(සුමිත් පොතුපිටිය)
කළුතර පයාගල ඈතගම ග්‍රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද කාඩ්පත් 900ක් පමණ නොබෙදා ළඟ තබාගත් බව කියන තැපැල්කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පයාගල, ඈතගම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් දෙකකට නිල ඡන්ද කාඩ්පත් නොලැබුණු බවට එම ගම්මානයේ ජනතාව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරැව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
එම ඡන්ද පත් තැපැලකරු දින 11ක් තිස්සේ සිය සන්තකයේ තබාගෙන සිටියදී සොයාගෙන ඇත.
පයාගල , ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිළධාරි වසම් වලට අයත් ජනතාවට මෙසේ ඡන්ද පත් ලැබී නැත.
කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද කාඩ් ලැබී ඇත්තේ පෙරේදා ( 18) උදෑසන බවත්, කැමති අයවළුන්ට තැපැල් කාර්යාලයට පැමිණ ලබාගත හැකි බවත් දැන්වා ඇත.
මහනුවර පල්ලෙකැලේ සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි නියාමක වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
නෙළුම් කුළුණ පරිශ්‍රය පැවති සංගීත ප්‍රසංගයකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි.
වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමකට අයත් පුද්ගලයන් 58 දෙ
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
සේවා කොන්දේසි කඩකළ සහ සේවයේ නියුතු අන් අයට බලපෑම් කළ ශ්‍රී ලාංකිකයකු පිටුවහල් කිරීමට රැගෙන ගිය අවස්ථාවේදී ඊශ්‍රායල ටෙල් අවිව් ගුවන් තොටුපොළෙන් පැන ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පයාගලත් ඡන්ද කාඩි 900ක් බෙදා නෑ