පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහාකාරවරයකුට, තබ්බෝව ප්‍රදේශයේ පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ මෙම 9 වැනි දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු භාරති විජේරත්න මෙනවිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ලංකාවේ ඉන්න සැම ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරු සියලු දෙනාම වගේ එක වතාවක් හරි පොලිස් කුඩුවේ ඉඳලා ඇති.(නදී)
ප්‍රාදේශීය නායකයින් චන්ඩින් බවට පත් කරන විදේශීය බලවේග සහ කුමන්ත්‍රණ පරදා මහජන ඡන්දයෙන් පත්ව ඇති සත් ගුණවත් නායකයින් රැකගනිමු.(නදී)
ඔබ එලියට එන විට මල් මල දමා, ඔල්වරසන් හඬ මැද ඔබව පිළිගැනීමට අපි බලාසිටින්නෙමු. අපේ රටේ දේශපාලන සංස්කෘතිය මෙහෙම තමා. වැරදි කරන අයට උණුසුම් සුභ පැතුම්. ආසියාවේ අශ්චර්යට යන රටක්. (ත)
රිමාන්ඩ් කරන්න තිබුනේ සුපුන් දිසානයක නේ .ලොකු වැරදීමක් වෙලා වගේ (දී)
ප්‍රාදේශීය සභාවල ඉන්න ඔක්කොම චන්ඩි වගේ නේද? දිනේන් දින පිරිහෙන දේශපාලනය.(නදී)
දැන්ම මල්මාලා ලැහැස්ති කර ගනිමු. වාහන තියන අය ඒවත් රැගෙන ගෙදර කට්ටියත් සමග එන්න. දැන් අපිට කිරි උතුරලා තියෙන්නේ උත්තමයින්ගේ වැඩ නිසා. (නි)
දේවාලයකට ගෙනිහිල්ලා පොලුත් ගස්සවලා, නගරය වටේ පරිවාර සේනාවකුත් එක්ක වාහන පෙළපාලියකින් අරගෙන යමුද? (නි)
දිසානායක සහ දිල්හානි ඔබලා හරි කියලා මටත් හිතෙන්නේ . මේකට පොල් ගහන එකත් එකතු කරමු. (දී)
ජනාධිපති තුමනි, තවත් ප්‍රාදේශීය සභාපතිවරු එළියේ ඉන්නවද,රිමාන්ඩ් එකේදිත් ඔය කට්ටිය නඩත්තු කරන්නේ මහජන මුදල්වලින්ම නේද (දී))
රටේ පොලීසිය් ටික වහල දාමුද ? දෙන නීතිය තියෙන්නේ මේ කට්ටිය අතෙනේ