රුවන්වැල්ලේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළ බව කියන රුවන්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පද්මතිලක බණ්ඩාර සහ ඔහුගේ රියදුරු ශවින්ද්‍ර ක්‍රිෂාන්ත රුවන්වැල්ල මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආණ්ඩු ආවත් ඔච්චර තමා. දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුය. ඕනෑම පක්ෂයකට උපරිම අවුරුදු 10 ඇති. (නදී)
මෙහෙමත් රටක් (දී)
දේශපාලකයෝ නීති කඩන්නේ එයාලට පාලනය කරන්න පහසු වෙන්න. ස්වාදීන පොලිස් සේවයක් තිබුනොත් මේ රට ගොඩක් නිවැරදි වේවි. නමුත් දේශපාලකයෝ එකට කැමති නැත (දී)
පොලීසියට සද්දේ දාන්න තරම් බලවතෙක් (දී)
නිතිය කඩන මැති ඇමතිවරුන්ට දඩුවම් දෙන්න (දී)
පොලිසිය ස්වාදීන ආයතනයක් බවට පත් කල යුතුයි (දී)
මැති ඇමති වරුන් දෙකට නැමුණු කලේ ඉවරයි (දී)
සංජීව, ඔබ කොහෙද ජීවත් වෙන්නේ ?? ඒකවත් දන්නේ නැත්ද?? අපේ රට යන්නේ ""ආශ්චර්යයට"" (දී)
ඇමතිට එක නීතියක්, ප්‍රාදේශීය දෙසපලකයට තව නීතියක්, සාමාන්‍ය ජනයට තව නීතියක්, අනේ මන්දන්නේ නැහැ අපේ රට කොහාටද යන්නේ කියල. (දී)
මන්ත්‍රීලා වැඩිකල් නොගොස් ලංකාවේ ජනතව අතර ගණන් නොගන්න තත්වෙයක පත්වෙනවා. අනේ අපේ රට ගැන මාරු දුකි. අපි ලෝකෙන්ම සවුත්තු වෙනවා. (දී)
බලය අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක කරන්න එපා (දී)
මේ පොලිසියේ අයගේ තුවක්කු දෙශපාලකයන් ඉස්සරහ කලිසම අස්සේ හිර වෙනවද ? මොන තරම් ගාම්භීර පොලිස් දෙපාර්තමේන්තුවක් ද අපට තිබුණේ. (ස)
මේ අපේ ලංකාවනේ... (නි)
මෙහෙම යනකොට තව අවුරුදු 50 කින් විතර ලංකාවේ ජනගහණයෙන් භාගයක් පමණ විශ්‍රාම වැටුප් ගන්න දේශපාලකයන් වෙයි නේද? (නි)
ඒ කොස්තාපල්වරයටත් වැඩ වරදීවිද ? (නදී)
අපි හැමෝම දේශපාලනයට මහජන නියෝජිතයන් පත් කර ගන්න විට මානසික රෝහලේ ඉඳගෙන ඡන්දෙ දීලා වගේ පේන්නේ. (නදී)
මොකද මේ මහජන නියෝජිතයින්ට වෙලා තියෙන්නේ? (නි)
කොස්තාපල් දන්නේ නැද්ද දන්නෙ නැහැ දේශපාලකයින්ට නීතිය වලංගු නැති අවස්ථා තිබෙනවා කියලා. (නි)
අපේ දේශපාලකයින්ට තියෙන ඔලුවේ ලෙඩේට කව්රු හෝ හොඳ බෙහෙතක් දිය යුතුය ......පොලිසියේ රාළහාමිගේ රාජකාරිය කරන්නට නොදී මෙවැනි කටයුතු කරන ලෙඩ්ඩුන්ට නිසි දඩුවම් පොලිසිය ලබාදිය යුතුයි ..අත්අඩංගුවට ගන්න හදද්දී දුවන්න ගියා කියන එකයි තියෙන්නේ. (ස)
ප්‍රාදේශීය සභාපති හින්ද හිරේ. ඇමති කෙනෙක් උනානම් නිදැල්ලේ. (ස)
කලකිරෙනවා ඇත්තමයි (දී)
අහෝසි කලාම ඥාති මිත්‍රාදීන්ට සලකන්නේ කොහොමද? අනේ එක නම් කරන්න කියන්න එපා.(දී)
ලංකාවට ලොකුම නස්පැත්තියක් සිදුව තිබෙන්නේ මෙම ප්‍රාදේශීය සභා මැති ඇමති වරුන්ගෙන්. මහජන මුදල් කාබාසිනියා කරමින් අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් යැපෙමින් .රටම ආගාදයකට ගෙන යන මෙම ප්‍රාදේශීය සභා ක්‍රමය අහෝසි කල යුතුය (නදී)
රුවන්වැල්ලේත් අධිවේගී මාර්ගයේත් වෙනසේ තරම! මොනා උනත් කොස්තාපල් මහත්තයා පරිස්සම් උනොත් හොඳා (නදී)
පුදුමයි පිසි කුඩුවට නොදාපු එක ගැන. (නදී)
ඔය කියන සහෝදර කොස්තාපල්ට ස්ථාන මාරුවක් නොලැබුනොත් තමයි පුදුමේ. (නදී)
ඔන්න බලාගන්න. අපේ රටේ වෙන දේවල් (නි)
අදිවේගයේ සද්ද දාපු ඇමතිට මොකද උනේ? (නදී)