IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පෙම්වතුන්ගෙන් කප්පම් ගන්න ගිහින් පීසී නාගනී

බේරේවැව අසළ පෙරහර මාවතේ සිටි පෙම් යුවළක් බිය කර රුපියල් හාරදහසක් ඉල්ලා නොදුන් නිසා ජාතික හැඳුනුම්පත පැහැරගෙන ගිය බව කියන පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් ප්‍රසාත් සේමසිංහ ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.



අදහස් (0)

පෙම්වතුන්ගෙන් කප්පම් ගන්න ගිහින් පීසී නාගනී

හසිත් Wednesday, 11 June 2014 06:25 PM

කුමාර, ඔබ ඇයි ඵලදායිතාවය ගැන කතා නොකරන්නේ? බොහොමයක් උදේට වැඩට එනවිට 9 -10 පහුවෙලා. ඕනෑතරම් නිවාඩු ලැබෙනවා. විශ්‍රාම වැටුප ලැබෙනවා. මේ සෑම දෙයක්ම තිබිලත් බොහෝ දෙනෙක් ,සේවය ලබා ගන්න එන මහජනයාට සුහදව කතා කරන්න දන්නේ නැහැ. දැන් කියන්න කීයක් පඩි ගෙවන්න ඕනෑද කියලා? (නි)

:       0       0

භානු Wednesday, 11 June 2014 06:33 PM

කුමාර,ආණ්ඩුවේ කාර්යාලයකින් වැඩක් කරගන්න යන අපිට කතාකරන ලීලාවයි , රස්තියාදු කරන විදියයි අනුව නම් ඔබ කියු රජයේ පඩිය ඒ අයට හොඳටම වැඩියි. පීඩනය තියෙන්නේ ඔවුන්ගෙන් සේවයක් ලබා ගන්න යන අපිට මිසක් ඒ අයට නම් නෙවෙයි. (නි)

:       0       0

චානිල් Wednesday, 11 June 2014 06:50 PM

ආණ්ඩුවේ පඩිය මදි කියනවා. ඒකට හරියන්න වැඩ කරනවා නම් පඩි ගෙවන්න පුලුවන්නේ. (නි)

:       0       0

දිලිනි Wednesday, 11 June 2014 07:05 PM

රජයේ රැකියා කරන උදවියගේ පුදුම කන් කෙඳිරියක්නේ තියෙන්නේ. එක සුමානයක් පුද්ගලික අංශයේ වැඩ කළා නම් වැටුපත් එපා කියලා නැවත රජයේ රැකියාවටම යාවි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 01:15 PM

ඉහේ ඉඳල දෙපතුලට යනකම් ඉන්න තරමක් ඉන්නේ හොරුනේ රජයේ ආයතනවල. (ස)

:       0       0

කුමාර Wednesday, 11 June 2014 01:16 PM

මෙයාලද “අපරාධ විමර්ශනය“ කරන්නෙ....කොහොම උනත් මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය ඉහළ දාන්න ක්‍රමයක් හදන්න වේවි ඉක්මනටම..දැන් දැන් මංකොල්ල කෑම්, හොරකම්, කප්පම් ගැනීම්, වංචා වැඩිවේගන එන්නෙ...(ස)

:       0       0

චාන්දනී Wednesday, 11 June 2014 07:27 PM

පගාව සාධාරණීකරණය කරන අයත් ඉන්නවානේ. ආදායම් මදි කියලා මුළු රටම පාගාගන්න පටන් ගත්තොත් කොහොමට හිටීවිද ? (නි)

:       0       0

ඩයස් Wednesday, 11 June 2014 01:26 PM

ජනධිපතිතුමනි මේ රටට විනයක් හදා දෙන්න . මෙය කල හැක්කේ ඔබ තුමාට සහ ඔය තියෙන ජනාධිපති බලය තුළ පමණයි. (ස)

:       0       0

සෝබන Wednesday, 11 June 2014 01:28 PM

ඉතින් රථවාහ අංශයේ අයත් ඕකම නේද කරන්නේ? (ස)

:       0       0

නුවන් Wednesday, 11 June 2014 01:42 PM

ඩයස්,ඔයා කොහෙද ඉන්නේ? (ස)

:       0       0

කුමාර Wednesday, 11 June 2014 01:42 PM

ඉසුරන්දි - ඔයාට රජයේ සේවකයෙකුගෙන් හරි රජයේ ආතනයකින් හරි ලොකු අසාධාරනයක් වෙලා වගේ. වෛරී අදහසක් තියන බවයි පේන්නෙ. ඒත් මේ සිද්ධිය ඇතුලෙ ලොකු කථාවක් කියවෙනවා. පොලිස් නිලධාරීන්ට තියෙන පීඩනය වැඩියි. එයාලට ආර්ථික ප්‍රශ්න වගේම දේශපාලනයත් පීඩනයට ලක් කරනවා. බහුතර රාජ්‍ය සේවකයින්ටත් අද වෙලා තියෙන්නෙ ඒකම තමා. ඇත්ත, හොරු ඉන්නවා. රජයේ සේවයේ විතරක් නෙවේ හැම තැනම. හැමෝම හොරු කිව්වාම අවංක රාජ්‍ය සේවකයෝ ස්වල්ප දෙනාට කරන අසාධාරණයක් ඒක. ඇත්තටම අද රාජ්‍ය සේවක වැටුප කීයද කියල ඔයා දන්නවද. සාමාන්‍ය ලිපිකරුවෙක් ගන්නෙ රු. 20000 - 22000 ක් අතර වැටුපක්. අද කාලෙ හැටියට ඒක පොඩි වැටුපක්. මේ මිනිස්සු ඉන්නෙ පීඩනෙන් මිරිකිලා. ඒ පීඩනය ඔවුන්ගෙ තියන මනුස්සකම දියකරන්න තරම් ශක්තිමත් වෙලා. සල්ලි නෑ කියලා හොරකම,පගා ගහන් එක හරියි කියලි මම කොහෙත්ම කියන්නෙ නෑ. ඒකයි මිනිස්සුන්ගෙ ආර්ථික තත්වෙ නංවන්න ඔනෙ කියල මම කියන්නෙ.. සිදුවීම් මතුපිටින් බලලා තීරණ ගන්න එපා. හැමදේකම අපි නොදකින පැත්තක් වගේම දැකිය යුතුම පැත්තකුත් තියනවා. (ස)

:       0       0

ගිම්හාන් Wednesday, 11 June 2014 08:04 PM

අන්න එහෙම නම දානවා නම් අපට පුළුවන් හඳුනා ගන්න. ස්තුතියි ලංකාදීපයට! (නි)

:       0       0

රංගන විරාජ් පාලිත Wednesday, 11 June 2014 02:18 PM

පොලිසිය නානවා නානවා... ඉවරයක් නැහැ (නි)

:       0       0

බුද්ධික Wednesday, 11 June 2014 08:18 PM

පොලිසියට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

නිමන්ත Wednesday, 11 June 2014 02:26 PM

හරිම පුඤ්ඤසෝමල තමයි දැන් අපරාධ විමර්ෂන ඒකක වල ඉන්නේ. (ස)

:       0       0

මල්ලි Thursday, 12 June 2014 10:16 AM

ඉහේ ඉඳල දෙපතුලට යනකම් ඉන්න තරමක් පොලීසියේ ඉන්නෙ ඉන්නේ හොරුනේ (දී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 11 June 2014 08:22 PM

ඉසුරන්දි,ඔබේ කතාව 200%ක් හරි. කුමාර හිතන්නේ පඩිය වැඩි වුණාම ඔක්කොම හරි කියලා. (නි)

:       0       0

රෙක්ස් Wednesday, 11 June 2014 08:25 PM

අයියෝ අපේ ශ්‍රී ලංකා පොලිසිය! (නි)

:       0       0

මල්ලි Thursday, 12 June 2014 10:17 AM

කුමාර 2014-06-11 13:42:10 මිනිස්සු කුඩු ගේන්නෙත් ආර්ථික අමාරුකම් නිසා වෙන්න ඇති (දී)

:       0       0

රත්නායක Wednesday, 11 June 2014 08:33 PM

පොලිසියටත් මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

කමල් Wednesday, 11 June 2014 08:39 PM

කුමාර, ඔබගේ යෝජනා වලට නියම ප්‍රතිචාර දක්වා තිබේ. ඒවා අපට කළ හැකි දේවල් නොවේ. (නි)

:       0       0

සෙහාන් Thursday, 12 June 2014 10:48 AM

එහෙන් පාගා ගහනවා එහෙන් ගුටි කනවා නැත්නම් මරලා දානවා (දී)

:       0       0

කුසුම් Wednesday, 11 June 2014 03:34 PM

නීතියෙන් දෙන දඬුවමට වැඩියෙන් ප්‍රඥාවන්තව දහමට අනුව ක්‍රියා කිරීම තුළින් ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය. දුර්ගුණ වලින් පිරුණු මිනිසුන් මෙල්ල කිරීමට ලොව කිසිදු පාලකයෙකුට නොහැකි බවද අප වටහාගත යුතුය. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 11 June 2014 03:35 PM

මොනවද මේ ලැජ්ජා නැති වැඩ? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 June 2014 03:40 PM

මෙවැනි පහත් වැඩ කරන්නේ ආර්ථික ප්‍රශ්න නැත්නම් වෙනත් ප්‍රශ්න නිසා කියනවා නම් ඒක වැරැද්ද සාධාරණීකරණය කිරීමක් පමණයි. (නි)

:       0       0

ඇනස්ලි Wednesday, 11 June 2014 03:46 PM

මදැයි කරගත්ත‍ා! (නි)

:       0       0

උපුල් Wednesday, 11 June 2014 10:27 PM

අනේ කුමාර???? ඔය කියන විදියට පඩි මදි නම් ඇයි රජයේ ජොබ් ම හොයන්නේ යන්නකෝ ප්‍රයිවට් එකකට. අනික පඩි මදි කියල මහා ජනතාවගෙන පගා ගහල හරියනවද? එකද වහෙන් ඔරෝ කියන්නේ? ඔයත් හොදට ජරාව කනවා වගේ පෙන්නේ???????????? (දී)

:       0       0

ශාන සෞදි Wednesday, 11 June 2014 10:36 PM

පොලිසියේ ඉන්න සමහර නිලදාරීන් මේ වගේ පහත් වැඩ කරන නිසා තමයි ජනතාව මෙයාල පිළිකුල් කරන්නේ අහිංසක කෙනෙකකුට මෙවන් දෙයක් කලාම මෙයාල කරබා නිහඩ උනත් බලය ඇති කෙනෙක් එසේ එන්නේ නැ එක නිසා තමය් කුරුණෑගල උනා වගේ සිදුවීම් වෙන්නේ ජනතවට දඩුවම් කරලා වෙඩක් නැ පොලිසිය සංවර හා විනයානුකුල බාවයකින් සිටිය යුතුයි. මොකද පුද්ගලික පලිගැනීම් මින්මරුම් කොන්ත්‍රාත් බියපත් කර කප්පම් ගැනීම් වැනි නීච් ක්‍රියා ඔව්න් කරනවා. ජනතාව යුදහමුදාවට කිසිදා මෙවන් ක්‍රියාකලාප කරන නැ මොකද ඔව්න් ජනතව බලාපොරොත්තුවන විනයක් ඇතිව තමන්ගේ රාජකාරිය කරන නිසා (දී)

:       0       0

නයනා Wednesday, 11 June 2014 03:54 PM

කුමාර කී දේට මමත් එකඟයි. ඉසුරන්දි, පොලිසියේ කෙනෙක් පගාවක් ගත් එක ඔයතරම් දෙයක්ද? (නි)

:       0       0

රනේෂ් Wednesday, 11 June 2014 10:51 PM

ඩයස් හීනෙන් දොඩෝනවා වගේ ....(දී)

:       0       0

දීපාල් Wednesday, 11 June 2014 11:40 PM

උපරිම දඬුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සිරිපාල Thursday, 12 June 2014 12:21 AM

මේවා අලුත් දේවල් නෙමෙයිනේ (දී)

:       0       0

සරත් පර්ත් Wednesday, 11 June 2014 04:26 PM

මේ මොකද මේ කප්පම් ගන්නේ? පොලිසිය ඇතුළේ පාතාලයක්වත් තියෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

සෙනේ Thursday, 12 June 2014 12:08 PM

හොඳ වැඩේ (දී)

:       0       0

කුමාර Thursday, 12 June 2014 12:14 PM

මම කියනදේ කට්ටිය තෙරුම් අරන් තියෙන්නෙ වැරදියට... ඕක තමා අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ....කියනදේ නෙවේ තේරුම් ගන්නෙ..ආයෙත් මම අහන්නෙ...රජයේ සේවයේ ඉහේ ඉඳන් පතුලටම ඉන්නෙ හොරු කිව්වාම අවංක රජයේ සේවකයින් අතලොස්සට මොකද වෙන්නෙ... රජයේ සේවයේ වෙනස් කරන්න ඕන ගොඩක් තැන් තියනවා..... රජයේ සේවකයන් බහුතරයක් ඔය තත්වෙට වැටෙන්න ගොඩක් හේතු තියනවා....ඒවාට විසඳුම් හොයන්නෙ නැතුව ඔය කොස්තාපල්ටයි මටයි එක මල්ලෙ දාල ගැහුවට ප්‍රශ්න විසඳෙන්නෙ නෑ....පුද්ගලික අංශයේ ඉන්න උදවිය හොරකම් කරන්නෙම නෑ වගේ.... කවුරු කොහොම කොයි විදියට කළත් හොරකම වැරදියි...මම කියන්නෙ සංකීර්ණ ගැටළු මේවගේ තනි සිද්ධි මුල් කරගෙන නිර්වචනය කරන්න යන එක වැරදියි...ඔයාල හිතනවට තරම් මේ ගැටළුව සරල නෑ.... මම ආයෙත් කියන්නෙ.. සිදුවීම් මතුපිටින් බලලා තීරණ ගන්න එපා. හැමදේකම අපි නොදකින පැත්තක් වගේම දැකිය යුතුම පැත්තකුත් තියනවා....ඒක තේරුම් ගන්න තරම්වත් ඔබ හැම බුද්ධිමත් කියල මම හිතනවා.....(දී)

:       0       0

සුනිල් Wednesday, 11 June 2014 04:55 PM

කොස්තාපල් මහත්තයා මම හිතන හැටියට "අවම බලය" යොදවලා තියෙන්නේ (නි)

:       0       0

රවී Wednesday, 11 June 2014 05:16 PM

හොරකම, වංචාව, කපටිකම, දුෂණය නැති කිසිකෙනක් නැතිපාටයි (නි)

:       0       0

සූරියාරච්චි Thursday, 12 June 2014 03:56 AM

කුමාර,ඔබ වගේ අය ඉන්නාතුරු රට හදන්න පුළුවන්කමක් නැහැ (නි)

:       0       0

මධුසංඛ Wednesday, 11 June 2014 05:21 PM

ආදරය කරන කෙල්ලෝ කොල්ලෝ දැන් හොයාගෙන යන්නේ පුදුමාකාර තැන්නේ (නි)

:       0       0

ශානක Thursday, 12 June 2014 06:19 AM

සියල්ලටම පෙර මිනිසුන් තුළ විනයක් ඇති කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1060 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 305 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2009 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 476 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 957 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 584 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site