IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පියුමි වේදිකාවෙන් බැස්සේ හිත රිදිලද දන්නෙ නැහැ...

2016-08-26-ent-32

පසුගියදා පැවති 2016 ශ්‍රී ලංකා විවාහක රූ රුජන අවසන් තරගයේ ජයග‍්‍රහණයේ කිරැළ දිනාගන්නට සමත් වුණේ නිරෑපිකාවක හා සිනමා නිළියක වන උදාරි පෙරේරා. මේ හදසර උදාරි සමඟ කළ කතා බහ.

 

උදාරි මුලින්ම සුබ පතනවා ගොඩක් ස්තූතියි. සුබ පතමු හැමදෙනාටම.

 

කොහොමද උදාරි?

2016-08-26-ent-31ලැබුණු කිරැළත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා.

 

මිසිස් ශ්‍රී ලංකා තරගෙට එන්න හිතුණේ ඇයි? මේ ඔබේ හීනයක්ද?

මෙහෙමයි හැමෝටම හීන තියෙනවනේ. මට තිබ්බ ලොකුම හීනය තමා එයාර් හොස්ටස් කෙනෙක් වෙන එක. ඒක මම සැබෑ කරගත්තා. ඕනෑම කෙනෙක් කැමතියි තමන් ලස්සනයි කියලා තව කවුරැහරි කියනව නම්. තමනුත් ප්‍රින්සස් කෙනෙක් කියලා හිතන්න. ඉතින් මටත් හිතුණා අනේ මටත් crown එකක් තිබ්බා නම් කියලා. ඒත් මම කරපු රුකියාව සහ තව තව දේවල් නිසා මට ඒ දේවල්වලට එන්න බැරි වුණා. ඉතින් මිසිස් ශ්‍රී ලංකා තරගය තියෙනකොට මට හිතුණා මේ අවස්ථාව හරි ලබාගන්න ඕනේ කියලා. ඒ නිසා තමා මම මේ සඳහා ඉදිරිපත් වුණේ.

 

Husband මොකද කිව්වේ?

කොහොමද ලැබුණු සහයෝගය. එයා සාමාන්‍යයෙන් එපා කියන කෙනෙක් නෙවෙයි. එයා එයාට පුළුවන් උදව්ව සහ සහයෝගය ලබාදෙන කෙනෙක්. ඉතින් මේ සඳහාත් එයා මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.

 

කොහොමද තරගෙට සූදානම් වුණේ?

මම මේ තරගෙට 100‍%ක්ම ආධුනිකයි. මොකද මම මීට පෙර සහභාගිවෙලා තිබුණේ නැහැ. ඒ නිසා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා. ඇවිදින විදිහේ සිට සියලුම දේවල් මම මුල ඉඳන් ඉගෙන ගත්තා. මම හිතනවා මම ඒ ලබාගත්ත ගුරැහරැකම් එක්ක ගොඩක් දුර ආවා කියලා.

 

කාගෙන්ද ඔබ ඒ ගුරැහරැකම් ලබාගත්තේ?

නිලූ සේනානායක සහ අර්ජුන සේනානායක. නිලූ සේනානායක කියන්නෙත් රෑ රුජනක්. ඉතින් එයාලා තමා අපිට choreography කළේ. මට ලොකු සහයෝගයක් ලැබුණා ඒ තුළින්.

 

ලස්සන රුකගන්න මොනවද කරන්නේ?

එහෙම විශේෂයෙන් කියලා නම් මුකුත් කරන්නේ නැහැ. අනිත් අය වගේම මාත් පිරිසුදුවට ඉන්නවා. අව්වට යද්දී නම් sun cream එකක් පාවිච්චි කරනවා. මාසෙකට සැරයක් facial එකක් කරනවා. එකත් ස්වභාවික දේවල්වලින් කරන්නේ. මටම කියලා මගේ salon එකක් තියෙනවා.

 

ආහාර පාලනයක් කරනවද?

මම එහෙම ලොකුවට නම් ආහාර පාලනය කරන්නේ නැහැ. මොකද මම කෑමවලට ආස කෙනෙක්. හැබැයි මම නිතර උත්සාහ කරන්නේ නිරෝගී කෑම ගන්න.

 

ව්‍යායාම කරනවද?

ඔව්, සතියකට තුන්පාරක් විතර personal trainer කෙනෙක් ගාව ව්‍යායාම කරනවා.

 

උදාරිට අභියෝගයක් වුණ තරගකාරිය කවුද?

මම ආධුනික නිසා එහෙම එක්කෙනෙක් කියලා කියන්න බැහැ. හැමෝම තරගය තුළ හිටියා. කිසිකෙනෙක් තරගය අත්හැරලා හිටියේ නැහැ. අනිත් 11 දෙනාත් ලොකු තරගයක් දුන්නා. අවසාන මොහොත වෙනකම් හිතාගන්න බැරිව හිටියේ කාගේ පැත්තට තරගය යයිද කියලා.

 

උදාරිට විශ්වාසයක් තිබ්බද?

මට මා ගැන විශ්වාසයක් තිබ්බා මම තරගය තුළ කරපු කියපු දේවල් එක්ක. නමුත් අවසානයේ හැමදෙයක්ම තීරණය වෙන්නේ විනිශ්චය මණ්ඩලය හරහා.

 

අවසන් විනිශ්චය දෙන්න කලින් දැනුණ හැඟීම කොහොමද?

ඒ වෙලාවේ නම් මම හිත යටින් හිත හිතා හිටියේ No 5 කියන්න, No 5 කියන්න කියලා. මොකද මගේ lucky no එකත් No 5. මට මේ තරගෙදි ලැබුණෙත් No 5.

 

No 5 කිව්වට පස්සේ දැනුණ හැඟීම?

අම්මෝ පුදුම සතුටක් මට දැනුණේ. ඒ වගේමයි මම තරගෙට ආපු දවසේ ඉඳන් මේ අවසන් දවස දක්වා සියලු සිද්ධීන් පෙළින් පෙළට මතක් වුණා, හරියට කෙටි චිත්‍රපටයක් වගේ.

 

දිනුමෙන් පස්සේ Husband ගේ ප්‍රතිචාර කොහොමද?

එයාටත් ගොඩක් සතුටුයි. ඒ වගේම මම ගැන එයාට ආඩම්බරයි කියලා මට දැනුණා.

 

ලැබුණු ආදරණීයම ප්‍රතිචාරය?

මට අමතක කරන්න බැහැ Audience එකෙන් ලැබුණ ප්‍රතිචාරය. මොකද 1, 2, 3, 4 stage එකට ගිහින් ඊට පස්සේ මම stage යද්දී මුළු Audience එකම කෑගැහුවා. මට ඒ මොහොත නම් අමතක වෙන්නේ නැහැ.

 

ජාත්‍යන්තර තරගෙට සහභාගි වෙන්නේ කවද්ද?

ජාත්‍යන්තර තරගෙ තියෙන්නේ මේ මාසේ අන්තිමට චීනයේදී. ඉතින් ලංකාව වෙනුවෙන් දෙයක් කිරීමේ ලොකු බලාපොරොත්තුවකින් තමා මම ඉදිරිපත් වෙන්නේ.

 

කොහොමද ඒ සඳහා සූදානම?

තව දවස් 10ක් වගේ කෙටි කාලයක් තියෙන්නේ. ඒ නිසා ප්‍රවීණ අයගේ ගුරැහරැකම් ලබාගෙන හොඳ දෙයක් කරන්න තමා ඉන්නේ.

 

ගුවන් සේවිකාවක් ලෙස කොච්චර කාලයක් හිටියද?

වසර හයහමාරක් හිටියා.

 

ඒ කාලේ ලැබුණු අත්දැකීම කොහොමද?

මම හිතන්නේ ඒ තුළින් ලැබුණු අත්දැකීම නිසා තමයි මම මෙච්චර දුරක් ආවේ. මොකද රට රටවල් ගැන, ලෝකේ ගැන විවිධ සංස්කෘතියන් ගැන, ඒ වගේම මිනිස්සු එක්ක හැසිරෙන්න ඕනේ කොහොමද කියලා. ඒ වගේ ගොඩාක් අත්දැකීම් ලැබුණු රස්සාවක් තමා මම ක‍ළේ. ඉතින් ඒ ලැබුණු පන්නරය එක්ක තමා අද මම මේ ඉන්න තැනට එන්න පුළුවන් වුණේ. මම හිතන්නේ මගේ වාසනාවට ලැබුණු රුකියාවක් කියලා. මට ඒ වසර හයහමාරක කාලය නම් අමතක වෙන්නේ නැහැ.

 

රටවල් කීයක සංචාරය කරලා තියෙනවාද?

රටවල් 48 ක්.

 

ඒ අතර කැමතිම රට?

පැරිස්

 

වෘත්තියට සමුදුන්නේ රංගනයට එන්නද?

නැහැ

 

එහෙනම් ඇයි?

මට හිතුණා life එකේ පොඩි වෙනසක් කරන්න. මොකද air line එකට මම ගොඩාක් දේවල් කළා. එයාලගේ මුහුණු අතරෙත් ප්‍රධාන කෙනෙක් වෙලත් මමත් ගොඩක් දේවල් ඒ වන විට දිනාගෙන හිටියා. මම air line එකේ ඉන්න අතර තමා 2011 දී ප්‍රවේගය චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඊටපස්සේ ඉතින් මට හිතුණා වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා. ඒ කාලෙම තමා මට හිරැ TV එකෙන් ආරාධනා කළේ නිවාඩුවට ට්‍රැවල් එකක් කියන වැඩසටහන කරන්න. ඒ එක්කම තමා මම අයින් වුණේ.

 

දුකක් නැද්ද ගත්තු තීරණය ගැන?

දුකක්ම නැහැ. නමුත් ඊට රටවල්වල සංචාරය කරපු කාලේ shopping කරපු කාලේ මතක් වෙනවා. නැත්තේ නැහැ.

 

දැන් රංගනයට ආරධනා නැද්ද? රඟපාන්නේ නැද්ද?

2011 දී ප්‍රවේගය කළේ. එතකොට මම ගුවන් සේවිකාවක් විදියට හිටිය කාලේ. නමුත් මට ප්‍රවේගය චිත්‍රපටය සඳහා දින 48ක් වැනි දිග නිවාඩුවක් ලබාදුන්නා. ඒ වගේම ප්‍රවේගය චිත්‍රපටය තිරගත කරන්න සෑහෙන කාලයක් බලන් ඉන්න වුණා. මට තව හොඳ ආරාධනා ලැබුණත් බාරගන්න බැරි වුණා, නිවාඩු ගන්න තිබුණ අපහසුතා නිසා. ඊටපස්සේ මම රුකියාවෙන් ඈත්වෙලා හිරැ TV එකේ නිවාඩුවට ට්‍රැවල් එකක් කියන වැඩසටහන මාස 5ක් වගේ කරද්දී තමා මට මගේ බබා ලැබෙන්න ආවේ. දැන් මගේ පුතාට අවුරැදු දෙකයි. ඉතින් දැන් තමා ආයෙ ක්ෂේත්‍රයට ආවේ. එහෙම නැතුව ආරාධනා නොලැබුණා නෙවෙයි.

 

සිනමාවේ විතරද ඔබ රඟපාන්නේ?

නැහැ, මම පුංචි තිරයටත් කැමතියි. නමුත් පුංචි තිරයට නම් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මගේ පුතා තවම පුංචි නිසා ඒ තරම් ලොකු කැපකිරීමක් කරන්න අමාරැයි. මොකද මගේ පුතාගේ ළමා කාලයට එයාගේ අම්මා ඕනෙනේ. ඉතින් එය ගැනත් හිතලා තමා මම හැමදෙයක්ම කරන්නේ.

 

කොහොමද චරිතයක් තෝරාගන්නේ. සීමාවන් මොනවද?

මම බිරියක්, අම්මා කෙනෙක්. ඒ නිසා මගේ සීමාවේ ඉඳගෙන කරන්න පුළුවන් හොඳ නිර්මාණ මම භාර ගන්නවා.

 

Mrs. ශ්‍රී ලංකා අවසන් විනිශ්චය ලබාදෙද්දී පියුමි හංසමාලි වේදිකාවෙන් බැහැල ගියේ ඇයි?

ඒක නම් මම හරියටම දන්නේ නැහැ. ඒක එයාගෙන් තමා අහන්න ඕනේ. සමහරවිට එයාගේ හිත රිදිලද දන්නේ නැහැ. කොහොම වුණත් ඒක එයාගේ පෞද්ගලික මතය.

 

එවැනි හැසිරීම් තරග නීතිරීතිවලට බලපාන්නේ නැද්ද?

මෙහෙමයි. අවසාන තරගයේ අවසාන මොහොතේ සිද්ධවුණ දෙයක් නිසා සංවිධායක මණ්ඩලය ඒ ගැන හිතන්න තිබ්බා. ඒ වගේම තරගය මැදදී එවැනි දෙයක් වුණා නම් යම් පියවරක් ගන්නත් තිබ්බා. තරග විනිශ්චයත් දීලා අවසන් නිසා සංවිධායක මණ්ඩලය ඒ ගැන ඒ තරම් හිතුවේ නැහැ.

 

ඔබේ දරැවා කවදා හරි කලාවට සම්බන්ධ වෙනවට කැමතිද?

අනිවාර්යයෙන්ම. දැනටත් අවුරැදු දෙකක් වුණාට ගොඩක් දක්ෂතා තියෙන දරැවෙක් කියල පේනවා. නටන්න සින්දුවලට හරිම කැමතියි. අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා කලාවටත් යොමුවෙනවට කැමතියි.

 

ඔබේ අනාගත බලාපොරොත්තුව?

කාන්තාවක් විදියට මේ සමාජයට ආඩම්බර වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න කැමතියි. මොකද දැන් රටක් නියෝජනය කරනවා කියන්නෙම පිස්සු වැඩ කරන්න බැහැ කියන තැන මම ඉන්නේ. ඒ වගේම මට බාල සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම බිරියක් මවක් විදියටත් ඒ හැමෝටම ආඩම්බර විය හැකි ආකාරයට කටයුතු කරලා මගේ පුතාව රටට වටින පුතෙක් කිරීම තමා බලාපොරොත්තුව.

 

අවසාන වශයෙන් මතක් කරන්න පිරිසක් ඇති?

ඔව්, විශේෂයෙන්ම අර්ජුන සේනානායක, නිලූ සේනානායක, ෆෙරැකා, මලීෂ රණසිංහ, නිහාන් ඩී සිල්වා සහ මේ තරගය සාර්ථක කරගන්න අනුග්‍රහය දැක්‌වූ සියලුම දෙනාටත්, මාධ්‍යයටත්, මට යෝධ ශක්තියක් වුණු මගේ ළඟින්ම හිටපු පවුලේ උදවියට සහ මට සහයෝගය දුන් සැමට ස්තූතිවන්ත වෙන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.

 

අනූෂා රණසිංහ - සේයාරෑ / සුමුදු

 

2016-08-26-ent-30
2016-08-26-ent-29
2016-08-26-ent-28
2016-08-26-ent-27



අදහස් (0)

පියුමි වේදිකාවෙන් බැස්සේ හිත රිදිලද දන්නෙ නැහැ...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 49 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 46 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1603 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 676 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1580 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1274 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site