IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්

(රෝෂන් තුෂාර)

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින්  හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන  ගිණුම් 19ක  වාර්තා කැඳවීමට   කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය.

රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු  වාර්තා කැඳවීමට මෙසේ නියෝග නිකුත් කළේය.

‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල්  අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම,කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා  පැමිණිල්ල බහා තැබීය. 

 



අදහස් (16)

පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්

ආච්චි Wednesday, 19 June 2024 10:18 AM

අප්පොච්චි ඇතුළු මැදමුලන වලව්වේ අප්පොලාගේ කලුසල්ලි සුදු කරන නිරූපිකාව නැවතත් සංදර්ශන කරලියට ඇවිල්ලා බොලං . හැබැයි තව ටික දවසකින් නිදොස් කොට නිදහස්. ඔන්න දැම්මම කිව්වා.

:       19       97

ජගත් ලියනගේ Wednesday, 19 June 2024 10:32 AM

එයාගෙ ආශ්‍රය ලොකු ලොකු අයත් එක්ක . බේරෙන්න තියෙන ඉඩකඩ වැඩියි .

:       3       61

කමල් විතානදේව Wednesday, 19 June 2024 10:42 AM

ඇයි පියුමිගේ දේපල විතරක් විශේෂයෙන් හොයන්නේ.දූෂිත දේශපාලුවන් ජනතාවගෙන් හොරා කාපු කෝටි ගණන් මුදල් ගැන හොයන්න කවුරුත් නෑ ?බයද ?

:       9       74

රංබොඩ Wednesday, 19 June 2024 10:47 AM

රජයක් හෝ පවතින නීති ක්‍රියාත්මක කරන ආයතන හැටියට හොඳටම පමා වැඩියි.කිසිම රඟපෑමක් නොකරන වෙනත් කිසිදු ප්‍රසිද්ධ ව්‍යාපාරයක් ද නොකරන මොවුන් පරිහරණය කරන්නේ කෝටි ගණන්. උපන්දින පාටිවලට අඳින්නෙ රත්තරන් ඇඳුම් . මේවා ගැන ඕනම රජයක් හොයලා බලන්න ඕන.කුඩුද ,N.G.O. ද , පාතාල සම්බන්ධතා ද කියලා කවුද දන්නෙ

:       3       66

Kapa රාළ Wednesday, 19 June 2024 11:18 AM

වැඩක් නෑ මල්ලී... මෙයාලා ඔක්කොම යාළුවෝ...

:       2       18

සත්‍යපාල Wednesday, 19 June 2024 11:40 AM

කොමෙන්ටු කොටන්නන් වැඩි දෙනෙක් මෙම නිරුපිකාව සමග කොතරම් නම් ඉරිසියාවකින් පෙලෙන්නන්ද යනවග ඒවා කියවන විට දැනේ. කෙසේ වෙතත්, මැයට මෙතරම් මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ කෙසේදැයි සොයා බැලීම යහපත් ය.

:       3       24

සෑම් Wednesday, 19 June 2024 12:06 PM

මටත් සල්ලි තිබ්බානම් කීය දීලා හරි එයාව ගන්නවා. ව්‍යාපාර කරලා නැහිලා සල්ලි හොයන්න ඕනෑ නැහැ. ලංකාවේ හිඟන්නෝ පස්සේ යන්න ඕන නැහැ. පිට රට රවුමක් ගිහිල්ලා ආපුවාම විදේශ විනිමය.

:       1       14

චන්දිම Wednesday, 19 June 2024 12:37 PM

ඔක්කෝටම වඩා ලේසිම දේ තමයි දුප්පත් ජනතාවගෙන් බදු ගසා හූරා ගැනීම. දේශපාලනයට සම්බන්ධ අයගෙන් බදු ගහන්න නම් ආණ්ඩු වෙනසක් වෙන්නම ඕනෑ.

:       1       15

Saman Dissanayake Wednesday, 19 June 2024 01:14 PM

මෙවැනි අය අපි අරක්ෂා කළ යුතුයි. රටට ජනතාවට බරක් නැතිව රටට මුදල් හොයලා දෙනවා. හොද ව්‍යාපාරිකාවක්. පිට රටවල නම් රජයෙන් විවිධ සහන දිරි ගැන්වීම් ලබා දෙනවා. අපේ රටේ තියෙන්නේ ඉරිසියාව කුහකකම නැගිටින මිනිහාගේ කකුලෙන් අදිනවා. ඉතින් කොහොමද රටක් ගොඩයන්නේ. එයාට කියන්න ආදායම් බදු ලිපි ගොනුවක් අරන් කරන්න කියලා. ටින් අන්කයක් ගන්න කියලා. සරලයි.

:       16       12

ගමගේ Wednesday, 19 June 2024 03:17 PM

රජයේ බැංකුවල තැන්පත් මහජන මුදල් රුපියල් කෝටී දහස් ගාණකට පොලු තියපු දේශපාලකයින් සහ ව්‍යාපාරකයින් ටිකදෙනා ගැන සොයා බලා ඒ උදවියගේ දේපල වෙන්දේසි කර හෝ එම මුදල් නැවත ජනතා සුබ සිද්ධියට යෙදෙව්වා නම් රටට හොඳ කලක් යාවි...

:       1       14

Harsha Godage Wednesday, 19 June 2024 05:17 PM

තිලිණි පියුමාලිට කරපු දේමයි මෙයාටත් කරන්නේ. අනිවාර්යයෙන් නිදොස්කොට නිදහස් කරනවා.

:       1       15

Gayantha wickramasinghe Wednesday, 19 June 2024 09:06 PM

මෙකෙ වෑරද්ද පියුමිගේද ? මේ රටේ බැංකු දේශීය ආදායම් දෙපර්තමේන්තුව නිදාගෙනද හිටියේ. ගිණුම් වලට මුදල් එද්දි බැංකු විසින් අනිවාරියෙන් දේශීය ආදායම් දෙපර්තමේන්තුව දෙන්න ඕනී. සිවිල් පුද්ගලයෙක් උසාවි යන්න ඔනි නෑ.

:       0       0

Ruwan De Silva Wednesday, 19 June 2024 09:09 PM

පියුමි නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලත් අවුරුදු 10ක් වත් නෑ. හැබැයි එච්චර ජනප්‍රිය කෙනෙකුත් නෙමෙයි ඔයිට වඩා ජනප්‍රිය අය ඉන්නවා හැබැයි ඔච්චර සල්ලි නම් නෑ. කොරෝනා එකට පස්සේ තමයි මෙයා ලොකුවට ධනවතෙක් වුනේ ඉස්සර යන්නේ බස් එකේ, ත්‍රිවිල් එකේ හරීන්ව සෙට්වුනාට පස්සේ තමා වාහනයක් ගත්තේ. ඔය ඔක්කෝම රාජපක්ෂ කළු සල්ලි සුදු කරන මෙෂින් තමයි. අවුරා ලංකා වුණත් මිස්ටර් කොත්තු වුණත් අශේන් බික වුනත් රාජපක්ෂ තමයි

:       0       0

SARATH ANANDA Wednesday, 19 June 2024 09:31 PM

එයා සුදු වෙන්න ක්‍රීම් විකුණනවා විශාල ව්‍යාපාරයක් ඒක. ඔන්ලයින් විකුණන්නේ අපේ නංගිලා සුදු වෙන්න ඕන තරම් වියදම් කරනවා නේ

:       0       0

Nimal Thursday, 20 June 2024 02:41 AM

රන්ජට කඩේ යන උන් මතක් උනා.අනේ ලංකාවේ මෝඩ හැත්ත

:       1       0

m. saman perera Thursday, 20 June 2024 11:07 AM

එයාලා ඔක්කෝම හරි යාලුවෝ මල්ලි.. තව ඕන තරම් හොයනවා නම් ඉන්නවා රටේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4027 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1449 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site