IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පියා සල්ලි උඩ පීනයි

මලයාසියාවේ දෙමළ ව්‍යාපාරික ප්‍රකෝටිපති  පී ආනන්ද ක්‍රිෂ්ණන්  බෞද්ධ භික්ෂුවක් වන ඔහුගේ එකම පුත් අජාන් සිරි පන්යෝ හිමියන්  බැලීමට පිනෑන් හිල් හි භාවනා අසපුවට පැමිණි බව එරට චීන භාෂාවෙන් පළ වන  පුවත්පතක් කියයි.

හැත්තෑ පස් හැවිරිදි ධන කුවේරයා ආරක්ෂක නිලධරයන්ද පිරිවරාගෙන බී එම් ඩබ්ලිව් රථයකින් එහි පැමිණි බව සදහන් වේ.

ලොව ධනවතුන් පිළිබඳව පළ කෙරෙන පෝබ්ස් සඟරාව අනුව ඔහුගේ වත්කම ඇමෙරිකා ඩොලර්  කෝටි නවසිය හැටකි. (රුපියල් කෝටී127680) මාධ්‍ය,චන්ද්‍රිකා,තෙල් හා ගෑස්,විදුලි සන්දේශ , බල ශක්ති ,සූදු ,සංචාරක හා දේපොළ යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර හිමියෙකි.

ඔහු අග්නිදිග ආසියාවේ දෙවැනි ධන කුවේරයාය. ඔහුට ඉදිරියෙන් සිටින්නේ  රොබට් කු ඔක් නම් ප්‍රකෝටිපතියාය.ආනන්ද ලොව ධනවතුන් අතර අසු දෙවැනි තැන හිමි කැර ගෙන සිටී.

මෙම භාවනා අසපුව ධන කුවේරයා විසින් වසර තුනකට පෙර මිලට ගැනුණු  බවත් දැනට එහි භික්ෂුන් හැට නමක් භාවනා වැඩසටහන්වල යෙදී ඇති බවත් දැන ගන්නට ඇත.

ආනන්ද ක්‍රීෂ්ණන්ගේ තායි බිරියට උපන් එකම පුතා අජාන් හිමියන් බවත්  භික්ෂුවක් වීමට ඔහු ඊට වසර 18 ක පෙර සිවුරු පොරවාගත් බවත් මහා බ්‍රිතාන්‍යයේ ඉගෙන ගත් ඔහු භාෂා අටක් කතා කිරීමේ හැකියාව ඇති බවත් චීන පුවත්පත කියයි.

තායි බිරියගෙන් ඔහුට දියණියෝ දෙදෙනක්ද සිටිති.

ආනන්ද ක්‍රිෂ්ණන් 1938 දී ඉපැදුණේ මලයාසියාවේ බ්‍රික්පීල්ඩ් හිදීය.ඔහුගේ මව්පියෝ ශ්‍රී ලාංකිය සම්භවයක් ඇත්තෝය.ඒ කේ යන කෙට් නම්නි  හැදින්වෙන ඔහු බ්‍රික්පීල් විවේකානන්ද දෙමළ පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා මෙල්‍බන් සරසවියෙන් බී ඒ ගෞරව උපාධීයද  හාවඩ් සරසවියෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ එම් ඒ උපාධියද දිනා සිටියි.



අදහස් (0)

පියා සල්ලි උඩ පීනයි

සම්පත් Monday, 16 September 2013 09:15 AM

බුදුදහම කාටත් පොදු දර්ශනයක්. මේක ඒකට හොඳ උදාහරණයක්. සිංහල, දෙමළ හෝ මොන ජාතියක් උනත් සත්‍ය අවබෝධයට එය වැදගත් නැහැ. අවශ්‍ය වන්නේ බුද්ධිය පමණයි. (ස)

:       0       0

සදුනි Sunday, 15 September 2013 08:35 PM

පෙරුමාල්, පැවිද්දන්ට ඉන්න ස්ථිර තැනකුත් නැහැ, පෞද්ගලික බුදලයකුත් නැහැ. මෙතරම් උගතෙකු වන මේ භික්ෂූන් වහන්සේ ගිහිගෙයි හිටියා නම් අද මහා ධන කුවේරයෙක්. නමුත් පැවිදි බවේ සැහැල්ලුව මුහුණේ හිනාවෙන්ම පෙනෙනවා. රොෂාන් කියන්නා වගේ මෙයාට බැහැ පියාගේ ව්‍යාපාර වලට තහංචි දාන්න. මෙයා කල්පනා කරලා තියෙන්නේ තමන්ගේ ආත්ම විමුක්තිය ගැනයි.(නදී)

:       0       0

ගනුෂ්ක Monday, 16 September 2013 09:19 AM

නිමල් ජයසිංහ මහත්තයාගෙ අදහස් වලට ගරු කරනවා.. ගොඩක් පින් ! (ස)

:       0       0

අබ්දුල් Monday, 16 September 2013 09:38 AM

පියා මෙළොව සතුට සොයයි. පුතා එළොව සතුට සොයයි.(නදී)

:       0       0

ජෝන් Sunday, 15 September 2013 09:04 PM

සිංහල ජනතාවට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Sunday, 15 September 2013 09:10 PM

පියා ධනය සොයමින් සතුට සොයයි. පුතා ධනය රහිතව සතුට සොයයි. පියා ධනය යයි සිතන්නේ තමා වටා ඇති භෞතික දෑ රැස් කර ගැනීමයි. භෞතික දෑ පරිහරණය තුලම ඇත්තේ අසංතෘප්තියයි. තෘප්තිමත් භාවය නම් අල්පේච්ඡතාවයයි.එයින් මනස නිරවුල් කරයි. මනසේ අවුල් රහිත භාවය නිවීමයි. නිවීම තුල ඇත්තේ අපමණවූ සතුටකි. එය පුතාට ලැබෙනු ඇත. එය දෘශ්‍යමාන නොවේ. තමාට පමණක් දැනේ. අන් අයට ඒ ගැන දැනුම් දීමටද අවශ්‍ය නැත.ඒ නිරාමිස ප්‍රීතිය ලැබිය හැක්කේ මිනිසෙකුට පමණි. එවන් මිනිසුන් මේ ලොව බොහෝ සිටී. ඔබ අප අතරද සිටිනු ඇත. දුටුවත් දැනගත නොහැක. දැනගත්තත් අන් අයට කිසිදු වැඩක් නැත.ඒ තමාගේ සතුට උදාකරගත හැක්කේ තමාට පමණක් බැවිනි. සතුට පොදුවේ උදාකරගත නොහැක්කේ ලොව කිසිදු ජීවියෙකුට පොදු බවක් නොමැති බැවිනි. එකිනෙකා එකිනෙකාට වෙනස්ය. මග පෙන්වීමට හැක.නමුත් මග පෙන්වන්නා කෙරෙහි අනුගාමිකයෙක් හෝ අනුකාරකයෙක් නොවී නිසිමග යන්න. අන් අය ගිය නිසා මාද යායුතුයි කියා නොයන්න. එවන් සිතුවිළි සතුටට මග හරස් කරයි.සතුට ඇත්තේ ඔබ තුලමය.(නදී)

:       0       0

සම්පත් Monday, 16 September 2013 09:50 AM

කනගාටුය මෙතන තියන අදහස් දැක්කාම.පැවදි බවේ තේරුමවත් දන්නේ නැතිද? (දී)

:       0       0

අසංග Monday, 16 September 2013 09:56 AM

කාදර් ඔබ මුස්ලිම් ජාතිකයෙක් උනත් බුද්ධ දර්ශනය ගැන හොදට තේරුම් අරගෙන හොඳ දෙයක් පළකර තිබෙන්නේ. බුදුරජාණන් වනසේ ඔය දේවල් නවත්වන්න ගියේ නැත. ඒ දේවල් වලින් වෙන විපාකය පහදලා දුන්නා පමණි. අපේ සමාරක් ඇයි මෝඩ අදහස් පළකරන්නේ.(දී)

:       0       0

ජෝන් Monday, 16 September 2013 09:58 AM

මා හිතනවා ඉහත සඳහන් ප්‍රකාශය මෙලෙස නිවරදි විය යුතුය. නැතහොත් එය ධන කුවේරියා බික්ෂුවක් ලෙස හෙදින්වේ "මලයාසියාවේ දෙමළ ව්‍යාපාරික ප්‍රකෝටිපති පී ආනන්ද ක්‍රිෂ්ණන් ඔහුගේ එකම පුත් බෞද්ධ භික්ෂුවක් වන අජාන් සිරි පන්යෝ හිමියන් බැලීමට පිනෑන් හිල් හි භාවනා අසපුවට පැමිණි බව එරට චීන භාෂාවෙන් පළ වන පුවත්පතක් කියයි". (නදී)

:       0       0

සම්පත් Tuesday, 17 September 2013 03:53 PM

හරිමි රජ සැපා

:       0       0

රන්ජනී Monday, 16 September 2013 10:19 AM

මෙතැන අදහස් වල හැටියට නම් මට තේරෙන්නේ එනවා නමුත් එන්නේ නැහැ කියන එක. බුදුහාමුදුරුවෝ සුදුව තහනම් කරාද නැත්තම් කරන්න කිව්වද? මොකද අද ඔය දේවල් වලින් වෙන විනාශය වැඩි නිසා මන් අහන්නේ. අද සෑම සූදු පොලකම පිටුපසින් ගණිකා මඩුවක් කරගෙන යන හින්දා ?(නදී)

:       0       0

බුද්දී Sunday, 15 September 2013 10:06 PM

දිනේ කියන කෙනාගේ මොලේ කළදක් නැහැ. ධනවත් ව්‍යපරිකයෙකුන්ගේ පුතෙක් ධර්මානුකුලව ලෝකෝත්තර සුවය සොයා යන ගමන කෙතරම් ආදර්ශවත්ද? තාත්ත කරන හැමදෙයක්ම පුතාලට නවතන්න පුලුවන්ද? පුතාල කරන දේ තාත්තලට නවතන්න බැරිකොට.(නදී)

:       0       0

අජිත් කුරුවිට ලන්ඩන් සරසවිය Monday, 16 September 2013 10:26 AM

නිමල් ජයසිංහ මහතා ඉතා සරලව , නියම සතුට " සතුට තරම් කිසි ධනයක් ලොවේ කොයින්දා " යන්න මනාව පැහැදිලි කර ඇත. මෙවැනි වටිනා අදහස් ලොවට දායාද වන්නේ නිදහස් චින්තන රටාවක්, සරල දිවි පෙවෙතක් ඇති තැනැත්තන්ගෙන් පමණි. අද රටේ සිටින බොදු හිමි නමකගෙන් වත් මෙවන් අදහසක් ප්‍රකාශ වීම ඉතා විරලය. ඔබගේ අදහස මගේ පරිගණක සටහන් පොතට ඇතුලත් කර ගතිමි. මෙවැනි දෑ මා මිට පෙර දැක අසා ඇත්තේ, ආගම්/දර්ශන /දෘෂ්ටි වාද ගැතී නොවුන ආචාර්ය ඊ.ඩබිලිව් අදිකාරම් සහ ජේ . ක්‍රිශ්නමුර්ති වැනි උතුමන් ගේ දේශන සහ ලිපි වලිනි. ඔබට තුති.(නදී)

:       0       0

මිනිපෙ Sunday, 15 September 2013 10:15 PM

අජාන් සාදු මහන වුනේ ඇයි කියලා, අපි කව්රුත් හරියට නොදනෙමු. ඒ සත්‍ය හේතුව දන්නේ අජාන් හිමි පමනයි.(නදී)

:       0       0

අමල් Sunday, 15 September 2013 10:38 PM

අනේ ජෝන් උඹ වගේ ගොඩ සුද්දෙක් කොහොමද බන් සිංහල ජාතියට ආදර්ශ දෙන්නේ, කට වහගෙන ඉඳපන්. (නදී)

:       0       0

පද්මිණි Monday, 16 September 2013 10:52 AM

නිමල් ජයසිංහ මහතා කිවයුතු සියල්ල කියා තිබේ. ඔබට ස්තුතියි.. ඔබ වන්නකු ඇසුරු කරන්නන් නිවුණු අය වෙති. (දී)

:       0       0

මිනිපෙ Monday, 16 September 2013 09:24 PM

රත්න, මේ ලිපියේ කියලා තියෙනවා අවුරුදු 18ක් මහණවෙලා කියලා. මේක තාවකාලික නොවේ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 16 September 2013 11:02 AM

සතුට නිවීම අපගේ හදවතේ මිස මුදල්වල නොවන බව හරියටම අවබෝධ විමට මුදල් තිබී අවබෝධය ද ලැබිම විරල අවස්ථාව උන් වහන්සේට ලැබීම භාගයකි. මා එය මුදල් යමින් නැතිව ලැබිමද ඊට වැඩ වාසනාවකි. මා හට අන්‍යන්ට එය පැහැදිලි කර දීමට හැකිවීමද ඊටත් වඩා සතුටකි. (ස)

:       0       0

මිනිපෙ Monday, 16 September 2013 09:29 PM

සම්පත්, වස්තුත් නැත්නම්, කරදරත් නැත්නම්..ඒක ජිවිතයක් නොවේ.මේ ලෝකයේ ජීවත්වන හැමෝටම කරදර තිබුණා (අ)

:       0       0

දිනේ Sunday, 15 September 2013 04:35 PM

හරියට අර කැළණියේ තාත්තයි පුතයි වගේ.(නදී)

:       0       0

රෝහණ Monday, 16 September 2013 11:17 AM

තාත්තා මොනවා වුනත් අද අපේ රටේ ඉන්න ඇතැම් ද්‍රවිඩ දේශපලකියන්ට හා උගත් කියන අයට වඩා නුවණැති ගුණැති පුද්ගලයෙක්. තම පුතාට නිදහස් ගමනක් යන ඉඩදීලා තිබෙනවා. එම අතරම තාත්තත් නිවැරදි මාර්ගයේ ගියොත් එය පුතාට කරන නම්බුවක් සැලකීමක්. (ස)

:       0       0

සෙනරත් Sunday, 15 September 2013 04:49 PM

බෝසතානන් වහන්සේද රජ සැප ඇත හැර බුදු වුහ (දී)

:       0       0

රත්න Sunday, 15 September 2013 11:58 PM

උගත්,පියා ධනවත්.එහෙත් ඒවා දිගටම ගෙනියන්න හිටිය එකම පුතා සසර කෙටි කර ගැනීමේ උත්සාහයක. ආරාමයක් භික්‍ෂූන් වහන්සේට පූජා කිරීම එතුමා යම් දිනක රැගෙන යන එකම ධනයයි. (නි)

:       0       0

සේනාරත්න Sunday, 15 September 2013 04:49 PM

මට ඇස් අදහා ගන්න බැහැ (දී)

:       0       0

හේමන්ත Monday, 16 September 2013 03:59 PM

පිටිගල ඔයාලා ඉතාලියට වෙලා මහා ලොකු කයිවාරු, පාරක් තෙරක් නොපෙනන, හාමුදුරු පුළුටක් නැති රටකට, අපේ හාමුදුරුවරු කොහොමහරි එන එක හොඳ නැද්ද? උන්වහන්සේලාට දානයක් දී සතුටු වෙන කී දෙනෙක් එහෙ ඇතිද ඔයා ඒවා කලේ නැතිවට? හාමුදුරුවරුන්ගේ සීලේ තම කාටත් පෙනෙන්නේ. දන් දෙන්න ඕන අය දෙයි, බණ අහයි, නැති අය එයාලට ඕන දේ කරයි. අනික මොන ථෙරවාද රටටත් ධර්මය අරන් ගියේ අපේ හාමුදුරුවරු තමයි. ඔයාලා ඉතාලි ගිහින් ණයට කහින්න. (ස)

:       0       0

රත්න Monday, 16 September 2013 12:30 AM

මිනිපේ, තායි ජාතිකෙයෝ හැම කෙනෙක්ම අනිවාර්‍යෙයන් පැවැදි විය යුතුයි. එය තාවකාලිකවද, ජීවිතකාලෙය්ම සිටීමේ නිදහස තිබෙනවා. රජ්ජුරුවන් පවා තාවකාලික පැවිදි වූ අය. උපැවිදි වන අයට ලැබෙන සහතිකය රැකියාවක් සොයාගැනීමට සහ කසාද බදිනදාටද වැදගත්. (නදී)

:       0       0

පෙරුමාල් Sunday, 15 September 2013 05:01 PM

කොහොම වුනත් පුතා තවම ඉන්නේ තාත්තට අයිති තැනනේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 16 September 2013 12:34 AM

ජෝන් මෝඩ කම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා , මෙතන සිංහල ජාතියට ඇති සම්බන්ධකම කුමක්ද ? මලයාසියාවේ ජිවත් වන තායි ජාතික මවගේ සහ ද්‍රවිඩ ජාතික පියකුගේ දරුවකු බුදු සසුනේ මහණවෙලා තිබෙනවා. සමහර විට මව බෞද්ධ කාන්තාවක් වන්න පුළුවන්.(නදී)

:       0       0

වරුණ **** Monday, 16 September 2013 04:04 PM

කාදර්, ඔයා අපේ මෝඩ බෞද්ධයන්ට ඔබ මුස්ලිම් ජාතිකයෙක් උනත් බුද්ධ දර්ශනය ගැන හොඳට තේරුම් අරගෙන හොඳ දෙයක් පළකර තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය දේවල් නවත්වන්න ගියේ නැත. ඒ දේවල් වලින් වෙන විපාකය පහදලා දුන්නා පමණි. (ස)

:       0       0

සීස් Sunday, 15 September 2013 05:06 PM

අපි සැමටම ආදර්ශයක්.(නදී)

:       0       0

සම්පත් බොලොග්න Monday, 16 September 2013 04:15 PM

මිනිසෙකුට වස්තු සියයක් තිබුනොත් ඔහුට කරදර සියයක් තිබේ.එක වස්තුවක්වත් නැති මිනිසෙකුට එක කරදරයක්වත් නැත.බුදුන් දේසනා කල දෙයක්. (ස)

:       0       0

අජන්ත Tuesday, 17 September 2013 05:08 PM

ඔබ මුළු ලොවටම ආදර්ශයක් පුතේ (නි)

:       0       0

ධම්ම Sunday, 15 September 2013 05:26 PM

අජාන්, සැහැල්ලු සිනහවක් පියාගේ මුහුණට නම් කිසි කලෙක එන එකක් නැහැ.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 16 September 2013 01:43 AM

ලොව සැම දේ අනිත්‍ය බව පසක් වෙලා ජීවිතය නම් මෙයම විය යුතුය.(නදී)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Monday, 16 September 2013 02:51 AM

අද දවසට ඇසූ හොදම මෝඩ කතාව. (නි)

:       0       0

නිරෝෂන් Sunday, 15 September 2013 06:08 PM

දමිළ ජාතිකයෙක් වීම ගැන ආඩම්බර වන්න. ඔබ දෙදෙනා ගැනම ආඩම්බරයි.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 15 September 2013 06:09 PM

බුදු දහමේ සත්‍ය අවබෝධකරගත් පින් වන්තයෙක්. අපි හැමෝටම ආදර්ශයක්.(නදී)

:       0       0

රොෂාන් Sunday, 15 September 2013 06:20 PM

පුතාට තිබුනා තාත්තගේ සූදු සල්ලි නවත්වන්න. සුදුව ලොකුයි සීලේට වඩා. මෙහෙමත් ප්‍රචාරණ.(නදී)

:       0       0

දිනේෂ් Monday, 16 September 2013 12:40 PM

දිනේ, පෙරුමාල්. වගේ මෝඩයෝන්ට මේවා කවදාවත් තේරෙන එකක් නැහැ. නොදන්නා දේවල් වලට අදහස් දාන්නේපා. (ස)

:       0       0

එෂාමා කාරියකරවන Tuesday, 17 September 2013 06:02 PM

මුන් වහන්සේ පතනා බෝධියකින් නිවන් දකීවා! මේ තාත්තාගේත් එලොව සුවබර වේවා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 September 2013 05:23 AM

මෙන්න නියම භික්ෂුවක්. සල්ලි එපා කියල ඇවිල්ල තියෙන්නේ. ඉතාලියේ වසන සියලු සත්වයෝ ගොඩ දාන්න පොරකාගෙන ධර්ම ප්‍රචාරයට එන සමහර භික්ෂුන්ට හොඳ ආදර්ශයක්.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 15 September 2013 06:28 PM

සාදු සාදු සාදු !(නදී)

:       0       0

ප්‍රියා Monday, 16 September 2013 05:42 AM

ලබා උපන් හැටියටලු බබා වැනේන්නෙ.(නදී)

:       0       0

දර්ශන් Sunday, 15 September 2013 06:51 PM

දකුණු ආසියාතික බෞද්ධ සාමනේර හිමිවරුන්ට ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් ලැහැස්ති කරගන්නකෝ. ශ්‍රී ලංකා සියලුම බෞද්ධ ආයතන වෙත කරන මේ ඇරයුමයි. (නි)

:       0       0

මරදාන Tuesday, 17 September 2013 06:57 PM

ඒ දෙන්නගෙ කැමැත්තට පීනනවා .ඉතිං අපිට මොකෝ .මල්ලිල ඒකට බූරුවො වගෙ මෙතන ගෝරි දාගන්නවා .(අ)

:       0       0

ටිරෝන් Sunday, 15 September 2013 07:00 PM

සත්‍යය සැමදා ජයගනී (නි)

:       0       0

ධනුෂ්ක Monday, 16 September 2013 07:46 AM

බුදු දහමේ ඇති හරය මේ වගේ උගත් පුද්ගලයන්ට මිසක් මෝඩයන්ට තේරෙන දෙයක් නෙමෙයි. (නි)

:       0       0

ටෙනිසන් Sunday, 15 September 2013 07:06 PM

රොෂාන් බුදුහාමුදුරුවන්ට හැකිවුනාද දෙව්දත් වැරදි පාරක යන එක නවත්වන්න. නිකන් මෝඩ කතා කියන්න එපා.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 16 September 2013 07:49 AM

මොනවා වුණත් පින්වන්ත දරුවෙක් (නි)

:       0       0

අබේසිංහ Monday, 16 September 2013 01:43 PM

අද දවසේ දුටු හොඳම මෝඩ අදහස ගාමිණී කුවේට් වල. (දී)

:       0       0

ඉන්දික Monday, 16 September 2013 08:25 AM

ගාමිණී කුවෙට්, මෙතන මෝඩ කතාව මොකක්ද කියල කියනවද ? නැත්නම් ඔයා තමයි මෝඩයා වෙන්නේ.(නදී)

:       0       0

දාන් Monday, 16 September 2013 08:31 AM

කාදර්, ඔබට තේරෙන දේ අදහස් පළකරපු සමහරක්ට තෙරුනා නම් කොයිතරම් හොඳද?(නදී).

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 22 September 2013 09:12 AM

අපේ අයට නම් ලැම්බෝගිනි ,ෆෙරෙර්රි,පොර්චේ කාර්ම 8-10 ක් ප්ලේන් එකේ ගෙනත් දෙනවනේ. (නි)

:       0       0

කාදර් Sunday, 15 September 2013 08:23 PM

රොෂාන්ට මොලයක් නැති වුණාට ඔහොම කතා කරන්න එපා. මෙතන තියෙන වැදගත් පණිවිඩය තේරුම් ගන්න බැරි ඔයා මන්ද බුද්ධිකයෙක්ද?බුදුහාමුදුරුවෝ වත් සුදුව නවත්තන්ට ගියේ නැත. එහි ආදීනව කියා දුන්නා පමණි. මේ තරුණයාගේ අදහසම මොන තරම් වටිනවද? පවුකාරයන්ට යහපතක් දකින්න බැරි හැටි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1003 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6184 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3447 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1489 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28524 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23600 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site