දෙහිවල අල්විස් පාරේ ගොඩ නැගිල්ලක සිව්වැනි මහලේ සිටි වව්නියා තරුණයකුගේ (22) සිරුරක් ගොඩනැගිල්ල අසළ බිම තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
ඔහු පරිගණක විද්‍යාව හදාරමින් සිටියේය.
පෙරදින රාත්‍රී මිතුරන් පිරිසක් සමග නිදා සිටි ඔහු ගොඩ නැගිල්ලෙන් බිමට වැටුණාද, අනතුරක් කර බිමට ගෙනැවිත් දැම්මාද යන්න පරීක්ෂණ පවත්වයි.
සිරුරේ සීරීම් තුවාල කිහිපයක් පමණක් පෙනෙන්නට ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ තරුණ ජිවිතයක් ,ඔබට නිවන් සැප ලැබේවා. (ස)
හොයල බැලුවොත් හොඳා. (ස)
කණගාටුදායක පුවතක් (නි)
හොඳට හොයලා බලන්න ඕනෑ (නි)
මෙය සිය දිවි නසාගැනීමක්වද්ද? (නි)
මේ වවුනියාවේ කොල්ලෙක් නේද? අනේ! මම අඳුරන කෙනෙක්වද්ද දන්නේ නැහැ. (නි)
පරිගණක පාඨමාලාවක් හදාරන්න වත්කමක් මොහුට තිබෙනවද, එහෙම නැත්නම් ඒ සදහා වියදම් ලැබුනේ කොහෙන්ද, මේ යාලුවන් කවුද, මොහුගේ සැබෑ අරමුණ මේ පාඨමාලාවද කියලා බුද්ධි අංශ සොයා බැලිය යුතුයි. (නි)
මේ බන්දුල පෙරේරා කියන පුද්ගලයා ගැනත් බුද්ධි අංශ සොයා බැලුවොත් හොඳයි. (නි)
මේකටද මේ ආසියාවේ ආශ්චර්ය කියන්නේ. (නි)
රොනී මහත්තයෝ..වව්නියාවෙන් ආපු කෙනෙක් නිසා ද්‍රවිඩ තරුණයෙක් කියල අනුමාන කරලා දාපු මගේ අදහස සංස්කරණය වෙලා වැටිලා තියෙන්නේ....ඒ නිසයි මම කියන්න හදපු දේ හරියට වැටහෙන්නේ නැත්තේ..මැටි කොරහේ කිබුලෙක් ඉන්න බැරි උනාට පැටියෙක් ඉන්න පුළුවන්..කොලඹ නගරය පහු ගිය ත්‍රස්තවාදී උවදුර තිබු කාල සීමාවේදී ඔය විදියට රැකියා සදහා සහ පාඨමාලා සදහා ආ අයගෙන් වැඩි පිරිස කොටි සංවිධානයේ අරමුණු ඉටු කරන්න ආපු කට්ටිය..ඒ කාල සිමාවේ අත් දැකීම තියෙන නිසයි අපිට ආයේ ඒවගේ කාලයක් දකින්න අවශ්‍ය නැත්තේ.මොහු අහිංසකයෙක් වෙන්න පුළුවන්..නමුත් විපරම වැදගත්.පහුගිය දා දෙහිවල බේකරියකින් දෙවැනි නැගිටීමට ආපු තරුණ පිරිසක් අසුවුණු බව ඔබතුමා දන්නේ නැතුව ඇති.(දී)
බන්දුලගේ අදහස මමත් පිලිගන්නවා.
පවු! තවත් එක් මිනිස් ජීවිතයක් නේද මේ? (නි)
බන්දුල, දෙමළ වුණ පළියට එහෙම හිතන එක වැරදියි (නි)