IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පාරේ වැඩ පෙන්වූ යතුරුපැදි -ත්‍රිවීල් සමඟ 60ක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වෙසක් සිරි නැරඹීමට යන අතරතුරදී ජනතාවට හිරිහැරයක් වන පරිදි අපරික්ෂාකාරීව යතුරු පැදි හා ත්‍රී රෝද රථ පැද වු 60 දෙනෙකුගේ වාහන අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

ඇතැම් යතුරු පැදිකරුවන් තනි රෝදයෙන් ගමන් කල බවත් තවත් සමහරු යතුරු පැදිය නවතා තබන යකඩ කොටස තාර පාරේ ඇතිල්ලී යන ආකාරයට ගිනි පිට කරමින් ධාවනය කල බවත් පොලීසිය කියයි.

ඊට අමතරව අත් අඩංගුවට ගත් යතුරු පැදි හා ත්‍රී රෝද රථ වල මුල් ආකෘතිය වෙනස් කරමින් අධික ශබ්දය නිකුත් වන ආකාරයට සයිලන්සර්,නලා ආදී විවිධ අමතර කොටස් සවි කර තිබු බව කියති.

අධීක ධාවන ධාරිතාවකින් යුත් ඇතැම් යතුරුපැදි වල වටිනාකම රුපියල් ලක්ෂ පහලොව විස්ස ඉක්මවන බව පොලීසිය සදහන් කරයි.

එම නිසා අත්අඩංගුවට පත් යතුරු පැදි 58 හා ත්‍රී රෝද රථ 02 මාතර දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා හමුවට ඉදිරිපත් කර තහනම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒවා පැද වු තරුණයින්ට එරෙහිව අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනාව යටතේ නඩු පවරන බවත් මාතර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

 



අදහස් (2)

පාරේ වැඩ පෙන්වූ යතුරුපැදි -ත්‍රිවීල් සමඟ 60ක් අත්අඩංගුවට

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 01:39 PM

හරිම ශාපයක් මේ අධිධාරිතා යතුරුපැදි, හැම ගමටම නගරයකම දෙක තුනක් තියෙනවා. නද දීගෙන වේගෙන් පාරේ යනවා යන මිනිස්සු බියෙන් ඇලලිලා ඉන්නේ... රෑට ගියොත් නින්දෙන් ඇහැරෙන තරමට සද්දේ.. පොලීසියත් මොවුන් එක්ක හොරා පොලිස් සෙල්ලම්, මොකද බල පුළුවම්කාරයෝත් ඉන්න නිසා. වහාම මේවා මහපාරේ යන එක නතර කරලා වෙනම තැනක් දෙන්න අමාරුව හොඳ වෙන්න. මේවාට කතරනකොට කුහකයින් කොල්ලෝ කරන වැඩ කියලා තප්පුලන ගවයෝ ටිකක් ඉන්නවා...

:       0       77

චන්දිම Wednesday, 29 May 2024 05:42 PM

මාතර සති පොළ ළඟ සිට කුඩාගොඩ බ්‍රවුන්ස් හිල් අතර වෙරළ පාරේ විශේෂයෙන් සවස ඔයකියන බයිසිකල් පදින කල්ලියක් ඉන්නවා. හිටි ගමන් මහා විශාල ශබ්දයක් නගමින් හරියට ප්‍රහාරක යානා වගේ ඉතා වේගයෙන් වෙඩි උණ්ඩ වගේ මහා පාරේ පැදගෙන යනවා. මහ ලොකුවට අනිත් දවස්වල කළුවරේ ඉඳන් දඩ කොළ ලියන රාළහාමිලා මේ ගොල්ලෝ පදින දවස් වලට පේන්න නැහැ.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 127 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1994 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2277 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2969 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1301 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site