යුද්ධයෙන් පසුව දරදඬු නීති රීති ළිහිල් කැර නිදහස සහ අයිතිය තහවුරු කරනවා වෙනුවට අපරාධ නඩු විධිවිධාන පනත සම්මත කරමින් ආණ්ඩුව සිය දරදඩු ඒකාධිපති ගමන තව තවත් තහවුරු කැර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
ඕනෑම පුද්ගලයකු පැය 48ක් පොලීසියේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට හැකි වන අයුරින් අපරාධ නීතිය සංශෝධනය කිරමෙන් ආණ්ඩුව සූදානම් වන්නේ කුමකට ද යන්න පිළිබඳ ඕනෑම අයකුට මනාව තේරුම් ගත හැකි බව ද කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු කීවේය.
‘යුද්ධය අවසන් වී පොලීසිය මැතිවරණ දෙපාර්තමේන්තුව, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදී සියල්ල විධායකය යටතට ගත්තා. ඉන්පු ජනාධිපතිවරණයකට දෙවතාවකට වැඩි වාර ගණනක් ඉදිරිපත් වීම සඳහා තවත් නීතියක් සම්මත කළා.
ඉන්පසු පෞද්ගලික දේපොළ පවරා ගැනීම සඳහා නීතියක් ගෙන ආවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව එලෙස ජනතාවට හිතකර නොවූ නීති සම්පාදනය කර ගන්නවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 48 නීතිය කෙසේවෙතත්, වැඩිපුර ඇති නිදහස නිසා රටේ ඇති වී ඇති අපරාධ රැල්ලක තරම පෙනෙනවා නේද? (නි)
මේ තරම් බලසම්පන්න විපක්ෂයක් ලංකාවෙ තිබෙනවා.. ශ්‍රී ලාංකිකයෝ මොන තරම් වාසනාවන්තද?(නු)
අනේ අපි කියල මක් කරන්ටෙයි, ඔයාලත් වැලේ වැල් නැතුව ඉන්නකොට. (නි)
හැමවෙලේම නරකම ගැන නොසිතා පොඩ්ඩක් ඉවසීමෙන් බලා ඉදිමුකෝ වෙන්නෙ මොකක්ද කියලා. (නි)
පැහැදිලි ඇත්ත මෙයයි. ඇයි මේක ලංකාවේ මිනිස්සුන්ට නොතේරෙන්නේ? (නි)
පක්ෂයේ එකමුතුකම රටේ ජනතාවට පෙන්නලා දුරස් වූ ජනතාව නැවත පක්ෂය වටා එකමුතු කරගන්න එක නේද කළයුත්තේ? (නි)
දැන්ම නම් මොකුත්ම කියන්න බැහැ. ඒ නිසා නිශ්ශබ්දව සිට වෙන්නේ මොකක්ද කියලා බලමු. (නි)
අනේ මන්දා මෙහෙම ගියොත් නම් ලංකාවේ විපක්ෂයක් නැතිවෙයි. (නි)
ලලිත් කටාර්, ගගේ වතුරයි ඔයේ වතුරයි වෙනස ගැන ප්‍රශ්නකරන ඔබතුමාලා වගේ අයට මේ දේවල් තේරෙන්නෙ නැති එක පුදුමයක් නෙමෙයි. (නි)
තහවුරු කරන්න ඉල්ලන්නේ මොන වගේ නිදහසක්ද දන්නෙ නැහැ. (නි)
මෙහෙම යනකොට නැවත මැතිවරණ අනවශ්‍ය බවට පනතකුත් එන්න බැරි නැහැ. (නි)
මෙමගින් හෝ වැරදි කරුවන්ට දඩුවම් ලැබෙනවානම් හොඳයි (ස)
මේ රටේ නම් කිසිම දෙයක් හරියට කරන්න බැරිවෙයි. (නි)
මොනවා කරන්නද ? (ස)
මේරටේ මොනවා කළත් වැරදියි. අපේ රටේ අපරාධ වලට නීති තාමත් ලිහිල් වැඩියි. අන්න ඒ නිසයි සාමාන්‍ය ජනයාගේ මානව අයිතීන් කැඩෙන්නේ. (නි)
ඒකනේ අමිල වෙලා තියෙන්නේ..? ලිව්වට කිව්වට මොකුත් කරගන්න බැහැනේ..! (නු)