ඇරැව්වල මහරගම පාර වැසි වතුරෙන් අද (29) යට වී ගියේය. කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි කාණු හිරවි වැසි වතුරෙන් යට වී බොහෝ ප්‍රධාන මාර්ගයන්හි මාර්ග තද බදයක් පැවැතියේය.
මෙතෙක් පැවැති දැඩි හිරු රශ්මිය අද තුරන් වී ගියේය.
ඇරැව්වල මහරගම පාර වැසි වතුරෙන් අද (29) යට වී ගියේය. කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි කාණු හිරවි වැසි වතුරෙන් යට වී බොහෝ ප්‍රධාන මාර්ගයන්හි මාර්ග තද බදයක් පැවැතියේය.
මෙතෙක් පැවැති දැඩි හිරු රශ්මිය අද තුරන් වී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා හදපු ජල වහන පද්ධතියෙන් පසුව අපේ බලධාරින් හරිහමන් ජල වහන පද්ධතියක් මේ වනතුරු හදලා නැහැ.සුද්දා හදලා දීපු ජලවහන පද්ධතිය හරියට පිළිසකර කරලා රැකගන්න වුවමනාවකුත් නැහැ.හරියට ජලවහන පද්ධතිය ක්‍රියාකරනවා නම් මේ ප්‍රශ්න ගොඩාක් දුරට අඩුවෙනවා (නි)
වැස්සටද මන්දා, චමින්දලාගේ සුසන්තලාගේ නැවුම් අදහස් දෝරේ ගලනවා. අර කිව්වා වගේ දැනුයි මට මතක් වුණේ, අයිෆල් කුලුනට නැගලා පැරිසියේ කාණු පද්ධතිය ගැන කතාකරන එක බරපතල වරදක් කියලා. සුසන්ත, ඔබ හරි.බැරිම තැන තමයි මමත් පැනගත්තේ. හැබැයි ඉතාලිය ගැන නම්, මතක් කරන්න එපා.එහෙ ඉන්න අය මදිවට අන්න හෙට අනිද්දා තවත් ඉතාලියට එනවලු? (නි)
සමහරුන්ගේ අදහස් මෙහෙම නම්,කට කොහොම ඇද්ද? (නි)
වැස්ස නැතිව කොච්චර කල් නම් අපි දුක්වින්දද? (ස)
වැස්සත් මිනිස්සු බනිනවා. නොවැස්සත් බනිනවා. අම්මටයි අහසටයි නිවනක් නෑ කියල කතාවක් තියෙනවනෙ. (ස)
මේවාට අහිංසක මහජනයාට දොස් කියන්න බැහැ. පාරවල්වලට කාණු දාලා අලුත්වැඩියා කරලා ආරක්ෂා කරගන්න ඕනේ නිසි බලධාරීන්. (ස)
සුනිල් මහත්තයෝ ඔබ මේකට වගකිවයුතු බලධාරයෙක්ද ? එසේනම් මහජන මුදල්වලින් යැපෙමින් අපට කියන්නේ අනුන්ගේ වැඩ කරන්නද (දී)
කුසුම් පැරිස් යන්න කලින් හිටියේ ඉතාලියේද ? (ස)
කුසුම් පැරීසියටත් ගිහිල්ලා තියෙනවද ? දාන අදහස් වලින් නම් එහෙම පෙනීමක් නැහැ.බවලත් උදවිය වුනහම ටිකක් සංවර විදියට අදහස් ප්‍රකාශ කරන්න. (දී)
අධිවේග හදලා පෙන්නුම් කලාට තාම කොළඹ කානු පද්ධතිය ප්‍රාග් එතිහාසික යුගයේ. ගම්බද දුෂ්කර මාවත් වල ගැමියන් යන්නේ වැල් පාලම උඩින් . ලෙඩෙක් ගැබිණි මවක් රෝහලට ගෙනියන කොට වාහනයක් ගෙනියන්න බැරි තරම් පාරවල් පටුයි. (දී)
ක්‍රිෂාන්ත ඉතාලිය- ඉතාලිය ඔයාගේ වසගමද? නැතිනම් ඔයා දැනට ජීවත්වෙන රටද? ඔයා බත්ද කන්නේ? නැතිනම් පැස්ටද කන්නේ? (දී)
ගං වතුර නොවෙයි වැහි වතුර (දී)
අපිත් දන්නවා. හේතු දන්නා කට්ටිය පුළුවන්නේ මේ ගැන රජයට උපදෙසක් දෙන්න (දී)
බලධාරින් දන්නේ නැද්ද වැසි කාලයට පෙර මේවා ගැන සොයාබලන්න (නි)
මේවා වෙන්නේ මිනිස්සුන්ගේම වැරදි නිසා (නි)
අනේ වාසනාවන්! තව හොඳට වහින්න ඕනෑ ජලාශ පිරෙන්න. එතකොට අපේ විදුලි බිල අඩුවේවි (නි)
නියමයිනේ වැස්ස! (නි)
මෙයට මුලික හේතුව ඉඩම් ගොඩකර නව ඉදිකිරීම් කිරීම, වැසි ජලය බැසයාමට නියමිත කණු පද්ධතියක් නොමැති වීම වගේ හේතුයි.එදා වැසි ජලය එක්තැන් වූ පෙදෙස් ගොඩකර නව ගොඩනැගිලි ඉදිකරලා ඇති. මිනිස්සු විසින්ම තමන්ගේ පරිසර පද්ධතිය විනාශ කරගන්නවා. (නි)
කුසුම්,වර්ෂාවට ජලාශ පිටාර ගැලුවත්,ලං.වි.ම.කොපමණ ලාභ ලැබුවත්, අපේ බිලේ වෙනසක් සිදු වෙන්නේ නැහැ.මොකද අපි අනුන්ගේ පවුත් ගෙවන්න එපැයි. (නි)
නිසි කානු පද්දතියක් නැති කම තමයි මේ (දී)
මේවට දොස් කියන්න ඕනෑ මාර්ග සංවර්ධන අධිකාරියට. ක්‍රමවත් සැලැස්මකට වතුර බැස යාමේ කාණු පද්ධති සකස් නොකරනවට.මම සිටින රටේ මොනතරම් විශාල මොරසුරන වැස්සක් වැස්සත් විනාඩි පහක් ඇතුලත සියලු වැසි වතුර බැස ගොස් අවසානයි. (නි)
ලයිට් බිල දැන්වත් අඩුවෙයිද (දී)
මොනවා කියනවද කුලතුංග මහත්මයෝ, එක දවසක් මම පැරිස් වල ඉද්දි පැය දෙකක වර්ෂාවකට මුළු පැරිසියම යට උනා. මම දුවල ගිහින් අයිෆල් කුලුනට නැගල තමයි යන්තම් බේරුනේ. එදා පැරිසියේදී උනේ වැසි ජලය බැසයාමට කානු පද්ධතිය නිසිලෙස සකසා නොතිබීම. මෙහෙ නම්, තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමේ. (දී)
අපි ඉන්නේ ප්‍රන්සේ මෙහෙත් හිටපු ගමන් ඔහොම වෙනවා ලොකු වැස්සක් වහිනකොට පැරිස් යටවෙනවා සමහර දවස්වලට (දී)
ආකාසේටයි, මහා පොලොවටයි, අම්මටයි හැමදාම ලැබෙන්නේ බැනුම් කියල කතාවක් මම අහල තියනවා. (දී)
තාමත් වැස්සට ලංකාවේ පාරවල් යට වෙනවද, මම නම් හිතුවේ දැන් ලංකාවේ පාරවල් බෝක්කු එහෙම හොදට හදල ඇති කියල.අධිවේගී එක මෙහෙම නැහැ නේද ? (දී)
කොළඔ පැත්තට වැස්සොත් රටටම බරපතල තත්වයක්. නැත්තන් රටේ අනිත් පැත්තට මොනවා උනත් කමක් නැහැ. (දී)
වැහි වතුර කාටවත් ඇලජික් එහෙම නැහැනේ. ඔන්න කිව්වා, මෙවැනි ස්වභාවික තත්වයන් වලදී රජයට එහෙම දොස් තියන්න එපා. පුදුමේ කියන්නේ වසන්ත මහත්මයෝ, කොච්චර වැස්සත් අපේ විදුලි බිල අඩුවෙන ජලාශ කවදාවත් පිරෙන්නේ නැහැනේ. (දී)
ඇරැව්වල - මහරගම (මාර්ග අංක 341) පාරේ මෙම වෙල්යාය ආශ්‍රිත ප්‍රදේශයේ පාර අනෙක් පෙදෙස් වලට වඩා බෙහෙවින් පහත්ය. වෙල පවතින පෙදෙස හැර පාරේ ඉතිරි කොටස බලධාරීන් සංවර්ධනය කළා මිස මෙම කොටසට අතගැසුවේ නැත. පාර ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව එයයි. මෙය ආශ්චර්යයද? (නි)
මිහිතලයට සිසිලක්! ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස.. (නි)