වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේ පොර කුකුළු පිටියක් වැටලු පොලීසිය හොර කුකුලන් නව දෙනකුද රුපියල් දහසයදාස් පන්සීයක්ද ,යතුරුපැදි නවයක්ද ,ත්‍රිරෝද රිය දෙකක්ද කැබ් රියක් හා ලොරියක් ද අත්අඩංගුවට ගත් බව කියයි.
වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේ පොර කුකුළු පිටියක් වැටලු පොලීසිය හොර කුකුලන් නව දෙනකුද රුපියල් දහසයදාස් පන්සීයක්ද ,යතුරුපැදි නවයක්ද ,ත්‍රිරෝද රිය දෙකක්ද කැබ් රියක් හා ලොරියක් ද අත්අඩංගුවට ගත් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුලෝ විතරද අත්අඩංගුවට අරගත්තේ? (අ)
වෙන්නප්පුව කොහොමත් පොරට දක්ෂයි. දැන් බලන්න ඉතාලියට අපේ පොර කුකුල්ලු ටික මරාගන්න හැටි ! (ස)
ඉතින් ඔය වගේම නේද බොක්සින් තරඟ. දෙන්නෙක් ගහ ගන්නවා. වටේම අය සතුටු වෙනවා. (ස)
කුකුළො ටික පොලිසියට ගිය නිසා උන්ට හොඳ කලක් ලැබෙයි. (ස)
මේ නිලදාරීන් මම කියන්නේ ජාතික වීර වරයෝ. මොකද කුකුල්ලු 9 ක් අල්ලලානේ. (නදී)
ආසියාතික රවල් කිහිපයකම ජාතික ක්‍රීඩාවක් මේක.ඔට්ටු අල්ලලා පැරදිලා සේසතම අහිමි කරගන්න අය බහුලයි.අපේ රට ගැන ආඩම්බරයි. එහෙත් ජාතික උත්සව වල සංචාරකින් පිනවන්න කළොත් වරදකුත් නැහැ නේද? (නි)
දැන් ඔය නමයම උසාවි ගෙනියන්නත් වෙනවද? (නි)
බලන්නකෝ කුකුළෝ 4දෙනා ඉස්සරහා කට්ටිය ඉන්න විදිය හරියට (නි)
මං මේ බැලුවේ අත් අඩංගුවට ගත්තු වාහන ටික. "යතුරුපැදි නවයක්, ත්‍රිරෝද රිය දෙකක්, කැබ් රියක් හා ලොරියක්"! මෙතන කුකුල්ලු පොර අල්ලලාද? නැත්නම් මහා මංකොල්ලයක් වගේ දෙයක් සිද්ධ වෙලාද? (නි)
පොර කුකුළෝ ටික පවු1 (නි)
මම හිතන්නේ ලොකු උසස්වීමක් ලැබෙයි. (නි)
පොඩි මිනිස්සු ගැන තව සාධාරණව හිතන්න (නි)
මෙන්න ලංකාවේ වෙන තවත් අපරාධ වලින් එකක් (නි)
පිස්සු (අ)
විනොදෙට කුකුල්ලු කොටවනවද?..ඒ විතරය විනොදෙට රසියයොත් කොටවන්නේ...සින්දු කියන කොට ගහන්නේ? ආයුබෝවන්ඩ...(අ)
මෙයාලට වෙන අපරාධ නැද්ද අල්ලන්න .... (ස)
ෂුවර් එකටම මොකක්හරි ප්‍රශ්නයක් වෙන්න ඇති (නි)
වෙන්නප්පුව පොලිසිය දැන් රාජකාරී ආරම්භ කරලා වගෙයි (දිල්)
දැන් ඊළගට අල්ලන්න තියෙන්නේ මත්පැන් පෙරන තැනක් (නි)
කවුද මේ කුකුළු හොරා? හොර කුකුළන්, පොර කුකුළන් දැක තිබුණත් පොර නැති කුකුල්ලු මම දැකලා නැහැ (නි)
ඔන්න ෂීනාට නම් වැඩේ තේරුණා. (නි)
මම කියන්නේ මේකට සම්පුර්ණ වැරදිකාරයෝ මේ කුකුල්ලු. උන් මොකද අපේ ලංකාවේ මිනිස්සු වගේ සමගියෙන් ඉන්නේ නැතුව ඇන කොටා ගන්නේ? (නි)
අයි ළමයිනේ දන්නේ නැද්ද කුඩු ඇල්ලුවොත්, සුදුව ඇල්ලුවොත් මොකද වෙන්නෙ කියලා? (නි)
ෂීනා මටනම මෙතැන ලියන්න බැරි ගොඩක් අදහස් අව ...ඔයාට පුලුවන්නම් මට කතා කරන්න .(දිල්)
අයියෝ කුකුල්ලු නව දෙනා..(නදී)
අහිංසක සත්තු කොටවල සුදුකෙලින එක හරිද. නිලානි විනොදෙට කුකුල්ලු කොටවනවද? එහෙනම් බුරුව ගහන එක හොර අරක්කු විකුනන එක ඒවත් හොදිනේ. මේ වගේ තැන්වලින් තමා මිනීමරන්න පවා පටන් ගන්නේ.(දිල්)
දැන් එතකොට මේවා අල්ලන්න ඕන නැද්ද.? මෙතන වැඩිපුරම කතා ලියන්නේ රට දාල ගිය අවස්ථාවාදියො. ඔච්චර රටට ආදරේ නම් ඇවිල්ලා රට හදන්න පුලුවන්නෙ. මොන දේ කලත් විවෙචනය කරන එක විතරයි කොහේ හරි රටකට වෙලා. (නදී)
පොලිස් රාළහාමිලා වටකරලා අල්ලන්නෙ මේ වගේ දේවල්ද. මේවා ගම්වල මිනිස්සු විනෝදෙට කරන දේවල්. කිසිම මිනිහෙකුට හානියක් නැහැ. ඇයි ඔය කුඩු මුට්ට අල්ලන්න ඔය තරම් උනන්දුවක් නැත්තෙ. පොඩි එකාටම තමයි හැම දාම. (නදී)
මන් හිතුවා සභාපතිලා කට්ටියක්ම අල්ලලා කියලා. (ස)
කුඩුකාරයෝ නිදැල්ලේ (ස)