කරපු විශේෂ සැත්කම් ගැන ඔවුන්ගේ දක්ෂතා ගැන වැඩියෙන්ම ලිපි ලියපු මාධ්‍ය වේදියෙක් විදියට සජීව විජේවීර මහත්තය ගැන කවුරුත් දන්නවා .ඒ වගේම ලෙඩ්ඩුන්ට වෙන අසාදාරන කම් ගැනත් ගොඩක් ලියනවා .ඩොක්ටර්ස් ල වැරද්දක් කලේ නැත්නම් ඔහු මේ තරම් වද වේවිද ? දිනකට කිහිපයක් සිදුවන මෙවැනි දේ ගැන කව්රු හරි බය නැතුව කතා කරන්න ඕන නේද ? සජීව මහත්තයට පුළුවන් කම තිබුන නිසා පුද්ගලික රෝහලකට ගෙන ගොස් මව බේරා ගත්තා.දුප්පත් අසරණ ලෙඩෙක් මොනවා කරන්නද ? (නි)
මානුෂීය හැඟීම් මූලීක කරගෙන ඉතා කාරුණීක සේවයක් ලබා දෙන 'රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවෙන ජාතියේ සැබෑ දූදරුවෝ'ත් ටිකක් හරි ගෞරවනීය වෟත්තියක රාජකාරි කරනවා ඇති. ඒත් වඩා ඉන්නේ " ජීවිත වලට මුදලින් ලන්සු තියන, මිණි මරන "නිර්සත්වයෝ තමා. (නි)
අපි නාවොත් කොහොමද? (නි)
දොස්තරලා 'රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවෙන ජාතියේ සැබෑ දූදරුවෝ' නම් අසෝබන චැනල් ගාස්තු, ජාවාරම්, වෛද්‍ය කඩ ,වලට ඉඩ දෙන්න බැහැ. අපි යනකොට අරන් යන්නේ කල පින් පව් විතරයි. වෙන කිසි දෙයක් නෑ.(නදී)
එන්න බැරිවුනේ තව මැච් එකක් බලනවාද දන්නෙ නැහැ. (නි)
මට හිතෙනවා වෛද්‍යවරයා හරි කියලා. මොකද එයාලට මේ සමාජයෙන් දිල තියෙන තැන නිසා පොලිස්පතිතුමත් අනේ ඩොක්ටර් කියා දණ නමන්න ඕන නේ. අනේ අනේ රටට ගිය කලක්. මාධ්‍යවේදීන්ට ජය වේවා. (නදී)
දොස්තරලා හිතාගෙන ඉන්නේ පොලිසිය එයාලගේ කකුල් දෙක ලගට එන්න ඕනෑ කියලද දන්නෙ නැහැ ? මේ වෙලාවේ ගාල්ලේ පොලිසියට කොන්ද පන තිබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා (නි)
මට හරිම සතුටු හිතෙනවා. දොස්තරලා මාධ්‍යවේදියා හමුවේ පරාජය භාරගෙන ද ? අපේ ගමත් ගාල්ලේ. අපි දැක්කා නගරාධිපති දොස්තර කෙනෙකුගේ රාජකාරියට නගර සභාවේදී බාධා කළ බව කියමින් දොස්තරලා පිකටින් කළා. අහිංසක ලෙඩ්ඩු අමාරුවේ වැටුණා. මේ පාර නම් දොස්තරලා ස්ට්‍රයික් කරන්නේත් නැහැ වගේ. දොස්තරලාගේ වරද වහගන්න කිසිම හැකියාවක් නැහැ. මම සජීව මාධ්‍යවේදියාගෙන් ඉල්ලා සිටිනවා ඔබ ගත්තායැයි කියන ඡායාරූපය ප්‍රසිද්ධ කරන්න කියා. (නි)
ප්‍රදීප්, ඇපෙන්ඩිසයිටිස් කියලා හඳුනා ගන්න බැරිව ළදරුවෙක් මැරුණෙත් කරාපිටියේ ළමා රෝග විශේෂඥ නෝනා කෙනෙකුගේ වාට්ටුවේ නේද? (නි)
මේක සමස්ත රාජ්‍ය සේවයේම කුණුවීම. මේවට බෙහෙත් දෙන්න තමයි 89 ජේ.වී.පී එක පටන්ගත්තේ. දැන් රවණා බලයත් ටිකක් විතර පහදලා දෙනවා කට්ටියට. කොතනින් හෝ මේ තත්ත්වය ආපසු හැරෙන්න ඕනා.(නදී)
කොන්දොස්තරලද.. ?(නදී)
මේකට හොඳම විසදුම පුද්ගලික වෙද විදුහල්.(නදී)
මේගොල්ලන්ට චැනල් ගාස්තු ගෙවෙලා නැතුව ඇති. එක වෙන්න ඇති නොආවේ.(නදී)
ලෙඩා මලාද? (නදී)
එහෙම පුලුවන්ද දොස්තරලව පොලිසිවලට ගෙන්නන්න එයාල උගත් දොස්තරලානේ ? එයාල එදත් මැච් එකක් බල බල ඉන්න ඇති එන්න බැරිවුනේ. (නදී)
දයා මහත්තයෝ ලෙඩා මලේ නෑ. ලඟපාත තිබුන පෞද්ගලික රෝහලකට වෙලාවට ගෙනියන්න ඒ පුතාට හයිය තිබුන නිසා එවෙලේම රුධිර පරීක්ෂණ, ඊ.සී.ජී සේරම බලලා ගාල්ලේ උසස්ම විශේෂඥ වෛද්‍ය වරයකුව සම්බන්ධ කරගෙන ඉන්සියුලින් ශරීරගත කරලා යන්තම් බේරාගත්තා. මේ වගේ පෞද්ගලික රෝහල් වලට සමහරු කියන්නේ වෛද්‍ය කඩ , ජාවාරම්, කියලනේ. අද මේ රටක් වටිනා ගුරු මාතාව ජීවත් වෙන්නේ ඒ කඩේක පිහිටෙන්. ජාතියේ වීරෝධාර රජයේ වෛද්‍ය විදුහල් වලින් ආපු ඉලන්දාරින්ට ඒ ජීවිතේ 'අර්ජන්ට්' කියා ලියලා නොතිබුන නිසා.(නදී)
දෙගොල්ලෝ තමන්ගේ බලය උරගා බැලීමක් වගෙයි පෙනෙන්නේ.(නදී)
සාමාන්‍ය ක්‍රමය වන්නේ වෛද්‍යවරු අන්තර් ජාලය ඔස්සේ බොහෝ දේ ඉගෙනීම් කටයුතු කිරීමනේ. විදෙස් රටවල කොහොමද මානුෂීය හැඟීම් මූලීක කරගෙන ඉතා කාරුණීක සේවයක් ලබා දෙන අපූරුවත් ඉගෙන ගන්නවානම් කොයි තරම් අගේද? ඔවුන් වෛද්‍ය විද්‍ද්‍යාවෙන් දියුණු වගේම මානුෂීය අතිනුත් දියුණුයි අපේ මාන්නක්කාරයින්ට වඩා.(නදී)
වෛද්‍යවරු දමපු පැමිණිල්ලට වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍ය නැති බව එයාලා හිතුවානම් නොගිහින් ඉන්නවා කියමුකෝ. ඒත් මාධ්‍යවේදියා එයාලව වග උත්තර කාරයින් කරලා දමපු පැමිණිල්ල විභාග කරන එකට නොගිහින් ඉන්නේ මොන බලපුලුවන් කාර කමක් පිටද? මෙහෙමද ඔය කියන 'රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවෙන ජාතියේ සැබෑ දූදරුවෝ' කියාගන්න කට්ටිය වැඩකරන්නේ? මුන්ගේ අලි ඔලු වලට ප්‍රතිකාර තියෙන්නේ කොහෙද? පුළුවන් තරම් විද්‍යායතන වැඩිකරලා මෙරට වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිකරන්න පෞද්ගලික අංශයට ඉඩ දෙන්න ඕනා. කොහෙන් බිහිවුනත් මීට වඩා අසෝබන වෛද්‍යවරු නම් බිහිවෙන එකක් නෑ. ලෙඩ්ඩු මැරෙන එක නරකයි නම් මෙයාල කරන්නෙත් ඒකමනේ. අඩුගානේ ලෙඩා බලලාවත් මරාවිනේ. මෙයාල කරන්නේ මැරෙනකල් මැච් බලන එකනේ.(නදී)
කරාපිටියේ හදිසි ප්‍රතිකාර ඒකකය හරිම කාර්යබහුලයි. විනාඩි 45ක් ලෙඩෙක් බැලුවේ නෑ කියන්නේ බොරුවක්. ලෙඩා හදිසි ඒකකයට යනකොටම ලෙඩ්ඩු වෙන් කරන නර්ස් අදාල කාණ්ඩයට යොමු කරනවා. ඉතාමත් අමාරු ලෙඩ්ඩු රෝගීන් ඇතුලත් කරන වෛද්‍යවරයාටත් පෙර ප්‍රතිකාර සදහා යොමු කරනවා. මම සියැසින් දැකපු දේවල් මේවා. එකේ ඉන්න වෛද්‍යවරුන්ට රූපවාහිණී බලන්න තියා වතුර එකක්වත් බොන්න වෙලාවක් නැතුව ඇති. ඔවුන් කරන සේවය අති ශ්‍රේෂ්ඨයි.(නදී)
මේ ගොල්ලෝ හැමදාම මෙහෙම තමා. ලගදී මගේ යාලුවෙක්ගෙ නෝනා කෙනෙක් ඇඩ්මිට් කර ගත්තේ නැහැ එයාව චැන්ල කළේ නැහැ කියලා. කියල. මේ මිනිස්සු හැමදාම ස්ට්‍රයික් කරන්න තමා දන්නේ (නි)
මම අහල තියෙන්නේ දොස්තරලා කියන්නේ දෙවිවරු කියලා. ඒත් ලංකාවේ දොස්තරලා එාහම නෙවෙයි වගේ. මිනිස් ජීවිත වලට මුදලින් ලන්සු තියන අය වගේ පේන්නේ. නිර්සත්වයෝ කියන ටෙලි නාට්‍ය බලන්න. අපි යනකොට අරන් යන්නේ කල පින් පව් විතරයි. වෙන කිසි දෙයක් නෑ.(නදී)
රජයේ නිලදාරින්ට ආයතනයේ බලදාරින්ගේ අවසරයක් නැතිව රාජකාරියක් ලෙස පොලිසියට ගොස් කට උත්තර දෙන්න නම් බැහැ. මෙතනත් එහෙම දෙයක්ද දන්නේ නැහැ. (නදී)
ලංකාවේ මනුස්සකම් තියන අය ගොඩක් නැහැ නේද? (ස)
දොස්තර කෙනෙක් එක ලෙඩෙක් සනීප කලොත් ඒකට විශාල ප්‍රසිද්ධියක් දෙන්නේ මාධ්‍ය වලින්මයි. ඒ දොස්තර විසින්ම අමාරුවේ දැමූ වැඩි ගනනක් ලෙඩ්ඩු ගැන කතා කරන කෙනෙක් නෑ. තමන්ගේ වෘත්තීය වරප්‍රසාද රැක ගන්නනම් දොසතරල එන්නෙ උඩ පැන ගෙන. අනේ! ගෞරවනීය වෟත්තියකට ගිය කල! (ස)
දොස්තරලා සේරම යටත් කරගෙන ඉන්නේ චන්ඩි පාර්ට් දැම්මොත් ස්ට්‍රයික් ඒගොල්ලෝ .(නදී)
ඒ උනාට මේ ගොල්ලෝ නම් වෙසක් එකට භක්ති ගී නම් කිව්වා. මේ ඔක්කොම බොරු සෝබන. අසරණ ලෙඩ්ඩු ගැන කිසිම තැකීමක් නැහැ. මම දන්නේ මමත් ගාල්ලේ මිනිහෙක් හින්දා.(නදී)
කොන්ද පන නෑති පොලිසියක්. අපි පෑමිනිල්ලක් විභාගයට නොගියොත් නඩු දානවා නැත්නම් දඩුවම් කරනවා. මෙයාලට විතරක් ඈයි මේ නව නීති. මිණි මරනවා මදිවට ලොකු කමුත් පෙන්වනවා. හෙට වර්ජනය කරයිද දන්නෙ නැහැ.(නදී)