අකුරැස්ස මලිදුව මංගල සභාවක කතා කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් රාජපක්ෂ මහතා පහර කෑමකට ලක්ව අකුරැස්ස රෝහලෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබීය.
ඔහු මංගල සභාව අමතමින් බොහෝ අය වර්ණනා කළත්, එක් කාන්තාවක ගැන කිසිත් නොපැවසීම නිසා උරණ වූ බව කියන සැමියකු ඔහුට පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා? රාජපක්‍ෂ කෙනෙක්! (නි)
මෙහෙම අයත් ඉදලා හිටලා නොහිටියොත් කිසි ගතියක් නැහැ. (නි)
හිල්මි හරියට කියවලා ඉසුරන්දිට උත්තර දෙන්න. (නි)
මිනිස්සු ඉවසයිද හැමදාම (දී)
අපේ රටේ හැමතැනම මන්ත්‍රීලා. ඒකයි මේකේ වැරැද්ද. (නි)
ඉසුරන්දි, ඔයාගේ සැමියද මේ ගහලා තියෙන්නේ? ප්‍රදර්ශන බලන්ඩ කියලා සදහන් කරපු නිසයි එහෙම ඇහැව්වේ.(නදී)
ඔය බෙන්තර ගගෙන් එහා නේද? (නි)
කොයිබට රට යනවද කියා හිතාගන්නත් බැහැ. ඇත්ත කතාව මේක වෙන්න බැහැ.යට අමුතුම ජල්තර වැඩක් තියෙන්නම ඕනෑ. මොනවා වුණත් වැඩේ කැතයි. (නි)
කාන්තාවට මුල් තැන කියලා තියෙනවානේ. ඕක වරද්ද ගත්තොත් ඔක්කොම අමාරුවේ. මන්ත්‍රී තුමා ඕක පටන් ගැනීම විතරයි. කාන්තාවට කේන්ති ගියහම හැපින්න වගේ පැන පැන දෂ්ඨ කරනවා. ඒ නිසා ප්‍රවේශමෙන්.(නදී)
පහරදීම හරි හෝ වැරදි හෝ මසිතට නම් සිහින් සතුටක් දැනේ.(නදී)
හොද වැඩේ ආයිත්නමි කිසිම දේශපාලඥයෙක් මගුල් ගෙවල්වලට යන එකක් නැහැ.(නදී)
ඒ කාන්තාව ගැන පැවසුවා නම් මීට වැඩිය කන්න වෙයි වගේ. (නි)
කවුරු වුණත් කරලා තියෙන්නේ හොද වැඩක්. (නි)
අයියෝ දැන් දැන් මෙයාල යන තැන මොකද මේ වෙන්නේ?(නදී)
අර ගහපු මනුස්සයටත් හොදට අල්ලගෙන දුන්න නම් හරි. මොකද අපි නම් අපේ ගෑනුන්ව ප්‍රදර්ශන භාන්ඩයක් වෙනවට අකමැති නිසා.(නදී)
කලින් හිටපු සබා ලොක්කට ආරාදනා කරලා නැද්ද? ගිය සතියෙත් මන්ත්‍රී කෙනෙක් ගුටි කැවා.(නදී)
අකුරැස්ස නේද?
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට බේබද්දෝ ඉන්න සභාවල මොන කතාද? (නි)
මටනම් හිනා මේවට, මොකද හැමදාම දකුනේ ප්‍රාදේශීය මන්ත්‍රීලා කොහෙන් හරි කනවා.(නදී)