සෞදි අරාබියේ දමාම්හි ගෘහ රියදුරකු ලෙස සෞදි රැකියාව කළ ශ්‍රී ලාංකියෙක් හදිසියේ මිය ගියේය.
නාවලපිටිය මාපාකන්දේ ඉසදීන් මොහොමඩ් සාති (53) මහතා ඔහුය.
11 වැනි දින සන්ධ්‍යාවේ තම අවශ්‍යතාවකට මිතුරකුගේ නවාතැනකට ගොස් සිටියදී හදිසියේ ඇති වු අසනීපයක් නිසා ඔහු ඒ මොහොතේම මිය ගිය බව ඔහුගේ ඥාති පුත්‍රයකු වන එල් ඒ රිස්වි මහතා පවසයි.
මොහු සෞදි අරාබියට ආවේ මාස හතරකට කලිනි.මෘත දේහය දැනට දමාම් මහ රෝහලේ තැන්පත් කැර ඇති අතර ඔහුගේ දේහය සෞදි අරාබියේ මිහිදන් කිරිමට කටයුතු කිරිම සදහා ශ්‍රී ලංකාවේ ඥාතීන්ගෙන් අනුමැතිය ඉල්ලා සිටින බව ද ඥාති පුත්‍රයා පවසයි. මිය ගොස් සිටින අයගේ පුත්‍රයෙකුද රැකියාව සදහා සෞදි අරාබියට පැමිණ ඇත්තේ ඔහු මිය ගිය දිනට පසුදාය.
රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උපදෙස් මත නිතීමය කටයුතු නිම කිරීමෙන් අනතුරුව සිය ඥාතින්ගේ අභිමතය පරිදි මිහිදන් කිරිම පිළිබදව තිරණයක් ගැනිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාල තියෙන මාතෘකාවෙන් කියවෙන දේද ඇත්තටම වෙලා තියෙන්නේ.(නදී)
ඔන්න ළමයින්ගේ කෙරුවාව (දී)
ප්‍රතිචාර දැක්කහම මෙකෙම්ම පේනවා සමහරුන්ගේ උගත්කම සහ මෝඩකම (දී)
ඉතින් අපිට මොකෝ? (දී)
සිංහල මුනියනි ,අපේ මැරුණු මිනිහට අපහාස කරන්න එපා. යේප්පා අපිත් ලංකාවේ මුනියාලා (දී)
පුවත මොකක්ද,දක්වන අදහස් මොනවද කියල තේරුම් ගන්න බැහැ. (නි)
ඔහෙලා ලංකාදීප පාඨකයෝද? ලැජ්ජයි අදහස් දැක්කහම! (නි)
අල්ලාහ් දෙවියන්ගේ නියමය අනුව පැය විසි හතරෙන් වැළලිය යුතුය (නි)
ප්‍රතිචාර දාලා තියෙන්නේ මෝඩ කම පෙන්නන්ද? අමිල, දිසා ඔය දෙන්නා.(නදී)
අමිල, ඔබ නොවේද කඩේ යන්නේ? කා වෙනුවෙන්ද? කුමක් උදෙසාද? (නි)
මරණය කාගෙත් උවමනාවට එන්නේ නැහැ. නිකන් කට තියෙන පලියට කතා කරන්න එපා. මොහොමඩ් සාති මහතා සුවර්ගෙට යන්න කියා පාර්ථනා කරමු.(නදී)
නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්ඩ.(නදී)
මරණය කොහෙද කොතනද කියන්න කාටවත් බැහැ. එම නිසා හොද රටක් ජාතියක් වසයෙන් මරණය ගැන උපහාසයෙන් නොබලනු.(නදී)
කොටන කුකුලට කොහෙත් එකයි.(නදී)
මරණයක් නිසා කුකුලන් දෙන්නෙක් පෙරකන ලස්සන (අ)
දිසාගේ මොළේ කචල්. මැරෙන්න වෙන්නේ හදිස්සියේ. පුතා ආවේ සැළසුම් කරලා (නි)
කලින් සැළසුම් නොකළ දෙයක් සහ සැළසුම් කළ දෙයක් (නි)