
(අංජුල මහික වීරරත්න)
ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපති ධූරයට වෛද්‍ය රුවන් ප්‍රනාන්දු මහතා පත් විය.
මෙරට ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය හා ශාස්ත්‍රීය ප්රගමනය වෙනුවෙන් සියවසකට ආසන්න කාලයක් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ (College of Community Physicians of Sri Lanka - CCPSL) ශත සංවත්සර සැමරුම් වර්ෂය ආරම්භ කිරීම සහ නව සභාපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වූ විශේෂ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද
ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
පසුගිය සියවස පුරා මාතෘ හා ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය, බෝවන රෝග පාලනය සහ ආයු අපේක්ෂාව ඉහළ නැංවීම වැනි ජාත්‍යන්තරව පවා ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ජයග්‍රහණ පිටුපස ප්‍රජා වෛද්‍යවරුන්ගේ පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදනය සහ නායකත්වය ප්‍රධාන සාධකයක් වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේය .
"මහජන සෞඛ්‍ය උරුමය මත ගොඩනැගෙමින්, ප්‍රජා සවිබල ගැන්වීම නැවත අර්ථකථනය කිරීම" (Building on Public Health Legacy, Redefining Community Empowerment) යන්න කාලෝචිත තේමාවක් බව පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය තොරතුරු ලබා දීමෙන් ඔබ්බට ගොස් තම සෞඛ්‍යය පිළිබඳ තීරණ ගැනීමට ජනතාව සවිබල ගැන්වීමේ වැදගත්කම පැහැදිලි කළ අතර විද්‍යාත්මක සාක්ෂි සහ ප්‍රායෝගික මැදිහත්වීම් මත පදනම්ව සංගමය විසින් යෝජනා කර ඇති 'ප්‍රජා සවිබල ගැන්වීමේ ප්රමුඛ වැඩසටහන' (Centenary Flagship Programme) ද ඇගයීමට ලක් කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd